සුන්දර ගීයක ඇරබුම,..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඔන්න මචෝඋඹට මාව මටත් වඩා දැනුනා.... මට පූළුවනිනම් උඹට වදිනවා... අනේ මගේ ගීතය කෝට් කරල දාපන් දෙයියෝ................
    යකෝ සන්නස්ගල සර් තමයි හත් වලාමේ අපේ ඇස් පෑදුවේ..... අපේ සිංහල සර් නැතිනම් සස්ලිට් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත

    යාලු උබ මාව අඩවනව.. . මම ලොකු දෙයක් කලේ නෑ යාලු.. උබලගෙ ඔය එකවචනක්.. මට මටත් වඩා වටිනව.. ස්තූතී ෆ්‍රෙඩා

    බිල්ඩින් හදන පිස්සුව ඔලුවට ගහල තිබුනෙ නෑත්නම්. ඉංජිනේරු පිස්සුව ඔලුවට ගහල තිබුනෙ නෑත්නම්...මමත් අනිවාර්යයෙන්ම සන්නස්ගලයන්ගෙ ගෝලයෙක් වෙන්න තිබ්බ.. ඒත් මම පින් කරල නෑ එච්චර..
     
    akula1

    Active member
  • Aug 27, 2010
    144
    45
    28
    කියන්න වචන නැ මචං ....උබල සිරාවට වැඩේ කරනවා.. මට මේ නුල දකින්න හම්බවෙලා සතියක් විතර ඇති...තම කියවල ඉවර නැ...කැම්පස් එකේ වැඩත් එක්ක එක දිගට කියවන්න විදිහක් නැ...
    එළකිරි එකේ දැක්ක සුපිරිම නුල තමයි මේක...මේක දිගටම කරගෙන යන්න .... නුල කියවල ඉවර නැතත් කොමෙන්ට් එකක් නොදම බැරි නිසයි කොමීන්ට් එකක් දන්නා අවේ... උබලට ජය වේවා....
    :yes::yes::yes:;);););)
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    viyo_wu_pasuwai_denenne_sunil.jpg

    මේම ගීතය ඕනෑම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් එක සැරයක් අහපු සැනින්.නමුත් මම කැමති දැන ගන්න මේකට නිදාන කථාවක් තියෙනවද කියල සහ සැඟවුන අර්තයක් තියෙනවද කියල...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වටිනාම ත්‍රෙඩ් එක ...

    funny-pics-of-cats.jpg

    දිගටම කරගෙන යමූ:yes:
    සියලු දෙනාට ජය !:love:

    කියන්න වචන නැ මචං ....උබල සිරාවට වැඩේ කරනවා.. මට මේ නුල දකින්න හම්බවෙලා සතියක් විතර ඇති...තම කියවල ඉවර නැ...කැම්පස් එකේ වැඩත් එක්ක එක දිගට කියවන්න විදිහක් නැ...
    එළකිරි එකේ දැක්ක සුපිරිම නුල තමයි මේක...මේක දිගටම කරගෙන යන්න .... නුල කියවල ඉවර නැතත් කොමෙන්ට් එකක් නොදම බැරි නිසයි කොමීන්ට් එකක් දන්නා අවේ... උබලට ජය වේවා....
    :yes::yes::yes:;);););)

    viyo_wu_pasuwai_denenne_sunil.jpg

    මේම ගීතය ඕනෑම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් එක සැරයක් අහපු සැනින්.නමුත් මම කැමති දැන ගන්න මේකට නිදාන කථාවක් තියෙනවද කියල සහ සැඟවුන අර්තයක් තියෙනවද කියල...

    ඔබ සියළු දෙනාටම අපිව දිරිමත් කිරීම වෙනුවෙන් කරනු ලබන පුන්‍යානුමෝදනාවයි මේ...!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාලු උබ මාව අඩවනව.. . මම ලොකු දෙයක් කලේ නෑ යාලු.. උබලගෙ ඔය එකවචනක්.. මට මටත් වඩා වටිනව.. ස්තූතී ෆ්‍රෙඩා

    බිල්ඩින් හදන පිස්සුව ඔලුවට ගහල තිබුනෙ නෑත්නම්. ඉංජිනේරු පිස්සුව ඔලුවට ගහල තිබුනෙ නෑත්නම්...මමත් අනිවාර්යයෙන්ම සන්නස්ගලයන්ගෙ ගෝලයෙක් වෙන්න තිබ්බ.. ඒත් මම පින් කරල නෑ එච්චර..
    ඇත්තටම සන්නස්ගල කියන්නේ අපේ කාලයේ පහල වෙච්ච නිර්මානශීලී ම ගුරුවරයා. මම දැකපු හොදම අළෙවිකරු. මෙහෙම කියන්නේ දොසකට නෙවෙයි, මම දකින විදියට "මාකටින්" නැතුව මේ ලෝකේ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නෑ. එතුමා ඒක හොදට ම කරනවා, ඉ‍ගෙන්වීම වගේම. එතුමා එක්ක මගේ පොඩි පහේ අරෝවක් තියනවා. නමුත් මම එතුමට තියන ගුරු ගෞරවය නම් නැති කරන්නේ නෑ.........එතුමා එච්චර ට ම හොද ගුරුවරයෙක්...........
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්තටම සන්නස්ගල කියන්නේ අපේ කාලයේ පහල වෙච්ච නිර්මානශීලී ම ගුරුවරයා. මම දැකපු හොදම අළෙවිකරු. මෙහෙම කියන්නේ දොසකට නෙවෙයි, මම දකින විදියට "මාකටින්" නැතුව මේ ලෝකේ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නෑ. එතුමා ඒක හොදට ම කරනවා, ඉ‍ගෙන්වීම වගේම. එතුමා එක්ක මගේ පොඩි පහේ අරෝවක් තියනවා. නමුත් මම එතුමට තියන ගුරු ගෞරවය නම් නැති කරන්නේ නෑ.........එතුමා එච්චර ට ම හොද ගුරුවරයෙක්...........

    ඔව් ලොකු අයියෙ.. සන්නස්ගල සර් දක්ශයෙක්... ඈත්ත කතාව අද සමාජයේ මාර්කටින් නෑතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ.. මම දකින්න විදිහට අපි, අපිවම මාර්කට් කරගන්න තමා අවුරුදු දහතුනක් පාසෑල් යන්නෙ.. තව එකෙක පාඨමාලා කරන්නෙ..

    එහෙම සුදුසු කම් තිබොනොත් තමා අපිව ආයතනයක් පඩියකට ගන්නෙ.. පඩියට වෑඩ කරනව කියන්නෙ අපේ ශ්‍රරමය විකුන්න එකනම්.. අපි පොඩි කාලෙ ඉදන් කරල තියෙනෙ අපිවම මාර්කට් කරගත්තු එක ද???

    මම පන්ඩිත වෑඩිද මන්ද ත්‍රෙඩ් එක උඩට හරඉ එයිනෙ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    kapuge-01.jpg

    ගුණදාස කපුගේ නම් අග්‍රගන්‍ය සංගීතවේදීයා අපගෙන් සමුගෙන අදට වසර 09ක් ගතවේ. ශබ්ද පාරිපාලකයෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයට එක්වූ කපුගේ මහතා 1973 වසරේ දී වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙන් උසස් වීම් ලබා රජරට සේවයට තම රාජකාරිමය දායකත්වය පිරිනැමීය.
    කපුගේ ජන හදවත් තුළ වැජඹෙනුයේ ඔහුගේ රාජකාරිමය ජීවිතය පදනම් කොටගෙන නොවේ. ඔහුගේ විප්ලවීය ගීත සමුච්චය තවමත් ලාංකේය ගීත අම්බරයේ මං සලකුණු සනිටුහන් කරනුයේ විකල්ප සංගීතය මගින් පීඩිත හඩ ලාංකේය දෙරණ තලයේ පැතිරීමත් හේතුවෙනි.

    ඔහු සංගීතවේදියෙකු පමණක් නොව දේශපාලන දෘෂ්ටියක් සහිත කලාකරුවෙකි. කලාකරුවන් රැල්ලට තිබෙන ආණ්ඩු සමග පිහිනා යද්දී කපුගේ දුක්විදි ජනයා වෙනුවෙන් උඩුගම්බලා පිහිනීය. 89 - 90 රාජ්‍ය මර්දනය හමුවේ. පවතින දුර්ධාන්ත පාලන තන්ත්‍රය විවේචනය කරමින් කම්පන ප්‍රසංගය පවත්වමින් මර්දනකාරී ආණ්ඩුවට අභියෝග කළේය.

    ගුණදාස කපුගේ අලුත් ලොවක් නව සමාජයක් වෙනුවෙන් සිහින දැක්කේය. එය ඔහුගේ විප්ලවීය හුරුවයි. අද එකී අවශ්‍යතාවය සම්බන්ධයෙන් නව මානයන් විවරවෙමින් පවතින වකවානුවකි. එහෙත් කපුගේ අප අතර නැත. එදාට වඩා අද ඔබ අප අතර සිටියේ නම් එකී උවමනාවේ මල්ඵල දැරීම වෙනුවෙන් උදම්‍වනවා නොඅනුමානය. කපුගේ අප අතර නැත. එහෙත් ඔබ හඩ වෙනදා මෙන්ම අප සවන් පිළිරැව් දෙයි. ඔබ මිය ගොස් නව වසරක් ගත වුව කපුගේ ඔබ ජීවත් වනවා නොවේදැයි විටෙක සිතේ... එන්න කපුගේ සමාජය ඉල්ලා සිටින කලාකවරුවන්ගෙන් හිස් වූ අසුන ඔබ වෙනුවෙන් තවමත් අප වෙන් කොට ඇත.

    thomian

    Well-known member
  • May 20, 2011
    12,296
    17,232

    මගෙත් කැමතිම ගායන් ශිල්පියෙක්...:):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    "සැරයටියෙන් අපි යනෙන තුරා, සංසාරේ අපි එකට ඉමූ....... සංසාරෙන් අපි සමුගන්නාදා, ඒ ගමනත් අපි එකට යමූ......"

    මේ සිංදුවනං අහල නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. මේ සිංදුවට හේතු උන කතාව අඩංගු ලිපියක පුංචි කොටසක් මේ

    ------------------------------------------------------------------
    "
    “මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ.
    “සැරයටියෙන් අපි යනෙන තුරා’ ගීතයට පාදක වන්නේ සැබෑ අත්දැකීමක්ද?
    මීට අවුරුදු 11 කට පෙර අප සෝමේ ගෙන් ඒ ගැන ඇසූ විට ඔහු දුන්නේ තනි කෙටි උත්තරයක්.
    “ඔව්. ඒක එහෙම තමයි”
    එහෙත් මෙවර ඒ සැබෑ අත්දැකීම හෙළිදරව් කර ගැනීමට අපට හැකි වුණා. “මම මීට කලින් මේ අත්දැකීම කාටවත් කියලා නැහැ.
    අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ.
    කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ.
    සින්දුවේ එක තැනක තියෙනවා.
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතමුව සසරින් නික්මෙනදා

    “මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා
    සංසිඳුවා සිත පහන් කරන්නෙමි
    මේ පෙම කුලුඳුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ
    කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

    ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.

    "
    source : http://www.silumina.lk/2009/08/30/_art.asp?fn=av09083017

    ------------------------------------------------------------------

    ලංකාවේ සිංහල සිංදු අතරින් අදටත් මටනං සංවේදීම ලස්සනම සිංදුවක්. ඒ සංවේදි බව වඩාත්ම තියෙන්නෙ චන්ද්‍රලේඛා ගෙ කටහඩේ කියලයි මමනම් හිතන්නෙ. :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම සන්නස්ගල කියන්නේ අපේ කාලයේ පහල වෙච්ච නිර්මානශීලී ම ගුරුවරයා. මම දැකපු හොදම අළෙවිකරු. මෙහෙම කියන්නේ දොසකට නෙවෙයි, මම දකින විදියට "මාකටින්" නැතුව මේ ලෝකේ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නෑ. එතුමා ඒක හොදට ම කරනවා, ඉ‍ගෙන්වීම වගේම. එතුමා එක්ක මගේ පොඩි පහේ අරෝවක් තියනවා. නමුත් මම එතුමට තියන ගුරු ගෞරවය නම් නැති කරන්නේ නෑ.........එතුමා එච්චර ට ම හොද ගුරුවරයෙක්...........
    මගෙන් සමහර සොයුරන් පී එම් කරල අහල තිබ්බා "උඹ සන්නස්ගල සර් එක්ක මොකක්ද තියන අරෝව?" කියලා. ඒකත් කියන්නම් කෝ මෙහෙම්ම ම..........
    මම උසස් පෙළට කලේ ජීව විද්‍යා විෂයන්. නමුත් මට පුදුම ඇම්මක් තිබ්බා විජාතිකයෙක් වෙච්ච බුද්ධඝෝස හිමියන් පවා "සිහල භාසං-මනෝරමං භාසං" කියල වර්ණනා කරපු මගේ ආදරණීය මව්බස හදාරන්න. මේ නිසා ම මම සන්නස්ගල ඇදුරුපාණන් ගේ සිංහල පන්තියකට ගියා.
    ඔය පන්ති වලට යනකොට තියනවා නොවැ පුරවන්න ඉල්ලුම් පත්‍රයක්. ඒකෙ තියනව කරන අනෙතුක් විෂයන් දාන්නත්. මම ඉතිං දෙයියනේ සංහල කරන එකක්යැ අසස් පෙළට? ලිව්වා, අනෙකුත් විෂයන් වලට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව -තරුවක් කාරිය දමල ලිව්වා රසයන විද්‍යාව කියලා.....!!!
    කොහොමින් කොහොමින් හරි මේක යන්න ඇති එතුමා ගාවට. මාස 3 කුත් සති දෙක තුන කට පස්සේ එතුමා මට ප්‍රසිද්ධ කින්ඩියක් දැම්මා. පන්තියෙදිම.....
    "මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. මොකද මිනිහ කරන්නේ බයෝ සයන්ස්. නමුත් මේකට රිංගනවා එක්කෝ සෙවල හලන්න. නැත්තං බයෝ කරන්න බැරුව කහනවට. සෙවල හලනව නම් පාරේ ඉදගෙන පන්තිය ඉවර වුනාම හලපිය මං කියන්නේ, කාලෙ කන්න මේකේ අස්සට වැදිලා සෙවල පෙරන්නේ නැතුව........."
    ඔන්න ඕකයි සිද්දිය.........ඉන් පස්සේ මම ඒ පන්තියට ගියේ නැත...........නමුත් මගේ මව්බස ගැන හැදෑරීම අතහැරියේ ද නැත.........
    කොහොම නමුත් ඒ මොන කිංඩි ටෝක් දැම්මද එතුමා විශිෂ්ට ගුරුවරයෙකු බව නම් ඕනෑම තැනක කියමි........!!!!!!!!
     
    කෑත සීන් එකනෙ ලොකු අයියෙ.. හොද වෙලාවට නම කිවුවෙ නෑත්තෙ.. කිව්වනම් නිර්වස්ත්‍ර වෙන්න තමා වෙන්නෙ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෑත සීන් එකනෙ ලොකු අයියෙ.. හොද වෙලාවට නම කිවුවෙ නෑත්තෙ.. කිව්වනම් නිර්වස්ත්‍ර වෙන්න තමා වෙන්නෙ

    :growl::growl:මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. :baffled::baffled::baffled: හපොයි අපේ කිඹුලා...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගෙන් සමහර සොයුරන් පී එම් කරල අහල තිබ්බා "උඹ සන්නස්ගල සර් එක්ක මොකක්ද තියන අරෝව?" කියලා. ඒකත් කියන්නම් කෝ මෙහෙම්ම ම..........
    මම උසස් පෙළට කලේ ජීව විද්‍යා විෂයන්. නමුත් මට පුදුම ඇම්මක් තිබ්බා විජාතිකයෙක් වෙච්ච බුද්ධඝෝස හිමියන් පවා "සිහල භාසං-මනෝරමං භාසං" කියල වර්ණනා කරපු මගේ ආදරණීය මව්බස හදාරන්න. මේ නිසා ම මම සන්නස්ගල ඇදුරුපාණන් ගේ සිංහල පන්තියකට ගියා.
    ඔය පන්ති වලට යනකොට තියනවා නොවැ පුරවන්න ඉල්ලුම් පත්‍රයක්. ඒකෙ තියනව කරන අනෙතුක් විෂයන් දාන්නත්. මම ඉතිං දෙයියනේ සංහල කරන එකක්යැ අසස් පෙළට? ලිව්වා, අනෙකුත් විෂයන් වලට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව -තරුවක් කාරිය දමල ලිව්වා රසයන විද්‍යාව කියලා.....!!!
    කොහොමින් කොහොමින් හරි මේක යන්න ඇති එතුමා ගාවට. මාස 3 කුත් සති දෙක තුන කට පස්සේ එතුමා මට ප්‍රසිද්ධ කින්ඩියක් දැම්මා. පන්තියෙදිම.....
    "මේකේ ඉන්නවා කහන එකෙක්. නැත්තං සෙවලයෙක්. මොකද මිනිහ කරන්නේ බයෝ සයන්ස්. නමුත් මේකට රිංගනවා එක්කෝ සෙවල හලන්න. නැත්තං බයෝ කරන්න බැරුව කහනවට. සෙවල හලනව නම් පාරේ ඉදගෙන පන්තිය ඉවර වුනාම හලපිය මං කියන්නේ, කාලෙ කන්න මේකේ අස්සට වැදිලා සෙවල පෙරන්නේ නැතුව........."
    ඔන්න ඕකයි සිද්දිය.........ඉන් පස්සේ මම ඒ පන්තියට ගියේ නැත...........නමුත් මගේ මව්බස ගැන හැදෑරීම අතහැරියේ ද නැත.........
    කොහොම නමුත් ඒ මොන කිංඩි ටෝක් දැම්මද එතුමා විශිෂ්ට ගුරුවරයෙකු බව නම් ඕනෑම තැනක කියමි........!!!!!!!!

    :eek::eek::eek::baffled::baffled::baffled:
    :lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....

    මේ දිනවල රටේ පවතින ආර්ථික තත්ත්වයත්, උත්සව සමයත් නිසා අපි හැමෝම වගේ අතිශය කාර්ය බහුලයි.... ඒත් අපි ආදරයෙන් රැකගෙන ආ සුන්දර ගීයක ඇරඹුම හුය අමතක කරන්න බැරි නිසාම ඔන්න යාලුවන්ට ගීතයක් අරගෙන ආවා...

    මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා.. ඒ තමයි මේ රට කරවන්ටනම් මසුරන් ඇතිව කැටේ කියල නන්දා මාලනිය සුභාවිත ගීතයෙන් අපේ රටේ දේශපාලන ආර්ථික හා සමාජීය වටපිටාව විග්‍රර කරද්දි රට වටේම සාගරයයි එහි සම්පත් ආකරයයි නැවෙන් මාළු මෙහෙට ගෙනෙනව ඕයි කියල තවත් කෙනෙක් කියනවා.....

    එහෙත් ඒ හැම ගීයකටම වඩා වැඩියෙන් අහිංසක දුප්පත් එදාවේල සරිකරගන්නා පීඩිත පන්තියේ දුප්පත් පවුලක ජීවිත කතාව තමා නන්දා මාලනියගේ මේ ගීතයෙන් කියවෙන්නේ.....

    150023_453437656103_240406086103_5951733_5014906_n.jpg

    තුන්දෙනෙක්ගෙන් යුත් පවුලක් ගැන කතාකරන කාලයක්නේ මේක... මේ පුංචි පවුලෙත් සදහන් වෙන්නෙ තුන් දෙනෙක් ගැන... තාත්තයි ගෑණු ළමයි දෙන්නයි... තාත්තගෙ රස්සාව පොල් කැඩීම... ඔය පොල් කැඩීමෙත් ක්‍රම කිහිපයක් තිබෙනවා.... එකක් තමයි ගහකට නැගල පොල් කඩන්න මිලක් කියල තමා පොල් කඩන්නෙ... මේක රු 20 සිට ඉහලට තියෙනවා... නමුත් ඒකටත් කණ කොකා හඩලන්න පටන් ගත්තා උණ ගස් වලින් පොල් කඩන්න පටන් ගත්ත නිසා.. ඒකට පිළියමක් විදියට පොල් කඩන අය පසුව කරන්න පටන් ගත්තේ නොමිලේ පොල් කඩල දෙනවා... ඒ අය නගින හැම පොල් ගහකින්ම එක ගෙඩියක් ගන්නවා... දවසකට පොල් ගස් 20කට නැග්ගහම පොල් ගෙඩි 20යි... ( මීට අමතරව මා කියූ මෙම ක්‍රම දෙකේම මිශ්‍රණයක්ද වර්තමානයේ දක්නට ඇත).

    ඉතින් මම මේ කියන්නෙ දෙවන ක්‍රමය ගැන.... තාත්තා දූල දෙන්න එක්ක යනවා වතුවල පොල් කඩන්න. පොල් කඩල දූල දෙන්නත් එක්ක එකතුවෙලා පොල් අහුලල දීල කඩපු පොල් ගස් ගානට පොල් ගෙඩි ටිකක් අරගෙන ඒවා හන්දියෙ විකුණල තමා මේ අය ජීවත් වෙන්නෙ... ඔබට මෙම අත් දැකීම නැතිවුනත් මේ ගීතයෙන් එම අත්දැකීම ඔබට මනාවට ගෙන එනවා..... ඉතින් මේ තාත්තා පොල් ගහට නැගලා පොල් කඩද්දි නංගියා තාත්තට කියනවා මෝරපු නැති ගෙඩියක් දෙන්න කියලා ඇයට බොන්න... මෙන්න මේ වෙලාවෙදි තමා අපේ මේ ගීතය ආරම්භ වන්නේ... අක්ක නංගියට අවවාද කරනවා... ඇත්තටම ගත්තොතින් අක්ක අපිට ඇයගේ ජීවන තත්වය පහදනවා....

    ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
    අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
    පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

    පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
    පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
    මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....

    ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
    අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....

    ගෙඩි සියයක් ......

    ගායනය : නන්දා මාලනී
    පද රචනය - සමන් ප්‍රියදර්ශන.
    සංගීතය - ආනන්ද ගමගේ

    මෙතනින් ගිහින් අහන්න - http://www.combuwa.com/Music/wp-content/uploads/2011/03/Gedi-Siyayak.mp3

    ගීතයේ උඩු අර්ථය ඔබට මනාවට පැහැදිලි වෙන්න ඇති... ඒත් මේ ගීතයෙන් පවසන යටි පෙල නම් හරිම ප්‍රබලයි... මා ඒ ගැන වැඩි විග්‍රහයක් කිරීමට උත්සාහ කරන්නේ නෑ... මොකද එහෙම කලොත් මේක දේශපාලන විග්‍රහයක් බවට පත් වෙනවා.. මා ඔබට ඉගි කිහිපයක් ලබා දෙන්නම්....

    1) අඩන නංගියට එක ගෙඩියක් වත් දෙන්න අක්කාගේ තියෙන අකමැත්ත...
    2) තාත්තාට අනතුරක් සිදුවුවහොත් මොවුන්ට පත්වන ඉරණම...
    3) පොල් කැඩීමට නොහැකි හෝ රස්සාවට නොයන දිනවල එම පවුලේ තත්ත්වය...
    3) සීඝ්‍රයෙන් ඉහලයන උද්ධමනය හා තරග කිරීමට මොවුන් ගේ රැකියාවේ ඇති නොහැකියාව....
    4) හුස්ම පවා පියාට බාධාවක් වේයැයි සිතන තරමටම දුව පියාණන් කෙරෙහි ඇති බැදීම හා ඇයට පෙනෙන අවධානම....
    5) මධ්‍යම පාන්තිකයන්ටත් ආර්ථික අපහසුතාවයන් දැනෙන මේ කාලයේ මෙවැනි අන්ත දුප්පත් පවුල්වල අසරණ භාවය....
    6) සහ මෙහි යෙදී ඇති සුළග හා පොල්රුප්පාවේ චංචල භාවය ගෙනහැර දක්වන අතිශය ප්‍රබල තනුව

    ඔබම මේ දේවල් ගැන ස්වයං විග්‍රහයක යෙදෙන්න... කියන්න දේ ගොඩාක් ඇතත් නොකියම සමුගනිමි ඔබට සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්.... අදහසක් දීලම යන්න ඔබත්...
     
    Last edited:
    • Like
    Reactions: B.Lalakka