සුන්දර ගීයක ඇරබුම,..

Apr 25, 2012
30
2
0


ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..




Indiawath ekka epa wenawa mey link eka baluwama

http://www.chinasmack.com/2010/pictures/filthy-india-photos-chinese-netizen-reactions.html.

http://www.chinasmack.com/2010/pictures/filthy-india-photos-chinese-netizen-reactions.html
 
Apr 25, 2012
30
2
0
මැවිසුරු;12588739 said:
දම් පාටින් ලා සඳ බැස යනවා...
තේරුම දැම්මද දන්නේ නෑ ????

;)

ගණිකාවක් උනත් ගැහැනියක්..
ඇයටත් හැඟිම් දැනීම් තියෙනවා...

එහෙම කෙනෙක් තමන් ලඟට එන,
පිරිමියෙක් එක්ක ප්‍රේමයෙන් වෙලීමක්
කියලයි මට හිතෙන්නේ....


ගැ :
ඔබ මා සොයා එන්නේ රෑටය..
රැය පහන් වන විට ඔබ මගෙන් වෙන්වේ...
"රෑ කල දිගුවේ නම්" කෙතරම් අගනේද?

ඔබගේ පහස දැනුනද මා දකින්නේ අඳුරය...
ඔබගේ රුව නොදුටුවත්,
"බිත්ති පුරා ඔබෙ හෙවනැලි ඇන්ඳේ තනිය මකාගන්නයි-
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා"

පි :

මෙම රැය උපරිම ලෙස ගෙවාගත යුතුය.
මෙම රැය දිගු වේ නම් ඔබ ලඟ තවත් රැඳි සිටිය හැක.
නෙළුම් කොළයට වතුර පොඟන්නෙ නැතිවක් සේ
රැය පහන් වනතුරු (පමනක්) ඔබ ලඟ රැඳෙන්නෙමි...
 
Last edited:

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ආදරණිය බිරිද ***
    මෙමරි කාඩ් එකට mp3 සෙට් එකක් දාගත්ත ගෙන වයර් දෙකත් කනේ ගහගෙන දාඩිය පෙරාගෙන චප්ප වෙලා සෙනග පිරිච්ච යකඩ ගොඩට මොරටුවෙන් නැග්ගා...මේකේ පෙට්ටි ගොඩක් තිබුනට පට්ට යන්න සෙනග....සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දු ටිකි කන්දෙකට වදිනකොට දාඩිය එච්චර ගානක් නෑ,,, පරණ music වලට ලස්සන සින්දු ටික.. සියුමැලි කැකුලක් නැළවෙන්නේ..... කියල සින්දුවක් ඉවර උන ඊලග සින්දුව අලුත් music වලට‍ මාර බේස් පාරක් කනට වැදුනා දාඩිය පැත්තක තියල මෙවුව එක ගත්ත එලියට කාගේද මේ සෝන්ග් එක කියල බලන්න එකත් මේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේම තමයි අලුත් ඇල්බම් එකේ සෝන්ග් එකක්....සින්දුවේ පදෙන් පදේ මගේ කන්දෙක හරහා හිතේ ඇතුලටම වැදුනා.... කට්ටියම බලන්නකෝ...
    husband-and-wife1.jpg


    හඩන පොඩිපුතු නලව ගන්නට නිදන මට රහසින්..............
    රැයේ තුන්යම නිදි වරා නුබ නොවීදිනා දුකකින්...............
    කහට පොද ගෙන කුරුළු කුජන සමග ළඟ හිදිමින්.........
    සිනා පැවැත් කියාලයි තතු විඩාබර මුහුණින්.......
    ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැල සමගින්.........
    වහා දස අත සුවඳ පිරුණා නුබේ ගුණ සුවදින්................
    කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්..............
    නුබේ හදවත ගැහෙන රාවය මට ඇසෙ රහසින්.............
    අපට අපමය පිහිට පිලිසරණයද යන හැගුමින්....................
    සැපත දුක ලග සමව සැනසි නිබද ඉවසීමෙන්....................
    මටම දාඋන පැටවුනට සහ මටම අම්මා වන්...................
    සොදුර නුබගෙනි එලිය වුයේ උදා වන දිනිදුන්........
    :love::love::love::love::love::love::love::love::l ove::love::love::love::love::love::love::love::lov e::love::love::love::love::love::love::love::love: :love::love::love:
    ආදරණිය ස්වාමි පුර්ෂයෙක් තමන්ගේ ආදරණිය බිරිද ගැන තමන්ගේ හිතේ තියන බක්තිය ආදරය මාර ලස්සනට ඉදිරිපත් කරනවා....
    සින්දුව ඉවර උනේ වෙලාවට නැත්නම් කොල්ලුපිටිය පහුවෙනවා,දඩ බඩ ගාලා train එකෙන් බැහැ ගත්තා...
     
    Apr 25, 2012
    30
    2
    0
    මේ පෝස්ට් එක දෑක්කම මටත් හිතුන මේකට සපෝට් එකක් දෙන්න ඕනි කියල..... මම මෙහෙම වෑඩක් කරන්නම්. තේරුම බලන ගමන් සින්දුව අහන්න පුලුවන් විදියක්. (උබල කෑමති නෑතිනම් කියපල්ල.)

    …පල්ලෙහා තියෙන ලිගුව මිරිකපල්ල වෑඩේ බලා ගන්න ඕනෙනම් ...........


    https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128

    ඉතාමත් වටිනා වැඩක්...
     
    Apr 25, 2012
    30
    2
    0
    සස්ලීත් යාළුවා ඉල්ලුවා පුළුවන් නම් පටුනක් වශයෙන් ගීත ටික දාන්න කියලා.:yes::yes:එකයි වැඩේ පටන් ගත්තේ..ඔන්න එහෙනම් කට්ටියට ලේසියෙන් තැන හොයා ගන්න..
    මම මේ මුල ඉදල කියවන කීවෙනි පාරද මන්ද .:rolleyes::rolleyes:. කට පාඩම් වෙලා වගේ මේ නුලම :D:yes::P..පටන් ගමු වැඩේ :rolleyes::rolleyes::yes::yes:



    ගීත පටුන පළමු කොටස


    තේරුම(විචාරය හෝ නිධාන කතාව) බලන්න පහත දිගුවට යන්න

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1"]http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1[/URL]


    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16"]http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16[/URL]


    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22"]http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22[/URL]


    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26"]http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26[/URL]



    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31"]http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31[/URL]



    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40"]http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40[/URL]



    සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය-
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53"]http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53[/URL]

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69"]http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69[/URL]

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85"]http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85[/URL]

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118"]http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118[/URL]

    ඉතාමත් වටිනා වැඩක්...
     
    Apr 25, 2012
    30
    2
    0
    සස්ලීත් යාළුවා ඉල්ලුවා පුළුවන් නම් පටුනක් වශයෙන් ගීත ටික දාන්න කියලා.:yes::yes:එකයි වැඩේ පටන් ගත්තේ..ඔන්න එහෙනම් කට්ටියට ලේසියෙන් තැන හොයා ගන්න..
    මම මේ මුල ඉදල කියවන කීවෙනි පාරද මන්ද .:rolleyes::rolleyes:. කට පාඩම් වෙලා වගේ මේ නුලම :D:yes::P..පටන් ගමු වැඩේ :rolleyes::rolleyes::yes::yes:



    ගීත පටුන පළමු කොටස


    තේරුම(විචාරය හෝ නිධාන කතාව) බලන්න පහත දිගුවට යන්න

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1"]http://www.elakiri.com/forum/showpost.php?p=11897929&postcount=1[/URL]


    තෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතය
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16"]http://www.elakiri.com/forum/showpost.php?p=11898476&postcount=16[/URL]


    සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍යය-සිංහබාහු නාට්‍යය -ගල් ලෙන බිදලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22"]http://www.elakiri.com/forum/showpost.php?p=11898776&postcount=22[/URL]


    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.-රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26"]http://www.elakiri.com/forum/showpost.php?p=11898933&postcount=26[/URL]



    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31"]http://www.elakiri.com/forum/showpost.php?p=11899091&postcount=31[/URL]



    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40"]http://www.elakiri.com/forum/showpost.php?p=11899212&postcount=40[/URL]



    සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය-
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53"]http://www.elakiri.com/forum/showpost.php?p=11899380&postcount=53[/URL]

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69"]http://www.elakiri.com/forum/showpost.php?p=11899910&postcount=69[/URL]

    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85"]http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85[/URL]

    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා..........//
    Code:
    [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118"]http://www.elakiri.com/forum/showpost.php?p=11902304&postcount=118[/URL]

    ඉතාමත් වටිනා වැඩක්...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අපේ යාලුවෝ දෙදනෙකුගේ ඉල්ලීමක් අනූව තමයි මේ ගීතය ගැන අදහස ලබාදෙන්න හිතුවේ.
    ලංකාවේ සාහිත්‍ය කෙත ආලෝකමත් කරනු වස් දැල්වුනු රුවන් පහන් අතරින් එක් ප්‍රබල පහනක් මැයි ලූෂන් බුලත්සිංහල මහතානන්. එදිනේදා ජීවිතයේ දී සාමාන්‍ය පුද්ගලයකුගේ අත්දැකීම් සාමාන්‍ය පුදගලකුට වඩා ඉහල කෝනයකින් අත්විදි එතුමා විසින් ඒවා බොහෝ දෙනෙකුගේ රසාස්වාදනය සදහා අගනා කලාකෘති බවට පත් කෙරුනා
    එතුමාම යම් පුවත් පතකට කල ප්‍රකාශයකට අනූව මේ ගීතයටත් පාදක වන්නේ එවැනිම එතුමාගේ අත්දැකීමක්. ඒනම් එතුමා තදින් වැස්ස වැටෙන දිනයක තම දියනියත් සමග කුඩයක් යටින් පාරේ ගමන් කරමින් සිටිනවා. මේ අතර අසලින් ගමන්කරන වාහනයක මඩ වතුර පහරින් එතුමා සහ එතුමාගේ දියනිය තෙමෙනවා. එතුමාගේ කෙසේවෙතත් සංවේදී හා වින්දනීය හදවත් ඇත්ත්වුන්ගේ වාසනාවට ඒ රථයේ සිටින්නේ කාලයක් එතුමාගේ පෙම්වතියව සිටි තරුනියයි. මේ අත්දැකීම නිමිතිකොට ගනිමින් ඒතුමාගේ සුපුරුදු ප්‍රතිභාව තුලින් අග්‍රගන්‍ය ගීතයක් අපට දායාද වෙනව........

    මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
    උඩ ඉගිළෙන විට වැහි ලේනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

    වර්ශාව යනු පරිසරයට මෙන්ම මිනිස් සිතිවිලි වලටද නැවුම්වු අත්දැකීමකි. මේ වර්ශාවේ හා වර්ශාව දැනුම්දෙමින් අහසේ පියාසර කරන වැහිලිහිණියන්ගේ සුන්දරත්වය විදිමින් යන රචකයාගේ දෑස නවතින්නේ අසලින් ඇදෙන වාහනයක කවුලුවකින් පෙනෙන දෑසක් මතය. ඒ අන් කිසිවකු නොව අතීතයේ සැමටම වඩා රචකයා ආදරය කල දෑසයි.ඒනම් ඔහුගේ අතීත පෙම්වතියයි.

    අඳුරු ලලා...
    සෙංකඩගල වැස්සේ
    දිය දහරා...
    පාටයි දේදුන්නේ
    තෙමි තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

    මේ හමුවීම රචකයාගේ හදවතතුල ජනිතකරන්නේ අදුරක්මය. පෙර මල් වරුසාවක්ව දුටු වර්ශාව එයින් අදුරු වෙයි. ඒ අදුරු වර්ශාව තුලින් ජනිතවන දියදහරා රචකයා ද්කින්නේ දේදුන්නේ මේන් නේක වර්න සහිතවය. ඒනම් අතීතයේ මිහිරි මතකයන් මේ දිය දහරාවල සැගවී රචකයාගේ මනසට ගලා එයි. ඇදහැලේන වර්ශාව පවා ආදර මධු වර්ශාවක් කරගනිමින් දැත් පටලා එදා ගම්න් කල දෙදෙනා අද වෙන්වී මාර්ග දෙකක ගමන් කිරීම රචකයාගේ සිත් තුල ජනිතවූ අදුර තව තවත් වැඩි කරන කාරනාවක් මය..

    රිය ඇතුළේ...
    උණුසුම ඔබට දිදී
    නහවයි මා
    රියසක මඩ වතුරේ

    සීතල වර්ශාව මධ්‍යයේදී සැනසුම් උනුසුම ඇයට ලබාදෙන මේ රථයම ඔහුව මඩ වතුරෙන් නාවන්නට තරම් අකාරුනික විය. ඇතැම් විට රචකයා මේ රථය තුලින් දකින්නේ ඇය දැන් හිමිවී ඇති පුද්ගලයා දිහා විය යුතුය. ඔහු ඇයට කොතරම් සැප සම්පත් ලබා දුන්නද ඔහු තුලින් රචකයාට හිමිවන අහිමිවීම, පරාජය හා තනිකම රචකයා ඉතා අහින්සක ලෙස විදගනී..

    නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
    අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

    රචකයා තුල ජනිතවන සියලු දුක්මුසු හැගීම් ඔහු ඉතා අහිංසක ලෙස විද දරා ගන්නේ ඒ මිහිරි අතීතය සිහිකරවමිනි. මන්ද ඔහුව මඩ වතුරෙන් නැහැවූ රියසක ඔවුන්ගේ අතීත ප්‍රේමය නොහදුනන නිසාවෙනි. එනම් ඔවුන්ගේ ප්‍රේමය ලොකයට රහසක් නිසා වෙනුත් එනිසා ඇය විදින සැප සම්පත් දෙස රචකයා උපේක්ශාවෙන් බලන නිසාවෙනුත්ය.

    මේ ගීතයේ තවත් එක් විශේශත්වයක් ඇත. එනම් එතෙක් මෙතෙක් බිහිවූ අග්‍රගන්‍ය තනු රචකයකු වන රෝහන වීරසිංහයන් මෙම ගීතයේ තනුවට මෙන්ම හඩටද හිමිකම් කීමයි. මේ පද වැල තමාගේ කරගැනීමට රෝහනයන්ට තුඩුදුන් කාරනය නොදන්නා නමුදු එතුමාගේ හඩින් මේ ගීතයට එක්වූ මිහිර මෙන්ම සිදුවූ උපරිම සාධාරනය නිසා මේ ගීතය පහන් හදවත් ඇත්තවුන්ගේ හද පතුලේ සදා නොමැකෙන ගීයක් වූ බවනම් හොදාකාරවම දනිමි...

    Patta Machan
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    රත්න ශ්‍රී විජේසිංහ මහත්තය දවසක් ආවා අපේ සිංහල ක්ලාස් එකට, ලෙක්චර් එකකට ඇවිත් කිවුව ""තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රැ තනියම හිනාවෙන්න..."" කියන එතුමා රචනා කරපු සශිකා නිසංසල ගයන කරන ගීතයේ පදෙන් පදේ අරගෙන් මාර ලස්සන තේරුමක් එක එතුලේ තිබුනේ,එත් දැන් අවුරුදු හතකට විතර කලින් තමයි මම ඕක ඇහුවේ එත් දැන් මට මතක නෑ. දැනගන්න අසයි අයිමත් එකේ තේරුම. සින්දුවක තේරුම දැනගෙන එක රසවිදින කොට මාර විදිහට හිතේ ඇතුලටම සින්දුව වදිනව කියල මෙතන ඉන්න හැමෝම දන්නවා. සුන්දර ගියක ඇරබුම.. සොයා යන සහුර්දයනි මේ ගියෙත් පදවල ගැලපීම දිගහරිනු මැනවි..
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මැවිසුරු;12591838 said:

    දම් පාටින් ලා සඳ බැස යනවා...

    ගණිකාවක් උනත් ගැහැනියක්..
    ඇයටත් හැඟිම් දැනීම් තියෙනවා...
    එහෙම කෙනෙක් තමන් ලඟට එන,
    පිරිමියෙක් එක්ක ප්‍රේමයෙන් වෙලීමක්
    කියලයි මට හිතෙන්නේ....

    නියමයි සහෝ.......ඔබ නියමෙට ගීත විදිනවා........

    ඇත්තටම මටත් ඔය ගීතය ඇහෙනකොට ඔයිට සමාන චිත්‍රයක් තමයි ඇදෙන්නෙ.......
    මේ ගීතය ලියවෙන්නේ ලංකාවේ කලා කෙතට බිහිවූ සුපිරිතම පුද්ගලයක් වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිදෙන්...... මට යාන්තමින් මතකයි එතුමා ගොඩක් ඉස්සර මේ ගැන පත්තරයකට කියපු කතාවක්.
    එතුමා පාසල් යන කාලේ තරුණියකට පෙම් කරල තියනවා. එතුමා පේරාදෙණි විශ්ව විද්‍යාලයට ගියාම, එයා කොළඹ. එතුමා නිවාඩුවට කොළඹ ඇවිල්ල වෙසක් දවසක ඔවුන් මුහුදු වෙරළේ ඇවිදින්න ගිහින් තියනවා. එදා මුහුදට හඳ වැටෙනවා එතුමා දැකල තියෙන්නෙ දම් පාටින්. පෙම්වතියගෙන් වෙන්වෙලා ආපහු යනවා කියලා කියනකොට ඇතිවුණු සිතුවිල්ල තමයි මේ නිර්මාණයට වස්තු බීජ වෙලා තියෙන්නෙ. ඒත් ඒ පේ‍්‍රම සම්බන්ධය හරි ගිහිල්ල නෑ කියල තමයි එතුමා කියල තියෙන්නෙ.
    එතුමාගේ කතාව කෙසේවෙතත් ගීතය ඇහුවාම අපිට මැවෙන්නේ වෙනස්ම චිත්ත රූප තමයි.
     
    Apr 25, 2012
    30
    2
    0
    අනේ යාළුවනේ.... ඔබ මේ ත්රෙඩ් එක කියවන බව මටත් , දත් කිඹුලාටත් දනවන්න.... නැත්නම් අපි මේ නූල අතෑරල දාල යාවි.... එහෙම උනොත් ඔබලටම නේද පාඩුව......??????????????

    මේක වැරදිලා දැකල ,
    මම දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ,
    යකෝ බොනවට හපන් නේ මේක
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මැවිසුරු;12593130 said:
    මේක වැරදිලා දැකල ,
    මම දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ,
    යකෝ බොනවට හපන් නේ මේක
    බීඩියෙහි ඇති රසය.................................ත්
    එහි ඇති මහගු ගුනය...............................ත්
    උරනා දණ මිස.....................................ත්
    නොබොන අනුවන දනෝ නොදනි..................ත්
    :rofl::rofl::rofl::rofl::rofl::P
     
    Apr 25, 2012
    30
    2
    0
    බීඩියෙහි ඇති රසය.................................ත්
    එහි ඇති මහගු ගුනය...............................ත්
    උරනා දණ මිස.....................................ත්
    නොබොන අනුවන දනෝ නොදනි..................ත්
    :rofl::rofl::rofl::rofl::rofl::P

    බීමෙහි ඇති රසයත්...
    එහි ඇති මහා ගුණයත්..
    බොන උතුමන් මිසක්..
    නොබොන අනුවණ දනෝ නොදනිත්...


    ;););)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    [FONT=&quot]ලක්ෂ්මන් හිල්මිගේ මාලති නුඹයි ගීතය කව්දෝ දාලා තිබ්බා දැක්කා.ඇත්තටම හිල්මි දක්ෂ ගායකයෙක්.මාලති නුඹයි.සොදුර ජීවිතයේ,සිත හඩන අයුරු.රිදී පාට කල වැනි ගීත අග්‍ර ගණයේ ලා සැළකිය හැක..මොහු මරා දමන ලද්දේ කැසට් නිෂ්පාදකයන්ය.වාණිජ මට්ටමෙන් උපරිමයට ම ගිය අජිත් මුතුකුමාරණ ගේ පවා ඇතම් ගීත විශිෂ්ට මට්ටමක පැවතිනි..ඕන දේයි එපා දේයි මොවුන් ලවා කියවා බැංකු ගිණුම් වල බැර පැත්ත වැඩි කර ගැනීමට උපුල් ජයසිංහ.රන්ජිත් ප්‍රේමලාල් වැනි අය ගත් ඉක්මන් තීරණ නිසා මෙරට ගීත කලාව කනත්තට පියවර මැන්නේය....
    හිල්මිගේ සින්දුවක් දාන්න හිතුවේ ඒකත් මතක් කරගෙනම..............

    සිත හඩන අයුරු දෙවොල ගිනි අරන්....
    මම දනිමි සොදුර නුඹ තැවුනු තරම්...........
    හද පෙළෙනු කිමද අවරගිර බලන්.....
    මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්..........

    දෙවොල යනු කන්‍යාභාවයයි.බටහිර ලෝකේ කොහොම වෙතත් අපේ සමාජයේ කන්‍යාභාවය ඉහළින් සලකයි.(මාගේ අදහස ද තාක්ෂණිකව අප කෙතරම් දියුණු වූවත් සංස්කෘතිය රැක ගත යුතු බවයි..ලක්ෂ 14 බ්‍රෑන්ඩ්නිව් ඔපරේෂන් ගැන මම නොදනමි.)ඇයගේ කැමත්තෙන් හෝ අකැමත්නෙන් ඇයව දූෂණයට ලක් වී තිබේ.ඒ බව ඇය ප්‍රේමවන්තයාට පවසා තිබේ.ඔහුගෙන් ඇයට යහපත් ප්‍රතිචාරක් ලැබෙමින් පවතී.
    කළුවරට පිපුනු මලද මලකි නම්..........
    අර මෙළෙක සොයන කෙනෙකු නොවෙමි මං....
    නෙතු අගිසි වලට සතුට උනන කන්...........
    ඔය කදුලු පබළු තැවොල මට දියන්..........
    මීට කලින් දෙවොල යැයි කිවූ කන්‍යාභාවය මෙතනදී මෙළෙක නමින් හදුන්වයි.මට ඒකෙන් ඇති වැඩක් නැත.උඹව විවාහ කරගත්තදාට උඹේ හිතට සතුට ලැබෙයි...එතකම් ඔය කදුලු වලින් දිළිසෙන ඇස් දෙක මට දියන්..........
    විෂ පෙවුනු බඹරු කොහෙද මට කියන්..........
    විත පොකුරු ඇනුනු තැන් කොහෙද බලන්........
    හිත රිදෙන තැනට කරුණු ඇද අරන්....
    කිසි දිනෙක නුඹට එරෙහි නොවෙමි මං..............
    උඹට ඔය අපරාදේ කරපු එකා කියපන්.ඒ හොයගෙන ගිහින් උගෙන් පළිගන්න නෙවෙයි.....ඒ තැනට ඌ පත්වුනේ කොහොමද කියල දැනගන්න.හැබයි කවදාවත් උඹෙන් මේ ගැන ආය අහන්නේ නෑ,,අපි සතුටින් ඉමු.එච්චරයි.
    [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [/FONT]

    පට්ට කතාව සහෝ...
    ඒක නම් බොක්කටම වැදුණා...