මේ මාත් ඉන්නේ බං
ගනන් ගන්න එපා කොල්ලෝ..
මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
ඒකි මාව දාලා ගියා..
ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
එතන ඉදියා කෙල්ලෙක්
ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
ඒකි බෑ කිව්වා..
මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
දැන් මම ඔක්කොම අතෑරලා
ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ
කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
කොන්දක් ඇතුව ජීවත් වෙයන්.
මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
දුක් වෙන එක තේරුමක් නෑ