හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිතර එළකිරියට පැමිණිමෙන් මදකට අත්මිදීමට සිදු ව තිබේ.
    පෙදෙහි රස හව් විදින සද්ජනයින් මේ හුය දිගටම ගෙන යාවි යයි සිතමි.
    සියළු දෙනාට යහපතක් මැ වේවා!!!!!

    මේ වගත් මෙසේම,
    දත් කිඹුළා වන මම් ම වෙමි.
    13/06/2012 දින 1526 පැය.
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මැවිසුරු;12852858 said:
    "පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්"
    "පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්"
    [/COLOR]

    කාලෙකින් ආවත් ලොකු වෙනසක්........ බලමුකො ඒකෙත් හැටි නේද?......
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    [FONT=&quot]මහා සම්ප්‍රදායේ සංගිත ආකෘතියකින් පෙරා එවන අනුරාගයේ අසීමිත වූ අනන්තය.......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෝමාන්තික ඔපෙරාව[/FONT] - The Romantic Opera
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මාගේ මිතුරණි, කසුන් කලකට පෙර කල මේ සජීව සංගීත ප්‍රසංගය නිවීහැනහිල්ලේ නරඹන්න.මේ ජවසම්පන්න ආලෝලනීය කටහඩට ඔබේ අධ්‍යාත්මය අමතන්නට ඉඩ දෙන්න.......මේ ජීවිතය විදීම හැර වෙන කුමක්ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    කසුන් යනු ලෙහෙසියෙන් කතාකොට නිමකල හැකි පුද්ගලයකු බව නොකිවමනාය. ඒ ගායන විලාෂය ඒ ප්‍රතිභාව ඒ කෞෂල්‍යය ඒ සංවර බව නව පරපුරේ ගායක ගායිකාවන්ට මනා මගපෙන්වීමක්ම වන්නේය.
    මුල් අවදිය තුල කසුන් ට කොතරම් චොදනා එල්ලවුවත් අද ඔහු ලාංකික සංගීත මංපෙතෙහි ඔහුගේ සලකුන තබා හමාරය. මා පෞද්ගලිකව ලහිරු පෙරේරා ගෙනුත් මෙවැනිම වූ පෙරනිමිති දකිමි. නමුත් ඒ ඔහු දැනට ගමන් ගන්නා මාවතෙහිම නොවීමට පුලුවන...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැවිසුරු;12852858 said:
    "පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්"

    මේ ගීතයේ විශේෂය ඔබ දුටුවාට වඩා ගොඩාක් ඈතය...
    සිංහල සංගීතයේ රැප් කරුවන් ඕනෑතරම් ඇත... එහෙත් හුස්ම අල්ලාගෙන... ස්වරස්ථාන බිදීමට නොදී... තාලය ශ්‍රැතිය අඛන්ඩව පවත්වාගත් ගීත අපි දැක ඇත.. එහෙත් රැප් වල එය නැත.. උන් දන්නේ කියවීමටය ... තනු නැත..

    මේ ගීතය යනු සිංහල ගීතයේ ස්වරස්ථාන නිසි පරිදි තබා ගනිමින්, ශ්‍රැතිය, ලය පමනක් නොව හුස්ම වැටීම පවා පාලනය කරමින් කිසිදු වෙනසක් නොකරමින් ගායනා කරනු ලබන ගීතයකි.. පුළුවන් නම් ඔබ නිකම් මේ තාලයට ගායනා කර බලන්න ගීතය අවසානයේ ඔබ හති අරිනු නියතය...

    මේ ගීතයේ පදයක් පදයක් අතර ඇති ඉඩ මාත්‍රා දෙකකකි.. සාමානෘ බයිලාවක පවා හැම පදයක් තනුවක් අතරම මාත්‍රා හතරක් හෝ හයක් ඇත... නමුත් මෙහි ඇත්තේ දෙකකි.. එය සිංහල සංගීතයේ රැප් පරදවා යන සුභාවිත ගීයේ විශේෂතවයකි....

    මෙයද දෙවනවන තවත් එක් ගීතයක් මාගේ දැනුම අනුව ඇත... එය සගවා මෙය පවසා දැනුම ඇත්තන්ට ඉඩ හසර සලසා ... විචාරයන්ට කිඹුලාමෙන් මදකට තිත තබා මෙසේ සමුගනිමි...

    -සස්ලිට්-
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    වෙලාවකට හිතෙනවා ජීවිතේ ලැබුනු දේවල් වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් ලස්සනයි කියල. ජීවිතේ හැමදාම ඒ මතකයන් එක්ක ජීවත්වෙන්න වගේම ජීවිතේ පුරාවටම ආවර්ජනය කරමින් විදින්න පුලුවන්. මහා බරසාර නැති උනත් සමහර පද රචනා අපේ ජීවිතේ සමහර අත්දැකීම වලට ගොඩක් සමීප නිසාවෙන්ම ඒ ගීත අපේ හදවතේ නොමැකෙන්නම ලියවෙනවා. ගොඩක් වෙලාවට එවැනි ගීත ඇහෙනවිට ඇස් කදුලින් තෙත් වෙන එක නම් නවත්තන්න බැරි තරමටම ඒ ගීත අපට සමීපයි.

    සෙව්වන්දියකට පෙම් බැන්දා..
    ආශා දහසක් රස වින්දා..
    නටු අග කටුමත කටුක බව දැනී..
    හදවත පාරයි වේදනා....

    අහම්බෙන් හමු උනත් ඇය නමින් වගේම රෝස මලක්, පුහු ආටෝප නැති රෝස මලක්. ඒ රෝස මල එතෙක් ජීවිතේට නුහුරු නුපුරුදු හැගීම් මහා ගොඩක් අවදි කලා. ඒ නුහුරු හැගීම් මුලදී ජිවිතයට සතුටු දායක උනත් දැන් ඒ හැගීම් හරිම වේදනාකාරීයි. නොකියාම ජිවිතයට ආපු ඒ සෙව්වන්දිය වේදනාවන් ගොඩක් ඉතුරු කරල යන්නම ගිහිල්ලා..

    නව යව්වන හද පෙම් උයනේ
    දහසක් මල් මට හිනැහෙනවා
    මටම නොතේරෙන කරුනක් වේ.
    සෙව්වන්දියටම හිත යනවා

    කොච්චර නම් මිනිස්සු ඇසුරු කරන්න ඇත්ද...... කොච්චර නම් නෙලාගන්න පුලුවන් මල් දකින්නට ඇත්ද......... ඒත්, එකම එක රෝස මලක් ලග සිත නැවතුනු අරුමය....... මටම මාව අදහන්නට බැරි තරමින් හිත ගිය දුර ඈත.........

    රුව ලස්සන නෙත් දෙකට පෙනේ
    සුවදක් නැහැයට ලංවෙනවා
    එනමුදු කටුඅග විෂ මතුවේ
    සෙව්වන්දිය හිත රිදවනවා......

    එදා ඒ දැක්ක අහින්සක හැඩරුව, අව්‍යාජ බව, හුරතල් කතාබහ, ලග සිත නැවතුනා මිසක අනාගතය, සැබෑ යථාර්තය තේරුම් ගැනීමට හිතට හයිය තිබුනා නම්......... මේ වේදනාවන් මෙච්චරම දරුනු නොවෙන්නට තිබුනා........ ඒ එදා දැනුනු නුහුරු හැගීම් වල හැටි වෙන්න ඇති. අවාසනාවට ඒ හැගීම් සදාකාලිකව අමතක කරන්නත් බැරුව ඇති.

    සිහින තරු කැට..
    පුරා ගගනත....
    එලිය නොකෙරු
    නුබයි සදවත....
    ගව් ගනන් දුර පිපී......
    නොකියාම සුවද දී....
    සිත් අහස බොද කෙරුව....
    නුබයි සෙව්වන්දිය........

    (user 52/AM..........)​
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සිහින තරු කැට..
    පුරා ගගනත....
    එලිය නොකෙරු
    නුබයි සදවත....
    ගව් ගනන් දුර පිපී......
    නොකියාම සුවද දී....
    සිත් අහස බොද කෙරුව....
    නුබයි සෙව්වන්දිය........

    (user 52/AM..........)​

    ආදරය කවියක්
    ජීවිතය එහි සොදුරතම වදනක්
    කදුළැලි බිදක්
    හසරැලි පොදක්
    එකට එක් වූ විට දැනේ
    පෙර නොවිදි රසයක්

    - ගජමන්නෝනා කිවිදිය
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    වෙලාවකට හිතෙනවා ජීවිතේ ලැබුනු දේවල් වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් ලස්සනයි කියල. ජීවිතේ හැමදාම ඒ මතකයන් එක්ක ජීවත්වෙන්න වගේම ජීවිතේ පුරාවටම ආවර්ජනය කරමින් විදින්න පුලුවන්. මහා බරසාර නැති උනත් සමහර පද රචනා අපේ ජීවිතේ සමහර අත්දැකීම වලට ගොඩක් සමීප නිසාවෙන්ම ඒ ගීත අපේ හදවතේ නොමැකෙන්නම ලියවෙනවා. ගොඩක් වෙලාවට එවැනි ගීත ඇහෙනවිට ඇස් කදුලින් තෙත් වෙන එක නම් නවත්තන්න බැරි තරමටම ඒ ගීත අපට සමීපයි.

    සෙව්වන්දියකට පෙම් බැන්දා..
    ආශා දහසක් රස වින්දා..
    නටු අග කටුමත කටුක බව දැනී..
    හදවත පාරයි වේදනා....

    meka nam pattama sinduwak !!! :cool::cool:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සුලගට මුසු වූ ලබැදියක ගැන සිතූ සිතුම්

    මදුරන්ග විජේසෙකර අතින් ලියවුණු මෙ පද වැල් වලට කවුරුත් ඇලුම් කල බව නම් ස්තිරයි. ඇත්තටම බොහෝම හෙමින් ගමනක ඇදෙන ගීතය රසිකයාට ඔහුගේ ලෝකයේ තනිවෙලා චිත්‍ර මවාගන්නට ඇති තරම් වෙලාව දෙනවා.. මේ ගීතය විදේශයකදී නිර්මාණය වූ ගීතයක්. මදුරන්ග විජේසෙකර විදෙස් ගත වෙලා ඉන්නකොට ලියවුනු ගීතයක් තමා පසුකාලීනව අපේ සිත් ආකර්ෂනය කරගන්නේ

    ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
    සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..
    ලබැදියේ.. ලබැදියේ....මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ...මා සිතින් පෙම් කලා..

    අපි අපේ පෙම්වතියගෙන් ගොඩක් ඈතට ගිහින් තනිවුනාම ඒ ඇතිවෙන පාලුව නම් කියලා නිම කරන්න බැහැ. හිතලා බලන්න අපිටත් එවගේ අවස් තාවන්ට මූණ දෙන්න වුනාම අපි වුනත් අපේ දුක හිතින් හරි කියන්නේ ස්වභාව දර්මයේ මොකක් හෝ අපි ආස දේකට . අපි අහස , හද දිහා බලගෙන කොච්චරනම් සිතිවිලි වලට පන පොවලා ඇද්ද? ඉතින් මේ නිර්මාන කරුවත් සුලගට කිලනව ඇත ඉන්න තමුන්ගේ පෙම්වතීම එ සුලගේ දවටලා ඔහුට ගෙනත් දෙන්න කියලා.ඔහු වෙත පෙම්වතීව රගෙන ආවොත් ඔහුට ඇය හා රහසේ පෙම්කරන්නට අවස්ථාවක් උදාවෙනවා

    නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..
    ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..

    "මුදු හාදු වැස්සෙන් තෙමෙනවා කියන්නේ බොහෝම ආදරනීය උනුසුමකට මැදිවෙනවා කියන එක මිසක් මට නම් මෙතනදී රාගයක් හෝ අවිනීත බවක් පෙනෙන්නේ නැහැ. මොකද තනි වුනු හිතකට පෙම්වතියග හාදුවක උනුසුම මහමෙරක් වගේ මේ සියල්ල සිදුවෙන්න ඇය ඔහු වෙත ගෙනවිත් දෙන්න සුලගට හැකිවෙයිද?

    කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..
    මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..
    ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..
    ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..

    ඔහු මේ පෙම් බදින යුවතිය නැතහොත් ඔහුගේ පෙම්වතිය නාගරීකරනය වූ කෙනෙකුන් නෙවෙයි. ඇයගේ අහින්සක , චාම් රූපය රචකයා මැනවින් ගීතයේ තුන්වන කොටසින් ලිය දක්වනවා "කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා" ඇත්තටම ගීතයේ අවසානයේ මොකද වෙන්නේ?? සුලගට ඇයව ඔහුට සමීප කරන්නට හැකි වෙනවද?? නැත්තම් ඔහු සිතුවිලි තුල කිමිදී ඇය ලගට යනවාද?? කෙසේ හෝ රචකයාට ඇයගේ උනුසුම සොයාගන්නට හැකිවෙනවා. දැන් සුලගට යන්න කියන්නේ එ උනුසුම ගිලිහී යයි කියල බිය රචකයා තුල මොදු වුණු නිසා වන්නට ඇති

    මේ ගීතය හා බැදුනු මතකයක් අවදිකරන්නම්. මගේ සමකාලින මිත්‍රයෙක් හිටයා ඒ දවස්වල මම ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු. මම වැරදි නැත්තම් හරියටම 2011 මැයි මාසේ අදින් හරියටම අවුරුද්දකට කලින් මගේ මිත්‍රයා ආවා මගේ කාර්යාලයට . ඒ දවස් වල අපේ පුරුද්දක් තිබුනා නම ගිය හෝටල් වලින් රෑට කන්න හොයන එක. මේ විදිහට එකී මෙකී නොකී ගොඩක් තැන්වලින් මේ වෙනකොට බඩ පුරොගෙන ඇති. :P:baffled:

    ඉතින් මම මොටර් රථයට ගොඩ වෙලා මිත්‍රයත් එක්ක ටිකක් ඉදිරියට යනකොට මගෙන් අහනව මෙන්න මේ සින්දුව උබ අහල තියෙනවද කියලා.

    "ඔබ එන්න සුළඟේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා "

    මමත් ඉතින් අහලතිබුන නිසා විශෙෂයක් නැතුව "ඔව් ඇයි " කියලා උත්තර දුන්නා. එත් මිනිහට මගෙන් ලැබුනු පිලිතුර මදිබව මට වැටහුනා. මිනිහා මම දන්න තරමින් ගීත විචාරකයෙන් නෙමෙයි. එත් මෙන්න මූ මට ගීතයේ එක් එක් පදයේ තෙරුම කියල දෙන්න පටන් ගත්තා. :nerd: මම ටිකක් පුදුමෙන් වගෙන් අහන් හිටියා මගෙ මිත්‍රයට මොකද වෙලා තියෙන්නෙ කියලා:rolleyes::rolleyes::baffled:

    මිනිහට බොක්කටම සින්දුව වැදිලා. "හේතුව නම් මම දන්නේ නැහැ" :dull::oo:

    කොහොමින් කොහොම හරි ඊට මාසෙකට විතර පස්සෙ මට හදිස්සියකට මගේ මිත්‍රයාගේ මොටර් රථය අවශ‍‍ය වෙනවා යම්කිසි කටයුත්තකට . බලනකොට වහනේ ගෙදර, මූ ලොවෙත් නැහැ. කොලබින් කිලොමීටර් බර ගානක් ඈත. කොහොමහරි දුරකතන ඇමතුමකින් මිනිහව සම්බන්දකරගෙන මම ගිය මිනිහගේ ගෙදර වාහනේ ගන්න. උගේ ගෙදර මගේ ගෙදර කියලා ඒ දවස් වලනම් මට එ හැටි වෙනසක් තිබ්බෙ නැහැ. කොහොමහරි ගෙදර ගිහින් වහනේ අරන් ස්ටාර්ට් කරා විතරයි මුගේ ආච්චිට කුම්බලවෝ තම්බන්න මොටර් රථයේ සී.ඩී ධාවකයේ මේ සින්දුව කන පැලෙන්න දුවන්න ගත්තා:angry::angry::baffled: මම ඉතින් ඒ වෙලා වෙ හිතා ගත්තා කීපරක් නම් එ සින්දුව පට්ට ගහන්න ඇද්ද කියලා :P:baffled:

    • Like
    Reactions: thomian

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :angry::angry::angry: achchita haal garawanna ...