අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :yes::yes: මේකක් තවමත් තියෙන තැනකට මම දැකලා තියෙන්නේ, අතුරුගිරිය වල්ගම පාරේ, අතුරුගිරිය සර්විස් ස්ටේෂන් එක කිට්ටුව තියෙනවා...... :) ලොකු අයියත් ඕක දැකලා ඈති නෙව....... :D

    ඉතිරිවෙලා තියන අපේකම!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දවල් බතට එළවලුවක් මාලුවක් අඩුපාඩු වුනාට අපට ප්‍රශ්ණයක් තිබුනෙ නෑ. බත් පිගාන උස්සන් නැන්දේ අත්තම්මේ කියාගෙන අහල පහල ගේක කුස්සිය පැත්තට රිංගුවහම වෑංජනයක් දෙකක් අඩුපාඩු වුනේ නෑ.
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අපේ මිනිස්සු දැන් දියුනු වෙනව කියල හිතාගෙන යන්නෙ ආපස්සට
    .සමහර මිනිස්සු ඉන්නව අම්මයි තතයි දෙන්න හොද සින්හල ගෙදර කතා කරන්නෙත් සින්හල ඒත් පිටදි සින්හල කතා කරන්නෙ ලන්සි කෙල්ලෙක් සින්හල කතා කරනව වගෙ ගොත ගගහ. ඒ වගෙ මෝඩ මානසික මට්ටම් තීන අය ඕන තරම ඉන්නව ලැජ්ජයි
    (methana akuru waradi phone eken type karanne sorry wenna ona)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ අම්මලා බත් මුට්ටිය ලිපේ තියන්න ඉස්සෙල්ලා කාක්කෙක් ඇඩුවොත් තව හාල් ටිකක් වැඩිපුර තියනවා. ඒ දවල් බතට කව්රුහරි එයි කියලා අඩුපාඩුවක් නොවෙන්න. කොහොම වෙතත් අග හිගකම් අඩු ගෙදරක දෙතුන් දෙනෙකුටවත් හරියන්න වැඩිපුර බතක් ඉදුනා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බඩදරු අම්මා කෙනෙක් අහල පහල ගේක ඉන්න කොට අපේ ගෙදරක කටට රහට වෑංජනයක් හැදුවොත් එයින් ටිකක් ගිහින් දෙන්නෙ අපේ මිනිස්සු හරි කැමැත්තෙන්.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ගොඩක් දේවල් අද අපේ සිංහලයට අමතක වෙලා වගෙ මම හිතන්නෙ. නමුත් තවම සමහර හොඳ පුරුදු තියෙනවා.

    පාරේ යනකොට අපිට යන්න ඉඩ දෙන වාහනයට හෝන් එක ගහන එක අපේ සිරිතයි. පොලිසියෙන් ඉන්නවනම් හෙඩ් ලයිට් ගහන එක අපේ සිරිතයි. ලොකු බරක් පටවාගෙන යන වාහන වලට ඉඩ දෙන එක අපේ සිරිතයි.

    තව තියෙනවා. නමුත් අපේ අලුත් රියදුරු මහත්තුරු සමහර අය මේවා දන්නෙ නැහැ. සමහරවිට දැනගෙන කරන්නෙ නැහැ. මගේ තාත්තත් රියදුරෙක් නිසාද කොහෙද මම මේ වගෙ ගොඩක් දේවල් කරනවා. මේව නීති පොතේ නැහැ. නමුත් රියදුරන්ගේ සුහදතාවය මත කෙරෙන දෙයක්. අනෙක් රියදුරාව හඳුන්නේ නැති උනාට හෝන් පාරක් ගහන්න බැරි කමක් අපිට නැහැනෙ.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    බඩදරු අම්මා කෙනෙක් අහල පහල ගේක ඉන්න කොට අපේ ගෙදරක කටට රහට වෑංජනයක් හැදුවොත් එයින් ටිකක් ගිහින් දෙන්නෙ අපේ මිනිස්සු හරි කැමැත්තෙන්.
    මේක නම් තවමත් අපේ ගම්වල කෙරෙනම දෙයක්.
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ඔබේ කතාව හරියටම හරි... අපේ මිනිස්සුන්ගෙන් හොඳ ගතිගුණ නැති වෙලා ගිහින්. උදාහරණයකට මම job එකට යන්නේ කෝච්චියෙන්..සෙනග වැඩි වුන දවසට footboard එකේ යන මිනිස්සු එමටයි..එහෙම වුනත් ඈතුලට ගිහින් අර මිනිස්සුන්ට ඉඩක් දෙන්නේ ඉදිරිපත් වෙන්නේ කීයෙන් කීදෙනාද ? ? තමුන් අල්ල ගත්තු තැන අල්ලගෙනම ඉන්න තරමට මිනිස්සු කුහක වෙලා...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබ විද ඇති, දැක ඇති, අසා ඇති අපේ රටේ මිනිස්සුන්ගෙ ඒ වෙනස මෙහි ලියන්න!!!!!
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    දවල් බතට එළවලුවක් මාලුවක් අඩුපාඩු වුනාට අපට ප්‍රශ්ණයක් තිබුනෙ නෑ. බත් පිගාන උස්සන් නැන්දේ අත්තම්මේ කියාගෙන අහල පහල ගේක කුස්සිය පැත්තට රිංගුවහම වෑංජනයක් දෙකක් අඩුපාඩු වුනේ නෑ.
    කෑම වලට විසබීජ යයි බත් එක උස්සන් රට වටේ දුවනකොට. :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දශක හතරකට කලින් මන් ඉපදිලා නැ

    ඒ නිසා තමා අලුත උපන් අයගෙ දැනගැනීමට මේ ත්‍රෙඩ් එක දැම්මෙ. කියෙව්වාට ස්තූතියි!!
    :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෑම වලට විසබීජ යයි බත් එක උස්සන් රට වටේ දුවනකොට. :lol:
    එහෙම වුනේ නෑ! හේතුව අද වගේ මිනිස්සු කුණු කසළ ගොඩ ගහගෙන හිටියෙ නෑ. වතු පිටි පිරිසිදුව ගහකොළින් පිරී තිබුණ නිසා හොද වාතාශ්‍රය තිබුණා.හිතකර ක්ෂුද්‍රජීවීන් මිස විසබීජ දුලභ වුනා. අදටත් ගමේ ගියාම උදේ දවල් කෑම කන්නෙ ගහයට බංකුවේ ඉදන් වෙල් එළිය දිහා බලාගෙන.
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    ඔබේ කතාව හරියටම හරි... අපේ මිනිස්සුන්ගෙන් හොඳ ගතිගුණ නැති වෙලා ගිහින්. උදාහරණයකට මම job එකට යන්නේ කෝච්චියෙන්..සෙනග වැඩි වුන දවසට footboard එකේ යන මිනිස්සු එමටයි..එහෙම වුනත් ඈතුලට ගිහින් අර මිනිස්සුන්ට ඉඩක් දෙන්නේ ඉදිරිපත් වෙන්නේ කීයෙන් කීදෙනාද ? ? තමුන් අල්ල ගත්තු තැන අල්ලගෙනම ඉන්න තරමට මිනිස්සු කුහක වෙලා...

    uba jack gahala ehema nadda?