මෙයාල ටික මරු. ආණ්ඩු පක්ෂයට හා විරුද්ධ පක්ෂයට කඩේ ගියා කියල මේ රටට හෝ රටේ ඉන්න මිනිස්සුන්ට වෙන සෙතක් නෑ. මැකියාවෙලි කියන දාර්ශනිකයාගේ කුමාරයා කියන පොතට අනුව බලය තමයි මූලික වෙන්නෙ. ඔය කොයි දේශපාලකයත් දේවල් කරන්නෙ බලය රඳවගන්න හෝ බලය ලබාගන්න. නැතුව ස්වාධිපත්‍ය දවසකට හරි හිමිකම් කියන ජනතාවට ආදරයට නෙමෙයි. හරිනම් දේශපාලකය කියන්නෙත් පඩියක් ගන්න සේවකයෙක්. හරිනම් එයත් අනිත් අය වගේ වැඩ කරන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. තමන්ගෙ දුකේදි සැපේදි ළඟ ඉන්නෙ තමන්ගෙ අසල්වැසිය. එළකිරි එකෙන්ම අනිත් සාමාජිකයින්. ඉතින් කොහෙවත් ඉන්න දේශපාලකයින් වෙනුවෙන් ඒ අය එක්ක නිකන් හිත් නොහොඳකම් ඇතිකරගෙන තමන්ට ලැබෙන ලාභය මොකක් ද?