පෝරිසාදයා;12738379 said:
පිරිත් සිංහලෙන් කියෝලා නිකන් බුදු හාමුදුරුවන්ගේ ශ්‍රි සද්ධර්මය විනාස කරන්න හදන්නෙ කිරිබත්ගොඩ...පිරිතේ නියම බලය තියෙන්නේ එය බුදු හාමුදුරුවන් දේශනා කරපු ආකාරයෙන්ම සියලු බුදුවරයන්ගේ හා බ්‍රහ්මයන්ගේ භාෂාව වන පාළියෙන් දේශනා කරන විටයි..අමනුස්ස බය, තුන්බිය දුරුවන්නේ සෙත් සාන්ති ගෙන එන්නේ බුදුන් වදාළ ලෙසින්ම එය දෙසන විටයි.
අවුරුදු 2500කට වඩා පැවතුන පිරිසිදු ශ්‍රී සද්ධර්මය විකෘති කර තමා ගැන දේසනාවක් කරමින්,ශ්‍රාවකයන් නොමග යවන කිරිබත්ගොඩ වැනි ව්යාපාරිකයන්ගේන් බෞද්ධයෝ ප්‍රවේසම් වෙත්වා.
මචං මම නොදන්න නිසා මේ අහන්නෙ.
ගොඩක් පිරිත් පටන් ගන්නෙ බුදු හාමුදුරුවෝ මෙසේ දේශනා කල සේක කියලා නේද?
ඉතිං කොහෙද එතන 100% බුදු වචනයම තියෙන්නෙ?
අනික හින්දි සින්දු අහනවා වගේ පිරිත් අහනවාට වැඩිය සිංහලෙන් තේරෙන විදියට පිරිතක් ඇහුවහම තියන වරද මොකක්ද?
අනික ඔය සිංහලෙන් කියන පිරිත් වල මරාපියවු කොටාපියවු කියනවද?
ජීවිතයට වැදගත් වන දෙයක්නෙ දෙන්නෙ.
පිරිසිදු බුදු දහම නම් කොහෙවත් නෑ.
ඒ හාමුදුරුවන්ට තේරෙන විදියට වත් ඔහොම අපිට තේරුම් ගන්න් පුලුවන් විදියට බණ/පිරිත් කියන එක නම් අගය කරන්න ඕනෙ.
මම අහලා තියන විදියට ඔය භාෂාවට (පාලි) වලට අකුරු නෑ.
ත්‍රිපිටකය සිංහලට පරිවර්ථනය කරලා තියන ඒවා ගොඩක් වෙන වෙන භාෂාවලින් ලියවිච්චා (ඉංග්‍රීසි, සංස්කෘත, හින්දි වගේ).
සිංග්ලිෂ් වගේ තමා. "Mama gedara yanawa"
උඹ හිතපං සිංහල භාෂාව නැත්තට නැති වෙලා ගියොත් "Mama gedara yanawa" කියන එකට එක එකා එක එක අර්ථකථන දෙයි නේද?

ඒ වගේ තමා.
ඒක නිසා එක එක පුද්ගලයා ඒ දේවල් තේරුම් අරන් තියන විදි වෙනස්.
ඒත් කොර් එක ගත්තොත් අපිට නිවන් යන්න ඕනෙ මාර්ගය ඕවගෙ ඇති කියලා හිතනවා.

මොනවා උනත් හින්දි සින්දු අහනවා වගේ පිරිත් අහන එකට වඩා සිංහලෙන් පිරිත් අහන එක දාහකින් සම්පතක්.
[FONT="]මම නම් ඔය හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපයට එච්චරම එකඟ නෑ. ලංකාවේ බුද්ධ ශාසනය දැන් පන්සල් සහ අසපු කියලා කොටස් දෙකකට කැඩිලා. මගේ යාලුවෝ ඉන්නවා පන්සල් වලට තිත්ත කුනුහරුපයෙන් බැන බැන අසපු වලට ගිහින් සාධු සාධු කියන මිනිස්සු.[/FONT][FONT="]උන් කියන්නේ පන්සල් වල ඉන්න හාමුදුරු වරු සිල්වත් නෑ කියලා. පන්සල් ගිහින් වැඩක් නෑ කියලා.....[/FONT]([FONT="]සිල්වත් නැති හාමුදුරුවරු නැතුමාම නෙවෙයි. නමුත් හැම හාමුදුරුනමක්ම එහෙමද[/FONT][FONT="]???) [/FONT][FONT="]මේ වගේ සිදුවීම් හින්දා විශේෂයෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාල වල අසපු සහ අසපු විරෝධීන් අතර අප්‍රසිද්ධියේ ගැටුම් නිර්මාණය වෙන තත්වයක් පවා උදාවෙලා තියනවා.[/FONT]
[FONT="]මාංශ අනුභවය පිළිබඳවත් ඔය මිනිස්සු කිසිදු පදනමක් නැති තර්ක දානවා. ( මස් කෑමෙන් කිසිදු පවක් සිදු නොවන අතර පවක් සිදුවන්නේ මස් ඇණවුම් කිරීමෙන් කියන තර්කය තමයි ඔය මිනිස්සු හැම තැනදීම කියන්නේ.)[/FONT][FONT="]අවුරුදු දෙදහස් පන්සීයක් පාලියෙන් දේශනා කරන ලද බෞද්ධ ධර්මය සිංහලෙන් කියන එකට හේතුව හැටියට ඒ ගොල්ලෝ දක්වන්නේ මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුලුවන් විදියට ධර්මය ගෙනහැර දැක්වීම කියලනේ.[/FONT][FONT="]මට තියන ප්‍රශ්නේ මෙහෙම දේවල් කරන්න අතීතයේ වැඩ හිටපු රහතන් වහන්සේලාටත් වඩා දුර දැකීමේ නුවණක් මේ හාමුදුරුවන්ට තියනවාද කියන එක.[/FONT]
[FONT="] ඔය හාමුදුරුවෝ රහත් වෙලා කියලා සමහර උදවිය කියනවා මට ඇහිලා තියනවා. එහෙම රහත් වෙලා නම් මම කියන්නේ[/FONT][FONT="]ඉස්සර රහතන් වහන්සේලා මිනිස්සුන්ගේ සැකය දුරු කරන්න කලා වගේ සෘද්ධි ප්‍රාතිහාර්‍යයක් පාන්න කියලා.[/FONT][FONT="]මොකද මහමෙව්නාවට නොයන අය ඉන්නේ එහි ක්‍රියා කලාපය පිළිබඳව ඇති සැකයෙන්.[/FONT]
පොඩ්ඩක් හොයලා බලපං පාලි, සංස්කෘත, හින්දි, චීන, ඉංග්‍රීසි භාෂාවලින් ත්‍රිපිටකය ලියවිලා තියනවා.
යම් කිසි කෙනෙක් කියනවා නම් පිරිත් සි0හලෙන් කියන එක හොදයි,එකෙන් හිතට සිසිලසක් ලෑබෙනවා කියලා එකෙන් පෙනවා තමන් මෙ සම්බන්දයෙන් අන්ද විශ්වාසයකින් ඉන්නවා කියලා,,මොකද පිරිත් කියන දෙයෙහි තියෙනවා වචන වල ලොකු බලයක්,,එක ගන පිහිටුවලා නිර්මානය උන දෙයක්,,අනික එක නියම කාලය සමග මුසු උනාම ලොකු බලයක් පවතිනවා,,එහෙම දෙයක් සම්පුර්නයෙන්ම සින්හලෙන් පරිවර්තනය කලාම ඈතිවෙන සිසිලස ගෑන ලොකු සෑකයක් ඈති වෙනවා...
උඹට තමයි අන්ධ විශ්වාසයක් තියෙන්නෙ.
පිරිත් ඇහුවා කියලා ඒකෙ බලෙන් නිවං යන්නෙ නෑ බං.
මෝඩ කතා කියන්න එපා.
ධර්මය අවබා්ධ කරගන්න ඕනෙ.
එහෙමයි නිවන් අවබෝධ කරගන්න ඕනෙ.
හුදු තාවකාලික ශරීර ආරක්ෂාවට පිරිත් තපාවිච්චි කරනවනං උඹ නියම බෞද්ධයෙක් නෙමෙයි.
නිවං යන්න් බලපං මේ ලෞකික සැපේ එල්ලිලා ඉන්න දඳලන්නෙ නැතුව.
මචන් පන්සල පිහිටිම අනුවත් අපිට සෑහෑල්ලුවක් දෑනෙනවා,එක වරදවා තෙරුන් ගන්න එපා,,පොල්ගහවෙල කියන්නෙ ටිකක් කදු තියෙන්න සාමන්ය මනසට හිතකර දෙශගුනයක් තියෙන පෑත්තක්,එකයි අනිත් පන්සල් අතරයි මෙ පන්සලයි අතර වෙනස..පිරිත් සින්හලෙන් කියන එකෙන් ගන්න පුලුවන් එකම හොදයි තියෙන්නෙ,,එක තමා තෙරුම විතරයි,,නෑතුව පිරිතෙ නියම බලය සිහලෙන් කිවට ලබා ගන්න බෑහෑ..ඔක පොඩි සරල දෙයක්,,මෙතන වෙන්නෙ චිත්‍ර කතාවකට දෙබස් කවනවා වගෙ වෑඩක්
පිරිතෙ බලය මොකටද ඕනෙ මචං.
උඹ මේ පිරිතෙ සයිඩ් ඉෆෙක්ට් එකක් අල්ලගෙන ඒක මේන් බෙනිෆිට් එක කියන්න දඳලන එකෙන් උඹෙ මෝඩ කමද එලියට එන්නෙ?
අනේ මන්දා
ප.ලි.
කිරිබත්ගොඩ හාමුදුරුවෝ අභිධර්මය ප්‍රතික්ෂේප කරනවනං වැරදියි.
ඒත් ඒ හාමුදුරුවන්ගෙන් ජීවිතයට එකතු කර ගන්න පුලුවන් දේවල් බොහොයි කියලා මට හිතෙන්නෙ.
