එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස

    සුභ දවසක් වේවා යාලුවෝ මාළුවෝ ඔක්කොටම !! මේ ලිපි පෙලේ පලවෙනි ලිපියට හොඳ ප්‍රතිචාරයක් ලැබුන, ඒකට comment කරපු rep දීපු සහෝදර සහෝදරියන්ට ගොඩක් ස්තුතියි :love:!! සමහරු කෝ අනික් part එක කියලත් ඇහුව :confused:. සමාවෙන්න ඕන පොඩ්ඩක් පරක්කු උන එකට. පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ, ඒ මදිවට ටිකක් අසනීප වෙලත් හිටිය. හරි, ඒවායින් වැඩක් නෑ. කරන්න ආපු වැඩේ කරමු නේද? ආ.. පලවෙනි කොටස මග ඇරුන කෙනෙක් ඉන්නවනම් මෙතන click කරලා පොඩි visit පාරක් දල එන්න :yes:.

    අද කියන්න හදන්නේ ලේම latest කතාවක්. මේ සිද්දිය වෙලා යාන්තම් සති 2 ක් පිරුන විතරයි. හිනා වේවි කියන්න පුළුවන් දේවල් නෙමෙයි මම මේ කියන්නේ :no:. එනිසා කලින් thread එකේදී වගේම මේකෙදිත් ප්‍රර්ථනා කරනවා මේ වගේ අපරාද දවසෙන් දවස අඩු වේවා කියල !! මේ අවාසනාවන්ත ඉරණම්කාරී තමයි Tia Sharp කියන අවුරුදු 12 වයසැති පුංචි කෙල්ල. මේ තියෙන්නේ එයාගේ පින්තුරයක්; හුරුබුහුටියි නේද?


    16849-818201252526pm.jpg

    පදිංචි වෙලා ඉඳල තියෙන්නේ එංගලන්තේ Surrey ප්රාන්තේ New Addington කියන ලස්සන පුංචි නගරෙයි. මමත් මේ නගරෙට ගිහින් තියනවා ඇත්තටම ගොඩක් ලස්සනයි. New Addington පිහිටලා තියෙන්නේ London ඉඳන් කිලෝ මීටර් 20 -30 ක් විතර ගිනිකොනත් සහ දකුණු දිශාවට වෙන්න. එහෙම කිව්වට තේරුණා මදි නේද? කමක් නෑ, එක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. Google map එකට ගිහින් New addington කියල type කරලා ලේසියෙන්ම මම මේ කියන තැන හොයා ගන්න පුළුවන්.



    594241-818201253549pm.jpg


    මේ ගෙදර තමයි පදිංචි වෙලා ඉඳල තියෙන්නේ :


    tia-sharp-house_2302090b.jpg


    මෙයාගේ පවුල ගැන විස්තර කිව්වොත් අම්මා , තාත්ත ඇරුනහම Tia ගේ නිවසට කිට්ටු නිවසක Tia ගේ අම්මගේ අම්මයි ඒ කියන්නේ ආච්චි අම්මයි, ආච්චි අම්මගේ partner යි පදිචි වෙලා ඉඳල තියනවා. ආච්චි අම්මයි සීයයි නෙමෙයි partner හරිද :shocked:? යුරෝපා රටවල මේ වගේ නෑදෑකම සාමාන්‍ය දෙයක්, ටිකක් complicated . එත් EK යාලුවෝ කලබල වෙන්නෙපා. ආච්චි අම්මට වයස 46 යි, එයාගේ පෙම්වතාට වයස 37 යි. කොහොමද මරු නේද? අපේ ලංකාවෙනම් ගමරට අතහැරලා යන්න වෙයි. ආච්චි අම්මගේ නම Christine Sharp , අර අනික් man ගේ නම Stuart Hazell . මම මෙයාල ගැන විස්තර කිව්වේ පස්සට මෙයාලව ප්‍රයෝජනවත් වෙන නිසා.

    Tia Sharp පහුගිය අගෝස්තු 3 වෙනිදා (03.08.12) ඉඳන් ආගිය අතක් නෑ කියල එයාගේ දෙමව්පියෝ හොයන්න අරගෙන.


    Aznl4qrCIAEAoCx.png


    o-CHRISTINE-SHARP-570.jpg

    මේ ඉන්නේ Tia ගේ ආච්චි අම්මා, Tia ව හොයනවා.

    අන්තිම වතාවට ගිහින් තියෙන්නේ ආච්චි අම්මගේ ගෙදරලු. ආච්චි අම්මගෙන් ඇහුවහම එයා එක පිලි අරගෙන තියනවා. එදා දවාලේ Tia Croydon වල තියන Whitgift Center කියන shopping mall එකට යනවා කියල ගියා කියල මේ ආච්චි අම්මා වැඩි දුරටත් කියල. කොහොම හරි Tia වැඩිපුර ඉන්න ආස මේ ආච්චි අම්මගේ ගෙදරලු. මේ කරුණු වල ඇත්ත නැත්ත හොයල බලපුවහම මේ ආච්චි කියපු දේවල් හරි කියල ඔප්පු වෙලා තියනවා. New Addington ඉඳන් Croydon වලට ඇවිත් තියෙන්නේ tram එකේ. ඒ බව CCTV වලින් අඳුරගන්න පොලිසියට පුළුවන් වෙලා තියනවා.

    2.png

    Whitgift Center එක

    5939627384_232549863d_z.jpg

    Tram එක

    Tia+Sharp+wearing+a+yellow+vest+top+with+an+image+of+an+animal+on+the+front,+caught+on+CCTV+from+the+Co-op+in+Addington+on+August+2

    අවසන් වරට CCTV මගින් තහවුරු කරගත් චායාරූපය

    Tia මේ විදියට ආගිය අතක නැතුව දවස් කීපයක් ගෙවිල ගියා, කිසිම තොරතුරක් නෑ . පොලිසියයි පවුලේ කට්ටියයි මුළු පළාතම පීරලා Tia ව හොයනවා. මෙහෙම යනකොට ඔත්තුවක් ලැබිල Tia කීපදවසක්ම ආච්චි අම්මගේ පෙම්වතාව East Croydon Station කියන ස්ථානයේදී මුණ ගැහිලා තියනවා, Tia අතුරුදහන් වෙන්න කලින් දවසෙත් මේ මනුස්සයව මුණ ගැහිලා තියනවා කියල. ඉතින් මේ මනුස්සයගෙනුත් ප්‍රශ්න කරලා සැක සහිත කිසිම දෙයක් කියවිලා නෑ :no:.

    පොලිසියත් search කිරිල්ල නවත්තල නෑ. අන්තිම වතාවට හිටියේ ආච්චි අම්මත් එක්ක නිසා ටිකක් සැකයිනේ, එනිසා හිරවෙන විදියට ප්‍රශ්න කරත් කිසිම වැදගත් දෙයක් හෙළි වෙලා නෑ. පොලිසිය 4 - 5 වතාවක්ම Tia ගේ අච්ච්චිගේ ගෙදරත් සෝදිසි කරාලු.කොටින්ම පොලිස් බල්ලොත් යෙදෙව්වලු. වැදගත් තොරතුරක් දෙන කෙනෙක්ට £ 250, 000 ක තෑග්ගක් දෙනවා කියලත් ප්‍රසිද්ද කරාලු.


    police+search+for+tia+sharp.jpg


    මෙහෙම යනකොට අහම්බෙන් වගේ ආපහු වතාවක් ගේ සෝදිසියකට පොලිසියෙන් ආපු වෙලවක ගේ සොල්දරයට (loft එක) නැගල බලපුවහම් හිතාගන්න බැරි දර්ශනයක් මේ පොලිස් නිලදාරීන් දැකල තියනවා. මෙච්චර දවසක් හොයා හොයා හිටපු Tia සොල්දරයේ ඉඳල. හැබැයි පන පිටින් නෙමෙයි. මරල, රෙද්දක ඔතල ලොකු bin එකක ඔබල. මේ නිලදරින්ට පුදුම හිතුනලු පොලිස් බල්ලොත් අරන් ඇවිත් මේ ගේ මීට කලින් 4 -5 වතාවක් සෝදිසි කරද්දී අහු නොවුනේ ඇයි කියල.


    Police+officers+search+through+rubbish+bins+near+Tia+Sharp's+grandmother's+home+in+New+Addington,+London


    දැන් ඉතින් ඔක්කොම හරිනේ? ආච්චිගෙන් දීර්ග විදියට ප්‍රශ්න කරලා, පොලිසියට ඒත්තු ගිහින් තියනවා මේ කිසිම දේකට ආච්චි අම්මා සම්බන්ද නෑ කියල. අර කලිනුත් සැක කරපු ආච්චි අම්මගේ පෙම්වතාව ප්‍රශ්න කරලා එයා මේ අපරාදේ කරා කියල පිළිඅරගෙන. මේ වෙනකොට Stuart Hazell කියන සැකකාරය පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. ඉදිරියේදී නඩු පවරලා මොන වගේ තීන්දුවක් දෙයිද දන්නේ නෑ. කට්ටියට බලාගන්න ආස ඇතිනේද කව්ද මේ Stuart Hazell කියන්නේ කියල? මෙන්න මෙයාට:

    o-STUART-HAZELL-570.jpg



    මේ වගේ අසහනකරයෙක් නිසා පොඩි ළමයෙකුගේ ජීවිතයක් නැති උනා, ඒ පවුලේ උදවියට කොච්චර දුකක් ඇත්ද නේද ?


    Tia's+dad+Stephen+Carter+with+relatives+(Commissioned+by+the+desk)

    ආච්චි අම්මි, මව සහ පියා (පියා කිව්වට මේ Tia ගේ සුළු පියා)



    Tia ගේ ගේ ඉදිරිපිට මෙන්න මේ වගේ මල්, බෝනික්කෝ, සෙල්ලම් බඩු වගේ දේවල් මිනිස්සු ගෙනත් තියනවලු ශෝකය ප්‍රකාශ කරන්න.




    Flowers+at+the+scene+of+Tia+Sharp's+murder

    tia1_2307532b.jpg


    කොහොමහරි හැමෝගෙම හිත් ශෝකයෙන් පුරවපු සිදුවීමක් කියල Tia Sharp ගේ මරණය සඳහන් කරන්න කැමතියි . (මේ මරණෙට හේතුව තාම හරියට කියන්න අමාරුයි, investigations කරගෙන යනනිසා.)



    එහෙනම් මන් ගිහින් එන්නම්. ගොඩක් මහන්සි උනා ලිපිය සකස් කරන්න. හොඳ නරක ගැන කියල comment එකක් එහෙම දාල යන්න.
    හැමෝටම සුභ දවසක් !!


    හිමිකම් බන්ටු සතුය !
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    thanks bro katawata saha mahansiyata.achchi ammath wayasata newi partnerwa toragena tiyenne.shit paw ara girl

    Thanks sis !! මෙහෙ ඉන්න ආච්චිලා ඔහොම තමයි, හැඩ වැඩ දාල ඉන්නේ. එයාලගේ කැමැත්තනේ.පොඩි ලමයනම් පව් :(
     
    • Like
    Reactions: ransing

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    shit dude,,
    me wagema ballek tama akuresse hiytet
    para ballo

    කව්ද බන් ? :confused:

    Hinawenna puluwan deyak neme.....onna ehenam magen rep+

    :yes::yes:, ඔව් මචෝ. Rep වලට many thanks !!

    අම්මට සිරි කිව්වලු... යකෝ.........!!!

    :rolleyes: :yes: :yes:


    පවු බං.. :(

    වැඩේ දිගටම කරපන් මචං..
    උඹට ජය!

    Thanks මචන් :)

    GOOD POST......

    Thanks Bro !!


    11.gif


    patta thread eka machan :) Rep+

    Thanks මචන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elaz

    ඇත්තටම මම මේ සීන් එක දැන් තමයි දැන ගත්තේ කලින් එක නම් දැනන් හිටියා...
    දිගටම කරගෙන යන්න....
    එලකිරි වැඩක්..