EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: සමාවෙන්න කියලා කිව්වා ඉස්සෙල්ලම..

    දැං මං මේ කියන්න හදන්නෙ උඹ මේකෙ නොදකින පැත්ත...

    මගෙ යාළුවෙක් ඇවිත් ඉන්නවා අපේ ගෙදර...

    අවුරුදු 4ක.. ඒ කියන්නෙ ඒ ලෙවල් පටං ගත්ත දවස් වල ඉදං එක හිතිං එක කෙල්ලෙක්ට ආදරේ කරපු බුවෙක්...
    උ ලස්සනයි.. කෙල්ලත් ලස්සනයි.. හැබැයි කොල්ල අමුතුම ලුක් එකක් තිබ්බ එකෙක්.. සැමාන්‍යයෙන් අපි කියන්නෙ නලුවෙක් වගේ එකෙක් කියලා...
    උට කෙල්ලොංගෙං එහෙං මෙහෙං යෝජනා ආවත් ( සැමානයයෙන් එහෙම වෙනවා හරි අඩුයි නෙහ් ) උ නෙවෙයි නෙව එකියක් දිහා හැරිලා වත් බැලුවෙ...

    අර කෙල්ලත් හරි නිරහංකාරයි... මුං දේනනා ගැන ටීචර් ලා හිටං දැනගෙන හිටියෙ.. ඒත් කිසිම අශෝබන හැසිරීමක් නැති නිසා සහ දෙන්නගෙම අධ්‍යාපන කටයුතු හොදට ගිය නිසා.. කවුරුවත් මොකුත්ම කිව්වෙ නෑ...

    දෙගොල්ලංගෙම ගෙවල් වලින් වැඩේ යංතං යංතං දන්නවා කියලයි ආරංචි

    කොල්ල කැම්පස් ගියා.. කෙල්ල ගියෙ නෑ.. ආයෙ විභාගෙ කලා... කොල්ලට වැඩ ගොඩක් එක්ක අර ඉස්සර වගේ කෙල්ලව මීට් වෙන්න එන්න බැරි උනා.. කෙල්ල දෙවෙනි පාරට විභාගෙ ගන්න ආයෙ පන්ති ගියා.. ඔය යන අතරෙ කෙල්ල වෙන කොලේලෙක් එක්ක පයිං යනවා කියලා මූට ආරන්චි වෙලා තිබුනා..
    මූ ගනං ගත්තෙවත් නෑ.. දවසක් මමත් දැක්කා කඩවතදි... මං කිව්වා.. ඒත් මූ නෙවෙයි කනකට වත් ගත්තෙ..

    ඒත් ටික දවසක ඉදං එස් එම් එස් , කෝල් එහෙම අඩු වෙලා.. ඒත් මූ ගනං අරං නෑ...
    කෙල්ල මීට් වෙන්න ආ‍වෙ නැතත් මූ අපිට කියන්නෙ මීට් උනා.. අරහෙ ගියා . මෙහෙ ගියා.. කියලා..

    ලගදි දවසක කවදාවත් නැතුව මුං දෙන්නා හොදටම බැන ගත්තා..
    ඊට පස්සෙ මේ යකා බෝතලයක් විතර බීලා ගෙදරයන්න පණ නැතුව පාරෙ යද්දි අපේ යාලුවෙක් උගෙ ගෙදර එක්කං ගිහිං වෙරි බස්සලා ගෙදර යවලා තිබුනා..
    ටික ටික මූ බොනවා වැඩි උනා
    දැං අර කෙල්ල මූව මීට් වෙලා කිව්වලු.. ඔයාගෙං කිසිම වැඩක් නෑ ඔයා දන්නෙ පොතට ආදරේ කරන්න විතරයි.. මං ගැන වැඩිය හිතන්න එපා දැං කියලා

    කෙල්ල කැත්තකිං ගහලා මූව මැරුවා නං හොදයි කියලා හිතුනලු ඒ වෙලා‍ෙ මූට..
    ඔන්න ඉතිං සිරාම බූට් එකක් පටං ගත්තා... උ අපේ ගෙදර හවස ඉදං ම හිටියා කථා කර කර.. දැං යන්න ගියෙ.. දැං කියන්නෙ මං මේක ලියන්න පටං ගන්නකොට...

    ඉතිං උ තමයි කිව්වෙ උට ඒ සින්දුව ගොඩාක් සමීපයි පුලුවන් නං ඒක දාපං කියලා... මගෙ කම්පියුටර් එකෙත් ඒක තියෙනවා.. මං හිතුවා වඩා හොදයි ඒක් ‍ටූ නංගිගෙංම ඉල්ලගෙන දාන එක කියලා... :dull:

    සිරාවටම මේ සින්දුව උට උන සිද්දියත් එක්ක ඇහුවම මටත් ගොඩක් දුකයි...

    උඹ ඉතිං මට වඩා ගොඩක් වැඩිමල් , ලෝකෙ ගැන දන්න මනුස්සයා නෙහ් අයියෙ.. උඹ කෑ ගහපු ඒවා ගැන මට දුක නෑ..
    මට ඕන උනේ වෙච්ච දේ කියන්න.. ටයිප් කරද්දි අත් දෙක වෙව්ලලා වචන එහා මෙහා උනා නං සමා වෙයල්ලා..
    2.gif
    :(:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @DTheory, ඇත්තටම දුකයි ඔහොම කොල්ලො ගැන. උඹලා ජීවත් වෙන්නෙ mega tv showවලද ? හින්දි ෆිල්ම් වලද ? මේකෙ බූට් කාලා දාන ත්රෙඩ්, කෙල්ලන්ට විරුද්දව දාන ත්රෙඩ් දැක්කම කලකිරෙනවා බං මුන්ද ඊලඟ පරම්පරාව කියලා. :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔයා නිසා අඩලා :dull:

    මොකක්ද බං ඒ සින්දුව..මම අහල නෑනේ...:no::no:
    මෙහෙමයි ඉතින්..බූට් එක කාපු මුල දවස් වල ඔහොම තමා..කල් යද්දී ඕක හරියයි..උඹල ඌත් එක්ක කතා කරලා ඉන්න එක හොඳයි..කැම්පස් ගිය කොල්ලෙක්නේ..ඌ තේරුම් ගනී..:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    @DTheory, ඇත්තටම දුකයි ඔහොම කොල්ලො ගැන. උඹලා ජීවත් වෙන්නෙ mega tv showවලද ? හින්දි ෆිල්ම් වලද ? මේකෙ බූට් කාලා දාන ත්රෙඩ්, කෙල්ලන්ට විරුද්දව දාන ත්රෙඩ් දැක්කම කලකිරෙනවා බං මුන්ද ඊලඟ පරම්පරාව කියලා. :(
    ඉතිං දැං මං කිව්වද මං ඒ සින්දුව ඉල්ලුවා කියලා...
    එක සින්දුවක් දැම්ම පලියට මං ගැන එහෙම මනින්න එපා අංකල්.. :baffled::baffled:
    මුහුදෙ ගහන්නෙ එක රැල්ලක් නෙවෙයි නේ ? :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බං ඒ සින්දුව..මම අහල නෑනේ...:no::no:
    මෙහෙමයි ඉතින්..බූට් එක කාපු මුල දවස් වල ඔහොම තමා..කල් යද්දී ඕක හරියයි..උඹල ඌත් එක්ක කතා කරලා ඉන්න එක හොඳයි..කැම්පස් ගිය කොල්ලෙක්නේ..ඌ තේරුම් ගනී..:yes::yes:
    උ තේරුම් ගනියි කොසා ලගට ඌව ඇරියෝත් දවස් 2ක් 3ක් :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං දැං මං කිව්වද මං ඒ සින්දුව ඉල්ලුවා කියලා...
    එක සින්දුවක් දැම්ම පලියට මං ගැන එහෙම මනින්න එපා අංකල්.. :baffled::baffled:
    මුහුදෙ ගහන්නෙ එක රැල්ලක් නෙවෙයි නේ ? :dull:
    උඹලා කියලා කිව්වෙ තොට නෙමෙයි බොල, තොගෙ යාලුවා වගේ උන්ට.
     
    Status
    Not open for further replies.