බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
කෙනෙක් තිස්මස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
බලනු 365 වැඩිකර 35 යොදලා
ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙනේ
යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ
සුදු කහ මද කේකයට ඇය සපයන්නේ
ඇරත් බිත්තර සපයා ඇය ජනයා වඩවන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලූ කොටු සරුවන්නේ
මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ
බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ




(පැහැදිලි මදි..)
hema ekama keve nethivunata godak kattiya kanava
අර බෙනා කිවුවත් වගේ මේක බලන්නේ නැතුව ඉදියනම් ඉවරනේ
හොඳ දේ අගය කරන්න පුරුදු වෙයන්

මොකක්ඩ ඔයි මෙහ්?