ඔබේ තෝරාගැනීම වූ "අව්වේ මුතු ඇට" ගීතය ඉතාම විශිෂ්ටයි.
ඔබ කිව් පරිදිම කොළඹ සිටින බොහෝ දෙනෙක්ට මේ ගීතය හදවතින්ම අත්දකින්නට නොහැකි වුවත් රජරට හැදී වැඩුනු මට නම් එය අරුමයක් නොවේ.
මේ ගීතයෙන් මට ඇත්තටම මතක් වෙන්නේ මගේ සීයා. එතුමාගේ ජීවන චරිතයම මේ ගීයේ තිබෙනවා කියලා මට හිතෙනවා. එතුමා පවුලේ දහදෙනෙක් ජීවත් කරවන්න නොවිඳිනා දුක් විඳි නියම රජරට ගොවි රජෙක්
මේ ගීත රචකයා වගේම ගායකයා අනුරාධපුරයේ ජීවත් වූ පිරිස් බැවින් ඔවුන් මේ ගීතය හදවතින්ම ගෙත්තම් කරපු එකක් බව නොරහසක්
~~~ ඔබට ස්තුතියි ~~~






awa ara thread eka baluwad ?? 

