මේකයි මචන්.. ඔව් සමහරවිට ඔබේ ඔබ සහ අනෙත් අය කියනා කරුණු අනුව එච්පී හොද වෙන්න පුළුවන්...
මගේ පුද්ගලික අත්දැකීම් අනුවනම් මට ඒක හරියන්නෙ නෑ.. නමුත් සමහරුන්ට ඒක හරියන් පුළුවන්...
ඒත් මම මේ කියන්න ආවෙ ඒක නෙමෙයි මචං... අපි එළකිරියට ආවම අපි ලැප් ගැන කිසිදෙයක් දන්නෙ නැතිව නාගන්න යනකොට අපිට ් ගැන විස්තර අහගන්න හිටි කෙනා තමයි මචං යුරාජ් කියන්නෙ... ඌ කලේ අපි උගෙන් ප්රශ්ණයක් ඇහුවම උගේ අත්දැකීම් දැනුම හා මතය අනුව අපිට නිර්දේශ දෙන එක සහ උදව් කරන එක...
ඉතින් උගේ මතය අනුව තමා ඌ අපිට කීවෙ එච්පී ගන්න එපා මචං කියල... ඒ අනුව ගන්න නොගන්න එක අපේ වැඩක්.. අනික අපිට ඒ වෙලාවෙ හරියට දැනගන්න තිබ්බ හොදම ලැප් ගැන හොදම දැනුම ඇත්ත ඔහු.... අනික ඌ බලෙන් පැනල දුන්නෙ නෑ.. අපි ඇහුවම උත්තර දුන්න මිසක...
මචං... මම උඹෙන් ඉල්ලීමක් කරන්නම්.. මම ආවෙ උබේ මතය වැරදියි කියන්න හෝ වාද විවාද කරන්න නෙමෙයි.. උඹටත් ලැප් ගැන හොද දැනුමක් තියෙනවනම් යුරාජ් වගේම අපි වෙනුවෙන් එළකිරි සාමාජිකයො වෙනුවෙන් බෙදා දෙන්න...
එහෙම නැතිව මෙහෙම බොරුවට වාද විවාද කරල වැඩක් නෑ.. එතකොට අපිට ලැපක් ගන්න හෝ ඒ ගැන විස්තර දැනගන්න ඕන උනාම යුරාජ්ව හොයනව වගේ උඹවත් හොයල කරුණු දැනගන්න පුළුවන්...
එතකොට වෙන්නෙ වඩා හොදම දේ අපිට ගන්න පුළුවන් වෙනඑක.. එහෙම නැතිව උඹ මේ දැන් ත්රෙඩ් එකක් දාල අපිට ලැප් ගැන දැනගන්න හිටි හොදම එකාවත් අපිට නැති කරන්න එපා...
දැන් උඹ කියයි යුරාජ් ලැප් ගැන දන්නෙ නෑ කියල.. එහෙම නැතිනම් ඌට වඩා දන්න උන් ඉන්නව කියලා... සමහර විට එළකිරියෙ එහෙම අය ඉන්න පුළුවන්.. ඒත් පහුගිය අවුරුදු 5ටම ලැප් ගැන කවුරුහරි උදව්වක් ඉල්ලුවම නිතරම ඇවිත් උදව් කරන එකෙක් විදියට මම දැක්කෙ.. යුරාජ් විතරයි.. උඹත් ඒ තත්වෙට එනවනම් අපි කැමතියි මචං.. මොකද ඒකෙන් අපි හැමෝටම දෙයක් ගන්න පුළුවන් නිසා...