

මම දාන්නම් කියල කියපු සින්දුවට කලින් ලස්සන කතාවක් අපේ යාළුවන්ට කියන් කියල හිතුව..... මෙහෙමයි කතාව තිස්ස දොඩන්ගොඩ කියන්නෙ දක්ෂ ප්‍රවීණ ගේය පද විචාරකයෙක්..... ඉතින් එතුමා එතුමගේ අත්දැකීමක් පැහැදිලිකරල තිබුන... මම ඒක මේ විදියට එතුමා කියන විදියටම අපේ යාළුවන්ට දැනගන්න දාන්නම් එහෙනම්....
1993 දවසක අප හමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්රීය දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දුටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්යායි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?
පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දුටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...
කොහොමද ගීතය හා එහි විචාරය කතාවකින් කියන ලස්සන.... මොකද අපේ යාළුවන්ට කියන්න තියෙන්නෙ මේක ගැන.....සංවේදී වෙනවද?
අපි මේ වන විට ගොඩාක ගීත විචාරය කලා.... රස වින්ද ........ මේ හැම දෙයක්ම කරන්න පුළුවන්උනේ අපේ යාළුවන්ගෙ සහයෝගය නිසා..... මේ වෙලාවෙදි මේ නූල ආරම්භ කරපු සහෝදරය සහ පළමු කමෙන්ට් එක කවියකින් දාල බම්ප් කරල ගත්තු දත් කිඹුල සහෝදර මතක් නොකරම බෑ. ඒ නිසා තමා මම මේ ත්රෙඩ් එක දුටුවෙ... ස්තූතිය ඔබල සියළුම සහෝදරවරුන්ට........
මේක මම මීට කාලයකට උඩදි කියවල මගේ පරිගණක සටහන් අතර තබා ගත්ත ලිපියක්.... කාංචන කියල සහෝදරයෙක් විසින් දාල තිබුනෙ....... ගීත විචාරය කියවගෙන පිටු ගානක් ඉදිරියට එන ඔබගේ විඩාව නිවන්න සහ මතකය ඈත අතීතයට ගෙනියන්න මෙතුවක් ඇසූ ගීතමානයෙන් වෙනත් මගකට යොමුකරන්න මම මෙහි එම ලිපිය යම් සංස්කරණයකට ලක් කරමින් පල කරනවා.....
“අම්මෙ මෙන්නෝ…….. ආත්තම්ම දෙහි හංගනවා……”
“දෙහි හංගනව නෙමෙයි පුතේ, වැඩිපුර දෙහි වැලිවලට යට කරල තිබුනම පස්සෙ කාලෙක ප්රපයෝජනයට ගන්න පුළුවන්.”
මේ මේ දින වල දකින්න ලැබෙන දැන්වීමක්. මේ දැන්වීම දකින දකින වාරයක් පාසා මට ඇතිවෙන්නේ මේ දැන්වීම ගැන පිළිකුලක්. ඒ හැමවෙලේම මට හිතෙන්නේ මේ දැන්වීම වෙනස් වුනා නම් කියලා.
“අත්තම්මා මොකද කරන්නේ?”
“පුතේ මම වැඩිපුර දෙහි වැලිවලට යට කරනවා. එතකොට ඒව පස්සෙ කාලෙක ප්‍රයෝජනයට ගන්න පුළුවන්.”
මේ දැන්වීම මෙහෙම වුනානම් කොච්චර ලස්සනද? ඇයි මට එහෙම හිතෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඔබට මේ දෙකේ දෙබස් වල වෙනසට වඩා වෙනසක් තේරුනේ නැත්තම් ඔබ කුහකයෙක්.
මට මේ වෙලාවෙ මතක් වෙනවා අපි පුංචි කාලේ ඒ කිව්වෙ අවුරුදු 15 කට 20 කට විතර එහා රූපවාහිනියේ නිතර ගියපු ගීතයක්. දැන්නම් මේ වගේ ඒවා වැරදිලා වත් යන්නෙ නෑ. පුංචි කාලේ අපේ ජීවිත හැඩගැහුනේ මේ වගේ ගීත වගේ එවයින්. “අනාගත දායාදය” කියල තමා ඒක නම් කරල තියෙන්නේ. ඇස් මහින්ද හිමියන්ගේ අරුත් බර ගේය පද, රෝහණ වීරසිංහගේ සංගීතයට මුසුව එතුමාම, අනූෂ නානයක්කාර සමඟ ගායනා කරන මේ ගීතය කොතරම් ද ලස්සනද කියලා බලන්න. අදටත් මේ ගීත අපේ මතකයේ නොමැකී කට පාඩමේ තියෙන්නේ මේවායේ තියන අරුත්බර සුන්දරත්වය නිසාමයි.
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරේ මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි.
මේ ගීතය මෙතුවක් අප දැමූ ගීත වලට වඩා වෙනස්.... හේතුව තමා අපි එක තත්පරයකින් අතීතයට ගෙනියනවා.... මට තවමත් මතකයි මම පොඩිකාලෙ දොස්තර හොදහිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය බලපු හැටි... කොච්චර සුන්දරද... මේ ගීතය පොඩි කාලෙ ඇහුණයින් පස්සෙ අපිට ඇහෙන්නෙ නෑ... ඒත් පදවල සහ තණුවේ තියෙන ප්රසබල කම කියන්නෙ අදටත් පුදුම විදියට තණුවත් පදත් එක වගේ මතකයි..... අපේ යාළුවන්ටත් එහෙම වෙන්න ඇති කියල හිතනව... මේ ගීතයට සංවේදී රූප රචනාවකුත් තිබුනා. අඹ ඇටය හිටවලා ඒකට වඳින හැටි බලන්න. ඒ වගේම අවසානයේදී සීයට නැගෙන සතුටු කඳුළු ඒ රූප රචනාවෙ තිබුන. නමුත් දැන් වෙලාවකට හිතෙනවා ඒ සතුටු කඳුළුද නැතිනම් අනාගතය දැකලා සීයට ඇතිවුන දුකට ආපු කඳුළුද කියලත්.
අපි මෙතෙක් කතා කල විදියෙ ගීත නොලියවුනත් කමක් නෑ... අඩුමගානෙ අපේ දරුවන්ටවත් මේ වගේ ආදරශමත් ගීත ලියවෙනවනම්.... ඒකත් නෑ නොවැ.. මේක අපේ දරුවන්ගෙ ලැබීමද අවාසනාවද කියලත් හිතෙනව වෙලාවකට............
ela ela..uba me quote eka kiyawaddi maasa ganak gihilla thiyeiEka digata Page 35 ta awa 3.45am.

ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......
හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
ඒකෙ තිබුනලු
"හෙට දවසේ..... අපදෙදෙනා.....
මේ වාගෙම හමු විය යුතුවේ.....
අද දවසේ.... මවෙත ගෙනා.....
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....