ඔව් ඉතින් තමන්ට ගැලපෙන කෙනෙක් තමයි තෝරගන්න ඕන. ඒකට ඉතින් ඔය කියන සාධක බලපානව තමයි. හැබැයි ඉතින් තමන්ට ගැලපෙනවනම්, තමන්ට එයා එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ලෝකයාට ඕන විදියට ජීවත් වෙන්න ඕන නෑ. ලෝකයා බලන් ඉන්නෙ කොහොමත් කොයි දේත් ඇදයක් හොයන්න. ඔයා ලෝකෙ ඉන්න උගත් ම, ලස්සන ම, බුද්ධිමත් ම, චරිතවත් ම ගැහැණු ළමයව බැන්ඳත් ඔය සමාජය, ලොකයා, වෙනත් අය කියන පාර්ශවයන්ගෙන් ඇදයක් අහන්න පුළුවන්.
ඔව් ඒක හරි.මම 100% එකඟයි ඒත් එක්ක.ඒත් අයියේ ජීවිත කාලයම ගෙවන්න යන කෙනා ගැණ හරි වැටහීමක් තියෙන්නත් ඕන නේද.මං කියන්නෙ හරි සාධක ඇතුව.මෙතනදි මට උවමන කරන්නෙ විශ්වාස කරන්න පුළුවං කෙනෙක් කියන එක විතරයි.මට අතීතෙන් වැඩක් නෑ බං.ඒත් එයා ගැන අහපු ආරන්චි නම් වැඩිය හොඳ ඒවා නෙමෙයි.මම අහන අහන කෙල්ලෙක්වත් එයාගෙ හොඳ ක් කියන්නෙ නෑ.ඒ වුනාට එයා ලස්සනයි
Last edited:

කොහොමත් සැක තියාගෙන එයා ගැන හිතල වැඩක් නෑ. මොකෝ ඒකෙන් ඔය දෙන්නගෙ වතරක් නෙමෙයි අනිත් අයගෙත් ජීවිත දුකට පත්වෙන්න පුළුවන්.










