ලංකාවේ ක්‍රිකට් නගාසිටුවීමට නම්(Part I)

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ලංකාවේ ක්‍රිකට් නගාසිටුවීමට නම්(Part I)

    Club cricket නගා සිටුවීමට නම්

    SLC331.jpg


    මේ නූල මගේ හිතෙ දවස් ගානක් කාට හරි කියලා නිදහස් කරගන්න කියලා හිතුන අදහසක්.
    අද ඒක නිසාම කාලෙකට පස්සෙ නූලක් ලියන්න පටන් ගත්තා.:)සමහරවිට කෙනෙක් අහවි මම මෙහෙම අදහසක් දුන්නට ඒක එළකිරියෙන් එළියට යන්නෙ කොහොමද කියලා.අනේ සමාවෙයං බං මට ඒ ගැන නම් අදහසක් නෑ.මට මේ ගැන තව හිතේ හිරකරං ඉන්න බැරි නිසාමයි දැම්මෙ.ඒ තරමට මම ක්‍රිකට් වලට ආදරෙයි,උඹලා හැමෝම වගේම:cool::cool:

    එහෙනම් මම වැඩේ පටන් ගන්නම්.මචන්zzලා වගේම මචීලා(මේක මචීලා බලනවද දන්නෙත් නෑ)කට්ටියම දන්නවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යූහයේ වෙනස්කම් වගයක් ඒ කියන්නෙ ශ්‍රී ලංකාවෙ නගා හිටුවන්න කියලා හරුන් ලෝගාට් කියන මහත්තයා (ඒ කියන්නෙ එකි හිටපු විධායක ප්‍රධානියා) ලංකාවට ආවා.අහන්න ලැබුන ආරන්චි අනූව ඒ මහත්තය මෙහෙට ඇවිල්ලා තියෙන්නෙ $ 100 000 ක එකකට. එහි ප්‍රධාන අරමුන අර මම කලින් කිව්වා වගේ Domestic tornament එක redesign කරන්න.:(:(

    හරුන් ලෝගාට් කියන්නෙ වෘත්තියෙන් ගණකාධිවරයෙක්.නමුත් එයාගෙ අදහස් වලා වඩා හොඳ ගැලපෙන අදහස් ලංකාවෙ අපේ මිනිස්සුන්ගෙන්ම හොයාගන්න තිබුනා කියන එකයි මගේ අදහස.සමාජ වෙබ් අඩවි(Facebook,Twitter etc.) හරි මගින් හරි මිනිස්සුන්ගෙන් අදහස් එකතු කරානම් මීට වඩා හොඳ අදහස් ටිකක් එකතු අරගන්න තිබුනා වගේම එතනට වැය වුන $ 100 000ත් ඉතුරු කරගන්න තිබුනා.:yes::yes::angry:

    අපේ Club cricket ගැන කතා කරන්න කලින්.ඒක මුළින්ම් හැදුනෙ කොහොමද කියලා පොඩ්ඩක් විස්තරයක් දාන්නම්.
    11.gif
    අපිට ක්‍රිකට් ආවෙ එංගලන්තෙ සුද්දොන්ගෙන් තමයි.ඒත් දැන් ක්‍රිකට් අපේ රටේ ආගමක් වෙලා.කොච්චර ද කියනව නම් කුමාර් සංගක්කාර ඊළඟ ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් මිනිහා ජනාධිපතිවරණෙ දිනනවා සිකුරුයි.:shocked::D

    එංගලන්තෙ තියන County ක්‍රිකට් ගැන අහලා ඇති.IPL නැති කාලෙ ලෝකෙ ක්‍රිකට් ක්‍රීඩකයොන්ට තිබුන එක හීනයක් තමයි County Cricket සෙල්ලම් කරන එක්ක.:)එංගලන්තෙත් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් දෙකකට බෙදලා තියෙන්නෙ.දැන් තරඟාවලියත් එක්ක මේ තරඟාවලියත් යම් බිඳ වැටීමකට ලක් වෙලා තියෙන්නෙ.එංගලන්තෙ එක් Tear එකකට ප්‍රාන්ත කණ්ඩායම් 10ක් ඇතුළත් වෙනවා .(2 tear tornament-Premier league)අපේ ලංකාවෙ Domestic first class premier league structure එකත් මෙතනින්ම තමයි Design කරලා තියෙන්නෙ.ඒත් එංගලන්තෙ වගේම ලංකාවෙ ජාතික ක්‍රිකට් කණ්ඩායමෙත් ස්ථාන තියෙන්නෙ ක්‍රීඩකයන් 11 දෙනෙකුට විතරයි.:(මේ ක්‍රීඩක සංඛ්‍යාව රටේ තියන සෙල්ලම් කරන කණ්ඩායම් ගණනෙන් බෙදලා ගත්තම එක කණ්ඩායකට එක් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්වත් අයත්වෙන්නෙ නෑ.:eek::eek:

    මේ හේතුව නිසා වගේම තරඟාවලියෙ ජීව ගුනය,තරඟකාරීත්වය රඳවා ගැනීමට අර්ජුන රණතුංග මහත්තයා 5 Elevens කියලා අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියක් හඳුන්වලා දුන්නා.:):)ඒ ලංකාවට.එංගලන්තෙ තාම අර කියනවත් වගේ ලිඳේ.ඒක නිසා මේ දවස් වල ලිඳෙන් ගොඩ එන්න දස අතේ කල්පනා කරනවා කියලයි ආරන්චි වෙන්නෙ.අර්ජුන සර් තරඟාවලිය හඳුන්වලා දුන්නට පස්සෙ ජාතික මට්ටමේ ක්‍රීඩකයො Premier League තරඟාවලියට වැඩිපුර සහභාගී උනේ නෑ.කොහොම උනත් මුල් තරඟාවලි කිහිපයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයන් දායාද ලෙස ලැබුනා.:yes::yes:

    කොහොම උනත් මේ නිසා අපේ අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලියට අත් උනේ වෙනමම ඉරණමක්.:(අන්තර් සමාජ තරඟාවලියේ ක්‍රීඩා කරන්න ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ අවස්තාවල නිවාඩු ඉල්ලා සිටීම වගේ කරුණු නිසා එම තරඟාවලියේ තරඟකාරීත්වය ගැන යම් යම් ප්‍රශ්න ඇති වුනා.මේ වගේ ප්‍රශ්න කිහිපයක් නිසා තමයි හරුන් ලෝගාට් මහත්තයා ලංකාවට ගෙන්නුවෙ $100 000ක පඩියකට.:no::no:


    මම මුළින්ම ක්‍රිකට් හරි මාර්ගයකට ගේන්න මගේ අදහස් ටික කියලා ඉන්නම්:shocked::shocked::nerd:

    ලංකාවෙ වැඩිම ක්‍රීඩා සමාජ ගණනක් පිහිටලා තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයෙ.එය ඒ දිස්ත්‍රික්කයේ පිහිටලා තියන පාසල් ගණන එක්ක සැසඳුවම සාධරණයි.:sorry:
    මගේ අදහස නම් එක් දිස්ත්‍රික්කයකට් එක් ක්‍රීඩා සමාජයක් හෝ තිබිය යුතුයි.ක්‍රීඩා සමාජ දිස්ත්‍රික් පදනමෙන් පවත්වාගෙන යන්න ඕන.
    ලංකාවෙ කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා.ඒත් සුවල්ප ගානක් නෙමෙයි.මට මතක විදිහට 100ක් ඉන්නෙ.මෙතනින් ප්‍රධාන කාණ්ඩ වලට අයත් වෙන ක්‍රීඩකයන් වෙන් කරගෙන ඔවුන් අවසාන තරඟාවලියට ක්‍රීඩා කරවිය යුතුයි.අවසාන තරඟාවලිය කියන්නෙ මොකක්ද ? පොඩ්ඩක් හිටපංකො පිළිවෙළටම කියලා දන්නම්.මේ ක්‍රමයෙන් එක් එක් දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලින් හොඳම ක්‍රීඩකයන් 10ක සංචිතයක් අරගෙන දිස්ත්‍රික් කණ්ඩායම වෙත යොමු කරනවා.එතනදි ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරපු ප්‍රධාන කොන්ත්‍රාඅත්තුවට අයත් නොවූ ක්‍රීඩකයන් සමග එකම දිස්ත්‍රික් කණ්ඩායමට ක්‍රීඩා කරවනවා.:):)

    ඒ කියන්නෙ ක්‍රීඩකයන් 6 දෙනෙක් සමග පළමු පෙල පළපුරුද්ද තියෙනෙ ක්‍රීඩකයන් 5ක් එක කණ්ඩායමක ක්‍රීඩා කරනවා.මේ තරඟාවලියට කිසිම ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෙක් අයිති වෙන්නෙ නැහැ.මොවුන් කණ්ඩායම් වල පෙර දක්ෂතා අනූව කාණ්ඩගත කරනවා.ඒත් සුවල්ප ගානකට නෙමෙයි එක් කාණ්ඩයකට කණ්ඩායම් 3ක් පමනක් අයිති වෙන විදිහට.මුල් වටය ලීග් ක්‍රමයට තමයි යන්නෙ.මුල් වටය අවසානයේ දී කණ්ඩායම් ජයග්‍රහන,දළ ළකුණු ලබා ගැනීමේ වේගය හෝ එංගලන්ත තරඟාවලියේ යොදාඅගන්න ළකුණු පිරිනැමීමේ ක්‍රමවේදයක් යොදා ගනිමින් මුල් ස්ථාන තීරණය කරනවා.එම කණ්ඩායම් වල අවම ළකුණු ලබාගෙන සිටින කණ්ඩායම් වෙනම කාණ්ඩයක් ඔස්සේ දෙවන පෙළ ශූරතාවකට තරඟ වදින අතර (කාණ්ඩ දෙකක් ලීග් ක්‍රමය යටතේ)එහිදී එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක බැගින් ක්‍රමයට තරඟ කරවා එහි අවසාන තරඟයේ ප්‍රති වාදීන් දෙදෙනා දෙවනි කාණ්ඩයට යොමු කරනවා.දෙවන පෙළ කණ්ඩායම් ඒ කියන්නෙ තුන් වෙනි කාණ්ඩයේ කණ්ඩායම් වළින් එක් දින තරඟාවලියට සුදුසුකම් ලබන්නෙ Final එකට ආපු කණ්ඩායම් 2 විතරයි.:):)

    කියන්න ඕනම එක අමතක උනා අපි මෙතන මේ කතාව ඇදගෙන යන්නෙ ක්‍රීඩා සමාජ 45ක් තියෙනවා කියලා හිතාගෙන.

    දෙවනි හා පළමු කාණ්ඩයේ කණ්ඩායම් තරඟ වදින්නෙ පළමු පෙළ කුසලාන සඳහා.මෙතනිනුත් මුළින්ම පටන් ගන්නෙ දෙවනි කාණ්ඩයේ තරඟාවලිය.දෙවනි කාණ්ඩයට තුන්වනි කාණ්ඩයේ ශූරයන් සමගම කණ්ඩායම් 16 එක් කෙරෙනවා.එම කණ්ඩායම් තවත් කාණ්ඩ 4කට බෙදනවා.නිර්ණායකය තමයි මූළික වටයේදී ලබා ගත් දළ ලකුණු වේගය සහ ප්‍රසාද ළකුණු සංඛ්‍යාව.මෙහෙම එක් එක් කාණ්ඩය ලීග් ක්‍රමේට තරඟ කරලා එන මුල් කණ්ඩායම් 4 එකක් මගින් තරඟ කරවලා (4 day)එහි ශූරයාව පළමු කාණ්ඩයේ කණ්ඩායම් 15 සමග තරඟ කරවනවා.එතන දිත් තවත් කාණ්ඩ 4ක තරඟාවළියකින් පළමු කාණ්ඩයේ සුපිරි කණ්ඩායම් 8 තෝරා ගන්නවා.දැන් තමයි හොඳම හරිය.ඒ කියන්නෙ එක.මෙතනදි ජාතික මට්ටමේ කොන්ත්‍රාත්තු ගත ප්‍රධාන ක්‍රීඩකයන් මේ කණ්ඩායම් 8ට බෙදනවා ඒ එක් එක් කණ්ඩායමේ සමබරතාවයට හානියක් නොවෙන විදිහට.මෙතනදිත් අවසානයේ හරහා ශූරයන්ගෙත් ශූරයා තීරණය කරනු ලබයි.නමුත් පෙර තරඟාවලි වලදී මෙන් නොව මෙහි එක් වසරක් එහි මීළඟ වසරට කිසිඳු සම්බන්ධයක් නොදක්වයි.සෑම වසරකම නව තරඟාවලියකි.:):):)

    ඒ පළමු පෙළ හා දෙවන පෙළ ක්‍රිකට් තරඟාවලි ගැනයි


    ඊළඟට මම කතා කරන්න යන්නෙ එක් දින තරඟාවළිය ගැනයි.
    11.gif

    මම කළින් කිව්වා 3 වන කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 2ක් එක් දින තරඟාවලියට වෙන් කරගන්නවයි කියලා.ඒ කණ්ඩායම් 2ත් එක්ක එක් දින තරඟාවළියක් ක්‍රීඩා කරන කණ්ඩායම් ගණන 32ක්.ඒ කණ්ඩායම් කාණ්ඩ 8කට වෙන් කරලා ලීග් ක්‍රමයට තරඟ වදින්න සළස්වනවා.එම කාණ්ඩ වල මුල් කණ්ඩායම් 2 මීළඟ වටයට ඒ කියන්නෙ Knock out stage එකට සුදුසුකම් ලබනවා.මේ අවස්තාව අනුග්‍රාහකයින් ලබා ගැනීමට මෙන්ම විදෙස් ක්‍රීඩකයන්ගේ අත්දැකීම,දිවා රාත්‍රී තරඟ අත් දැකීම ලබාදීමට හොඳ අවස්තාවක්.එක් කණ්ඩායමකට උපරිම විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගී කරවිය හැකි අතර,ප්‍රධාන කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයන් එම කණ්ඩායම් වලට වෙන් කරනවා.එම කණ්ඩායම් පිළිමළුන් පිටු දැකීමේ තරඟාවලියක් යටතේ ශූරයන් තීරණය කරනු ලැබේ:)

    20-20 තරඟාවළිය

    මේ සඳහා සහභාගී වන්නේ හි සුපිරි කණ්ඩායම් 16 යි.එක් කණ්ඩායමකට උපරිම විදෙස් ක්‍රීඩකයන් 3 දෙනෙක් ක්‍රීඩා කරවිය හැකි අතර ඉන් කෙනෙක් ටෙස්ට් වරම් නොළද රටක සාමාජිකයෙක් විය යුතුයි.කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයන් එක් දින තරඟාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ යටතේම මෙහිදී ක්‍රීඩා කරනු ලබයි.තරඟකාරීත්වය ඉහල වීම හේතුවෙන් අනුග්‍රාහක දායකත්වය විශාල වශයෙන් ලබා ගත හැකි තරඟාවලියකි.:):):rofl:




    මට මේකෙ තව කොටස් කිහිපයක් දාන්න අදහසක් තියෙනවා.මම කොහොම හරි ඒ ටිකත් දානවා ළඟදීම.පාසල් ක්‍රිකට් කොහොම ද හැදෙන්න ඕනෙ, 20යි 20 තරඟාවලියක් නිර්මාණය වෙන්න ඕන කොහොමද?එතනින් කොහොමද මුදල් උපයා ගන්නෙ කියන කරූණු සම්බන්ධව.මම පාසල් ක්‍රිකට් වල තියන විෂමතාව නිසා හෙන කට්ටක් කාපු එකෙක්.ඒ වගේම ඉතාම ඉහල දක්ෂතා තියන ක්‍රීඩකයො අක්‍රමවත් පාසල් ක්‍රිකට් structure එකක් නිසා නාස්ති වෙලා යනවා දැකපු කෙනෙක්.ඒ ගැනත් මම ඊළඟ ත්‍රෙඩ් එකෙන් දාන්නම්.මට රෙප් ඕනෙ නෑ.මොකද මම මේක දැම්මෙ රෙප් ගන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.සමහරවිට අපි එළකිරියෙන්ම මෙහෙම අදහස් දෙන්න පටන් ගත්තොත් අපිට ලංකාවෙ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි.
    එහෙනම් මම මේකට ආරම්භයක් තිව්ව.ඔබේ අදහස් මෙතන පල කරන්න.කොහොම හරි දිගටම ත්‍රෙඩ් එක ඇදගෙන යමු.:love:;)


    මගේ අදහස් වලත් තියා අඩු පාඩු වගේම මේ මාතෘකාව යටතේ පෙර පැවති තරඟාවලි සැකසුම නිසා සිදුවුන අපරාධය ගැනත් ඉදිරියෙ දි මේ ත්‍රෙඩ් එකේම Post කරන්නම් හැබැයි ඒ ඉස්සරහටත් මේ ත්‍රෙඩ් එක බම්ප් උනොත් තමයි!:):):D

    ජයවේවා!
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇත්ත මචං මේ විදිහට කලොත් ලංකාවේ ක්‍රිකට් ගොඩක් ඉහල තත්වයකට ගෙන්න පුලුවන් :) නමුත් SLC එකේ උන් කරන්නේ සල්ලි හොරා කන එක නේ :growl: එහෙම තත්වයක මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙයි ද :no: මේ පාර SLPL නිසාත් අලුත් ක්‍රිඩයෝ කිහිප දෙනෙක්ම හොයා ගන්න පුලුවන් උනා ( SLPL නොතිබුනා නම් akila dananjaya මේපාර t20 world cup team එකට සෙල්ලම් කරන්න නොතිබුනා ):) නමුත් දැන් SLPL වලට හැම පැත්තෙන්ම චෝදනා :shocked:SLC ඒවට උත්තර දෙන්නෙත් නෑ බෝලේ එක එකට පාස් කර කර ඉන්නවා මිසක් :growl:දැන් තියන තත්වය උඩ කොයි වෙලේ SLPL ban වෙයිද දන්නේ නෑ :no::(

    Anyway good post machan :) +4
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    passe balanawa:D

    ela elazz...+++

    Cricket genanam mage unanduwa '0' i..:D
    enisa adahasak palakala noheka....:D

    good post

    ඇත්ත මචං මේ විදිහට කලොත් ලංකාවේ ක්‍රිකට් ගොඩක් ඉහල තත්වයකට ගෙන්න පුලුවන් :) නමුත් SLC එකේ උන් කරන්නේ සල්ලි හොරා කන එක නේ :growl: එහෙම තත්වයක මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙයි ද :no: මේ පාර SLPL නිසාත් අලුත් ක්‍රිඩයෝ කිහිප දෙනෙක්ම හොයා ගන්න පුලුවන් උනා ( SLPL නොතිබුනා නම් akila dananjaya මේපාර t20 world cup team එකට සෙල්ලම් කරන්න නොතිබුනා ):) නමුත් දැන් SLPL වලට හැම පැත්තෙන්ම චෝදනා :shocked:SLC ඒවට උත්තර දෙන්නෙත් නෑ බෝලේ එක එකට පාස් කර කර ඉන්නවා මිසක් :growl:දැන් තියන තත්වය උඩ කොයි වෙලේ SLPL ban වෙයිද දන්නේ නෑ :no::(

    Anyway good post machan :) +4
    11.gif
    11.gif
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම නම් හිතන්නේ ඉස්සෙල්ලම ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කරන්න ඕනේ..දේශපාලන මැදිහත්වීම් නැතිව යමක් කරන්න පුලුවන් පුද්ගලයෝ ටිකක් මෙතන ඉන්න ඕනේ..දැන්නම් ඉන්නේ ලෝක හොරු ටිකක්.. මගේ අදහස මම කිව්වේ..​
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අදහස හොදයි බන් අකුරුත් ගැළපෙනවා :lol: ......අපේ SLC එකට අයෙත් SLPL මතක් වෙන්නෙ ලබන අවුරුද්දෙ මැයි විතර තමයි......දැන් ඔය හරූන් ලොගාට් ඇවිත් හදපු structure එකටත් scene නෙ.....NCC පහලට දාන්නෙ නෙති scene එකක්... :eek:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම නම් හිතන්නේ ඉස්සෙල්ලම ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කරන්න ඕනේ..දේශපාලන මැදිහත්වීම් නැතිව යමක් කරන්න පුලුවන් පුද්ගලයෝ ටිකක් මෙතන ඉන්න ඕනේ..දැන්නම් ඉන්නේ ලෝක හොරු ටිකක්.. මගේ අදහස මම කිව්වේ..​
    ඒක කොහොමත් කරන්නම ඕන දෙයක් බං මේකෙ ඉන්නෙ කම්බ හොරු සෙට් එකක්
    11.gif

    අදහස හොදයි බන් අකුරුත් ගැළපෙනවා :lol: ......අපේ SLC එකට අයෙත් SLPL මතක් වෙන්නෙ ලබන අවුරුද්දෙ මැයි විතර තමයි......දැන් ඔය හරූන් ලොගාට් ඇවිත් හදපු structure එකටත් scene නෙ.....NCC පහලට දාන්නෙ නෙති scene එකක්... :eek:
    මේකෙ අවුල එන්නෙ කොහොම ගියත් අන්තිමට ක්‍රීඩකයන් වැඩි කොටසකට ජාතික කණ්ඩායම තේරීමේදි ප්‍රශ්නයක් මතු වෙනවා
    11.gif


    11.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම නං කියන්නේ එලකිරි කොල්ලව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති කරන්න ඕන...........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහොම හොද ලිපියක් මල්ලී,,,,,,,,,
    ඔයාට මේ ගැන ඉතාමත්ම හොද දැනීමක් තිබෙනබව මේ ලිපියෙන් පේනවා
    වරද තියෙන්නේ මල්ලි ඔයාට මෙච්චර හොදින් තෙරුණ කාරණා ටික අපේ රටේ
    අදාල බලධාරීන්ට නොතේරීමයි ,,,,,ඇත්තටම එය නොතේරීමම නොවෙයි
    කුමක්හෝ විකුණා තමන්ගේ මඩිය තරකරගැනීමට අපගේ පාහර දේශපාලනය යොමුවී ඇතිනිසයි......:(:(:(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නං කියන්නේ එලකිරි කොල්ලව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති කරන්න ඕන...........
    :yes:
    ඇත්තෙන්ම හංස ,,,දැන් ඉන්නේ බලධාරීන්ට වඩා
    මේ කොල්ලන්ට මොලය තියනවා ............
    වැඩේ තියෙන්නේ ඉතින් මේක ලංකාවනේ ......................
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    බොහොම හොද ලිපියක් මල්ලී,,,,,,,,,
    ඔයාට මේ ගැන ඉතාමත්ම හොද දැනීමක් තිබෙනබව මේ ලිපියෙන් පේනවා
    වරද තියෙන්නේ මල්ලි ඔයාට මෙච්චර හොදින් තෙරුණ කාරණා ටික අපේ රටේ
    අදාල බලධාරීන්ට නොතේරීමයි ,,,,,ඇත්තටම එය නොතේරීමම නොවෙයි
    කුමක්හෝ විකුණා තමන්ගේ මඩිය තරකරගැනීමට අපගේ පාහර දේශපාලනය යොමුවී ඇතිනිසයි......:(:(:(:(

    ඒක ඇත්ත අයියේ මෙතන සුද්ද කරනවනම් මුල් පුටුවෙ ඉඳන්ම ඔක්කොම සුද්ද කරන්න ඕන.නැතුව මේ කිසි දෙයක් කරත් වැඩාක් නෑ අන්තිමට වෙන්නෙ නැති ණයත් එකතු වෙන එක විතරයි:(:(