පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි ආදරයෙන් මා ළඟ ඉන්න
    මට බැරි නෑ හිරිහැර විඳගන්න
    මට හිනාවෙන්න වීරිය දෙන්න
    අර ඉස්සර වාගේම මට ඉන්න

    නුඹ නිතර සිඹින මේ ඉහ මතට
    ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
    දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට
    ආදරේ කීවේ ඇත්තට නොවේද

    හරි ආදරයෙන් ...............

    දෙවිවරුන් පවා මියැදෙන බණක
    මට පුදුමත් නෑ මගෙ මේ කඳුළ
    නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
    ආදරයක දුක් මට උහුලන්න...

    හරි ආදරයෙන් ...............


    ගායනය :- ලක්ෂමන් හේවාවිතාරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සොවින් පිරි මගේ හදවත
    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

    දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී


    සනත් නන්දසිරි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුතු කඳුළින් මා දෙනෙතේ
    පෙම් සිතුවම් බොඳ වන්නේ
    රිදවන්නද වෙන් වූයේ
    තනි වෙන්නම් මා


     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුළගට කලින් පාවී ලස්සන මලේ .....
    වස්සානේ නුඹ හින්දා ඇඩුවා
    අවපස දුරින් පායා යළි ජීවිතේ
    නොදැනුණු සුවදක් මා සෙව්වා....

    සිතුවිලි මනරම් නිල් අහස අරන්
    ඔබ මා හමුවේ සැනහේ සරදම්
    මල් කෙමි අතරේ... සගවා රහසේ
    මගෙ හිත ගැයුවෙ නොලියූ ගීයක්

    සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
    අරුනෙ ඉගිලී යන්නට ආයෙත්..
    අපෙ පියවි ලොවෙ නැතුවද පහසේ
    නටුවේ පරවී රතු රෝස මලක්

    සුළගට කලින් පාවී ලස්සන මලේ .....
    වස්සානේ නුඹ හින්දා ඇඩුවා
    අවපස දුරින් පායා යළි ජීවිතේ
    නොදැනුණු සුවදක් මා සෙව්වා

    ම්ම්හ්හ්හ් ම්ම්හ්හ්හ් හ්හ්ම්ම්

    හා හහහා අහ්හා ආ.......

    හීඑ හෙහ් හෙහීඑ..........

    http://youtu.be/7gK2SQK5DUg

    Rohitha n Rohan

    Piyavi Teledrama Theme Song:love::love:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හටනම් පුරුදුයි හැමදා ම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නටනම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම් ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
    ආදරයක ඇති වේදනාව ‍දැනෙනවු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක

    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳට සැහැසිකම් කළ කළ අය
    සඳ එළියෙන් සැණසුනාම
    සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
    නුඹට ආදරෙන් සිටි අය
    නුඹ හා දොඩමළු වෙනකොට
    මට නම් එය දරාගන්න බෑ

    සුවඳ මතක් වී පෙරදා
    යළිඳු නුඹ වටා සරනා
    බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
    තුඩින් තුඩට රොන් ඉඩ හැර
    දිනෙන් දින පිපී පරවෙන
    මලක් නිසා මට නිවනක් නෑ

    සුවඳක් තනිවම විදින්න
    බඹරෙකු උහුලන ගින්දර
    මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
    නුඹගෙන් උණුසුම විඳිනා
    මගෙ හිත ලඟ දඟ කෙරුවත්
    නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ


    චන්ද්‍රසේන හෙට්ටිආරච්චි


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කල අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සගවා ගන්නෙද මතුදා කෙලෙසින්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මහන්සි වෙලා හොයා ගත්ත සිංදුවනේ කමන්නෑ..රී රී රී පෝස්ට් :lol::rofl:
    7.gif
    :lol::D:rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විලඳ කොයිද කාසි නැතිව නාඬන් සැලළිහිණි
    මල් නොපිපී මල් පැණි නෑ ගිම්හානය පමණි
    ඉතින් කුමට හඬනවාද නාඬන් සැලළිහිණි..

    කුරහන් මල් හිනා නොවී කිරි දත් ටික හැලුණි
    වැව හිඳිලා සාගතයට ගොයම් යාය මැරුණි
    දුත්පත්කම හංගන්නද නාඬන් සැලලිහිණි..

    අඳුන් තෙලින් සරසන්නට නැත අතමිට ලිහිණි..
    ගම් බිම් නැති අප අසරණ නොවේද සැලලිහිණි
    ඉගිල්ලිලා යන්න ඉතින් කූඩුවෙ දොර අරිමී..
    ඉතින් කුමට හඬනවාද නාඬන් සැලළිහිණි..


    §එඩ්වර්ඩ් ජයකොඩි§
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මාගෙනම් බැඳි ආදරෙන්
    හැමදා ම ඉන්නම් ඉතින්
    හසරැල්ලකින් පිළිගන්නනම්
    හමුවන්න ආයෙත් ඉතින්

    ඔබගේ දයා නෙතු කැන් පුරා
    බැඳි ආදරේ සැඟවිලා
    හමුවන්න ආයෙත්
    ඔබ මෙන් ම මා සිත්
    බැඳි ආදරෙන් ළංවෙලා

    ඔබ මාගෙනම් .............

    අප ඒ හැදූ සිහිනේ විමන්
    යයිදෝ හැඟුම් විසිරිලා
    කඳුළැලි නඟා සිත්වේදනා
    ඇතිවෙයි ද ආයෙත් ඉතින්

    ඔබ මාගෙනම් .............


    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ මඬල නුඹම විය - ඝණ අඳුරු රැයේ මට
    පන්හිඳක රැඳුනු ඔබ - ගීතයක්ම විය.. නොදැනීම
    අවදි කරනු මැන ඔබ හඬින් - මා සිතුම් ලොව...

    කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ
    කුමුදු මල මගේ...
    නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ
    සඳ එළිය වගේ... සඳවතිය මගේ...

    අඳුර මැද සැරූ ඔහේ - ළපටි සිත මගේ
    එළිය දුටිමි නතර වී - කැල්ම ඔය නෙතේ
    මුළු ලෝකෙම මගේමැයි - මට දැනුනි ලඳේ
    සිසිලයි ඔබේ සෙනේ වදන් - ඇසූ ඒ දිනේ
    සඳ එළිය වගේ... ලැබූ ඔබෙ සෙනේ

    කුමුදුණිය ඔබයි මගේ - පිපුනු හද විලේ
    කුමුදු මල මගේ...
    නැඟුනු සඳ ඔබයි රැයේ - අඳුරු විජිතයේ
    සඳ එළිය වගේ... සඳවතිය මගේ...

    ඉතින් කියන්න...

    මිහිර බෙදූ මිහිරියේ - සුවඳ කුසුමියේ
    සිටින විටදි ඔබ ලඟින් - සිත නිවී සැලේ
    දිවි හැම දිනේ ඉතින් මගේ - නිසා ඔබ ප්‍රියේ
    භව භව පුරා සරමී නිතින් - පතමින් ඔබේ සෙනේ
    සඳවතිය මගේ... සොඳුරු විජිතයේ.:love::love::love::love:

    Indu Mihirani Amaranath

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය දෑස පේන මානේ
    හැමදා ම ඉන්න ඕනේ
    ඔබෙ ආදරේ තේරුනා
    අතගන්න එන්න මාගේ
    ළඟ ඉන්න දෑස වාගේ
    සිහිනෙන් වගේ පේනවා

    මා එක්ක කීව රහසේ
    පැතුමන් තියාල අහසේ
    මල් මල් හැඟුම් වෑහුණා
    තනිවෙන්න වෙයි ද අඳුරේ
    පාවෙන්න වෙයි ද සුළගේ
    තනියෙන් හිඳින්නම් සදා

    මං යද්දි එද්දි මඟතොට
    මායම් කරද්දි මගෙ ළඟ
    දහසක් බලන් ඉන්නවා
    ඔබ ‍ඔහොම යන්න යනකොට
    වාවන්නෙ නෑනෙ මගෙ හිත
    දැන්නම් මටත් හැඬෙනවා

    අහසක් පිරෙන්න තරමට
    සෙනෙහස තියෙද්දි ඔබ ගැන
    තරහින් වගේ බලනවා
    ඔබගේන පුංචි හීනෙක
    කඳුළක් තියේවි කොතැනක
    මටනම් බයත් හිතෙනවා

    ඔය දෑස පේන මානේ ...............

    ගායනය :- අමිලා නදීශානි හා රජීශ් ගුණතිලක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
    ඔබේ ජීවිතේ මම කියා මම දන්නවා
    ඔබ මට ආදරේ නොකියා
    නොදන්නවා වගේ ඉන්නවා

    ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
    ඔබේ ජීවිතේ මම කියා මම දන්නවා
    ඔබ මට ආදරේ නොකියා
    නොදන්නවා වගේ ඉන්නවා

    ඇසින් ඇස කතා කර කර
    ලගින් ඉද සුවද වෙනකොට
    නොදැක්කොත්
    හිත හොයනවා
    දුරින් හිද හිත තැවෙනවා
    ඔබ මට ආදරේ කියලා
    ඔබ නොදන්නවා වගේ ඉන්නවා

    ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
    ඔබේ ජීවිතේ මම කියා මම දන්නවා
    ඔබ මට ආදරේ නොකියා
    නොදන්නවා වගේ ඉන්නවා

    රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
    හෙමින් හෙමින් මා සිබිනකොට
    දෙතොල් පෙති මගෙ තෙමෙනවා
    තුරුල්ලේ මා නිදනවා
    මම හරි ආදරේ කියලා
    ඔබ නොදන්නවා වගේ ඉන්නවා

    ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
    ඔබේ ජීවිතේ මම කියා මම දන්නවා
    ඔබ මට ආදරේ නොකියා
    නොදන්නවා වගේ ඉන්නවා


    කසුන් කල්හාර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිතමිතුරු වූ වසත් කාලයයි...

    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    බොඳ මලක් මත වැටී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඬ අඳුරු සීත කඳු මාවතේ

    නෙක උයන් වතු මැදින්...

    නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි

    නෙක උයන් වතු මැදින්..


    §ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්§
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කථාකරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා

    මල් පාර දිගට ඉහිරුණ
    රොන් සුවඳ එළා හිත මත
    මනමාල කථාවන් කියනවා
    හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා

    හිත නොහුලන හැම කඳුළම
    පිසලන ඔය රළු අත්වල
    දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ
    රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස්වල
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

    තරු පාට නිලට ............


    ගායනය :- දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Just for two moments
    the caravans of our dreams made a stop..
    And then you went your way..
    and I went mine....

    Just for two moments
    Existed the story of our hearts..
    And then you went your way...
    and I went mine...:love::love::love:.



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Just for two moments
    the caravans of our dreams made a stop..
    And then you went your way..
    and I went mine....

    Just for two moments
    Existed the story of our hearts..
    And then you went your way...
    and I went mine...:love::love::love:.




    PHP:
    iTvwS2K3NNQ
    ඔය ‍කොටස විතරක් දාන්න
    utube.gif
    ඕක ක්ලික් කරහම එන එකේ.

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිහිනයක වෙලී දොර කවුළු ලඟ රැඳී
    ඔබ දුරක සිට හොරෙන් බලයි මදහසක් නොදී
    එපමණද මට හිමී

    මද පවන හා ඇදී ඔබ සුවඳ මට දැනී
    සිත ඉකිගසා හඞා වැටෙයි තනිකමක් දැනී
    එපමණද මට හිමී

    සිහිනයක වෙලී...

    මහ රැයක අවදිවී තනි යහන මත රැඳී
    ඔබ ගැනම සිත විඩා දෙවයි නෙතට නිදි නොදී
    එපමණද මට හිමී

    සිහිනයක වෙලී...


    සුනිල් එදිරිසිංහ
     
    Status
    Not open for further replies.