Danawathek Wenna - ධනවතෙක් වෙන්න
ධනය, ධනය කිව්වම කටත් හිතෙන්නේ මුදල් කියන දේ එක් තැනකට එක්රැස්වීම මත ධනය කියන සංකල්පය බිහි වෙනවා කියලා.අපේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි ධනය කියන දෙ මුදල්
වලින් තොරව උපයන්න බැරි දෙයක් කියලා .කෙටියෙන් කිව්වොත් මුදල් වලින් තොර වූ ධනයක්,ධනයෙන් තොරවූ වස්තූන් ගැන හිතන්නවත් බැරි සමාජයක්.එහෙත් බුද්ධ දේශනාවට අනුව ධනය යන්න තවත් දෙයකට
අර්ථ දක්වා තිබෙනවා
අපි කවුරුත් සල්ලි හෙවත් ධනය හොයන්නේ මොකටද මුලිකව හිතුවොත් අපි ජිවන මාර්ගයේ ඉදිරියට ජීවිතය ගමන් කරවීමට ප්‍රබල දෙයක් විදියට ධනය හදුන්වන්න පුළුවන්.ඒවගේම තමයි බෞද්ධයෙකු විදියට බුදු හිමියන්
පෙන්වා දුන් සදහම් සම්පන්න මාවතට ප්‍රවිෂ්ඨ වීමට නම් පළමුව අප විසින් බුදු දහම පිළිබධ යතාර්තවත් අවබෝධයක් තිබීම අවශ්‍යය වේ.අන්ධ භක්තිකයන්ට බුද්ධ දර්ශනයේ ඉඩක් නැත.මොකද බුදු දහම යනු මනස දියුණු කිරීමෙන් ලගා කරගන්නා නිර්වාණාවබෝධය කරා පියනගන නිර්මල ධර්මයකි.ඒ සදහා බුද්ධ දර්ශනය පිළිබධ පැහැදීමක් හෙවත් 'ශ්‍රද්ධාව ' අති කරගතයුතු වේ.ශ්‍රද්ධාව කොහේ හෝ තියෙන දෙයක්ද? නැතිනම් එය අප ළඟ තියෙන දෙයක්ද? නැත්නම් එය අප උපදවා ගන්නේ කෙසේද?සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය.මුදල් මෙන් ශ්රද්ධාවද අප විසින් උපයා ගත යුතු ධනයකි.තමන් බෞද්ධයෙකු වූ විගසින්ශ්රද්ධාව ඇති නොවේ බුදුරදුන් දේශනා කරන්නේ.ශ්‍රද්ධාව වනාහි ධනයකි කියලයි.සප්ත ආර්ය ධන අතර මුලින්ම තිබෙන්නේ ශ්‍රද්ධාව නැමති ධනයයි.බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ ලෙස සැලකෙන සිරි ලියනගේ මහත්මා ශ්‍රද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ "ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය" ආදී වශයෙනි.බුද්ධ වචනයට අනුව 'සද්දහති තථාගතස්ස බෝධීං'එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය පිළිගැනිම,'ශ්‍රද්ධාව 'කියලයි.
එනිසා බෞද්ධයෙකු ලෙස සදහම් මාවතට ප්‍රවිෂ්ඨ වීමට නම්,පළමුව කළ යුත්තේ ශ්‍රද්ධාව වඩවා ගැනීමයි.සත්‍යාවබෝධය සඳහා යන ගමනේ දී බුද්ධියට නැඹුරුව ගමන් කිරීමයි වැදගත්. ඒ නිසා බුදුදහම තුළ ශ්‍රද්ධාව යි ප්‍රඥාව යි
සමාන ව පැවැත්විය යුතු ධර්මතා හැටියට සළකන්නේ. බුද්ධියෙන් තොර ශ්‍රද්ධාව බුදුදහමෙහි අගැයීමට ලක් වන්නේ නැහැ. අන්ධ භක්තියට බුදුදහම තුළ ඉඩක් නැහැ කිව්වේ අන්න ඒ පදනම මත ඉදලයි.සත්‍ය අවබෝධයට මෙය
කෙතරම් දුරට හේතු වෙනවා දැයි පැවසීමට වැඩි අටුවාටිකා අවශ්‍ය නොවන්නේ යැයි මම හිතනවා.සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්රමුඛත්වයෙන් සළකනවා.
අපි ගත්තොත් චෛත්‍යයක් එහි පදනම පේසා වළලු තුන, ගර්භය, හතරැස් කොටුව, කොත් කැරැල්ල, කොත යන මේ කාරණා සියල්ලම ධර්මානුකූල යම් ආදර්ශවත් අර්ථකතනයකට මග පාදනවා .පදනම ශ්රද්ධාවයි. පේසා වළලු ත්‍රිවිධ රත්නයයි.චෛත්‍යය ගර්භය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. හතරැස් කොටුව චතුරාර්ය සත්‍යයයි. කොත් කැරැල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. කොත නිර්වාණය යි. ඒ අනුව ආධ්‍යාත්මික ජීවිතයක පදනම ආරම්භය ශ්‍රද්ධාව බව පහසුවෙන් තේරුම් ගැනීමට පුළුවන.කිසියම් පුද්ගලයෙකු මොන තරමේ ධන ධාන්යායෙන් පරිපුර්ණ වුවද,කෙතරම් උගත්,රූමත් තත්වයන්ගෙන් අගතැන්පත් වුවද,මොන විදියේ නිල තල දැරුවද,ජනප්‍රිය වුවද,බලයෙන් බලවත් වුවද ඒ පුද්ගලයා සතුව ශ්‍රද්ධාව නොමැති නම් එම ජීවිතය අර්ථ ශුන්‍ය ජිවිතයක් කියල තමයි කියන්න පුළුවන් වෙන්නෙ.
යම් පුද්ගලයෙකු තුල ශ්‍රද්ධාව වැඩි දියුණු වන විට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය සම්පුර්ණයෙන්ම පාහේ ධර්මානුකූල ලෙස හැඩගැහෙනවා.සිත ධර්මානුකුල වන විට පස් පවින් ආදියෙන්ද මිදෙමින් ජීවිතය සත්‍යාවබෝධය කරා කෙමෙන් කෙමෙන් ලං වෙනවා.එහෙත් වර්තමානයේ සිටින බොහෝ 'වන්නට බෞද්ධයන්ට' නැති එහෙත් තියෙනවා යැයි පෙන්වාදීමට දත කන මුලිකම දෙය ශ්‍රද්ධාව යැයි සමාජය කල ධර්මානුකුල ඇසින් සමාජය දෙස බැලු කලට අපට පෙනී යයි.රටක පාලකයාගේ සිට සාමාන්‍ය මිනිසා තෙක් ශ්‍රද්ධාව දියුණු කරගනිමින් ධර්මානුකුලව ක්‍රියා කරන්නේ නම් රටක සදාචාරාත්මක සංවර්ධනයක් වගේම දින පතා ප්රවෘත්ති අතරට එක්වන සමාජ විරෝධී ක්‍රියාදා අඩුවේවි.බුද්ධ දර්ශනයට අනුව ජිවත් වන අපි නිවැරදිව ශ්‍රද්ධාව දියුණු කරගනිමින් යහපත් ධාර්මික චින්තනයෙන් දිවි ගෙවන්නේ නම් එය අප රට තුල බුදු දහමේ ශිග්‍ර දියුණුවකට මෙන්ම අනෙකුත් අන්ධ භාක්තිකයන්ද බුදු දහම කෙරෙහි පැහැදීම සිදුවනු ඇත.තම තමන්ගේ අධ්‍යාත්මික ජිවිතයේද උසස් වීමකට එය නිසැකයෙන් හේතු වෙනවා ඇත.
තවද වර්තමානයේ බොහෝ දෙනා ශ්‍රද්ධා ධනය වඩනවාට වඩා සල්ලි,බලයට ගිජු වී පවිටු ගාමි ධර්මයෙන් බැහැරවූ පාපී ලොවක් කරා දිනෙන් දින ගමන් කිරීම දකින්නට ලැබේ.ධර්මය කෙරෙහි තිබෙන පැහැදීම විශ්වාසය වියැකී යාමෙන් දිනෙන් දින සමාජයට මෙම ඉරණම අත්වෙමින් පවතී.කොතෙක් ශ්‍රද්ධාවෙන් තොර උවන් සිටියද ඒ අතර ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයන්ද සිටිනු දකින්නට ලැබේ.එහෙත් බහුතරයක් අන්ධකාරයේ ජිවත් වීම නිසා වෙනත් අන්ධභක්තිකයන්ට ඔබව තව තවත් බුද්ධ ධර්මය කෙරෙහි අවිශ්වාසය ඇති කිරීමට ලෙහෙසියෙන් පුළුවන් ඉතින් ඔබත් ඒ දේවලට යොමු වෙනවාද ධර්මයේ සිටිනවාද යන්න සිතන්න.සමහරු මල් දහස් ගණන් පුජා කරන්නේ ශ්‍රද්ධාව නිසයි.එහෙත් ශ්‍රද්ධාව ඇතිවූ පමණින් මාර්ගපලලාභී තත්වයට පත්විය නොහැක එ සදහා සිත තව තවත් භාවනාවට යොමු කරමින් ඉදිරියට යා යුතු බව මතක තියාගන්න.වර්තමානයේ අන්තර්ජාල පරිශීලක අප කා අතරත් ප්‍රසිද්ධ නයන හෙට්ටියාරච්චි පවා අන්ධ විශ්වාසයේ එල්බ සිටිමින් පසුව බුදු දහමේ යථාර්තය අවබෝධ වී බුදු සසුනේ පැහැදිය.ශ්‍රද්ධාව යනු එයයි.බුද්ධ කාලයේ වෙනත් ආගමික ශාස්තෘවරුන් පවා බුද්ධ දහම කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න වී බුද්ධ ශ්‍රාවකයන් විය.මම හැදින් වීමේ පින්තුරය නයනාගේ බුදුන් වැදීමේ පින්තුරයක් යොදාගත්තේ එම නිසයි.
සේඛ බල ධර්ම අතරින් ප්‍රථමයෙන්ම උගන්වන්නේ ශ්රද්ධාවයි.ශ්‍රද්ධාව එතරම්ම ප්‍රබල සාධකයක් වන්නේ එම නිසයි.සෝතාපත්ති අංග අතර තිබෙන තිසරණ පිළිබධව වූ අවෙච්චප්රසදය ඇති කරගැනීම පිළිබධව.යම් කෙනෙක් අන්න ඒ විදිහටයි ශ්‍රද්ධාව දියුනුකරගත යුතු වන්නේ.තවද බුදු දහමේ සදහන් වන අරහත් තත්වයට පත්වන්නේද ශ්රද්ධාවද පරිපුර්ණභාවයට පත්වෙයි.ඉතින් අප සියලු දෙනාම අධිශ්ඨාන කරගන්න ඕනේ කෙසේ හෝ අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුකුලව හැසිරෙමින් ධර්මය කෙරෙහි විස්වාසයෙන් පැහැදීමෙන් ශ්‍රද්ධා සම්පන්නව ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ භයානක වූ සංසාරයෙන් අත්මිදී දුක් නැසී කිරීමෙන් දුකෙන් අත්මිදිමයි.බුදු දහමට අනුව ඉපදීමද දුකකි මරණයද දුකකි.කුසල් දහමේ නිරත වෙමින් දුකෙන් මිදෙන්න කියලයි බුද්ධ වචනය
__________________________________________________ ___
උපුටා ගත ලිපියක් සංස්කරණය කිරීමෙන් පසුව මෙසේ පල කරමි
මේ පිළිබධ හැමෝම දැනුවත් කරන්න මේක SHARE කරලා

________________________________________________ _____
- උපුටා ගැනීම - ශ්‍රී සම්බෝධි සගරාවෙන්
- ලිපි සම්පාදක - පොල්පිටිමුකලානේ පඥඥාසිරි සවාමීන්ද්රයන් වහන්සේ
- ඉදිරිපත් කිරීම - එලකිරි වෙනුවෙන් මල් බබා
Last edited: