පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
382023_457864717583590_805655927_n.jpg


:shocked::shocked::shocked:
:shocked::shocked::shocked::eek:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකයේ සියලූම ඔත්තු සේවා මේ වෙන විට මම කවුද, මාව එවලා තියෙන්නේ කුමකටද කියලා දන්නවා. ඇමරිකාව විතරක් නෙවෙයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අවධානයෙන් සිටින්න ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ගුවන් හමුදාවට දැනුම් දෙයි මේ දිනවල දිවයිනේ තැනින් තැන පාවෙන අද්භූත එළි පිළිබඳ දැඩි අවධානයකින් සිටින්නැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කොට තිබේ. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසුවේ මේ එළි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම්වත් කර තිබෙන බවයි.


    මෙතෙක් කිසියම් හෝ හඳුනා නොගත් යානාවක් ශ්‍රී ලංකාවට පැමිණි බවට රේඩාර්වල සටහන්වීමක් නොමැති බව ගුවන් හමුදාව සනාථ කර ඇතැයිද ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.


    ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දකින්නට ලැබී ඇති අද්භූත එළි පිළිබඳ දත්ත එක්රැස් කරමින් සිටින බවයි.
    කෙසේ වෙතත් මේ පිළිබඳ දැඩි අවධානයකින් සිටින බවද පවසන ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ලැබුණු දත්ත එනම් පින්තූර, වීඩියෝ දර්ශන පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින බවද පැවැසීය.


    පසුගිය සතිය තුළ මෙවැනි අද්භූත එළි සහිත යානාවන් ඉරණවිල, අම්බලන්තොට, වැල්ලවාය, අනුරාධපුර, වැලිමඩ, කෝවිල්යාය, මල්පෙත්තාව, ලුණුගම, නෝනාගම, උහුපිටගොඩ, පුහුල්යාය, තවාළුවිල, තණලන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී තිබිණි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය සහ මානවයන් කියන්නේ පිටසක්වල ජීවීන්ගේ අයිතියක්.ඒක නිසා මානවයන්ගේ සහ මෙහි ජීවීන්ගේ සුභ සාධනය සහ ඔවුන්ගේ යහපැවත්ම පිටසක්වල ජීවීන්ගේ වගකීමක්.ඒ සඳහා සෘජුවම සම්බන්ධ වෙන්න මට උපදෙස් මේ වෙනකොටත් ඔවුන් ලබා දෙමින් සිටිනවා.ස්ටාර්ලීඩර් වශයෙන් එය මගෙත් මූලික වගකීමක්.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වළ ජීවීන්ගෙන් ළඟදීම පෘථිවියට ප්‍රහාරයක්

    පිටසක්වළ ජීවින් එසේ නැත්නම් ඒඹ්ධ්ඡ්ව්ඉ යනුවෙන් ඉංගී්‍රසි මාධ්‍යයෙන් හඳුන්වන අපේ ග්‍රහ වළල්ලට එහා ලෝකවල වාසය කරන ජීවී විශේෂය පිළිබඳ මෑතක සිට මාධ්‍ය තුළින් කතාබහට ලක් වෙමින් තිබේ.


    පෘථිවියෙහි වාසය කරන ජීවීන් වෙනත් ග්‍රහ ලෝක පිළිබඳ අධ්‍යයනයට යොමුව ඇත්තේ දශක ගණනාවකට පෙරය. එසේම පිටසක්වළ වාසය කරන ජීවීන්ද පෘථිවිය ඇතුළු අනිකුත් ග්‍රහ ලෝක නිරීක්‍ෂණයේ යෙදී තිබෙන බවට යම් යම් සිද්ධීන් ලෝකය පුරා වාර්තා විය.


    ශ්‍රී ලංකාවෙහිද පිටසක්වළ ජීවීන් පිළිබඳ පරීක්‍ෂණ කරන විශේෂඥ කණ්ඩායම් සිටී. එයට අමතරව මෙම ජීවීන් පිළිබඳ පෞද්ගලිකව අධ්‍යයනය කරන පිරිස්ද සිටිති.
    2012 වසර පිටසක්වළ ජීවීන් අනෙක් කාලයන්ට වඩා පෘථිවියට සමීප වෙමින් තිබෙන කාලයක් බවත් ඉතා නුදුරු දිනෙක පිටසක්වළ ජීවීන්ගේ යම් ප්‍රහාරයකට පෘථිවිවාසීන් ලක්වීමේ අවදානමක් තිබෙන බවත් ඇතැම් විටෙක ස්වාභාවික විපත්වලදී එය මැඬපවත්වා පෘථිවියට සිදුවන විනාශය අවම කරගැනීමට මෙම පිටසක්වළ ජීවීන් යම් මෙහෙවරක යෙදීමට පවා කටයුතු කරනු ඇතැයි 1993 වසරේ සිට පිටසක්වළ ජීවීන් පිළිබඳ විශේෂ අවධානයක සහ අධ්‍යයනයේ යෙදෙන සුදත් චන්දන මහතා 'මව්බිම'ට පැවැසීය.


    සුදත් චන්දන ඉලෙක්ට්‍රෝන විද්‍යාව පිළිබඳ දැනුමැත්තෙකි. ඔහු 1988-89 වසරවලදී ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කළ නිලධාරියෙකි. පොලිසියෙන් ඉවත්ව නැවත 1990 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී තිබේ. ඔහු ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී 1993දී අම්පාර අරන්තලාව ගොනාපල ආසන්න කඳුවැටියක පිහිටා තිබූ ගුවන් හමුදා බංකරයක රාජකාරිවල නිරතව සිටියදී රාත්‍රි 10.30ට පමණ මීටර් 1600-2000 ආසන්න උසකින් අහසේ ගමන් කරමින් තිබූ අද්භූත යානාවක් එම බංකරයේ රාජකාරි කරමින් සිටි ගුවන් හමුදා නිලධාරීන් හයදෙනාගේම අවධානයට ලක්වූ බව සුදත් කියයි.


    මෙම යානය එකල ගුවන් හමුදා රේඩාර් පද්ධතියට පවා හසුව නැත. තමන් දුටු අද්භූත යානය අන් කිසිවක් නොව පිටසක්වළ ජීවීන් රැගත් යානාවක් බව සුදත් චන්දන මහතා සැක හැර දැනගෙන ඇත්තේ ඔහු එකලද පිටසක්වළ ජීවින් පිළිබඳ යම් මට්ටමක දැනුමක් ලබා තිබීමත්, ඉලෙක්ට්‍රෝන විද්‍යාව පිළිබඳ නිසි අධ්‍යනයක් තිබීම නිසාත් බව ඔහු පවසයි.


    සුදත් චන්දන මහතා මේ සැල කරන දේ පිළිබඳ අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.


    කවුද මේ පිටසක්වළ ජීවීන් කියන්නේ?

    පිටසක්වළ ජීවින් කියන්නේ පෘථිවියේ ජීවීන්ට වඩා තාක්‍ෂණික මට්ටමින් ඉහළ සිටින ජීවීන් පිරිසක්. මොවුන් අසහාය සිතීමේ ශක්තියක් තිබෙන අපේ ග්‍රහ වළල්ලට එහා ග්‍රහ වළලු තුළ දිවි ගෙවන පිරිසක්. සාමාන්‍යයෙන් මෙම ජීවීන්ගේ ආයු කාලය වසර 1000 වැඩියි. එම පිරිසගේ පඨවි ධාතුව පැවැත්ම වැඩියි. අනෙක තමා එම ග්‍රහ ලෝකවල සූර්යා ලෝකය එසේත් නැත්නම් උෂ්ණත්වය කෙල්වින් 11000 සිට 25000 දක්වා ඉහළ මට්ටමක තිබෙන්නේ. නමුත් අප සූර්යයාගේ කෙල්වින් ප්‍රමාණය 6000 එහා යන්නේ නෑ. එයයි මූලිකව පැවැසිය හැක්කේ.


    පිටසක්වළ ජීවීන්ගෙන් පෘථිවියට හානි කර දෙයක් ඉදිරි කාලයේදී සිදුවෙයිද?

    පිටසක්වළ ජීවීන් නිරතුරුව පෘථිවිය ගැන ඇස් යොමුකර තිබෙන බව කිව යුතුයි. මොකද අපිට නොදැනෙන්න සමහර පරීක්‍ෂණ කටයුතු සිදුකර තිබෙනවා. මෙම ජීවීන් සමහර විට පෘථිවි ජීවීන් යොදාගෙන සමහර පර්යේෂණ සිදුකර තිබෙන බව ඉතිහාසය තුළින් සාක්‍ෂි තිබෙනවා. සමහරවිට මේ ජීවීන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳ හෙළි කරගත් තොරතුරු මිනිසුන්ට ලබා නොදීමට යම් කුහක තත්ත්වයක් බලපා තිබෙනවා.


    මෙය ඉතාම බරපතළ තත්ත්වයක් බව සඳහන් කළ යුතුමයි. මොකද මේ වසර ඉතිහාසයේ කවරදාකටත් වැඩිය පෘථිවියට සමීප වෙමින් සිටිනවා. මේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ළඟාවීමට යොදා ගෙන තිබෙන අති විශාල යානා 3ක් මෙම වසරේ ජනවාරියේ සිට පෘථිවියට ළඟා වෙමිනුයි තිබෙන්නේ. පසුගිය අප්‍රේල් මාසය වන විට මෙම ජීවීන් ප්ලූටෝ ග්‍රහයා සමීපයේ සිටියා. දැන් පෘථිවියට සමීප දුරකින් සිටිනවා.


    මෙම ජීවීන් පැමිණෙන යානා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළහොත්?

    මෙම ජීවීන් ගමන් ගන්නා යානාවල විශාලත්වය පුදුමය දනවන කතාවක්. මොකද සමහර යානා අති විශාලයි. එවැනි යානා තුනක් පෘථිවිය බලා පැමිණ තිබෙන බව හෙළිවෙමින් තිබෙනවා. ඒ යානා තුනෙන් එකක් පිටසක්වළ ජීවීන්ගේ ආරක්‍ෂක යානාවක්.


    මේ යානාව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මොකද මෙහි විකිරණශීලී උපකරණ ආලෝක ධාරා මිනිස් සිරුරට අහිතකරයි. මේ ගැන නිසි අවධානය යොමු කළ යුතුයි. එම ආරක්‍ෂක යානාව තුළ කුඩා ප්‍රමාණයේ යානා සියගණනක් තිබෙනවා. ඒවායි මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දැකගන්න හැකි වුණේ. මෙය ලෝකය පුරාම ඉදිරි දිනවලදී විශාල වශයෙන් දැක ගන්න පුළුවන්.


    මේ පිටසක්වළ ජීවීන්ගේ යානා දුටුවොත් ළඟට යන්න එපා කියලා මම අනතුරු ඇඟවීමක් කරනවා. මොකද එම යානාවලින් සිදුවන ක්‍රියාදාමයන් තවමත් මේ පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායම් හෙළි නොකිරීම බරපතළ බව නැවතත් මා සඳහන් කරනවා. ඒ එක්කම ආරක්‍ෂක යානාවට අමතර ඉතිරි යානා දෙකින් සිදුවන්නේ පර්යේෂණ කටයුතු මේ යානා දෙකින් පෘථිවි ජීවීන්ට විශාල හානියක් නැතත් ඒ යානා ළඟට යෑමත් අනතුරුදායකයි.


    මෙවැනි යානා පැමිණියහොත් කුමක් කළ යුතුද?

    මෙම පිටසක්වළ ජීවීන්ගෙන් බේරීමට එකම ආරක්‍ෂක පිළියම තමා අධි පීඩනයෙන් ජලය විදිය හැකි උපකරණවලින් සන්නද්ධ වීම. මොකද මේ ජීවීන් විදුලි පුළිඟුවක් වාගෙයි.


    මේ පිටසක්වළ ජීවීන්ගේ යානාවල ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කුමන ආකාරයකින්ද? එවැනි යානා ධාවනයට යම් බලශක්ති ප්‍රභවයක් යොදා ගන්නවාද?

    මෙම යානා ක්‍රියාත්මක වන්නේ කාන්දම් බලයෙන්. කාන්දම්වල තිබෙන ආකර්ෂණ බලය නිසි ලෙස යොදා ගන්නවා. එහි විකර්ශනයක් යොදා ගැනීම සේම ක්‍රිස්ටල් බලයත් උපරිම ලෙස යොදා ගැනීම සිදුවෙනවා. රාවණා රජුත් වේරම්භ වාතය කඩාගෙන යෑම යොදාගෙන තිබෙනවා. මෙම යානා සුවිශේෂ ක්‍රියාකාරීත්වයකින් සමන්විතයි. මේ යානා ඉතිහාසයේ යුරෝපීය රටවලදී හඳුනාගැනීමට ලක්ව තිබෙනවා. අනෙක් කරුණු තමා මේ යානා විවිධ ආකාරයකට හසුරුවා යා හැකියි.


     පෘථිවි ජීවීන්ගෙන් පිටසක්වළ ජීවීන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    පිටසක්වළ ජීවීන් නිරතුරුව පෘථිවියේ ජීවින් පරීක්‍ෂණයට ලක් කරනවා. මොකද පෘථිවි ජීවීන් අනවශ්‍ය ලෙස ක්‍රියාකරද්දී එයට ඔවුන් නැඟී සිටිනවා. එයට හොඳම උදාහරණය තමා අමෙරිකානු නගර තුළ හදිසියේ ඇති කරන ළැව් ගිනි. මේ ළැව් ගිනිවලට හේතුව තමා අමෙරිකාවේ පර්යේෂණාගාරයක පර්යේෂණය කරන පිටසක්වළ ජීවියා. ඒ නිසා අමෙරිකානුවන් නිරතුරුව පිටසක්වළ ජීවීන්ගේ අහිතකර ක්‍රියාවන්ට ලක්වුවත් එරට විද්‍යාඥයන් ඒ බව හෙළිකිරීමෙන් වැළකී සිටිනවා.


     ශ්‍රී ලංකාවට මෙම ජීවීන්ගෙන් කුමන ආකාරයේ බලපෑමක් ඇතිවෙයිද?

    මුලින්ම කියන්න ඕනෑ මේ පිටසක්වළ ජීවින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම සිදුවන්නේ හලාවත ඉරණවිල ආසන්නයෙන්. මෙම ප්‍රදේශයෙන් මුලින්ම පිටසක්වළ ජීවීන් පැමිණීම වාර්තා වන්නේ 1927දී. ඒ කරුක්කුව ප්‍රදේශයට. සිද්ධිය සියැසින් දුටුව අයෙක් තවමත් ජීවත් වෙනවා. මේ පැමිණීම නිසා ඉරණවිල ආසන්න ප්‍රදේශයේ ඒ ගමන් මාර්ගය සහිත ප්‍රදේශය තවමත් ගස් වැල් උසට නෑ. ඒ කියන්නේ නොවැම්බර් 27 වැනිදා ඉරණවිල ප්‍රදේශයෙන් දුටු අද්භූත එළියත් ඔය පිටසක්වළ යානාවක්. ඒ සිද්ධිය දුටු පිරිස පවසා තිබුණනේ ටෝච් එළියට ළං වුණා කියලා.

    පිටසක්වළ ජීවීන් පෘථිවි ජීවීන්ට සමීප වෙන්න කැමැතියි. නමුත් අවදානම වැඩියි. ඉරණවිල හරහා ලංකාවට ඇතුළු වෙලා ඉන් පස්සේ කුරුණෑගල, දඹුල්ල, මාතලේ, පොළොන්නරුව, අම්පාර ප්‍රදේශ හරහා ගමන් කර ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් රටෙන් එළියට යනවා.


    නැවත මතක් කරන්න වුවමනායි ඉරණවිල කියන්නේ මේ ජීවීන්ගේ ප්‍රධාන ගුවන් පථයයි. මේ නිසාමයි අමෙරිකාව ඔවුන්ගේ අධිබලැති ඡ්.ඹ්.ජ්. ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ඒ කියන්නේ අමෙරිකන් හඬ කියන මධ්‍යස්ථානය ඉරණවිල ඉදිකර තිබෙන්නේ. මෙයින් සිදුවන ක්‍රියාකාරකම් තවමත් නිසි ලෙස අප අධ්‍යයනය කර නෑ. මේ ඡ්.ඹ්.ජ්. අධි විකිරණශීලී ගුවන් තරංග පිටසක්වළ ජීවීන් පිළිබඳ යම් අධ්‍යයනයක යෙදී සිටින බවට සැක සහිතයි. නමුත් ඒ ගැන එම මධ්‍යස්ථානය හෙළි කරන්නේ නැති එකත් භයානකයි.


    පිටසක්වළ ජීවීන්ගේ ප්‍රහාර වැඩිපුරම එල්ල වන්නේ කුමන ස්ථානවලටද?

    ජීවයේ ඉහළම තාක්‍ෂණය ඇත්තේ නැනෝ තාක්‍ෂණයයි. ච්.ව්.ඒ. අධ්‍යයනය තුළ හියුමන් සෝලා ෆෙලෙක්ස් (සිම්පතිටික් ක්‍රමය) ක්ලෝන තාක්‍ෂණය හෝ සෝලා පේලෙක්ස් ගැඹුර අධ්‍යයනය කරන තැන්වලට හා අධි සම්ප්‍රේෂණ ඇන්ටනා කුලුනු සහිත ස්ථානවලට පාර භෞමිකයන් විකිරණ ප්‍රහාර ලැව් ගිනි විෂ ප්‍රහාර එල්ල කරයි. සමහර ස්ථානවලට කුඩා යානාවලින් බැස ඇවිත් සම්පූර්ණ ජීවී සෛල විනාශ කිරීම සිදුවෙනවා. පෘථිවි ජීවයේ කිසිවක් අලුත් වෙමින් පරිණාමය වෙන්නේ නෑ. එනම් සෝලා පේලෙක්ස්හි ‍ෙදාරටු වසා තිබෙනවා. එහි යතුරු තිබෙන්නේ දියුණු ජීවීන් තුළයි. එනම් පෘථිවි ජීවයේ පාලන ‍ෙදාරටුවක් ඔවුන් සතුයි. මවක හා පියකු එකතුවී ජීවයට ශරීරයක් තනනවා මෙන් විවිධ යුගවල විවිධ ශරීරවලට ජීව සෛල පෘථිවිය වපුරමින් දියුණු ජීවිත පරීක්‍ෂණ පවත්වනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දොළක වතුර රතු වෙයි

    December 10, 2012 at 4:54 pm | Lanka C News.


    red-water.png
    අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින දෙකක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී ඇත.
    මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.
    මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.
    මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.
    ප‍්‍රදේශවාසීන්ට මෙම දොළෙන් නෑම සහ ජලය පානය නොකරන ලෙස අවවාද කළ බව ද එම නිලධාරියා පැවසුවේය.
    මෙම දොළ අසල ජීවීන් වන විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනි ස්වර්ණලතා දිසානායක මහත්මිය පැවසුවේ මීට පෙර මෙවැනි සිද්ධියක් නොදුටු බවයි. මෙම ජලය බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වැනි පැහැයක් ගනී. දොළේ මාළු මැරී යාමක් දක්නට නැත. මෙම දොළ පිඹුර ගඟට එක්වෙයි

     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිත්වය ගැන තොරතුරු රාශියක් මේවෙනවිට ලංකාවේ මාධ්‍යය තුලින් ගලා යාමක් වෙනවා. මම හෝ ලංකාවේ ජනාධිපති පිටසක්වල ජීවීන් විකුනගෙන කනවා කියලා මෝඩ කතා කියන අය ඉන්නවා.ඔය කියන එලි ඇති කරන්න ආන්ඩුවට තාක්ෂනයක් නෑ.තිබුනත් රතු වැසි වස්සන්න, භූ චලන කරන්න පුලුවන් තාක්ෂනයක් ආන්ඩුවට නෑ. මම මුල සිටම පිටසක්වල ජීවීන්ගේ උපදෙස් මත යමක් ඔබලාට ලබා දෙන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.ඔයාල නොදැන හිටියට දෙසම්බර් මාසය තුල පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉහල යන බව මම දැනගෙන සිටියා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    MR Orian dan 21st December 2012 keeyata witharada oya kattiya penisittinne??? mass media ekata??
    වෙලාවක් තාම දෙන්න බෑ.නමුත් 21 වෙනිදා අපි මහ පොලවට බහින එක වලක්වන්න මොන ජගතෙකුටවත් බෑ.
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    වෙලාවක් තාම දෙන්න බෑ.නමුත් 21 වෙනිදා අපි මහ පොලවට බහින එක වලක්වන්න මොන ජගතෙකුටවත් බෑ.

    nawaththanna num oneth na sure ekatama bahinawa num.. dan ethakota lankawen pita inna kattiyata 21 passe lankawata enna puluwanda? :confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලෝකයේ සියලූම ඔත්තු සේවා මේ වෙන විට මම කවුද, මාව එවලා තියෙන්නේ කුමකටද කියලා දන්නවා. ඇමරිකාව විතරක් නෙවෙයි.
    :shocked::shocked::shocked:
    e kohmadha:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෘථිවිය සහ මානවයන් කියන්නේ පිටසක්වල ජීවීන්ගේ අයිතියක්.ඒක නිසා මානවයන්ගේ සහ මෙහි ජීවීන්ගේ සුභ සාධනය සහ ඔවුන්ගේ යහපැවත්ම පිටසක්වල ජීවීන්ගේ වගකීමක්.ඒ සඳහා සෘජුවම සම්බන්ධ වෙන්න මට උපදෙස් මේ වෙනකොටත් ඔවුන් ලබා දෙමින් සිටිනවා.ස්ටාර්ලීඩර් වශයෙන් එය මගෙත් මූලික වගකීමක්.
    :eek:kohmadha ehma kiyanne:D