සුන්දර ගීයක ඇරබුම,..

xxc

Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    නොපෙනෙන ගැඹුරක් දක්වන ගිතයක වගතුග.............

    බොල්පිණි වෑහෙන වේලාවේ........



    රූකාන්ත ගුණතිලක, අතිවිශිෂ්ට දක්ෂතා ඇති ගායකයෙකු වී නමුදු අපේ රටේ කුහක විචාරයේ ප්‍රතිඵලයක් ලෙස පීචං ගීත ගයන්නෙකු ලෙසට හංවඩු ගැසූ ගායකයෙකි. නමුත් ඔහු විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ ජීවිතය, භවය පිළිබද ව දක්වන දාර්ශනික ගැඹුර, අපේ සහ ඔහු ගේ අවාසනාවකට නියමිත වූ විචාරයකට හසුනොවූ බව මම තරයේ ම විශ්වාස කරමි.

    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........
    බොල් පිණි වෑහෙන මේ යාමේ

    ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
    තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............

    ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ
    බොල් පිණි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........
    බොල් පිණි වෑහෙන මේ යාමේ


    මතුපිටින් බලන විට ගැල්කරුවෙකු තවමත් නින්දේ පසුවන තම පියඹ ගෙන් සමුගෙන රැකියාවට යන සෙයක් පෙනෙන මේ ගීතයේ හරය, අප සිතනවාට වඩා මහා දාර්ශනික එකකි.

    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබ ගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇති සුව නින්දේ
    එනිසයි මම නොකියා යන්නේ........


    නියමිත කල ආවිට, බොල්පිණි වැටෙන අවස්ථාවේ ම, මේ ගිහි ගෙයින් නික්මී යායුතුවෙයි. එවිට කිසිවෙකු කැදවාගෙන යා නොහැක. ඔබ සුව නින්දේය-එනම් තවමත් ඔබ මේ කෙළෙස් බර පුහුදුන් ලෝකය සැපය, සැපය යන මතයේ ගැලී හිදියි. නින්ද නම් මේ යථාස්වරූපය අවබෝධකර නොගෙන සිටින මනෝභාවයයි. මේ මතවාදය සමග අරගල කරගැනීම ඔහුට නොරිසිය. එනිසාය ඔහු නොකියාම යන්නේ, මේ ගිහි ගෙයින් නික්මී............


    ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ
    තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ...............

    මේ සංසාරයේ අපි තණ්හාව මත නැගී දිගුවූ ගමන් ගෙවා ඇවිදින්නෙමු. තණ්හාව නැමති ගැල පිට නැගී ඈත ගම් නියම් ගම් බදු සසරෙහි සැරිසරන විට තවත් භවයකදී ඇය සිහිපත්වී නැවත භවයට ඇලීම ඔහුට නොරිසිය. මේ ව්‍යායාමය සසරින් මිදෙනු පිණිසය. එනිසා ය ඔහු ඇයගෙන් සමුගෙන යන්නේ.

    ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ


    ඇයට යථාර්ථය අවබෝධවන විට මේ සසරින් ගැලවෙනු පිණිස ඔහුවද හවුල් කරගනු රිසියෙන් ඔහුව සොයනු ඇත. නමුත් ඒවන විට ඔහු ඈතට, එනම් සසරින් මිදෙනු පිණිස යන ගමනේ ඈතට ගොස්ය. මේ සසරින් මිදෙනු පිණිස යන තවලම්කරුවා එක තැනක නොරැදෙන බව, එනම් විදර්ශනා මගෙහි දිගින් දිගටම ගමන් කරන බවය ඔහු කියන්නේ.

    බෞද්ධ දර්ශනයේ එන සසර, ඉන් එතරවීම සහ ගිහිගෙය හැරයාම පිළිබදව මෙතරම් භාවාත්මක ගීයක් ලියවී ඇද්ද යන්නද ඇත්තෙන් ම සැක සහිතය. අපි මෙය අසමු, එහි උඩින් පල්ලෙන් අතගා රසවිදිමු. නමුත් අප කවදාද මෙහි යටිපෙළ අර්ථය අපේ දිවියට පසක් කර ගන්නේ.............??????????

    මේ යූ ටියුබ් වීඩියෝ පටය නිමැවූ සොයුරා ද මේ අදහස ග්‍රහණය කරගත්තෙක් බව පෙනේ. ඇත්තෙන් ම මා සිතා සිටියේ මෙහි යටි පෙල අරුත ග්‍රහනයට සමත් අය ජාලගතවූවන් විය නොහැකි බවය. නමුත් මා මතය හුඹසක් කරමින් සිද්ධාර්ථ ගෞතම ජීවිතය පසුබිමට යෙදූ මේ අරුතබර රූ පටය මට හමුවිය. මේ නිපැයූ ඒ සොයුරාණන් ද සසර කෙටිව පතන මගම යෙත්වා!!!!!!!!!!!!!!!!!!!!
    පහත දිගුව වෙත ගොස් මේ වෙනුවෙන් ඒ සොයුරාණන්හට ඔබේ ප්‍රසාදය පළකරන ලෙස ඉල්ලා සිටිමි.
    http://www.youtube.com/watch?v=EHCZiaHvUXI

    ගීතයේ පද නිවරද කරමින් මා දිරිමත් කළ user52 සොයුරාට පින්....!!!!

    patta therumakne thiyenne
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    විප්ලවය කරා යන මග බාධක පෙන්වන,රැවටිලි පෙන්වන, නොයා යුතු මග පෙන්වන.................

    ඉරි තැළුනු වළා.................



    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා

    රිය පෙලේ කිරුල හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා


    කලා කෘතිය වූ කලී මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයකි යන්නට දියහැකි හොදම නිදසුනක් වන්නේ සමන් අතාවුදහෙට්ටි රචනා කළ, කේමදාසයන් සංගීතවත් කළ, අපේ යුගයේ ප්‍රතාපවත් සුභාවිත හඩ-අමරිසිරි පීරිස් ගායනා කරන මේ ගීතය දැක්විය හැකිය.

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා

    මේ යන ගමන වට කොට විදුලි ඇස්, එනම් ඔවුන් ව හොදින් පිරික්සා බලන ඇස් තිබේ. ඒවා රවටන සුළුය. ඒ රැවටීමට හසුවුව හොත් මොවුන් ගේ අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිය. කුමක්ද ඔවුන් ගේ මේ අරමුණ? මදක් අවසන තෙක් කියවන්න. එතෙර වීමට ඇත්තේ කහ ඉරකි. එයින් එතර වීමය මේ අරමුණ. ඒ තෙක්, නොරැවටී සිටිය යුතුය.

    රිය පෙලේ කිරුල හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා

    මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් අත වනනු ඇත. මේ ප්‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා අපේ ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ ප්‍රේමය හෝ පෙම්වතුන් නොවේ.

    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්


    මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද?

    නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ ප්‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන අපට කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ ක්‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි කහ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......ඒ කහ ඉරෙන් එතර වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් හට අත වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.ඒ දෙස බැළුව හොත් ඔවුන් හට ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී හු රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් හට නොරැවටිය යුතු බව ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-කහ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.

    ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය පළ කල හැකිද, අප කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්‍රාවකයා ආනන්දෙයන් ප්‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.

    ela
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    :yes::yes::yes::yes:
    තරු කඩා වැටෙන අහසක අතරමං වූ යෞවනියක ගේ බලාපොරොත්තුවේ විලාපය.......

    දූවිල්ලෙන් වත්සුනු තවරා.............



    දූවිල්ලෙන් වත්සුනු තවරා
    කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
    වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
    නන්නාදුනනා
    කය මිස සිත නැති පුරවරයේ
    කවුරුන් හෝ තුරුලේ
    නිමේශයක්.....
    මුමුණාවී රහසින්
    ආගිය උන් හිටි තැන් සගවා.............

    ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
    කැදළි සදාවී - මොණර කිරිල්ලී........
    රැයකින් රැයකට කුස පිරෙනා
    සද සෙවනැල්ලේ..........
    සිත ඇති - කය නැති
    මිටියාවත ඉවුරේ........
    වහස් බැලුම් සගවා......
    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.......
    මොණර කිරිල්ලී.........

    සැඩ සුළගේ......
    මුල් ඉදිරී යන් ගස මුදුනේ
    නූපන් දවසේ
    රන් කිරි කදුළේ......
    සිහින දකී වී මොණර කිරිල්ලී..................
    සිහින දකී වී.......මොණර කිරිල්ලී............

    සමාජය විසින් ඇතිකළ ආර්ථික අමාරුකම් සමහන් කිරීමට ලොව පැරනි ම වෘත්තිය තෝරාගත් යෞවනියක ගේ ශෝකාලාපය, හද පාරවන ලෙස ගෙන එන්නකි, මේ ගීතය. මේ ගායකයා ගැන යමක් කිව යුතුමය. මොරිස්, අපට ආගන්තුක ගායකයෙකු වී නමුදු, අග නුවර තරු හෝටලවල නිශාචර දිවියක් ගෙවන, ගෙවූ අයට නම් ආගන්තුකයෙකු නොවේ. බොක්ස් ගිතාරයක් පමනක් තම ආත්ම කථනය කොට ගෙන තරු හෝටලවල රාත්‍රියෙහි මන්ද්‍ර ස්ව‍රයෙන් ජිම් රීව්ස් ගේ ගීත ගයන ඔහු ගේ ගායනා මා බොහෝ කොට රස විද ඇත්තෙමි. මොරිස් සිංහල ගීත ගයා ඇත්තේ දෙකක් පමනි. මේ ගීතය සහ "ඔබ එන්න-ඔබ ඇවිත් යන්න එන්න" ඒ ගිත දෙකයි. මෙවන් සාධනීය , මධුර, ගැඹුරු ස්වරයක් අපේ හෙල ගිත සදහා අහිමි වීම අප කල කුමන නම් පාපයක් දැයි මට ඔහු ගේ ගීත අසන බොහෝ වර සිහි වෙයි.
    දැන් ගීතය.............:D

    සැදැ යාමයේ වීදි බසින පුරගනන් ඇසුරු නොකර වුවද ඔබ දැක ඇතැයි සිතමි. වත්සුණු සහ අනෙක් රූපාලංකරන ද්‍රව්‍ය තවරා ලෙන ඔවුන් තම වෘත්තිය සදහා සවස්යම විදි බසිත්. රචකයා මෙම වත්සුනු දකින්නේ දුවිලි ලෙසටය. ඔවුන් වැටි සිටින අගාධයේ තරම පෙන්වන පළමු යෙදුම රචකයා එලෙස යොදයි. මේ දූලි මුහුනේ තවරා ගෙන කුමර කුමරියන් සේ ඔවුන් නුරා, අහංකාර බැනුම් හෙලමින් තම ගොදුරු සොයා යති. මේ පුරවරය පැහෙන නරකයෙහි යමපල්ලන් බදු ඇග මසට ලොබ බැදි නිරිසතුන් මේ යෞවනියන් පහස පතා ඇදෙති. ඔවුන් ගෙ රැකියාව එයයි. මේ නාදුනන පුරයෙහි, සිත ඇතිවන ආශාවන් පසෙක තබා කය පමණක් සරණ කොටගෙන, කවුරුන් හෝ සළෙලෙක් ගේ තුරුලෙහි, තමා කවුද, කොයිබින් ආවේද යන්න සගවා ඔවුහු තම කය විකුණති.

    ගිනි කදු සිරසේ- මළ පුඩු අතරේ
    කැදළි සදාවී - මොණර කිරිල්ලී........
    රැයකින් රැයකට කුස පිරෙනා
    සද සෙවනැල්ලේ..........
    සිත ඇති - කය නැති
    මිටියාවත ඉවුරේ........
    වහස් බැලුම් සගවා......
    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.......
    මොණර කිරිල්ලී.........


    ගණිකා වෘත්තියෙහි අද පවතින සංකීර්ණ සංවිධානාත්මක තත්ත්වය ඔබද දන්නවා ඇත. මේ නාරාවලෙන් මිදී යන තරුනියන් අවසන් වන්නේ නාදුනන මරණයකිනි. නැතහොත් දාමරිකයන් රැසක් අතින් දූෂ්‍ය වීමෙනි. මෙවන් තරුණියන් තම අනාගතය ගැන මවන සිතුම්, විවාහ දිවිය ගැන දකින සිහින රචකයා දකින්නේ ගිනි කදු සිරසේ ද මල පුඩු අතරේ ද කැදළි තැනීමක් ලෙසටය. මේ ජීවිතවල පවතින සැබෑ තත්ත්වය එදිනෙදා යැපීම පමණි. තම සිරුර මෙන්ම තම දිවියද තමාට හිමි නැති බව සංවිධානාත්මක ගණිකා ව්‍යාපාරවල ගොදුරු වු තරුණියෝ දනිති. එනිසා ඔවුන් කරන්නේ තම සිත උදුරා දමා කය පමණක් වහල් කොට ගෙන මුදල් ඉපයිමය. මේ ගීතයේ ප්‍රස්තූතය වන තරුණිය මේ නරාවලින් මිදිමට දරන වෙර, රචකයා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියඹා යාමට තැත් කිරීමක් ලෙස දකී.
    මෙලෙස වෘත්තිය හැරපියා ඉගිල ගිය යුවතියන් පවා අවසන දී තම අතිතය හෙළිවිමෙන් පසුව මුහුණ දෙන ව්‍යසනය, රචකයා කදිමට පෙලගස්වන්නේ පහත පරිදිය.


    සැඩ සුළගේ......
    මුල් ඉදිරී යන ගස මුදුනේ
    නූපන් දවසේ
    රන් කිරි කදුළේ......
    සිහින දකී වී මොණර කිරිල්ලී..................
    සිහින දකී වී.......මොණර කිරිල්ලී............

    අතීතය හෙලිවිමෙන් පසුව ඇය විවාහ දිවිය තුළ සැඩ සුළගකට මුහුණ දිය යුතුය. එවිට විවාහ දිවියෙහි මුල් ඉදිරීයයි. මේ වැනි ගසක් මුදුනේ වුවද කැදලි තනා ඇය දකින්නේ මවක් වීමේ කිරි සිහිනයයි. ඇය ඒ නූපන් දවස සහ දරුවෙකු පිලිබද ව සිහින දකී............

    සංකීර්ණ සමාජ භාවිතයක් බවට වර්තමානයේ පත්වි ඇති ගණිකා වෘත්තියත්, එහි ඇති අනනුකම්පිය, අමන ස්වරූපයත්, එයින් පලා යාමට සිදුරු සොයනා යුවතියක ගේ කදුල සහ සුසුමත්, බලාපොරොත්තුවත් රචකයා මොනවට සනිටුහන් කොට ඇති සෙයක් දක්නට ලැබෙන ගියකි මෙය.
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    "කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට-එගොඩට යන්නට
    "
    පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?.


    අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්‌. කේමදාස මාස්‌ටර්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුනෙ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට මේ ගීත එකතුව තෑගි දෙන්න. මේ සදහා කේමදාස මාස්‌ටර්, අමරසිරි පීරිස්‌ මහතා මගින් හැදින ගන්නා හේමසිරි ගුණතුංග මහතාට පද රචනයක් සදහා ආරාධනා කරනවා.
    අවසානයේ හේමසිරි ගුණතුංග මහතා ගීත හතරක් මාස්ටර් ට ලබාදෙනවා. එයින් එක් ගීතයක් තමයි මේ ගීතය. ගුණතුංග මහතා මේ ගීතය පටන් ගන්නේ ඉරගල වැටිලා කියන පද පේලියෙන් නමුත් අපේ කේමදාස මාස්‌ටර්ගේ යොජනාව මත මේ ගීතය "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගන්නවා.... අවසානයේ ගුණතුංග මහතාගේ ගීත හතරම සහිතව මාස්‌ටර් "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදක්වනවා......

    කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට-එගොඩට යන්නට
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුළට
    ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
    කවුරුවත් නෑ... කවුරුවත් නෑ

    ඉරත් අවරට ගොසින්ය. මේ නිසා පාරුව අදුරින් වසාගනී. ඒ අදුර මකන්නට මේ තොටියා ලන්තෑරුම දැල්වීමට යයි. නමුත් කුමටද..... ඒ දල්වන්නට යන එලිය දකින්නට කිසිවකු නොමැති නිසා..... නමුත් කවුරුත් නැත්තෙ ඇයි.......

    දවසින් දවසම පාළම හැදුනා
    පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්...

    ගමට අලුතින් පාලමක් ලැබී ඇත. නමුත් මේ පාලම නිසා නැතිවූදේ බොහෝය. ගමට ගැමිකම, සුන්දරත්වය වගේම ජීවය එක්කල ඒ කුරුලු කොබෙයියන් දැන් ගම හැරදා ගිහින්....
    මට හැගෙනා ආකාරයට රචකයා පාලම මගින් දකින්නේ අපේ රටේ අපේ කම නැතිකල ඒ විවෘත ආර්ථික රටාවය. ඒ නිසා අප රටේ සිදුවූ වෙනස ඒනම් අපේ කම, අපේ රටේ නිස්කලංක භාවය ආදීන්ගේ වෙනස්වීම රචකයා සරල උදාහරන දක්වමින් ගීතයක ගෙත්තම් කරයි.......

    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...
    ගෙනියන්නට බැරි මහ බර තිබුණා
    මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
    මට හිනැහී ගෙන යනවා වාගෙයි....

    තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප්‍රමානයන් හොදාකාරවම දනී. නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිනේ........
    තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගන්නා ලදී. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත්‍රපට වැනි විනාෂකාරී දේවල් තිබෙන්නට ඇත.. අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි......

    පද :- හේමසිරි ගුණතුංග
    තනු :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    හඩ :- අමරසිරි පීරිස්‌


    මේ ගීතය ගැන මෙවැනි හැගීමක් ඇත්වන්නට මාස්ටර් මේ ගීතය යොදා ඇති තනුව, ගායනයේ ගැබුරු හඩ මෙන්ම ගීතය එලිදැක්වූ යගය හා බැදුනු කාරනා ඉවහල් වන්නට ඇතැයි සිතමි. කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................


    :yes::yes::yes::yes::yes::yes:
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    :D:D:D
    තම සිත පවා අහිමිව ගිය ප්‍රේමයක උත්කර්ශය............

    මා අහසේ ලියූ දේ.......



    Ma_Ahase_Liyu_De_Shashika.jpg


    හෙල ගීත සාහිත්‍යයේ විරහව අරභයා ලියු ගීත එමටය. නමුත් ජයගත් ප්‍රේමයන් ගැන කියවෙන "නිම්හිම් සෙව්වා" වැනි ගීත අතිශය දුර්ලභය. මේ ගීතයද වැටෙනුයේ ඒම ගීත ගොන්නටය.

    යුවතියක් ‍බොහෝ විට ප්‍රථම පියවර නොගනී. ඇය සිය සිතැගි පෙන්වන්නේ ඉගි බිගි මගිනි. නමුත් මේ සිතිවිළි ද තේරුම් නොයනා පෙම්වත් හු ලොව අපමණය. මේ යුවතිය පෙම දිනු පසු සිහිපත් කරන්නේ තමා ඔහු ගැන ඇති වූ ළෙන්ගතු සිතිවිල්ල සිතෙහි සිරකොට ගෙන ළතැවුළ විදි යුගය ගැනය. ඇය සුළගට දහස් වර "මම නුඹට ආදරෙයි" කියා කියූ දේ ඇය පතන්නේ ඔහුට ඇසේවා කියාය. ඇය හිස් අහසේ ලියූ දේ, "මම නුඹට ආදරෙයි" යනුවෙන් ලියූ දේ පවා ඔහු දුටු බව ඇයම දනී. නමුත් මේ සියලු දේ දැක දැකත්, ඔහු වටහා නොගත් දේ ඇය ඔහු වෙනුවෙන් පෙම පුදා ඇති බවය. මේ පෙම්වතා කිනම් කරුනක් නිසා හෝ ඇය ඔහුට පෙම් කරන බව දැන දැනත්, ය නොතකා ම සිටි බවට කෙරෙන ආදරණීය චෝදනාවකි ඇය කරන්නේ. ඇය ඒ දුන්නේ ඇයට තිබුණු තිබුණු එකම හිත පමණි.

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදිවී - තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී............

    යුවතිය ගේ මහ ම පැතුම වන්නේ උණුසුම් ආදරවන්තයෙකි. එය මහා කන්දකි. නමුත් එවන් යෞවනයෙකු දකින තුරා ඇය සිටින්නේ මේ කන්දේ කළුවර අගාධය පාමුලය. ඇය මහා පැතුම් කන්ද තරණය කරන්නට වහල කර ගන්නී තම හද බැදි තරුණයා ගේ උණුසුම් වූ ප්‍රේමයයි. තරුණයෙක් ‍පිලිබද පහලවන උනුහුම් නුරා හැගුම ඇය මේ ප්‍රාර්ථනා මහ කන්දේ ශිඛරය ‍මත තබයි. ඇය පවසන්නේ ඇය මේ පැතුම් කදු මුදනත තැබුවේ ඔහු පිළිබද ව ඇති වු අනුරාගික ප්‍රේමය ම බවය. එසේ නොවුනා නම් ඇය කියන්නේ අදත් මා නුඹට දුන්න ඒ හිත තබා ගෙන දුක් විදිමින් නුඹ පතා ගෙනම හිදීනා බවය. අඩුම තරමේ ඇයට ඇය ගේ හිත වත් ඉතිරි නොකලේ මේ යෞවනයාය.
    ඇය දොස් කියන නියාවෙන් මේ පවසන්නේ ඇය සිය ප්‍රේමයෙන් ජයගත් බවය. ඇයට ඇගේ සිත වත් ඉතිරි නොවූ බවය........එය පුදුම තරමේ අලහාදයකි. මේ ගීතයට මෙතරම් වේගවත් මට්ටමේ තනුවක් සහ සංගීතයක් මුහු කළ කසුන් කල්හාර මේ සිතැගියාව මනාව වටහා ගත් බවට හොදම උදාහරණය මේ ගීතයේ මේ පසුබිම් සංගීතයයි. එය අසන්නා යම් ජයග්‍රාහක මනෝභාවයක් වෙත කැදවන එකකි.
    නූතන යුගයේ පලවූ ගීත අතරින් අපේ සිත් අතිශය ප්‍රමෝදයට පත් කල පද රචනයක්, ගායනයක් සහ සංගීතයක් වෙනුවෙන් මේ ගීතයට සම්මාදම් වූ සියළු ම සුධීන් වෙත අපේ හරසරය මෙසේ දක්වනු කැමැත්තෙමි.
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    අපේ කිඹුල සහෝදරයාගෙන් ගත් ආදර්ශයක් ඔස්සේ වෙනත් වෙබ් අඩෙවියකින් ලබාගෙන මා සතුව තිබූ සම්මතයෙන් අසම්මත විචාරයක් ඔබගේ දැන ගැනීම සදහා මෙම හුයට එක් කරමි.....

    මෙය බැලූ බැල්මටම මහා පිස්සු බයිලාවකි... නටන්ටනම් ටොප්ය.... චණ්ඩියන්ගේ ජාතික ගීය බවට පත්වී ඇත. එහෙත් මා පෙර පැවසූ පරිදි සම්මතයෙන් අසම්මතයට ගොස් මේ සම්බන්ධව සුපිරිම ගනයේ විචාරයක් එක් අවස්ථාවක සිංහල ආචාර්ය සන්නස්ගලයන් විසින් කරන ලදී... එමෙන්ම මෙහි සදහන් දොරේ යන වචනය ගැනද ඔහු විසින් ප්‍රභල විග්‍රහයක් කරන ලදී... (මේ වනවිට මට එය නිවැරදිව මතක නැත).

    [/COLOR]

     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේක වටිනා නුලක් ..යටට යන්න දෙන්න බැහැ

    bump
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේක වටිනා නුලක් ..යටට යන්න දෙන්න බැහැ

    bump
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේක වටිනා නුලක් ..යටට යන්න දෙන්න බැහැ

    bump
     
    [FONT=Courier, Monospaced]ලංකාවේ ගීත කලාවේ ඒකාලේ ප්‍රසිද්ධ උනේ ගායකයෝ හින්දම විතරක් නෙවේ නේ...ඒ කාලේ ගීත රචකයෝ කොච්චර ප්‍රසිද්ධ ද? මතකද කරුණාරත්න
    අබේසේකර..ප්‍රේමකීර්ති ද අල්විස්...චන්ද්‍රරත්න මානවසිංහ....රත්න ශ්‍රී
    විජේසිංහ...ඩෝල්ටන් අල්විස්...වගේ අය ..??
    [/FONT]
    [FONT=Courier, Monospaced]
    [/FONT]
    [FONT=Courier, Monospaced]මේ මිනිස්සු නිකම්ම නිකන් ගීත රචකයෝ නෙවේ.[/FONT]
    [FONT=Courier, Monospaced]..හුගක් උගත් බුද්ධිමත්
    ලේඛකයෝ...මාධ්‍යවේදීන් ..නිවේදකයෝ...ගුරුවරු වගේ අය...ඒ ගොල්ලන් හුගක්
    සින්දු ලිව්වේ ආයාසයක් නැතුව...එදිනදා එයාල දැක්ක දේවල් ගැන මයි...මේ
    තියෙන්නේ ඒ වගේ දේවල් කීපයක් මම අහල තියෙන....
    [/FONT]
    [FONT=Courier, Monospaced] ...වික්ටර් රත්නායක ල ඔන්න ප්‍රේමකීර්ති ල සෙට් වෙලා නිලාවැලි වෙරළේ ....ඒ වෙලේ ප්‍රේමකීර්ති වෙරළේ තිබ්බ ගලක් උඩ නැගල..අහසේ තිබ්බ තරුවක් දිහා බලාගෙන...තනි තරුවේ..............කියල කෑ ගැහුවලු.එක අහගෙන හිටපු වික්ටර් රත්නායක කොල කැල්ලක මුල් පද පේලිය ලියාගෙන තියනවා.
    ඔබ ඔතැන ඉන්න...මමත් මෙහෙම මෙතන ඉන්නවා.....කියල...පස්සේ තමයි මුලු සිංදුවම ලියලා තියෙන්නේ :yes::yes::D
    [/FONT]
    [FONT=Courier, Monospaced]
    [/FONT]
    [FONT=Courier, Monospaced]ඒ කාලේ අපේ රත්න ශ්‍රී විජේසිංහ තරුණ ගුරුවරයෙක්
    විදියට දුෂ්කර සේවය කරලා තියෙන්නේ මොනරාගල... හම්බන්තොට පැත්තේ...බොහොම
    කටුකයි නේ....ඉතින් ඒ දවස්වල එයා වැඩට යන්නේ පයින් ...ඔහොම දවසක් යනකොට
    මිනිස්සු ඉඩමක් වටකරගෙන මහා උද්ගෝෂණයක් ලු...ඒ ගොල්ලන් බැකෝ ඩෝසර් ලොරි තඩි නවත්තගෙන කෑ ගහනවලු...බලනකොට ඒ පැත්තේ වැවක් අයිනේ කැලේ එලි කරලා විදේශීය
    සමාගමකින් හෝටලයක් හදන්න ලෑස්ති වෙනවලු...මිනිස්සු මේකට විරුද්ධව පෙළ
    ගැහිලා....
    [/FONT]
    [FONT=Courier, Monospaced]ඉතින් එදා ගෙදර ආපු රත්න ශ්‍රී...ඒ පළාතේ මිනිස්සුන්ගෙම දේව යාගයක තාලය පදනම් කරගෙන ලියපු සින්දුව....බිම්බරක් සෙනග ගැවසුන චනද්‍රසුරයා ඉපදුන...කියන කපුගේ ගේ අපිට නැතුවම බැරි අපුර්ව ගීතය...
    [/FONT]
    [FONT=Courier, Monospaced]ඒ වගේම රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන...මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක්
    ...ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී
    සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම
    සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ...
    [/FONT]
    [FONT=Courier, Monospaced]දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා
    ...පොඩියට සුදු කොඩියකුත් පේනවලු...මහා විලාපයකුත් ඇහෙනවලු...ඇඟ සසල වෙලා
    ගිය රත්න ශ්‍රී...ඒ පැත්තට ගිහින් බැලුවාලු...දැනගත් දෙයින් එතුමාගේ ඇස
    කඳුලින් තෙමුනලු....
    [/FONT]
    [FONT=Courier, Monospaced]ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට
    ගිහින්....ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස
    කරලා...ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර
    නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන...
    [/FONT]
    [FONT=Courier, Monospaced]මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන
    ශෝකාලාපය ගීයකට නැගී...සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ...
    [/FONT]
    [FONT=Courier, Monospaced]චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....
    [/FONT]
    [FONT=Courier, Monospaced]මේ විස්තර රත්න ශ්‍රී සර් ම කිව්වේ ගාල්ල ශාන්ත අලිවිශියස් විද්‍යාලයේ මාධ්‍ය දිනයට ප්‍රධාන ආරාධිතය ලෙසින් පැමිණි වෙලාවේ...
    ඉස්සුවෙ බ්ලොග් 1කකින් ;)

    [/FONT]
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    දැන් මොනාද බන් තියෙන ඒවා....... ???
    මට කොත්තු ඕනේ අරක ඕනෙ මේක ඕනෙ... :eek:
    ෆේස් බුක් චික්...:confused:
    මල් සින්දුව...:growl:
    මට ඔයා මගෙ පන වගෙ.. :no:

    මුන් කරන තරමක් සින්දු කරන්නෙ ලුප්ස් දාල ඕවා. කිසිම Live ගතියක් නෑ. අනික අහගෙන ඉන්නත් හරීම අමාරුයි එවයෙ තියෙන Frequencies high නි
    සා .!
    :nerd:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    දැන් මොනාද බන් තියෙන ඒවා....... ???
    මට කොත්තු ඕනේ අරක ඕනෙ මේක ඕනෙ... :eek:
    ෆේස් බුක් චික්...:confused:
    මල් සින්දුව...:growl:
    මට ඔයා මගෙ පන වගෙ.. :no:

    මුන් කරන තරමක් සින්දු කරන්නෙ ලුප්ස් දාල ඕවා. කිසිම Live ගතියක් නෑ. අනික අහගෙන ඉන්නත් හරීම අමාරුයි එවයෙ තියෙන Frequencies high නි
    සා .!
    :nerd:


    ඇත්තටම ඒවා සින්දුද කියල හිතෙනවා යාළුවා වෙලාවකට
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
    නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
    පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
    මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
    පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.

    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......


    ඇත්තටම මේක නම් හරිම ලස්සන පැහැදිලි කිරීමක් .......ස්තුතියි සහෝදරයා......
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT] [FONT=&quot]
    ඈත් වූ සද -මගෙ සරා සද
    තනිවෙලා මා තනි වෙලා............[/FONT]

    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සත්‍ය ලෙසටම මතු පිට පෙනෙන ආකාරයට මේ ගීතය විප්‍රලම්භ ශෘංගාරය දනවන්නක්. එකිනෙක පේන දුරින් සිටින යුවලක්, කළුවර වැටෙද්දී තමන් ගේ දර්ශනය මැකීයන බව සහ එයින් පසුව කාන්තාව තනි වී කරනා ලතැවිල්ලක්, දුටු වනින් ම අපේ සිත් තුළ ඇදෙනවා. කාරණය ඒ නම්, මාගේ සකියෙනි, මා ඔබෙන් පැණැසෙන්නේ මේ යෙදුමේ අර්ථය කුමක් ද යන්නය.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ගව් ගනන් දුර ජීවිතේ බර - මගේ හිස මත බර වෙලා....................”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ විරහවෙන් වේදනා විදින ඇයට එක්වන්ව ම ජීවිතේ බර හිස මත බර වී ඇති බව මතක් වන්නේ ඇයි? අප දන්නා පමණින් ප්‍රේමය නිසා ජීවිතේ බර මදක් සැහැල්ලුවනවා විනා වැඩි වීමක් නැත. එයින් අපට පෙනෙන කරුණ අප මේ ගීතයේ රසවින්දනාත්මක පාර්ශවය ලෙස යම් නොමග යාමක් ගොස් ඇති බව නොවේද?[/FONT]
    [FONT=&quot]මම අපේ සස්ලිට් සොයුරා සමග සිදුකල දීර්ඝ විග්‍රහයේ දී පෙන්වා දුන් කරුණ මෙසේ පළ කරමි...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තම ආත්මය අලෙවි කරමින් තම සැමියා රකින බිරිදක ගේ ළතැවිල්ල[/FONT]

    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත්[/FONT]





    [FONT=&quot]සැදැ කලුවර කුර ග ගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්[/FONT]
    [FONT=&quot]ඈත් වූ සද -මගෙ සරා සද - තනිවෙලා මා තනි වෙලා............[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]
    [FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ..........[/FONT]

    [FONT=&quot]අදුර ගලා යන විට ඇය ඔහු ගෙන් සමුගෙන යා යුතුය. එනිසා කළුවර මෝරා එන විට ඇය ගේ දසුනින් ඔහු සිටින පැල්පත ඈත් වී යයි. එම දසුන ඈත් වූ විට ඇය මේ ලොව තනි වේ. ඒ තනි වීම ඇගේ සදවත විනිවිදින එකකි. ඒ ඇය සිය ස්වාමියා පෝෂණය කරනු පිණිස සිය සිරුර අළෙවි කරනා නිසාය. ඔහු ගේ පහස තරම් ආදරණිය පහසක් ඇයට ගණුදෙණුකරුවන් ගෙන් නොලැබේ. එනිසාය ඇය තනිවන්නේ..............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වළාකුළකුදු නොමැති අහසේ - මළානික වූ මගේ සිතිවිළි[/FONT]
    [FONT=&quot]ගල් ගැසී ඇත පාළු වී ඇත - අදුර පමණක් රජවෙලා.........[/FONT]

    [FONT=&quot]සද වලාකුළින් වැසූ කල්හි දැනෙන රමණිය සුන්දර සිත්තම ඇය අත්දකින්නේ නැත. එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝග සුවය ඇය විදින්නේ නැත. එනිසා ය ඇගේ සිතුවිළි මළානික වන්නේ. ප්‍රේමණිය හැගීම් උතුරා යා යුතු මොහොතක පවා ඇය ගේ සිතිවිලි මළානික වන්නේ ඇය ගේ ගණුදෙණුකරුවන් ඇයගෙන් ලබන්නේ ඇගේ තුණුසපුව පමණක් විනා, හැගීම් නොවන බැවිණි. මේ නිසාය මළිනික වූ ඇගේ සිතුවිළි ගල් ගැසෙන්නේ.......ඇය වටා සම්භෝග ප්‍රහර්ෂය නැත. ඇගේ ලොව ඇත්තේ මේ අවස්ථාවේ දී අදුරම පමණි.[/FONT]

    [FONT=&quot]ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි[/FONT]
    [FONT=&quot]ගව් ගණන් දුර ජීවිගේ බර - මගේ හිස මත බර වෙලා........[/FONT]

    [FONT=&quot]ඇය නිවෙසට එනවිට උදයයි. ඒ මිනිසුන්ට, සතුන්ට, ගහවැලකොළට උදයකි. නමුත් ඇය රාත්‍රීයේ කරන කටයුත්තේ වෙහෙස නිසා දිවා කළ නිදිදෙවිදුව සරණ යයි. එවිට ඇයට ඇත්තෙන් ම රාත්‍රිය වන්නේ අපේ දහවලය. සැමියා ගේ ලොව සහ ඇගේ ලොව අතර නිරතුරුව ඇත්තේ රැයකි. මේ සියළු ම වේදනා දරන්නේ ඇය ගව් ගණන් වූ මේ ජීවිතයේ බර දැරීමට බව අපට අවසානයේ දී කියා පායි.[/FONT]

    [FONT=&quot]රචකයා වූ මඩවල එස්. රත්නායකයන් කොතරම් සුක්ෂ්ම ලෙස මෙම පද පෙළ හසුරවා ඇතිද යන්න පිළිබද විශ්මයට පත්වීමෙන් වැළකීමට අපට නොහැකිය. එසේම බලන්න මේ ගීතයට යොදා ඇති මන්ද්‍ර ස්වර කලාපයේ සංගීතය. වස්දඩුව වුව වැයෙන්නේ මන්ද්‍ර ස්වරයෙනි. නන්දා ගේ විලිපීය කටහඩ, අවසන දී ඇය [/FONT][FONT=&quot]ආ...ආ...ආ....ආ....ආ.......... ලෙස ගායනා කරන [/FONT][FONT=&quot]අලප් කොටස මේ ගීතය අපේ හදවතේ ඇති ගැඹුරුතම තැන දක්වා මෙහි අර්ථය අතික්‍රමණය කරවයි. 1079 වසරේ සිට තවමත් පරම්පරා ගණනක් රසවතුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා එලඹවන මෙවන් ගීත අපට දායාද කළ සියළුම සුධීන් වෙත අපේ පින අනුමෝදන් කරවමු.!!!![/FONT]

    පිස්සු හැදෙනවා..... හීනෙකින් වත් හිතුනේ නැහැ මෙහෙම සීන් එකක් මේ සින්දුවේ ....

    විචාරයට ස්තුතියි යාලුවෝ දෙන්නටම
     

    Nohim Ys

    Well-known member
  • දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
    නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
    පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
    මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
    පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.

    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......

    ඇත්තටම අපිට හිතෙන්නේ නැති පැත්තකින් ඒ සිංදුව දිහා බලලා තියෙනවා !!
    3+ :)
     

    Nohim Ys

    Well-known member
  • ඇත්තටම සහෝ...
    මේ thread එක කියවනකොට හිතෙනවා අපේ සමාජය එච්චරම පිරිහිලා නෑ කියලා...
    තවමත් අපි අපේ ගීත වලට ආදරෙයි...මෙක හොදම උදාහරනයක් ඒකට...මේ thread එක පිටුවක් හරියට බලපු කෙනෙක් අනිවර්යෙන්ම ඉවර වෙනකන් කියවනවා

    :yes::yes::yes::yes::yes:
     

    Nohim Ys

    Well-known member
  • ඈත්තටම යාලු ඔය අතීතය මට අදටත් ගොඩක් වේදනාවක් දෙනව.. ඒත් මම ඒ වේදනාවට ආදරය කරනව.. මොකද ඒ වේදානව ඈතුලේ... කියාගන්න බෑරි රසයක් තියන නිසා සහෝදරය....

    මමත් පිස්සෙක් වෙන්න තිබුනා.. එහෙම නෑත්නම්.. බේබද්දෙක් වෙන තිබුන.. එහෙමත් නෑත්නම් සිය දිවි නසාගන්න තිබුන.. මගෙ රත්තරන් අම්ම , තාත්ත දෙන්න , මගෙ නන්ගි , අයියා.. අහෙම තප්පරයම මාත් එක්ක නොසිටියනම්.. ඔවුන් මාව පුදුම විදිහට බලාගත්ත ඒකාලෙ...

    ඒත් එක්කම .. මතක් කරන්න ඕනෙ... අදමගෙ ආදර වන්තිය වෙලා ඉන්න.. කෙනා.. ඒයා අපි දෙන්නගෙම හොදම යාලුවෙක්.. එයා මාව ගොඩක් තෙරුම් ගත්ත.. අදටත් ඒයා දන්නව මම ආදරය කරන්නෙ එයාගෙ යාලුවට කිය්ල වෑඩියෙන්.. මට වචනය්ක් වත් කියන්නෙ නෑ හෑම මාසයකම 13 වෙනිද.. එය මාත් එක්කම පන්සල් ගිහින්.. මොනාම හරි පිනක් කරල ලබන ආත්මෙදිවත් මගෙ පලමු
    පෙම් වතිය මගෙ වෙන්න කියල ප්‍රර්තනා කරනව

    sahodaraya.....
    uba gena mata adamabarai e wage manasikathwayak matha,uba sema deyak genama hithala jeewithayata hodin muhuna dena eka gena!

    :yes::yes::yes::yes::yes:
     

    Nohim Ys

    Well-known member
  • එළකිරියෙ තියෙන Thread වලින්, ඕනම කෙනෙක් කෙනෙක්, කියවනකොට හුගක් සංවේදී වෙන Thread එකක් :yes::yes:
    හැම කෙනාම එකඟ වේවි මාත් එක්ක :):)
     

    Nohim Ys

    Well-known member
  • මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ.................................

    20100701075239_taj-mahal-texture.jpg

    TM-Tombs-Feb98-PR.jpg



    හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....)

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..


    මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට.....

    දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
    යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
    චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..


    (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)
    සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව......

    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
    මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
    සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..


    (ටාජ් මහල් තුල දේහය තබා එද්දී)
    ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා....

    මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී) හා (ටාජ් මහල් තුල දේහය තබා එද්දී) යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ .............
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
    කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ....

    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..
    කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ.....

    ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක....................

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

    දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
    යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
    චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
    මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
    සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..


    හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?

    හොද විචාරයක් සහෝ :)