සුන්දර ගීයක ඇරබුම,..

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
[FONT=&quot]ප්‍රේමය සිතට ගෙන එන දුක, කාන්සිය සහ බලාපොරොත්තුව.........[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]නෙතු පියමි සිහිනයක...........[/FONT]

[FONT=&quot]නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට[/FONT]
[FONT=&quot]පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කදුළු කැට[/FONT]
[FONT=&quot]මගේ සිත ඇතත් ඔබ ළගම තනි නොතනියට[/FONT]
[FONT=&quot]නොහැක මට උනුසුමින් ඔබට තනි රකින්නට[/FONT]

[FONT=&quot]වැටෙන්නේ අහස පිණි බිදු සලා ශෝකයට[/FONT]
[FONT=&quot]සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට[/FONT]
[FONT=&quot]නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට[/FONT]
[FONT=&quot]තැවෙන්නේ ලෝකයම හුදකලා පාළුවක[/FONT]

[FONT=&quot]කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට[/FONT]
[FONT=&quot]ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට[/FONT]
[FONT=&quot]ගලන්නේ කවදාද ඔබ සුවද මා හදට[/FONT]
[FONT=&quot]වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට[/FONT]
[FONT=&quot]ඔබ[/FONT]
[FONT=&quot]මගේ[/FONT]
[FONT=&quot]ලෝකයට.......................!![/FONT]

[FONT=&quot]පෙම්වතියක ගේ ප්‍රේමය බලාපොරොත්තුව පසුවන තරුණයෙකු ගේ සිතෙහි ඇතිවන දුක, වේදනාව සහ බලාපොරොත්තුව, පරිසරය සමග එක්කොට නිමැවූ මේ ගීතය, මේ තත්ත්වයේ පසුවන සියළු ම තරුණයන් ගේ සිත් පෙන්වන කැටපතක් බදුය.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට[/FONT]
[FONT=&quot]පෙනේ ඔබ නෙතු අතර ඉකිබිදින කදුළු කැට[/FONT]
[FONT=&quot]මගේ සිත ඇතත් ඔබ ළගම තනි නොතනියට[/FONT]
[FONT=&quot]නොහැක මට උනුසුමින් ඔබට තනි රකින්නට[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ තරුණයා නෙතු පියන්නේ ද ඈ සිහිනෙන් පෙනෙන ලෙස පතා ගෙනය. නමුත් ඔහු දකින්නේ ඇය ගේ නෙතු අතර පිපෙන කදුළු කැටය. ඒ වෙනකෙකු හා සරණ වන ලෙස බලපෑමකින් උපන් ඒවා ද? රචකයා අප හදෙහි ද ප්‍රශ්නාර්ථ දල්වාලයි. ඔහු ගේ සහවත සැමදා ඇය ගේ ළගය. තනි නොතනියට ඔහු ගේ හදවත ඇති මුත් මෙවන් වේදනාබර අවස්ථාවක දි ඇය ලංකොට ගෙන උනුසුම් කරන්නට නොහැකිවීම ඔහු විදින දරුනු ම දුකයි.......!!![/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]වැටෙන්නේ අහස පිණි බිදු සලා ශෝකයට[/FONT]
[FONT=&quot]සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට[/FONT]
[FONT=&quot]නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට[/FONT]
[FONT=&quot]තැවෙන්නේ ලෝකයම හුදකලා පාළුවක[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මෙම පද සතරෙහි ඇති රමණීය භාවය සළකා බලන්න. මෙලොව සියළු ම ස්වාභාව ධර්මයෙහි කරුණු කාරණා මේ ප්‍රේමවන්තයින් ගේ පිය විප්පයෝගය පිළිබද වැළපෙන අයුරක් ඔහුට පෙනෙන සැටි බලන්න. අහසින් පිණි බිදු වැටීම, මද පවන හැමීම, රැහැයියන් හඩ නැගීම ආදී සියලු ස්වාභාවික වස්තු විෂයන් මේ ලෝකයම කම්පා කරවන සෙයක් පෙනවන්නේ මේ ප්‍රේමයේ විප්පයෝගය නිසා බව ඔහුට පෙනේ. සකියනි, මේ අපේ පොදු අත්දැකීම නොවේද? ප්‍රේමයේ විරහව විදින කාලය තුළ අපහට පෙනුනේ ද මේ ලෙසම නොවේද?[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට[/FONT]
[FONT=&quot]ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට[/FONT]
[FONT=&quot]ගලන්නේ කවදාද ඔබ සුවද මා හදට[/FONT]
[FONT=&quot]වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බලාපොරොත්තුවේ අලෝකය දල්වන මේ පදවැල බලන්න. මේ බලාපොරොත්තුව දල්වාගෙන අපිදු සිටියෝ නොවෙමුද සකියනි එකල???????[/FONT]
[FONT=&quot]ශ්‍රව්‍ය මාධූර්යය මේ ගීතය ගයන ටී.එම්. මේ ගයන විලම්භ ලය, ස්යට ම සැසදෙන ස්ටැන්ලි ගේ අතිශය මුදු මොලොක් සංගීතය, මට නම් මාගේ යෞවන ප්‍රේමය සිහිගන්වන සුළු එකකි.[/FONT]

[FONT=&quot]සකියෙනි නුඹලාට......??????????????[/FONT]
1.gif

great work bro!
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේ ගීතය අපේ යාළුවො කවුරුත් අහල තියෙන ගීතයක්නේ.... අර්ථයත් සරලවම ඔබට තෙරෙන්ව ඇති කියල හිතනවා... කාලයක්‌ තමන් සමග ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය, වෙනකෙනෙක් එක්කල ආදරෙන් වෙලිල ඉන්න ආකාරය දකින පැරණි පෙම්වතාට ඇතිවන හැගීම, වේදනාව තමා මේ ගීතයෙන් කියවෙන්නෙ...

ඉතින් මේ ගීතයේ නිදානකතාව තමා මම ඔබට දෙන්නට හදන්නෙ.... (මේ කතාව මාවෙත එවූ සෞන්දර්ය විශ්වවිද්‍යලයේ චරිත් සොයුරාට ස්තූතිවන්ත වන අතර ඔහු එය එවූ පරිදිම පලකරමි.)

සුනිල් ආර්. ගමගේ නම් මේ ගීතයේ පද රචකයා සිය අත්දැකීම පවසන්නෙ මෙන්න මේ අයුරින්,

මේක සත්‍ය. අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...

පද රචනය - සුනිල් ආර්. ගමගේ
ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

මේ ගීතයේ තියෙන ලස්සන තමා පැරණි පෙම්වතා අමතන්නෙ සිය පැරණි පෙම්වතියට නෙමෙයි... ඇයගේ අලුත් පෙම්වතාට. හරියට අලුත් පෙම්වතාට අවවාදයක් දෙනව වගේ.... “යාළුවේ ඔයා ඔය ආදරේ කරන කාන්තාව මට එදා ආදරේ කලේ ඔයවිදියටමයි.... ඒත් එහෙම ආදරේ කරල මාව තනිකරල ඔයාගෙ ලගට ආවා” කියන්න වගේ... අළුත් පෙම්වතාට මේ කාන්තාව විශ්වාස කරන්න එපා කියල අවවාදයක් දෙනවද කියලත් වෙලාවකට හිතෙනව.....

තවත් ගීතයක් තව ටිකකින්.........
mata godaaak dewal mathak wenawa meka ahaddi:(:(
saralai,sundarai..
thanx newatha mathak kireema gena wenuwen..
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
[FONT=&quot]“ගාමන්ට් කෑල්ල”, “ගාමන්ට් බඩුව” යනුවෙන් අප මුවින් ම නිතොර ගර්හාවට ලක්වන අපේ කාලයේ වීර දියනියක වන සන්නාලි සොයුරියකගේ ශෝකාන්තය හෙවත් මරා දැමු අහිංසකාවියක ගේ පළිගැනීමේ නිමිත්ත...........

[/FONT] [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී...................[/FONT]

[FONT=&quot]ගීතයට ප්‍රස්තූතය සපයන්නේ ප්‍රවෘත්තියක සිරස්තලයකි.[/FONT]
[FONT=&quot]“ඇගලුම් සේවිකාව දූෂණය කර මාරා දමලා-පැළද සිටි කණ කර අබරණ ද අතුරුදන්”[/FONT]
[FONT=&quot]ගීතය රචනා කළ රත්න ශ්‍රී විජේසිංහයන් මේ ප්‍රවෘත්තියෙන් ප්‍රලය වූ ආකාරයයි ඔබ මේ විදින්නේ........[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]
[FONT=&quot]ඉදි කටුව අතේ ඇණුනා ‍ දෝ නිදන කුමාරී......[/FONT]
[FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]

[FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]
[FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]
[FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]
[FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]
[FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]
[FONT=&quot]සත් පතිණි මව්නු අවදිව ඒවී[/FONT]
[FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඇය, අඩු කුළියට සළු මසන්නීය. ඒ ඇගේ සහ පවුලේ දුහුනන් ගේ උදර පොහොණිය පිණිසමය. බඩට නොකා, වැරහැළි ම ඇද, රෑ නිදි වරා අමතර පැය ගනනක් සේවය කොට උපයා ගන්නා සොච්චමිනි මේ සොයුරියන් කණ කර පළදින්නට තනවන්නේ. දැන් ඇය නිදන්නේ සුරංගනා කතාවල එන ඉදිකටුව අත ඇනී ද? නැත. ඇය මේ දෙරණත හෙලා ඇත්තේ අධම, පාපතර මස් වැද්දෙකු විසිනි. මේ සිද්ධියෙන් ප්‍රකම්පනය වන රචකයා සිය සිත අස්වසන්නට තැත් කරන්නේ “නෑ ඇය නිදනවා” යන හැදීම සිතට ඒත්තු ගන්වන්නට වද දෙමිනි.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]
[FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]
[FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]
[FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඇය මරා දමා, වැර වෑයමින් උපයා සපයා ගත් කණ කර ද ගලවා ගත් මරු. රුයට මුවා වී ම පලා ගොසිනි. මේ පද වැල අප තුල සානුකම්පිත කම්පනයක් ඇති කරවයි.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]
[FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]
[FONT=&quot]සත් පතිණි මව්න් අවදිව ඒවී[/FONT]
[FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]මේ අවනඩුවට රැහැණිව කිසිදු සාක්ෂියක් නොමැති බව රචකයා පවසන අන්දම බලන්න. නඩුව කියන්නේ මිනී මලකි. ඒ ද බිම යකඩ කදන් වලට මුවා වී ගෙනය. දුටු වුන් වුවද සාක්ෂි දීමට දක්වන මැළිකම, හදවත ට ගසන කිනිසි පහරක් සේ අප ගේ ඇස් අරවා පෙන්වීමට රචකයා සමත් ව සිටී. ඔහු ගේ අවසාන පැතුම, කුමරි දිවියට, පතිවතට තෙද වරම් සපයන පත්තිනි දේවිය හෝ මේ දියණිය ගේ උදුරා ගත් සළඹ ලබා දේවා යන්නය. මෙම රුදුරු උපමාව අප ගේ හදවත් තුල කරුණු දෙකක් මවා පායි. පලමුවැන්න, අවනඩුව කීමට ඇත්තේ දෙවියන් ම පමණක් බවය, එනම් නීතියේ ඇති දුර්වලතාවයයි. දෙවැන්න උදුරා ගත් සළඹ, එනම් ඇගේ කුමරි දිවිය නැවත ලබා දිය හැක්කේ දෙවියන්ට ම පමණක් බවය.[/FONT]
[FONT=&quot]රත්න ශ්‍රී, වික්ටර් සහ කපුගේ යන මේ තුන්පත් රෑන මේ ගීයෙන් අපගේ හදවත් වෙත කරන මේ ශාන්තිකර්මය සොයුරනි, දෙනෙතින් නොව හදවතින් ම කදුළු ඉනීමට සලස්වන්නකි.වෙසෙසින් ම සදහන් කළ යුත්තේ වික්ටර් මේ ගීතය පසුබිමින් ඇසීමට සලස්වන, හදවත කීරි ගස්වන වයලීන කිහිපයක වාදනයයි. එය ඇත්තටම මේ ගීතය ශ්‍රවණය කරන්නාගේ හදවත තුළට ගිලී වැදෙන්නේ පිහි තුඩක් කිදී යන ආකාරයටය.
[/FONT]

[FONT=&quot]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT]
wow
aye wachana ne aah..
niyama selection ekak ne tiyenne...
mage dawase geethaya meka !!!!
11.gif

tawa beheth ona dosthara mahatthayo!:yes:
 
user52

Member
Jan 25, 2012
135
36
0
"කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
"
පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?.

අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්‌. කේමදාස මාස්‌ටර්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුනෙ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට මේ ගීත එකතුව තෑගි දෙන්න. මේ සදහා කේමදාස මාස්‌ටර්, අමරසිරි පීරිස්‌ මහතා මගින් හැදින ගන්නා හේමසිරි ගුණතුංග මහතාට පද රචනයක් සදහා ආරාධනා කරනවා.
අවසානයේ හේමසිරි ගුණතුංග මහතා ගීත හතරක් මාස්ටර් ට ලබාදෙනවා. එයින් එක් ගීතයක් තමයි මේ ගීතය. ගුණතුංග මහතා මේ ගීතය පටන් ගන්නේ ඉරගල වැටිලා කියන පද පේලියෙන් නමුත් අපේ කේමදාස මාස්‌ටර්ගේ යොජනාව මත මේ ගීතය "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගන්නවා.... අවසානයේ ගුණතුංග මහතාගේ ගීත හතරම සහිතව මාස්‌ටර් "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදක්වනවා......

කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුවත් නෑ... කවුරුවත් නෑ

ඉරත් අවරට ගොසින්ය. මේ නිසා පාරුව අදුරින් වසාගනී. ඒ අදුර මකන්නට මේ තොටියා ලන්තෑරුම දැල්වීමට යයි. නමුත් කුමටද..... ඒ දල්වන්නට යන එලිය දකින්නට කිසිවකු නොමැති නිසා..... නමුත් කවුරුත් නැත්තෙ ඇයි.......

දවසින් දවසම පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

ගමට අලුතින් පාලමක් ලැබී ඇත. නමුත් මේ පාලම නිසා නැතිවූදේ බොහෝය. ගමට ගැමිකම, සුන්දරත්වය වගේම ජීවය එක්කල ඒ කුරුලු කොබෙයියන් දැන් ගම හැරදා ගිහින්....
මට හැගෙනා ආකාරයට රචකයා පාලම මගින් දකින්නේ අපේ රටේ අපේ කම නැතිකල ඒ විවෘත ආර්ථික රටාවය. ඒ නිසා අප රටේ සිදුවූ වෙනස ඒනම් අපේ කම, අපේ රටේ නිස්කලංක භාවය ආදීන්ගේ වෙනස්වීම රචකයා සරල උදාහරන දක්වමින් ගීතයක ගෙත්තම් කරයි.......

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...
ගෙනියන්නට බැරි මහ බර තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහී ගෙන යනවා වාගෙයි....

තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප්‍රමානයන් හොදාකාරවම දනී. නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිනේ........
තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගන්නා ලදී. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත්‍රපට වැනි විනාෂකාරී දේවල් තිබෙන්නට ඇත.. අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි......

පද :- හේමසිරි ගුණතුංග
තනු :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හඩ :- අමරසිරි පීරිස්‌

මේ ගීතය ගැන මෙවැනි හැගීමක් ඇත්වන්නට මාස්ටර් මේ ගීතය යොදා ඇති තනුව, ගායනයේ ගැබුරු හඩ මෙන්ම ගීතය එලිදැක්වූ යගය හා බැදුනු කාරනා ඉවහල් වන්නට ඇතැයි සිතමි. කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................

Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
"කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
"
පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?

ලස්සනයි...... සහෝ:yes::yes::yes::yes::yes::yes:
 
akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
"කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
"
පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?.

.

ගොඩාක් පින් සහෝ
 
akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
ඇයි මෙහෙමත් දෙයක් දන්නවද??????ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයා ත්‍රිකුණාමලේ වැඩ කරන කාලෙක දවසක් මිනිහට අඹුව මතක් උනාළු.ඉතින් මිනිහා වෙලාව නොබලා රෑ ජාමෙ ත්‍රිකුණාමලේ ඉදලා ගෙදරට ආවලු.ඇවිදින් වෙලාව බලද්දින් පාන්දර 2 විතර වෙලා.තවත් දෙයක් දන්නවද ප්‍රේම කීර්තිද අල්විස් මහත්තයගෙ බෑග් එකේ වරදින්නෙම නැතිදේ තමයිලු අරක්කු බාගයයි.පෑන.පොත.ඉතින් මිනිහා අඹුව නැගිට්ටවන්න දෙකට ගේ ලගම තියන ගල් තලාවට වෙලා අරක්කු ශොට් එකක් දාගෙන කල්පනා කර කර ඉන්නවලු.කොහොම හරි මිනිහා පැය බාගෙකින් විතර දැක්කලු ගෙට එන පාරෙ මිනිහෙක් එන සලකුණක්.ඉතින් මිනිහත් සද්ද නැතුව බලාගෙන ඉද්දින් මිනිහට තේරුම් ගියාලු මේ එන්නෙ අල්ලපු ගෙදර මිනිහා කියලා.ඇවිත් දොරට තට්ටු කෙරුවලු.ප්‍රේමෙගෙ අඹුවත් ඇවිදින් දොර ඇරියළු.කොහොම හරි පොර ගහලා යනකම් ප්‍රේමෙ බධා කෙරුවේ නෑලු.ඒ වෙලාවෙ දුකට ලියපු සින්දුවක් තමයි

සඳ කැන් වැටිලා..
අදුරේ එතිලා..
ඝනදුරු රෑ තනිකම නෑ..

මේ සින්දුව කියන්න දුන්නෙ ප්‍රේමෙගෙ හොදම යාළුවා වික්ටර් රත්නායකට.මිනිහා වික්ටර්ට මේ කතාව කියලා සින්දුව දෙදින් කීවලු මම මැරුනු දවසක තමයි උබ මෙ රහස එලි කරන්න ඔනා කියල..වික්ටර් මෙ රහස එලි කෙරුවට පස්සෙ ප්‍රේමෙගෙ අඹුවත් මේකට සින්දුවක් ලියලා තියනවා එක නම් මතක නෑ.. :( මට උදවුවකුත් ඔනා කොල්ලනේ.කොහොමද මෙහෙම පොස්ට් එකක් දාන්නේ

යාලුවේ ප්‍රේමකිර්ති ද අල්ව්ස් පුද්ගලික චරිතය නෙමෙයි අපිට වැදගත් ,ප්‍රේමකිර්ති ද අල්ව්ස් කියන උදාර ගේය පද රචකයා විතරයි.ඒ වගේ ඇගේ පලමු බිරිද දයා ද අල්විස් කියන්නේත් ඉතා වටිනා ගේය පද රච්කාවක්,ඇගේ ශ්‍රේෂ්ඨ නිර්මාන කොතරම් තියෙනවද? අපි ඒ කාටවත් අපහස නොකර ප්‍රබන්ද ඕපදුප බැහැර කරලා සුභාවිත ගීතය පමණක් රස විදිමු
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට-එගොඩට යන්නට
    "
    කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................
    මේ ගීතයේ ඇති ගැඹුර විදාරණය කරන්නේ අමරසිරි ගේ අති ගැඹුරු ලයාර්ද්‍ර කටහඩයි.........
    විචාරය නම් හොදය........

    දෙවන කාරනය....එකගය......අපේ රටට විවෘත ආර්ථිකය හදුන්වා දුන් ආකාරය මා නම් නිර්වචනය කරන්නේ "ගණිකාවක් නිරුවතින් අත් පා දිහැර හතරමං හන්දියක තැබුවා වැනිය" ලෙසටය........
    කැමති එකෙකුට කැමති රෙද්දක් කර ගත හැකිය......
    අපට විවෘත ආර්ථිකය සිදු කලේ එවැන්නකි.........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....

    ඇයි ඒ වගේ ගීතයක් අරගෙන ආවේ කියල අපේ යාළුවො හිතනව ඇති නේද...? හේතුව තමයි යාළුවනේ මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... කියවලා අවසන් වෙලා දැනෙන දේ කියන්නකෝ...... එහෙනම් මෙන්න කතාව....

    2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

    පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

    ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

    පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

    යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

    මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

    නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

    නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

    ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

    උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....

    ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

    මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

    දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

    මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......

    සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,104
    16,877

    :(:(:(:(:(
     
    :(:(:(:(
    ස්තුතියි දැනුම බෙදාගත්තට
     
    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37

    :shocked: :shocked: ayyoo ayy eya ehema karagatthe aparade watina jeewithayakne :(
    math asama sinduwak meka :(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස්නේහයේ නගරයි සිත මගේ........
    මාවතක් හෝ නොවූ රාගයේ.........

    අමරසිරි පීරිස් ගායනා කරන මේ ගීතය අපේ යාළුවො අහල ඇතිනේ....
    මේ ගීතයේ නිදාන කතාව බලාපොරොත්තු වන්න......​
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

    මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......

    සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....

    පුදුම හැගුම්බරයි සස්. උබට පින්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේ පාන්දර දුන්නා මූඩ් එකට සස්ලිට්.........
    එළ මචං........බොනය කැම්පස් ආවේ අපි අවුට් වුනායිනුත් පස්සේ......හැබැයි ඌ ගැන අපිත් දැනං හිටිය......
    ඌ ඒ තරං ජනප්‍රිය චරිතවක් පේරාවල........
    ඕක ගේ මරණයට කැම්පස් එකම අඩන්න ඇති.......
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උදේ පාන්දර දුන්නා මූඩ් එකට සස්ලිට්.........
    එළ මචං........බොනය කැම්පස් ආවේ අපි අවුට් වුනායිනුත් පස්සේ......හැබැයි ඌ ගැන අපිත් දැනං හිටිය......
    ඌ ඒ තරං ජනප්‍රිය චරිතවක් පේරාවල........
    ඕක ගේ මරණයට කැම්පස් එකම අඩන්න ඇති.......

    ඔබ වැන්නෙකුගේ අගය කිරීම බොක්කටම දැණුනු බව කිව යුතුමය.... ස්තූතියි..
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    prathibhaz said:
    සහෝ,,මාරම පට්ට සින්දුවක් එකෙන මේක මාර සිරා...අනන්තවත් මේ සින්දුව අහල තිබ්බට මේ සින්දුවේ තෙරුම ගැනවත් අඩහස ගැනවත් හොයන්න උවමනවක් තිබ්බෙ නැහ..:confused::confused::confused::confused::confused::confused:...අද වෙනකල් දැනගන හිටියේ නැහැ මේ සින්දුවට මේ තරම් දුක්බර ඉතිහස කතවක් තියනව කියලා..:yes::yes::yes::yes:..

    ඔබට ජය සහෝදරයා

    ඇත්තටම දුකයි මට මේ නූලට කමෙන්ට්ස් කරන්න බැරි එක ගැන.:angry::angry::angry::angry::angry:....උත්සහ කරනව ඒක හද ගන්න.....

    prathibhaz said:
    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    යාලුවා,,,බොරු කියන්න ඔනේ නෑ මචන්z,,ඇත්තටම :yes::yes::yes::yes: මේ විචරය කියවද්දි මගෙ ඇහැට කදුලු අවා.:yes::yes::yes::yes:ඒ තරමට සන්වේදී විඩියට ලියල තියනව(මට හිතුන විඩියට මම කිවුවේ යාලු )..එත් ඒ කදුලු ලොකයට පේන්නන්න බැරි නිස මම පිහිද ගත්තා,,මොකඩ මම වැඩ කරන ගමන් මේක කියවන්නේ.....මේ සිද්දිය මගේ ජීවිතයටත් මාරම විදියට අදාලයි,,,,,මගේ වරදක් නිසයි මගේ අදරේ :love::love::love::love:මට නැති උනේ....මම අදටත් පසු තැවෙනව මම කරපු වරද ගැන:(:(:(:(:(.....
    මම හුගක් කල් ඉදල එලකිරි එකේ ඉන්නේ,,එත් මගේ එකවුන්ට් එකෙන් මට මේ පොස්ට් එකකටවත් කමේන්ට් කරන්න ඩෙන්නේ නැහ:growl::growl::growl::growl:,,මගේ ප්‍රොෆිලෙ එකේ මොකක් හරි අවුලක්:baffled::baffled::baffled::baffled::baffled:,,මම මගෙ අය්යගේ එකෙන් තමඉ හුගක් වෙලවට කමෙන්ට් දන්නේ......
    මොනා උනත් මේ නූලේ හැම විචරයක්ම හැම පිටුවක්ම අකුරක් නෑර කියවපු කෙනෙක්.....ඩිගටම කරගන යන්න...ඔබට ජයෙන් ජය,,,,,,

    ඔබ වෙනුවෙන් ඔබ විසින් එවූ අදහස් මා නූලෙහි පල කරනු ලැබූවා.....