සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
පදකුණු නොකලත් සිරියහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්
හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..
කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..
සුදු ඇත් පොව්වෙක්.....
මේ සින්දුව කාගේ ඇබේනියටද.....
වාසනාවන්ත, නිරෝගී දරු උපතකට ආසිරි.......![]()
