මචන්.. සහතික ඇත්ත.. අවුරුදු 6කට ඉස්සෙල්ල මම AL කලේ.. මේ තියෙන සීන් ඔක්කොම හරි..... ක්ලාස් එකේදිත්, ඉස්කෝලෙදිත්, නින්දෙනුත් හිටියෙ යාළුවො හරි, කෙල්ල හරි එක්ක.
කොල්ලො සෙට් එක එක්ක එක බත් එක බෙදාගෙන කාපු හැටි, වලි වලට සෙට් උන හැටි, තෝසෙ කඩ හොය හොයා ගිය හැටි, ට්‍රිප් ගිය හැටි වගේම, කෙල්ල එක්ක 183 නුගේගොඩ බස් එකේ අත් අල්ලගෙන ගිය හැටි, එයාගෙ පන්ති ඉවර වෙනකල් පැය 3-4 බස් හෝල්ට් වල කට්ට කාපු හැටි, පොත් වල අන්තිම පිටුවෙ, බස් ටිකට් වල පවා එයාට කවි ලියපු හැටි, හරිම සුන්දර කාලයක් .
පානදුර බස් ස්ටෑන්ඩ් එකේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි කොන්දො, හිඟන්නො ඔක්කොමවත් දැක්කම අඳුරන්න පුළුවන් වෙන තරමට මම කට්ට කාල ඇති.
සමහරු නම් දැනුත් අහනව "ආ මල්ලි කෝ ගෑනු ලමය" කියල.
අන්තිමට result එනකොට මම ෆේල්. වැස්සටවත් කැම්පස් යන්න බෑ. හිත හදා ගන්න අවුරුද්දක් ඉඳල දෙවෙනි පාර කලා.. කැම්පස් යන්න පුළුවන් නමුත් ඒ වෙනකොට යාළුවොත්, කෙල්ලත් මට අහිමි වෙලා.. මොකක්ද මේ උනේ කියල හිතා ගන්න බෑ.. බොක්කෙන් හිටපු කොල්ලො ටිකත්, පනට පන හිටපු කෙල්ලත් කෝ, මම මෙච්චර කලක් මොනවද කලේ කියල හිතුනා.
අම්මලා බනින එක සාදාරනයි මල්ලිලා.. ඒ මිනිස්සුන්ගෙ ඔක්කොම හීන වතුරෙ ගහගෙන ගියා වගේ නෙ.
මල්ලිලා AL ආයෙ කරනව නම් හිත හදාගෙන හරියට කරපල්ලා.
වැදගත්ම දේ තමයි FAIL කියල උඹල වැටෙන්න එපා.. ජීවිතේ හතර ගාතෙ දාල වැටුන මොහොතේ ඉඳල නැගිටිනව කියල හිත හදා ගනිල්ල. සමහර දේවල් හැමදාමත් හිත පාරවාවි..ඒව ගැන කරන්න දෙයක් නෑ සහෝ. කෙල්ලො එහෙම තමයි.
නමුත් අපි, අපි ගැනම ආත්ම ධෛර්යය අරන් නැගිටිමු. කාටවත් පේන්න නෙවෙයි. අපි අපි ගැනම එදාට ආඩම්බර වේවි.
උඹලට ජයවේවා මගේ මල්ලිලා

Last edited: