කිසිම අවස්ථාවක ඔබ වැනි සොයුරෙකුගේ ප්‍රශ්න ඇසීම වාතයක් නොවන බව සළකනු මැනැවි
ATM Card එකෙන් කරන්න පුලුවන් ATM මැෂින් වලින් තමාගේ ගිනුමේ මුදල් ගැනීම සහ එම යන්ත්‍රය විසින් පහසුකම් සලසන්නේ නම් බිල් ගෙවීම වැනි දෑ පමනකි ..බොහෝ විට මේ සඳහා කාඩ් පත නිකුත් කළ බැංකුවට අදාල යන්ත්‍රයක්ම තිබිය යුතුය
ඩෙබිට් කාඩ් පතෙන් ඉහතකී ක්‍රියාවන්ට අමතරව වීසා කාඩ් පතක් සේ ක්‍රියා කරන හෙයින් සුපිරි වෙළඳසැල් හා ක්‍රෙඩිට් කාර්ඩ් ගනුදෙනු වලට ඉඩ සළසන ඕනෑම තැනකින්
ඔබේ ගිනුමේ ඇති උපරිම මුදල ට යටත්ව ගෙවීම් කළ හැක .
.එය ණය කාඩ් පතක් නොවේ ..ඔබගේ ගිනුමේ ඇති මුදල කාඩ්පත මගින් ගෙවීමට සළසන ක්‍රියාවලියකි .
.එසේම ණය කාඩ් පත් වළට ලබාදෙනු ළබන ඩිස්කවුන්ට් ආදියද බොහෝවිට මේ කාඩ්පත සඳහා ළබා නොදේ