මධුරියි කසාදෙයි- කෙටිකථාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මධුරියි කසාදෙයි- කෙටිකථාව

    උදේ පාන්දර හමා ආ මද සුලග ඇගේ හිරිගඩු මතු කලේය. පාට හේදී ‍‍ගිය.. පිපිරුනු බේසම ඉරිතැලුනු ලිං පඩියේ තියා පනිට්ටු දෙකක් වතුර පුරවා ගත් සුනිමල් ලහි ලහියේ මුහුන සෝදාගත්තේය. ඉරී ගොස් අන්ඩ දැමූ තුවා කැබැල්ලකින් යාන්තමින් පිසදමමින් කාලයකින් නොකැපූ රැව්ල ගැන කල්පනා කලේය." රැව්ලත් වැවිලා තමා. ඒත් කෝ කපාගන්න සල්ලි. කාට පේන්නද", සිතමින් ටකරන් හෙවිල්ලූ කුඩා නිවසට ඇතුලුවිය.බිත්තියේ ඇති මධුරි ඩික්සිත්ගේ දුර්වර්ණ වී ගිය ඡායාරූපය අත්ලෙන් පිස දමමින් ඇගේ සිනාව දෙස මද වේලාවක් බලා සිට, දරලිපේ ගොජ ගොජ ගාමින් නටන උනුවතුර කේතලය සීරුවෙන් ගෙන බෙලෙක් කෝප්පයට වත් කරන සුනිමල්.. කුස්සියේ ජනේලයෙන් එළිය බැලුවේය. බට් කොස් ගසේ ගෙඩි පිරී ඇත. ගෙඩි විස්සක් විතර හන්දියේ කඩේට දුන්නොත් හාල් තුනපහ ටිකක් ගත්තැහැකි.
    හදාගත් කහට කෝප්පය සීන් අල්ලත් සමග ලහි ලහියේ බඩට දාගත් හෙතෙම.. දුර්වර්ණ වූ කමිසයත් කලු දිග කලිසමත් ඇගලාගෙන නිවසින් පිටවිය.
    උදෑසන ලහි ලහියේ නිවසින් පිටත්ව පාසල කරා ඇදෙන දරු දැරියන් ඔහු පසු කරමින් ඉදිරියට ඇදේ.සන්සුන් ගමනින් පා තබන සුනිමල්ට ඈත හන්දියේ ජනාකීර්ණ බව ටිකින් ටික පෙනේ.
    "අන්න ශාරුක් ඛාන් යනවා.. හූ හූ.. කොල්ලන්ගේ උසුලු විසුලු දැං ඔහුට ගානක් නැත". කරබාගෙන ගමන් කලේය.
    හති දමමින් හන්දියට එන සුනිමල් කුඩා හෝටලයේ පසෙක වූ මේසයකින් වාඩි වෙයි. "මොනවද මහත්තයා කන්නෙ ?"
    " මට පාන් බාගෙකුයි පරිප්පුයි ගේන්න".
    හෝටලය තුල දමා ඇති ටෙලිවිශනයේ හින්දි චිත්‍රපට ගීයක් ප්‍රචාරය වේ. ඔහුටත් නොදැනීම ඔහුගේ මතකය අතීතය සොයා යන්නේ සැනකිනි.
    උසස් පෙලින් පසුව සාමාන්‍ය තරමේ රැකියාවක් කරන සුනිමල් සාමාන්‍ය කඩවසම් තරුණයෙකි.අනෙකුත් සෑම තරුණ‍යන්ට මෙන්ම ලස්සන තරුණියක් හා විවාහ වීමට ඔහුටත් හිත් කොනක යම් බලාපොරොත්තුවක් තිබින. මධුමාලි නමින් ඔ‍හුගේ ප්‍රදේශයේම තරුණියක් යෝජනා වන්නේ මේ දිනවලය. "පුතේ...."
    "ඇයි අම්මෙ..."
    "පුතේ.... මේ... මේ..."
    "මොකක්ද අම්මෙ..."
    "අපිත් දැං නහින දෙහින කාලෙ නෙ, "
    "හ්ම්...'
    "උඹ තනිකඩයා නොවෑ..."
    "හ්ම්ම්..."
    "උඹේ කල වයසත් හරි නොවෑ..."
    "හ්ම්ම් .. හ්ම්ම්... "
    "අපි උඹට කටයුත්තක් බැලුවා... "
    "හ්ම්ම ..."
    "අර ඉතාලි වත්තෙ වික්ටර් ගෙ බාල දුව.. මධුමාලි.. කියලා.. "
    "හ්ම්ම් හම්ම්... "
    "හැම එකටම බස්සා වගේ දොඩවන් නැතුව.. කියාපන්කො රුවො උඹ මනාපයිද කියලා... "
    "නෑ..."
    "ඇයි පුතේ ඒ.. උඹේ හිත දීපු වෙන කෙල්ලක් ඉන්නවාද කියාපං කො... එහෙනම් අපි ඒ පවු‍ලට කථා කරමුකො. "
    "එහෙමමත් නෑ... "
    "එහෙනං අපි කියන එකට ඇයි අකමැති ? "
    "මං ඒ ළමයට කැමතී නෑ අම්මෙ.. "
    "එහෙනං උඹ කැමති කාටද කියාපං කො රත්තරනේ.. "
    "මං කැමති අර බිත්තියෙ ගහලා ඉන්න මධුරි ඩික්සිත් වගේ කෙල්ලක්ට. බලන්න අම්මෙ එයාගෙ හිනාවෙ.. ලස්සන... "
    "ඈ බොල මෝඩයො.. උඹ හිතං ඉන්නෙ ඔය ඒරොප්පෙ ඉන්න ගැටිස්සියො ඇවිත් උඹට මනාප වෙයි කියලද.. නොදෝ‍කිං මෙහෙමං ‍දරුවො හිටියා ‍නෙ අපටත්... එකා යකාම තමා.. "
    අම්මා බැන බැන ගිය හැටි තාමත් ඔහුට මතකය.
    දිල් ශෝ එකේ ඇය සිනාසෙන් විදිහත් , දිල් තෝ පාගල් හි පිස්සු හැදෙන නර්ථනයටත් වශී වී සිටි සුනිමල්ට වෙන කිසිදු කෙල්ලක් ගැන සිත් නොවීය.
    සිනමාහලට මධුරිගේ ශෝ එකක් පැමිණි කල වැඩට නොගොස් දවසේ ශෝ තුනම නරඹන තත්වයටම හෙතෙම පත්විය.
    "පුතේ අර සුදාගෙ දුව නං හොදයි.. ඉයුම් පිහුම් එහෙමත් හොදයි. සීදේවි කෙල්ල... "
    "අපෝ එයාගෙ කොන්ඩෙ දිග මදි.. අනිත මධුරි වගේ සුදුත් නෑ..."
    "පුතේ අපි කතා කලා අල්ලපු ගමේ මාටිං මුදලාලිගෙ දුව ව.. සල්ලි බාගෙ උතුරන්න.. දරුවාත් ලස්සනයි හැඩයි, ලබන සතියෙ ලැහැස්ති වෙයං.. "
    "අපෝ.. ඒ කෙල්ලට පුලුවන්ද අම්මෙ තාලෙට නටන්නවත්.අඩුමගානෙ.. සංගීතයක් දැම්මම.. මධුරි වගේ තනකොල බිස්සක රෝල් වෙන්නවත් පුලුවන්ද.. එහෙම ගෑණු මට එපා.."
    ........

    " මචං.. උඹ ආසයි නේ ඉන්දියන් ඇක්ටර්ස් ලා ට. මෙන්න මචං චාන්ස් එක. මචං මගෙ යාලුවෙක් ඔය වගේ ආසා උන්ව රට යවනවා.. ලක්ස පහයි ඕනෙ වැඩේට. "
    "අම්මෝ මචං.. ලක්ස පහක් කොහෙන්ද... "
    "හපෝ ඇයි මචං... උඹලගෙ ගේයි ඉඩමයි තියලා පලයං.. ඉන්දියාවෙ චිත්‍රපටියක රගපෑවම ආයෙ හතරමහා නිධානෙ පහලඋනා වගේ තමා.. අනික මධුරි ව හම්බෙන්න තියෙනවා කිව්වම ලේසි ද බං. "
    "හ්ම්ම හ්ම්ම.. මං කල්පනා කරලා බලන්නංකො... "
    එදා පටන් සුනිමල්ගේ සිත රට යන අදහස කෙරෙහිමයි... මං රට චිත්‍රපටියකට යනවා.. යි කියමින් අගේට කරගෙන ආ රැකියාවටත් තිත තැබීය. දින දිනම ඉඩමේ ඔප්පුව ඉල්ලමින් මව හා රන්ඩු දබර කරන්නට පටන් ගත්තේය.
    අඩවැඩියාව නිසා බේරීමක් නැති තැන මව ඔහුගේ කැමැත්ත ඉටු කරන ලදී...
    කූඩුවෙන් බට කුරුල්ලෙකු සේ.. ලක්ස පහක් බැද ඉන්දියාවේ සිහිනය ඉටු කර ගැනීමට ඔහු පෙරුම් පිරුවේය.
    "මචං... මචං... දැං සතියකුත් උනා බං.. කෝ අරඋඹගෙ යාලුවා මොකුත් කිව්වෙ නෑ නෙ... "
    "ආ.. මචං.. මං දැං පොඩි බිස්නස් එකක් කරනවා.. උඹ පොඩ්ඩක් ගිහින් බලනවද ඒ ගෙදරට... "
    මිතුරාගෙන් ඉල්ලාගත් ලිපිනයට ගිය සුනිමල් එහි රැක සිටි පොලිස් නිළදාරීන්ගේ අතට හසුවුනු හැටි.... මත්ද්‍රව්‍ය වෙළෙදාම් කරන අයෙකුගේ නිවසෙහි රැදෙමින් මත්ද්‍රව්‍ය වලට මුදල් ආයෝජනය කලා යැයි ඔහුට විරුද්ධව නඩු විභාග වූ හැටි... රට්ටුන්ගේ කයි කතන්දර නිසා තම මෑණියන්ගේ සිහිය විකල් වී ඇය කාලක්‍රියා කල හැටි...
    දස අවුරුදු සිරදඩුවමක් ජීවිතේම කාලකන්නි කල හැටි.... අදුරු විමානයක් මැද ගිනි පුපුරු දැල්වෙන්නාක් මෙන් සුනිමල්ගේ සිත මැද මැවී පෙනෙන්නට විය...

    "මේ ඕයි... තමුසෙ රෑ වෙනකං ඕක කන්නද කල්පනාව" ? වියරු වැටුනු හෝටල් මුදලාලි ගේ මුහුන දෙස බැලූ සුනිමල්... රූපවාහිනිය දෙසත් අවසන් ‍බැල්මක් හෙලා.. බිල ගෙවා හොටලෙන් එළියට පැමිණියේය.


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ විරිඳුකාරය කිව්වනෙ ... මූ දැන් ලේඛකයෙක් වෙන්න ට්‍රයි කරනව :lol:
    :rofl: කාටද ආඩම්බර;) මම නිසා ලේඛකයොත් බිහි උනානෙ:rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    එළ කතාව බං. කෙටි කතාවක් නිසා කෙටියටම ලියලා තියෙනවා. මං ලියන හැම කෙටි කතාවක්ම අම්බානක් දිගයි. ලොල්. එළ එළ. දිගටම කවිත් එක්ක කතාත් ලියපන් :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me kathawa mage punchi hithata godak thadin waduna :(
    ane ube punchi sitha :oo::rofl:

    එළ කතාව බං. කෙටි කතාවක් නිසා කෙටියටම ලියලා තියෙනවා. මං ලියන හැම කෙටි කතාවක්ම අම්බානක් දිගයි. ලොල්. එළ එළ. දිගටම කවිත් එක්ක කතාත් ලියපන් :D
    :rofl:
    11.gif
    Thanks machan :D

    :P

    11.gif


    maxxa machan... lassanai... digatama liyapan...
    +Rep :)
    Thanks machan :)

    nice one machan. continue it. keep it up
    Thanks machan :)

    kathawanam maru....:yes:
    Thanks taira :D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    තමුසෙ රෑ වෙනකං ඕක කන්නද කල්පනාව :rolleyes::rolleyes::rolleyes: ?
    ela ela :yes:
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again :(
     
    Last edited: