පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා

නාමල් උඩුගම
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
    සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා
    අහස දෙදරා හඩන රෑ යාමේ කව්දෝ ආවා
    සිහිනෙ රග පෑවා හිනැහෙමුද කීවා

    හිත ගාව හිනහෙන්න දුන් කාලේ ඉවරයිද
    ඔබ උන්නෙ මා ගාව ඒ හීනෙ විතරයිද
    වස්සානෙ නැතුවාට මට ඉන්න ඔබ ගාව
    හිත ඉල්ලලා නෙත හඩනවා සයනයේ තනිවෙලා

    අහස දෙදරා හඩන රෑ යාමේ...

    හීනයේ ගෙන ආව පෙම් සිසිල විද ගන්න
    ලග ඉන්න සැනසෙන්න මට ආයේ තහනම්ද
    හිත හඩනවා තාම තේරෙන්නෙ නැතුවාද
    වස්සානයේ වැහි බිංදු සේ කදුලු දෑසින් ගලනවා

    අහස දෙදරා හඩන රෑ යාමේ...

    -Harini-
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......

    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි.....

    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මෙහෙණියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා..
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟවුන්නා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ ඈත සඳ වී පා‍යා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැ‍යේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

    අප දුරින් දුරක වුව තනි‍යේ
    නෙත් සරින් පමණි හමුවූ‍යේ
    ඒ ඈත් බවිනි හද පතුලේ
    සෙනෙහසේ සොඳුරු බව පිරුනේ

    මධු සඳ තරුවද හමුවීලා
    සිටි‍යද ඔබ මා ලංවීලා
    ඒ දුරක එදා අප පිපිලා
    තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා

    -බණ්ඩාර අතාවුද-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙහෙණියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟ උන්නා

    නාමල් උඩුගම

    මෙහෙණියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා..
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟවුන්නා..
    :rolleyes: නංගි ..

    ළඟවුන්නා හාකෝ
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කඳු අතරේ බැඳි
    මීදුම් පටල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගමු
    නිම්තෙර නොබලා
    මිලානවී යන අපගේ ආලේ
    මිලානවී යන අපගේ ආලේ

    - ආත්මා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිහිනයේ පාවෙලා ඇවිත් මා ලගින් සැතපුනා
    මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා
    සීතලේ ගතට ලං වෙල රහසකුත් කොදුරලා
    ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා
    මිහිරාවියේ… සිහින කුමරි
    මගෙ ආදරේ ඔබයි කුමරි
    මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ…
    සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කලා
    ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
    පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා
    සමනල්ලු මල් රොන් සොයා පියඔලා දුර ගියා
    මිහිරාවියේ…
    සිහිනයෙන් අවදි වී ඉතිං මා ඔබව සෙව්වා
    ඔබ සිටියේ නෑ මා ලගින් ආයෙ මා තනිවෙලා
    සමනල්ලු රැනේ ඔබක් පියඹල ගියාදෝ
    ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ
    මිහිරාවියේ…//
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විඳින්නෙ
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කඳුලැලි සලන්නේ //

    ඔබෙන් වෙන්වි ගෙවන මොහොතද
    කල්පයක් වී දැනේ නම්
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
    සිතා ගන්නෙ කෙලසෙදෝ

    සිතක් කෙලෙසද......

    සුසුම් කඳුලැල් සිහින පමණක්
    උරුමයන් වී සදාකල් //
    සතුට මොහොතක මිරිඟුවක් වී
    බිඳී යන්නේ ඇයි මෙසේ


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳකැන් වැසිලා අඳුරේ එතිලා
    ඝණදුරු රෑ තනිකම නෑ
    සො‍යා එන්න ඝණදුර තරු නිවලා
    මගේ එලි‍ය අද ඔබ පමණි

    ජීවිතම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසි‍යෙක් සො‍යනු දැනේ

    මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන ඉඳිමි බලා
    මේ ලොව ‍යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තල‍යට පවරා

    -වික්ටර් රත්නා‍යක-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Peradaaka Susumak - Thikshana Anuradha

    359ipte.png
     
    • Like
    Reactions: rcccc and Rex921

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    hes-just-a-lonely-boy-paul-w-sharpe-aka-wizard-of-wonders.jpg


    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා.. ඈ ගියා කියා...... මා දමා
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

    පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ..//
    ඔබ දන්නෑ
    අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා.. ඈ ගියා කියා...... මා දමා
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

    සිත හෑගුමන් වෙදනා
    මට නොකියා පවුනා...//
    ඔබ නෑතිදා
    මා ලගින් මා සිතින්
    ඔබ ගියා කියා...

    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා.. ඈ ගියා කියා...... මා දමා
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා
    ……
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් හීනයේ රෑ පුරා
    ළංවී හැඟුම් ගේනවා
    මල් හී අරන් මල්සරා
    හිත් මානයේ හැංඟුනා

    පෙම් හීන බෝ මැවුවත් තුන්යාමයේ
    විස්සෝපයෙන් පෑරේ මේ ජීවිතේ
    මානෙන් බෝම නෑයන් රෑන මායිම් දැල් ගසා
    ආලෙන් ලෝල හෘදේ ගින්න අවුලයි ඇස් වසා

    දුක් ගින්න ඇවිලූවත් නිස්කා‍රනේ
    මේ ආදරේ සිහිලැල් වැස්සක් වගේ
    බෝ සංතාප සෝ සංකාව වාවන්නේ කෙසේ
    නෑ මං ආයෙ වෙන්වෙන්නේ ම නෑ කොයි ලෙසේ

    මල් හීනයේ ..............


    ගායනය :- හේෂ් හා යමුනා විමලසේන
     
    • Like
    Reactions: m3pium

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වැසි බිදු සේම සැලේ
    පිණිබිදු දෑස තෙමේ
    අඩන්නෙ ඇයි සොදුරේ
    කොහොමද ඔය හිත රිදුනේ

    මිලාන නීල නුවන්
    බලාන සුසුම් හෙලන්
    හිදින්න බෑ මැනිකේ
    හිනා වෙන්නපුරුදු ලෙසින්

    වැසිබිදු සේම සැලේ...

    බනින්න ඇති තරමක්
    හිත තව ඔබෙ රිදෙනවනම්
    මැනිකේ අහක බලන්
    ඉන්න එපා තරහින් නම්
    බලන්න එන්න හිතන්
    තරු කැට මා ගැනපු තරම්
    දන්නේ පුර අහසයි
    සත්තයි බොරු නොකියමි මං

    වැසිබිදු සේම සැලේ...

    ආවේ සිදාදියෙන්
    නොවෙනස් වූ එකම සිතින්
    කොහොමද නපුරු උනේ
    ආදරයෙන් පිරුනු හිතක්
    ඔය තරමට සැක නම්
    කුමටද සිත් රිදවන්
    මම සමුගෙන යන්නම්
    සොදුරියෙ ඔබ සැනසේ නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කාසි සොයල මහ ලොකුවට ඉතුරු කරල නෑ
    ඉතුරු කරපු කාසි වලින් ඉඩම් ගත්තෙ නෑ
    කොළඹ හතේ තට්ටු ගනන් ගෙවල් හැදුවෙ නෑ
    පිටරට ගියාට අපි ළඟ ඔය බොරු සෝභන නෑ

    කාසි සොයන්නට සිතමින් පිටරට යනවා
    ගෙදර පවුල දරු පැටවුන් අමතක වෙනවා
    අනේ අපොයි රෑ දහවල් සූදු කෙළිනවා
    දන්නෙම නැතුවම මිනිසුන් තිරිසන් වෙනවා

    සල්ලි තියෙනකන් යාලුවො ගොඩක් ඉන්නවා
    වැරදුණාම ගෙදර පවුල යලි සිහිවෙනවා
    කරපු වැරදි සිහිවෙනකොට සිත ලතවෙනවා
    අතේ සතේ නැතුව ආයෙ මෙරටට එනවා

    අපි කාසි සොයල ............


    ගායනය :- චන්දන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දැනුනා සිත රිදුනා
    මට දැනුණූ දුක දන්න නිසා
    නුඹට දුකක් නොපතමි කිසිදා
    මා හැර ගිය දිනේ මා හැර ගි‍ය දිනේ
    මා හැර ගිය දිනේ වැළඳ මුසා
    සිතේ රිදුම් මතකයි සැමදා

    මගෙ සිත තැවුණු තරම් රිදිලා
    නොරිදූණු නුඹේ සිත නැත හඳුනා
    කඳුළැලී කඳුළැලී කඳුළැලි අතරින් නුඹව මවා
    යලි යලී යලි යලී යලි යලී පැතුවේ නුඹව තමා
    නුඹව තමා

    මට දැනුණූ දුක ...............


    ගායනය :- දිමංක වෙල්ලලගේ
     
    Status
    Not open for further replies.