මරණයෙන් බේරා ගත් එළදෙනට
මඩුව හැදූ තාත්තා වහළයෙන් වැටී මිය ගියා
මඩුව හැදූ තාත්තා වහළයෙන් වැටී මිය ගියා
බිරිඳ විසින් මුදල් ගෙවා ජීවිතය බේරා ගන්නා ලද එළදෙනට ගව මඩුවක් හැදීමට ගිය සැමියා ගව මඩුවේ වහළයෙන් පහළට වැටි සිදුවූ අනතුරින් මරණයට පත්වීමේ ශෝක ජනක සිද්ධියක් රුවන්වැල්ල පොලිස් වසමේ වහරක වැද්දාවල ගම්මානයෙන් 6 දා අසන්නට ලැබිණි.
මෙසේ මියගොස් ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචි රණසිංහ ආරච්චිල්ලාගේ ඇඩ්වින් සිංඤො නම් 75 හැවිරිදි දෙදරු පියෙකි.
කරවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේදී හදිසි මරණ පරීක්‌ෂක සාම විනිසුරු එච්. එම්. ජී. ඩබ්ලිව්. පරුස්‌සැල්ල මහතා ඉදිරියේදී පැවැති පරීක්‌ෂණයේදී සාක්‍ෂි දුන් මියගිය අයගේ පුතාවන ආර්.ඒ. නිහාල් සරත් කුමාර රණසිංහ මහතා (36) මෙසේ පැවැසීය.
මියගොස් ඇත්තේ මගේ පියායි. අපේ අම්මා මීට දිනකට පෙර මරණයට ගෙන යන එළදෙනක් පිං පිණිස මුදල් ගෙවා බේරා ගත්තා. මේ සතාට වැස්‌සට ගෙයක් හදමු කියලා අපි ගව මඩුවක් ගෙට උඩහ ඉඩමේ හැදුවා.
මේ හැදූ ගව මඩුවේ පොල් අතු ටික සුළඟට ඉහළ යන නිසා ඊට බරක් තියන්න කියල තාත්තා ඉනිමගක් අරගෙන එතනට ගිහින් වහළයට ගොඩවී තිබුණා.
අම්මා කෑ ගසන ශබ්දය ඇහිලා මම එතනට එන විට තාත්තා බිම වැටිලා හිටියා. අම්මා තාත්තාගේ හිස කෙලින් කරගෙන හිටියා. පෙන්න ලොකු තුවාලයක් තිබුණේ නෑ. අපි ඉක්‌මනට තාත්තාව කරවනැල්ල රෝහලට ගෙන ආවා. ඒත් දොස්‌තර මහතා කීවා ඒ වන විටත් තාත්තා මිය ගිහින් කියලා යෑයිද පැවැසීය.
පශ්චාත් මරණ පරීක්ෂණය කරවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ජීවන්ත විමලරත්න මහතා විසින් සිදු කරනු ලැබූ අතර රුවන්වැල්ල පොලිසියේ පො.සැ. (43235) හේමන්ත, මහතාගේ සාක්‌ෂි මෙහෙයවීම මත ලැබුණු සාක්‍ෂි, වෛද්‍ය වාර්තා ඇසුරින් මෙය වහළයෙන් පහළට වැටී සුසුම්නාවට සිදුවූ බරපතළ හානි නිසා සිදුවූ රෝගයක් බවට මෙහිදී තීරණය විය.
හරක් ගේ බෙලි කපන උන් පන පිටින් ඉන්න කොට බයිට් එකට උන්ගේ ගාත් කපන යන අමන මිනිස්සු ඉන්න කාලෙක මේ වගේ උතුම් වැඩක් කරපු මේ මනුස්සයාට වුන දේ බලපල්ලා
.හොද මිනිස්සුන්ටම ඇයි මෙහෙම වෙන්නේ

