ගෙවල් දොරවල් පිරිසිදු කිරීම -
සිංහල අලුත් අවුරුද්ද උදාවට පෙර සියළු නිවෙස් පිරිසිදු කෙරෙන අතර, තමන් ඉන්නා ස්ථානය මනා සිත්කළු අන්දමට සැකසෙන්නේය. ඒ අලුත් ජීවිතයක උදාවක් සනිටුහන් කිරීමටය. මේ සදහා ඔබගේ හාඩ් එක ෆෝමැට් කරනු මැනවි. එසේ කිරීමට නොහැකි නම් Defragment කරනු මැනවි. සියළු දත්ත පිළිවෙලකට සකසා, නව අලුත් අවුරුද්දට බැති සිතින් මුහුණ දීමට නම් බෑඩ් සෙක්ටර්ස් ඉවත් කොට, වැල පාට්ෂන් පවා මුලින් උපුටා දමනු මැනවි. ඉක්බිති සියළු පැතුම් ඉටුවන නැවුම් අලුත් අවුරුද්දකට ඔබ සැමට ශක්තිය බලය ජවය ලැබෙනු ඇති.
නොනගතය / පුණ්‍ය කාලය -
නොනගතය යනු කිසිම ක්‍රියාවක් කිරීමට සුදුසු කාලය නොවන බව ජෝතිෂ්යෙව්දියෝ කියත්. එනිසා නැකතක් නැති එවන් මොහොතක කිසිම කාර්යයක නියුක්ත නොවී පුණ්‍ය කටයුතු වල යෙදෙනු මැනවි. ඒ සදහා බුකියේ Offline දමා තැබිය යුතු. සියළු හාද කම් තාවකාලිකව නවතා දැමිය යුතු. එසේම පුණ්‍ය කාලය බැවින් වැල සයිට් බ්ලොක් කර තබනු මැනවි.
අලුත් අවුරුදු උදාව -
සූර්යයා මීන රාශියෙන් මීන රාශියට පැමිණීමත් සමගම අලුත් අවුරුද්ද උදා වන්නේය. පැරන්නෝ මෙය මහා මංගල්‍යයක් ලෙස පිදුම් ලැබුවෝය. සෑම නිවසකම පාහේ රතිඤ්ඤා සද්ද පැතිරෙන්නේය. එය හුදෙක් රටම එකළු කිරීමක් බදුය. එසේ උදාවන අවුරුද්දට නැකතට ඔබේ ලැප් එක/ පරිගණකය ක්‍රියාත්මක කරනු මැනවි. නිවැරදි වේලාවට හරියටම පවර් බට්න් එක ඔබා සියළු කටයුතු ආරම්භ කරනු මැනවි. පරිගණකය ක්‍රියාත්මක කිරීමේදි එන බීප් හඩ එදා රතිඤ්ඤා හඩට සමානය. එසේ සියළු රට පුරාම පැතිරෙන බීප් හඩ රටම එකම තැනකට ගෙනෙන්නේය.

Thanks to SAM Creations