අපේ ගෙදරට නයෙක් ආවානේ.

Kuchuwa

Member
Apr 6, 2013
59
7
0
අපි ගෙදර ආපු කරන්ට් නොවැදී සිටි නයා

අපේ ගෙදරට නයෙක් ආවානේ

3258134501_359df8ffd2.jpg



අපේ ගෙදරට හවස නයෙක් ආවනේ බන්.හෙන තඩි නයා.මම දොස්තර වුනාට නයින්ට හෙන බයයි.ඔන්න නයා මිදුලේ ඉඳලා ඉස්තෝප්පුවට ආවා.අපේ Solar එක තියෙන්නේ ඉස්තෝප්පුවට උඩින් නේ බං.අන්න එතනදි නයා පෙනේ පුප්පලා වටේ බැලුව.මම ලයිට් එක දැම්ම.එතනට දාලා තිබ්බේ supermarket එකෙන් ගත්ත Solar Powered (12V) LED එකක්.ඒකේ එලියට නයාගේ "ප"ලස්සනට පෙනුන බං.:angry::rolleyes:

ඔන්න ඊළඟට සාලෙ තිබ්බ සීලින් ෆෑන් එක යටට ආවා.ඔලුව උස්සල බැලුව.එවෙලෙ ෆෑන් එක දාලා තිබ්බේ.ඊලඟට මූ අපේ හෙන තඩි LCD TVඑක ලඟට ගියා.ඒකත් එවෙලේ දාලා තිබ්බේ.LCD නේ බන්.කරන්ට් එක යන්නේ නෑ.:yes:

ඊලඟට නයා එතන තිබ්බා ටේබල් ෆෑන් එකට ලඟට ගියා.මූ මාර නයෙක් බන්.මූ එතන තිබ්බ ස්විච් එක දැම්මනේ පෙනේ උලුක් කරල.මම සද්ද නැතුව හිටියා ඇයි අපේ solar එක තියෙනවනේ.:yes:

ඊලඟට නයා ගියා කෑම කාඹරේට.එතන තියෙනව අලුත්ම ෆ්‍රිජ් එකක්.ඒක හෙන තඩි දොර 4 ෆ්‍රිජ් එකක්.නයා එතන අස්සට රින්ගුව.මට බය හිතුන නයා ෆ්‍රිජ් එකේ පිටිපස්සේ නෙට් එකේ හිර වෙලා කරන්ට් වදීද කියල.හැබැයි එහෙම වුනොත් හොඳයි කියල හිතුන.මොකද මට උගෙන් අලුත් කෑමක් හදල එළකිරි එකේ පෝස්ට් කරන්ඩ තිබ්බ.පස්සේ මතක් වුනේ නෑ ෆ්‍රිජ් එක පැය 2 කට ඕෆ් කරල තියෙන්නේ කියල.:rolleyes:

ඔන්න ඊලඟට නයා පෑන්ට්‍රියට නැග්ග.මීයෝ හොයන්ඩද දන්නේ නෑ.ඊලඟට ඉව කර කර ඉඳල මූ කෙලින්ම ආවේ කුස්සියට.එතනත් තියෙනවනේ ෆ්‍රිජ් එකක්.පවුලගෙන් දෑවැද්දට හම්බවුනේ.ඒක නම් ඔන් කරල තිබ්බේ එවෙලේ.මූ එතනත් ඉව කලා.ඒ හැමතැනම Solar Powered (12V) LED වලින් එළිය කරල තියෙන්නේ.:yes:

ඊලඟට ගියා මූ රයිස් කුකර් එක ගාවට.එවෙලෙ අපේ වයිෆ් බත් උය උය හිටියේ.එයා කෑ ගහනව බයේ.අපේ ගෙදර බත් උයන්නේම රයිස් කුකර් එකේනේ මචංල.නයා බත් සුවඳට එතනට ගියේ.:yes:

නයා ඊලඟට බ්ලෙන්ඩරේ ,ග්‍රයින්ඩරේ තියෙන තැන්වලත් ඉව කලා.එතන තිබ්බ විදුලි කේතලේ.අපි දවස්ට දෙපාරක් වතුර උණු කරන්නේ ඒකෙන්.ඇයි අපිට සෝලාර් එකක් තියෙනවනේ බන්.එතන තව ටේබල් ෆෑන් එකකුත් තියෙනව.කෑම උයද්දි දාඩිය දානකොට ඒක දාගන්නව.දැන් නයා මෙතන.:baffled:

නයා ඊලඟට යූටර්න් ගහල ආවා නාන කාඹරේ ගාවට.එතන තියෙනව අපේ ෆුලි ඔටෝමැටික් වොෂින් මැෂින් එක.12Kg.අපි හැමදාම රෙදි හෝදන්නේ ඒකෙන්.ඒ වෙලේ ඒක ඔන් කරල තිබුනේ.අපේ බබාගේ කක්කි ගෑවිච්ච ඇඳුම් දෙක තුනක් ඒකේ හෝද හෝද තිබුනේ.ඒකේ සද්දෙට නයා එතනින් පටස් ගාලා මාරු වුනා.ඊලඟට ගියේ අපේ නාන කාඹරේට.:dull::frown:

අපේ ගෙදර වෝටර් හීටර් එකක් තියෙනව.ඒකෙන් තමා අපි හැමදාම පවිත්‍රතා කටයුතු කරගන්නේ.ඇයි අපේ සෝලාර් එකක් තියෙනවනේ.Solar Powered (12V) LED බල්බුත් තියෙනව.නයා ටිකක් වෙලා ඔතන හිටියා.:no:

ඊලඟ නයා ආවේ අපේ කාඹරේට.එතන තියෙනව අපේ අයන් එක.ස්ටීමර් එකක්.හැමදාම ඇඳුම් මදිනව ඒකෙන්.නයාටත් හැව මැදගන්ඩද මම දන්නේ නා එතන හිටිය ටික වෙලාවක්.ඊලඟට ගියා මගේ ඩෙක්ස්ටොප් කම්පියුටරේ ගාවට.වැලක් බලන්ඩවත්ද දන්නේ නෑ.ලඟ ඉඳන් බලන්ඩ හොඳ නැති හින්ද මම දාලා තියෙන්නේ එල්සීඩී ස්ක්‍රීන් එකක්.සෑහෙන ගානක් ගියා.ඉතින් නයා යනව යනව කෙලවරක් නෑ.ඊලඟට ගියේ කාඹරේ තිබ්බ 3 වෙනි ටේබල් ෆෑන් එක ගාවට.ඒක දාලා තමයි හැමදාම රෑට මමයි වයිෆුයි ඔට්ටු සෙල්ලම් කරන්නේ.ඇයි අපේ සෝලාර් එක තියෙනවනේ.:rolleyes::yes:

ඊලඟට නයා යන්ඩම යන්ඩ කියල හැරිලා ආපහු සාලෙට ආවා.ඇවිල්ල එතන තීයෙනව අපේ තේක්ක සැටි එක.ඒකේ ටීපෝ එක උඩ මාසේ ලයිට් බිල් එක තිබ්බ.නයා ඒක උඩින් ඉව කර ගියේ.අපේ සෝලාර් එකක් තියෙන හින්ද රු 1600 ක් වගේනේ බිල එන්නේ.නයා ඒකත් බලලා "ෆූස්" කියල පෙනෙත් පිප්පුව.හම්මෝ ඇති යන්තන් මෙන්න නයා ගෙදරින් එලියට ගියා.කොහොමද නයා.?.පිස්සු හැදෙනවා නේද?


හඳුනාගත්තොත් ඔබ මා :lol:

 
Last edited:

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    නාන කාමරේට ගිහින් නායා බෝකක් එහෙම දාල ගියේ නැද්ද.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශ්‍රීෙබා්යි ට හොද කරන්න ගිහින් වදින මඩක් මේක.. මේකට තමයි කියන්නෙ ඉසිරියාව කියල... තොපිට හොදක් කරත් වැරදියි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැඩේ හොදයි..... ඒත් මේක දාන්න අළුත් ID එකක් හදාගෙන එන්න තරම් කොන්දක් නැති වෙච්ච එක තමා අවුල...... :(

    Sri මාමා, ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා තමා..... ඒකේ තියෙන සමහර කරුණු ගැන එච්චර Sure නැති උනත්, ලයිට් බිල අඩු කරගැනිල්ලක් ගැන, හිතන කෙනෙක්ට, ගන්න ගොඩක් කරුණු ඒකේ තියෙනවා...... :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නයා වෙන්න ඇති:D
    නැහැ ඔය කමෙට වචන බාවිතා කරන 3 දෙනෙක් ඉන්නවා ඔනනම් කවුද කියලා
    හොයලා කියන්නම්:D:P

    මෙතන යන්නෙ මඩක් ගහන එකක් කියලා පස්සෙ තෙරුනෙ :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැඩේ හොදයි..... ඒත් මේක දාන්න අළුත් ID එකක් හදාගෙන එන්න තරම් කොන්දක් නැති වෙච්ච එක තමා අවුල...... :(

    Sri මාමා, ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා තමා..... ඒකේ තියෙන සමහර කරුණු ගැන එච්චර Sure නැති උනත්, ලයිට් බිල අඩු කරගැනිල්ලක් ගැන, හිතන කෙනෙක්ට, ගන්න ගොඩක් කරුණු ඒකේ තියෙනවා...... :yes:

    2008 ඉදලා ඉන්න එකෙක්ගෙ මෙ එකවුන්ට් එක:yes:;)