මහත්තයා ශිෂ්‍යත්වෙ පාස්ද?

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මහත්තයා ශිෂ්‍යත්වෙ පාස්ද?

මේක මේ අද උදේ මම ආපු බස් එකේ වෙච්ච සිද්දියක්.

කඩවත ඩිපෝවෙ 154 කඩවත-බම්බලපිටිය බස් එකක්. එකේ දකුණු පැත්තෙ සීට් 3යි, වම් පැත්තෙ සීට් 2යි විදියට තමයි තිබුණෙ. උදේම පොඩි වැහි පොදයකුත් තිබුණ නිසා බස් එකෙත් සෙනඟ පිරිලා හිටියෙ. මේ බස් එකේ අනිත් බස් වල තරම් සෙනඟ පටවගන්නත් බෑ. මිනිස්සු හරියට තෙරපෙනවා මේකෙ සීට් තියෙන විදිය නිසා.
School-Bus-Clipart.jpg


කොහොමින් කොහොම හරි බස් එක ට්‍රැෆික් වලට අහු වෙලා පොද වැස්සෙම පෑලියගොඩ හරියට එද්දි හොඳ ගාණට සෙනඟ. ඔන්න අපේ ඩ්‍රයිවර් උන්නැහේට අසූ හාරදාහට මල පැනැලා ඌ කොන්දොස්තර උන්නැහේට කෑගහනවා "ඔය පිටිපස්සෙ ෆූට් බෝඩ් එකේ ඉන්න අය ඇතුල් කරගන්න, නැත්නම් බැහැලා වෙන එහෙක එන්න කියන්න" කියලා. කොන්දත් මුළු බස් එකම දෙවනත් වෙන්න කෑගහනවා.
funny-bus-conductor-only-in-india.jpg


අනිත් බස් වල වගේ මේ බස් එකේ නිතරම ඉස්සරහටයි පස්සටයි කොන්දාට දුවන්න බෑ මේකෙ තියෙන සීට් වලට පිංසිද්ද වෙන්න. බස් එකේ මැද හරියෙ ඉන්න එවුන් එකා එකා අතේ සල්ලි පාස් කර කර එවනවා ටිකට් ගන්න. ඔන්න එක පාරටම මෙන්න මේ වගේ දෙබසක් ඇහෙනවා මට...

කොන්දොස්තර: ඔය මහත්තයා ශිෂ්‍යත්වෙ පාස්ද?
එකෙක් වත් නෝ සිනා නෝ කථා

කොන්දා ආයෙ සැරෙන් අහනවා
කොන්දොස්තර: ඔය නිල් පාට කමිසයක් ඇඳගෙන ඉන්න මහත්තයා ශිෂ්‍යත්වෙ පාස්ද?

මඟියා: නෑ...

කොන්දොස්තර: අහනකල්ම ඉන්නවා, සල්ලි දීලා ටිකක් එකක් ගන්න.

මම කල්පනා කළා, යකෝ දැන් බස් වල යන්නත් අධ්‍යාපන සුදුසුකම් ඕනිද? අනික කොන්දාට මොකටද ඕවා? අර මෝඩ මනුස්සයා මොකටද කොන්දා ඕවා අහනකොට උත්තර දුන්නෙ? දැන් මට ප්‍රශ්ණ කෝටියයි. මම බැරිම තැන එහා පැත්තෙ හිටපු තඩියාගෙන් ඇහුවා සීන් එක. බැලින්නම් කොන්දා අහලා තියෙන්නෙ.
man_thinking_1.gif


ඔය මහත්තයා සීසන්ද (season) පාස්ද? (pass) :lol: :lol:

මේ සීන් එක වොයිස් එකෙන්ම දෙන්න ඕනි නියම අයිඩියා එක දෙන්න. ඒත් මේ විදියට උඹලාට තේරුණා නම් උදේම මගේ අහිංසක කන් දෙකට හිනා වෙයල්ලා.