මම හිතන්නේ බැලුම් ගල කරලා තියෙන්නේ අනවශ්‍යය වැඩක් මොකද මිනිස්සු තමන්ගේ කැමැත්ත ඇතුව, කාටවත් වදයක් නැතුව තමන්ව තෘප්ත කරගන්න වැඩ පාඩුවේ කරගෙන ඉන්න එකට හොට දැමීමක් මෙතන වෙලා තියෙන නිසා. Wikipedia එකේ මම මේ ගැන කියවලා තියෙන හැටියට මේකට කියන්නේ BDSM කියලයි. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි ,ඊට වඩා රටේ ප්‍රශ්ණ තියෙනවා අද කථා කරන්න, විශේෂයෙන්ම වැඩිවන ජීවන වියදම, මන්ත්‍රීලා ඇමතිලගේ ගසාකෑම්, රාජ්‍යය අංශ වල අක්‍රමිකතා, වගේ සෑහෙන වංචා දූෂන මේ රටේ වෙනව එහෙම තියාගෙන මේ කිසිම වැඩ කට නැති ,අනුන්ගේ කාමර ඇතුලේ වෙන දේවල් රටේ ප්‍රචාරය කිරිම කිසිම තේරුමක් නැති වැඩක්. ඇත්තටම ගත්තම එහෙනම් ස්වයං වින්දනයත් වැරදියි මොකද ඒකත් කාමයේ වරදවා හැරිසිමක් නේ, ඉතින් ආගම කර උඩ තියාගෙන අදහන්නේ නැතුව මුස්ලිම් මිනිස්සුන්ගේ ගානට අපිත් වැටෙන්නේ නැතුව ජීවිතය විනෝදශීලි ලෙස ගත කරන්නයි අපි පුරුදු වෙන්න ඕනේ.