සියදිවි නසා ගැනීම පාපයක් නමුත් මෙම ස්වාමීන් වහන්සේගේ ඒකායන අධිෂ්ඨානය සතුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගැන්ම නම් එය දිවි දෙවැනි කොට කළ පරමත්ත පාරමිතාවක් වනු ඇත.එම සියදිවි නසා ගැනීම හුදෙක් අහිමි වීමක් හෝ කළකිරීමක් තුල කළ පෘතඡඤන සියදිවි නසා ගැනීමකට තැත් කිරීමක් නොව එය ශ්‍රේෂ්ඨ වන්නේය..තෙරුවන් සරණයි!
ම දන්නා අකාරයට ඔබ පරමත්ථ පාරමිතාව ගැන නොදන්නා හැඩයි ! ජාතක කතාවෙ නම මතක නැහැ මට . අපේ බුදු හාමුදුරුවෝ මෛත්‍රී පාරමිතාව පුදන කාලේ රජ සැප අත් හැරලා භාවනා කරන කොට එක්තරා කන්ඩායමක් ඇවිත් එක අතක් කපනවා ඒත් වෛර කරන්නේ නෑ , මෙහෙම පන යනකන් එක එක අවයව කපනවා ඒත් වෛර කරන්නේ නෑ මෛත්‍රිය මයි වඩන්නේ . දිවි පරදුවට තබා පාරමිතා රැඛිමක් වෙන්නේ මෙහෙම , නැතුව ඔයා මගේ අත කපන්න මරන්න කියලා ඊට පස්සේ මෛත්‍රී කරල වැඩක් නෑ. තව සංඛපාල නා රජුගේ කතාව ගන්න පුළුවන්
//සංඛපාල නා රජු පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ උපෝස්ථ සීලය රැක්කේ ය. දිනක් වැද්දන් දාසය දෙනෙකුට මෙම නා රජු අසු වී අට පළකින් ශරීරය විද කටු සහිත වේවැල් දමා කඩලාගෙන යද්දී විෂ ධූමයක් හැර ඔවුන් මරා නො දැමුවේ සීල භේදයට බියෙනි. පසුව ආලාර නම් කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට කහවණු දී නා රජු නිදහස් කර යැවී ය. දිනක් නර්මදා නමැති නා රජු බුදුරදුන් ස්වකීය භවනට වඩමවා දන් පැන් පුදා පූජනීය වස්තුවක් ඉල්ලූ විට නර්මදා නදී තීරයෙහි සිරිපා ලාංජනය පිහිට වූ සේක. අප ගෞතම බුදුරදුන් බෝධිසම්භාර ධර්ම පුරන කාලයෙහි විපස්සී බුදුරදුන්ගෙන් දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජකු ව සිටියදී ය.
//
විෂදුම පිටකර වැද්දන් මරා දිවි රැක ගැනීමට ඉඩ තිබියදීත් එසේ නොකර දිවි පරදුවට තබා සීලය රැකීම තමයි පරමත්ථ වෙන්නේ ! නැතුව නා රජුන් ඕන කමින් වැද්දන්ට අහුවෙලා කරාම වැඩක් නෑ , මේ මගේ මතය




