කව්ද කියන්නකො ලස්සන නංගී...........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද කියන්නකො ලස්සන නංගී...........

    පාට පාට මල් හීනෙක පැටලී......
    පාර පනින්නෙත් කොල් එකෙ එල්ලී...
    නිච්චිය නෑ උඹ දැක්කට හැංගී....
    කව්ද කියන්නකො ලස්සන නංගී...........

    ඕ... මූන එක පාටයි.. බෙල්ල එක පාටයි...
    ඇදුමත් දිලිහෙන්නේ...........
    සංගීතෙකට යනවද... බයිස්කෝප් යනවද..
    නෑ මට වැටහෙන්නේ..............
    කර කාරෙ බදින්නට මං හරි ආසයි...
    මගෙ හිත උඹෙ වෙන්නේ........
    ඕ ලැජ්ජා හිතිලද පය ඉක්මංකර..
    මා තනිකර යන්නේ......................

    කොට ගව්මේ සිට ජීන්ස් එක වෙනකං...
    අල්මාරියෙ රෙදි මට මතකයි........
    අම්මා දන්නෙ නැති ඇදුම් තියෙනවද..
    මට නං ඒවත් හොද පුරුදුයි........
    සාය හැට්ටෙ හැම දාම නැති උනත්...
    සංවරකම උඹෙ ඇගට ගුනයි....
    පිටරට පන්නෙට ඉන්නට හිටියත්...
    ඔය ලැසි ගමනට මං ආසයි........

    කාසි බාගෙ අත නැතුව ගියත් උඹෙ...
    සෙලවෙන ඉමිටේශන් මාලේ..........
    කර වටලා ඉර එලියෙ දිලෙන්නේ.....
    දුක අවුලන්නද හිතෙ මාගේ............
    කාර් බාර් නැති නං මක් වෙනවද...
    යන්න වරෙං පුට් බයිසිකලේ........
    සුයිප් එකක් අරගෙන මං ඉන්නේ...
    අදුනොත් යමු අපි බෙන්ස් එකේ......

    නැන්දා මාමා ඔහෙ කථා කියද්දෙං...
    මං නෑ නොවැ ගානට ගන්නේ.........
    ගොඩ මඩ හින්දා අත සරු වෙන්ටා...
    කන්දෙ දෙවොලෙ පිහිටක් වෙන්නේ....
    මැණික් කැටේ උඹෙ කුසුඹත් මට ඇති...
    ගේ දොර සරු වී ඉතිරෙන්නේ.........
    සුද්දෙක් වාගේ ගෙදර ඇවිල්ලයි
    නෝනෙව මං කැන්දං යන්නේ..........


    පාට පාට මල් ;):love::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif



    ලගදීම මුටත් කෙලවෙයි වගේ
    ,,,, +10 ,,,,
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්......:lol::lol::lol:
    උඹට හොඳ නිරීක්ෂණ හැකි‍යාවක් ති‍යනවා වගේ නේද........
    :P:P:P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සුද්දෙක් වාගේ ගෙදර ඇවිල්ලයි
    නෝනෙව මං කැන්දං යන්නේ..........

    :) :)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ;):lol:
    කාර් බාර් නැති නං මක් වෙනවද...
    යන්න වරෙං පුට් බයිසිකලේ........
    සුයිප් එකක් අරගෙන මං ඉන්නේ...
    අදුනොත් යමු අපි බෙන්ස් එකේ....


    avatar312790_49.gif