අහිමි තාරකාවී..

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අහිමි තාරකාවී..

    hbcx.jpg



    මා උන් දා පුර සඳ දිහා බලන්

    එක තරුවක ඉඩගෙන ලඟින් ඉඳන්
    නුඹ පිරවූ වග මගෙ හිතම ඉතින්
    දැන ගත්තේ ගිය දා මගෙ අහසින්...

    හිත අඳුරට මැණිකක් වී දුලමින්
    අවතැන් උනු මසිතට තනි රකිමින්
    නුඹ මා ළඟ උන් වග දැනුනා නම්
    මේ කඳුළු මගෙ නොවේවී රන්...

    සඳ එළියෙන් වී මගෙ නෙත අඩවන්
    තරු කැකුළට බෝ දුක් දුන්නා මං
    දුක උහුලාගෙන විඳ නෙක අවමන්
    එක රැයක් නෙවේ නුඹ උන්නේ රන්...

    නුඹ යළි නේනා මගෙ සිත් අහසින්
    ඉර හඳ තරු සේරම නිවී ගිහින්
    හෙන පුපුරා මහ වැසි වැස්සා දෙන්
    මා නුඹත් එක්ක තරහා නෑ රන්...

    නුඹ මන්දාකිණියක පෙම් පුරමින්
    ඉන්නා හැටි ඉවසනු කෙසේ කියන්
    මට මගෙ හිත එක්කම අමනාපෙන්
    මියැදෙන්ට හිතෙයි මගෙ තරුවේ රන්...

    දෙව්රංඟි@එළකිරි.කොම්
    W.A.w.k.W©2013​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සඳ එළියෙන් වී මගෙ නෙත අඩවන්
    තරු කැකුළට බෝ දුක් දුන්නා මං
    දුක උහුලාගෙන විඳ නෙක අවමන්
    එක රැයක් නෙවේ නුඹ උන්නේ රන්...
    lassanai :D
     
    • Like
    Reactions: Dewrangi

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Kiyanna wachana na e taram lassanata liyala
    හිත අඳුරට මැණිකක් වී දුලමින්
    අවතැන් උනු මසිතට තනි රකිමින්
    නුඹ මා ළඟ උන් වග දැනුනා නම්
    මේ කඳුළු මගෙ නොවේවී රන්...
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    Kiyanna wachana na e taram lassanata liyala
    හිත අඳුරට මැණිකක් වී දුලමින්
    අවතැන් උනු මසිතට තනි රකිමින්
    නුඹ මා ළඟ උන් වග දැනුනා නම්
    මේ කඳුළු මගෙ නොවේවී රන්...

    :baffled::baffled::baffled:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මට මගෙ හිත එක්කම අමනාපෙන්
    මියැදෙන්ට හිතෙයි මගෙ තරුවේ රන්...

    :(:( hmm...
    godak lassanai... :):)

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම්..... ඉතාමත්ම ලස්සන නිර්මාණයක්.... ආදරය විරහව කියන්නේ අපි කාගෙත් ජීවිතේට බද්ධව තිබෙන දෙයක්.මේ නිර්මාණය කියවගෙන යද්දි මටත් මගේ ජීවිතේ යම් යම් අතීත මතකයන් මගේ මනසට ගලාගෙන ආවා.මම කැමතී මේ නිර්මාණයේ මගේ හිත ගත්ත කොටස ගැන කථා කරන්න.මේ නිර්මාණයේ එක තැනක නිර්මාණකරුවා මෙහෙම කියනවා....

    "නුඹ යලි නේනා මගේ සිත් අහසින්
    ඉර සඳ තරු සේරම නිවී ගිහින්
    හෙණ පුපුරා මහ වැසි වැස්ස දෙන්
    මා නුඹත් එක්ක තරහා නෑ රන්..."


    මේ ලෝකේ බොහොම අත ලොස්සකට විතරයි අවංක ආදරේ කරලා සදාතනිකව එක්වෙන්න ලැබෙන්නේ.... ප්‍රේමයේ මොනයම් හෝ හේතුවක් නිසා අපි වෙන් උනත් මතු කවදාවත් මගේ තුරුලට ඔයා ආවේ නැති උනත් මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ කියන පණිවිඩය ඉතාමත් ලස්සනට ගලපලා තියෙනවා... අද සමාජේ ගොඩක් ප්‍රේම වෘතාන්ත නිමා වෙන්නේ දුක්ඛ දායක විදියට.... බොහෝ තරුණ පර පුර අතර එකිනෙකා පළිගැනීමක් තමයි අද දකින්න ලැබෙන්නේ. නමුත් මේ නිර්මාණයේ කියනවා "මා නුඹත් එක්ක තරහා නෑ රන්..." ලස්සන උපමාවක් "රන්" ප්‍රේමය නොලැබුනත් ඔබ මට හිමි නැතත් ඔබ මගේ හදවතේ ඉහලින්ම ගෞරවනීය ලෙස රකිනවා. එනිසයි ඔහු හෝ ඇයට "රන්" යනුවෙන් අමතන්නේ....

    ඊලඟට නිර්මාණයේ කියවෙනවා මෙහෙම....

    නුඹ මණ්දාකිණියක පෙම් පුරමින්
    ඉවසනු හැටි කෙසේ කියන්...


    මේ මොහොත වෙද්දි ඔබ වෙන තුරුලක වෙන ප්‍රේමයක් ලබනවා.... ඒ දිහා බලන හැටි මට කියලා දෙන්න, මන්ද එය ඒ තරම් ඉවසන සුළු නැති නිසා.පෘතක්ජන මනුස්සයන් වශයෙන් ඔය ස්වභාවය මටත් තියෙනනවා..... නමුත් ආදරේ කියන්නේ තමන්ට අයිති කෙනා තමන්ට ලැබෙන එකම නෙමේ... වෙන කෙනෙකුගේ උනත් එයා සතුටෙන් ඉන්නවා බලලා ඒ ගැන හිතලා අපිට අවංකවම සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් ආදරයම තමයි..... සමස්ථයක් වශයෙන් ඉතාමත්ම ලස්සන නිර්මාණයක්. අක්කට මම ජය ප්‍රාර්ථනා කරනවා තව තවත් ප්‍රේමයම නොවන සමාජයේ විවිධ ඉසවු මානයන් ගැන ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා.
     
    • Like
    Reactions: Dewrangi