ඇපල් පරදා සැම්සුන්ග් ලොව ලාභදායීම දුරකතන සමාගම වෙයි
මෙතෙක් කලක් ලොව ජංගම දුරකතන නිපදවන වඩාත් ලාභදායීම සමාගම ලෙසින් වැජඹුණේ ඇපල් සමාගමයි. නමුත්, එම තැන ඩැහැ ගැනීමට දකුණු කොරියානු ජංගම දුරකතන සමාගමක් සමත්ව තිබේ.
බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ මේ වනවිට ලෝකයේ වඩාත් ලාභදායීම ජංගම දුරකතන සමාගම බවට පත්ව තිබෙන්නේ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම බවයි.
මේ අනුව, සැම්සුන්ග් සමාගමේ ජංගම දුරකතන අංශය 2013 දෙවන කාර්තුවේදී ඩොලර් බිලියන 5.2 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එම කාලයේදී ඇපල් සමාගමේ මෙහෙයුම් ලාභය ඩොලර් බිලියන 4.6 කි.
ඇපල් සමාගම විසින් හඳුන්වා දුන් iPhone 5 දුරකතන මාලාවට එතරම් ප්රතිචාර නොලැබුණු බව සඳහන්ය.
source








