මේ වගේ accident එකක් උනහම දැන් ලංකාවේ ඉන්න උන් ෆෝන් එක අරන් එතනකට දුවන්නේ ෆොටෝ හරි වීඩියෝ හරි කරන්න..ඒත් බලපල්ලා මේ සුද්දන්ගේ රටවල මිනිස්සු.
මේ කාර් එකේ හිටපු දෙන්නම මැරිලා..
"උදව් කරන්න කව්රුත් ආවේ නෑ
හැමෝම වටවෙලා ෆොටෝස් ගත්ත"
පසුගියදා අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් සිද්ධිය වූ ස්ථානයේදීම දෙදෙනෙක් මරුමුවට පත්වූවා. එසේ මරුමුවට පත්වී ඇත්තේ දුලිප් චන්දන සමරසිංහ ගුණසේකර (36) සහ නදීකා ගුණසේකර (32) යන අයිය නගෝ දෙදෙනාය.
රථය පැයට කිලෝමීටර් එකසිය හතළිහක වේගයෙන් ගමන් කරමින් තිබියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51-3 සැතපුම් කණුව අසලදී වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබුණි.
රියැදුරු සහ රථයේ ගමන් කළ ඉතිරි දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට තිබුණි. එම අනතුර සියසින් දුටු පුද්ගලයෙක් ඔහුගේ අත්දැකීම අපවෙත ඒවා ඇති අතර එය ලංකාවේ මිනිසුන් අනතුරක් සිදු වූ විට ක්රියාකරන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට පිටුවහලක් වන බැවින් මෙසේ පළකරන්නෙමු.
"එදා උදෑසන මම ව්යාපාරික කටයුත්තක් සඳහා කොග්ගල ගොස් නැවත කොළොඹ වෙත පැමිණෙමින් සිටියදී මගේ වාහනයට මීටර් හතළිහක් දුරින් ගිය වාහනයක් පාරෙන් ඉවතට පැන ආරක්ෂිත වැටේ ගැටී අනතුරට පත්වුනා.
අනතුර සිදුවූ ස්ථානය මදක් පසුකොට වාහනය නවත්වා මම දුවගියා ඔවුන්ට උදව් කිරීමට. මම දැක්ක වාහනයේ ගමන්ගත් තිදෙනෙක් වහනයෙන් එලියට විසිවී තිබුනා..වාහනයේ රියදුරා බඳපටියට සිරවී සිටියා..
විනාඩි තුනක් යන්නවත් කලින් වාහන රාශියක් එතන නැවැත්වුවා. ඇතුලේ හිරවූ සිටි දෙදෙනා ගලවාගැනීමට මට සහය වීමට කිසිවෙකුට ඕන වුයේ නැහැ.
ඔවුන් සියල්ලටම ඕන වුයේ එම අවස්ථාවේ ජායාරූප ගැනීමටයි. එතන සිටි තවත් පුද්ගලයෙකුගේ සහයෙන් පිහියක් ඉල්ලගෙන ආරක්ෂක බඳ පටිය කපා ඉවතට ගැනීමට හැකිවූවා.
ඔහු මෙම අනතුරෙන් දිවි බේරාගෙන තිබෙනවා. කරුණාකර තේරුම්ගන්න මෙවන් දෙයක් ඔබට වුවහොත් උදව් කිරීමට කිසිවෙකුත් නැහැ. රථයෙන් විසිවී සිටි කාන්තාව ජීවිතය රැකගැනීමට අවසාන උත්සාහයත් ගෙන මා ඉදිරිපිටදී මිය ගියා..
තවත් පුද්ගලයෙකු පිටුපස දොරෙන් විසිවී මියගොස් තිබුනා..මම එතනසිටි හැමෝටම කෑ ගැහුවා තුවාල ලබල හිටපු අය රෝහල් ගත කරන්න මගේ වාහනේට උස්සාගෙන එන්න උදව් කරන්න කියල. එත් කිසිවෙකු එයට ප්රතිචාර දැක්වුවේ නැහැ.
ඉතින් කිසිවක් කිරීමට මට හැකිවුයේ නැහැ. විනාඩි පහලවකට පමණ පස්සේ තමයි ගිලන් රථය සහ ගලවාගැනීමේ කණ්ඩායම පැමිණියේ..ඔවුන්ටත් එතරම් පුහුණුවක් තිබුනේ නැහැ මෙවන් අවස්තාවක කටයුතු කලයුත්තේ කෙසේදැයි කියා..
අපේ සංස්කෘතිය දැන් වෙනස් වෙලා..මිනිස්සුන්ට ශක්තියක් හෝ දිරියක් නැහැ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න...