කතරගම~මිත්‍යාව

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
deviyo kiyala uba kiyana wachane teruma mokakda kiyala kiyapan mata issella ? e ayata karanna puluwan mona wage ewada ? koheda inne ?
eeta passe mama kiyannam mage idea eka

මම හැමදේම කලින් දැම්ම මචන් උබ දැක්කද දන්නෙ නෑ :no:
 
Red lion

Member
Dec 9, 2012
164
11
0
හැබැයි දෙවියන්ගෙ/බුදුන්ගෙ පිලිමවලින් හොඳ දෙයක් වෙනව. ඒ වෙන මොකුත් නෙමෙයි. මේවට ඇහුම්කන් දෙන්න පුලුවන් ඒ වගේම විශ්වාසවන්තයි. ඕන කෙනෙක්ට තමන්ගෙ හිතේ තියෙන දුක කෙලින්ම කියලා දුකේ බර අඩු කරගන්න පුලුවන්. ඔය කොච්චර ආත්ම ශක්තිය තිබුනත් මිනිස්සු වැටෙන වෙලාවක් එනවා. අදකාලෙ තමන් වටේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ දුක අහන්න මිනිස්සුන්ට වෙලාවක් උවමනාවක් නෑ. ඒ වගේම තමන්ගෙ දුක කියන්න තරම් මිනිස්සු විශ්වාස කරන්නත් බෑ. හැමෝම වගේ හුදකලාවෙලා ඉන්නෙ. ඒ නිසා තමයි මිනිස්සු මේවට යොමුවෙන්නෙ.:dull:

හොඳට බැලුවොත් තේරෙන දෙයක් තමයි ඔය දේවාල පස්සෙ යන්නෙ හුඟක්ම නාගරික අර්ධ නාගරික මිනිස්සු. බස්නාහිර/වයඹ විශේෂයි.ඔය කතරගම යන ස්ටයිල් එක ගැන මාටින් වික්‍රමසින්හගෙ යුගාන්තය පොතේ හොඳටම පැහැදිලිවෙලා තියෙනව.පොතේ නම හරියට මතක නෑ :dull:

ඔය දේවාල වලින් වෙන එකම හොඳ දේ ඒක වෙන්න පුලුවන්.:dull:
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    එතකොට මචං මේ කරුණු 10ත් බොරුවෙනවනෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේවා තියෙන්නෙ

    කාලම සුතය ගැන නුවනින් විමසපුවම හිතෙන්නේ ඒක ඇත්ත , කාලාම සුත්‍රය ඇත්ත කියල හිතෙන නිසා එකට අනුව අනික් දේවල් ගැන හිතනවා. දේව විස්වාස ගැන නුවනින් විමසපුවම හිතෙන්නේ ඒවා මිත්‍යා මත කියල. එක පරස්පර විරෝධී දෙයක් නොවෙයි. පටල ගන්න එපා මචන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    thred eka dapu sahota dewiyo gana thawa hugak igena ganna thiyenawa.
    dan katharagama karana wada dakkama nam onama kenekuta hithenawa boru wadak kiyala..
    namuth balangoda ananda maithree hamuduruwo dewiyan gana kiyapu dewal mama pili gannawa.
    apita aththa kiyala oppu karanna bari hamadeyakma borui kiyala hithana eka moda kamak.
    minissunta manasika suwayak wath labadena dewiyan samaga mini maranna uganwana dewiyan samana kirima itath wada moda kathawak..
    me gana tharka witharka walata yanna mageth danuma madi.
    nula start karapu sahodarayata thanks...

    mcn, uba waradiyata terum aran tiyenne. deviyo kiyana wachane teruma kiyapan balanna, etakota pahadili karannam me thread eke mokakda kiyala.
    yamkisi satwa kottashayak inna puluwan minissunta wada sapa sampat tiyena. namut kataragama deviyo, ganesh deviyo wage eka eka dewal walata adipati, eka eka powers tiyena, eka eka pati walata adipati deviyo naha.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    thor film eke hatiyata deiyo kiyanne alien set ekak. Clash of the Titans film eke hatiyata deiyoth marenawane.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    thred eka dapu sahota dewiyo gana thawa hugak igena ganna thiyenawa.
    dan katharagama karana wada dakkama nam onama kenekuta hithenawa boru wadak kiyala..
    namuth balangoda ananda maithree hamuduruwo dewiyan gana kiyapu dewal mama pili gannawa.
    apita aththa kiyala oppu karanna bari hamadeyakma borui kiyala hithana eka moda kamak.
    minissunta manasika suwayak wath labadena dewiyan samaga mini maranna uganwana dewiyan samana kirima itath wada moda kathawak..
    me gana tharka witharka walata yanna mageth danuma madi.
    nula start karapu sahodarayata thanks...
    මේ කියන දේට ඇරෙන්න අනිත් දේවල්වලට මම එකඟ නෑ.

    ඇත්තටම දෙවියො පස්සෙ යන අයට බුද්ධාගම අදහන්න බැහැ. මොකද දෙවියො ඔය කියන කියන ප්‍රශ්න විසඳලා දෙනවනම් බුද්ධාගමේ තියෙන කර්මය පඩිසන් දීම කියන දේ වලන්ගු නැතිවෙනව. හැමවෙලේම දෙවියො බේරගන්නවනම් කර්මය පල දෙන්න විදියක් නැතුව යනව. අනෙක් අතට දෙවියොන්ට අපිව දුක් කරදර වලින් බේරගන්න බැරිනම් ඒ දෙවියන්ගෙන් ඇති වැඩක් තියෙනවද?. ඒ නිසා ඔය දෙකම එකපාර අදහන්න බෑ පරස්පරවිරෝධී මත දෙකක්. එක්කො දෙවියො එක්කො බුද්ධාගම.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    thred eka dapu sahota dewiyo gana thawa hugak igena ganna thiyenawa.
    dan katharagama karana wada dakkama nam onama kenekuta hithenawa boru wadak kiyala..
    namuth balangoda ananda maithree hamuduruwo dewiyan gana kiyapu dewal mama pili gannawa.

    apita aththa kiyala oppu karanna bari hamadeyakma borui kiyala hithana eka moda kamak.

    minissunta manasika suwayak wath labadena dewiyan samaga mini maranna uganwana dewiyan samana kirima itath wada moda kathawak..
    :yes::yes:
    11.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොහොම උනත් ඉතාම හොද ත්‍රෙඩ් එකක් :) එක එකාට බැන ගන්නවාට වඩා හැමොම තාර්කිකව කතා බහ කරලා. තම්නගෙ ප්‍රශ්නය තම්න්ගෙ උත්තරය දෙනවා කාලෙකට පස්සෙ
    මෙහෙම සාමකාමිව ත්‍රෙඩ් එකක තර්ක කරනවා දැක්කෙ. අපි මොන මතෙ හිටියාත් සමාජයෙ යහ පැවත්මට මෙක ගොඩාක් උපකාරි වෙයි.ඔන්න ඔහොම තර්ක කරන්න අනුන්ගෙ මතෙට කන් දෙන්න නැතිව මිනිස්සුන්ව පහත් නොකර විශ්වාස කරන අය එකට හෙතු කියනවා
    නොකරන අය එකට හෙතු කියනවා ඔන්න ඔකයි වෙන්න ඔන සතුටුයි.
    හම්බයා කුරුසයා හින්දුවා ගොඩෙ සිංහලයා කියලා කියො ගන්නෙ නැතිව.
    :dull:
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    thred eka dapu sahota dewiyo gana thawa hugak igena ganna thiyenawa.
    dan katharagama karana wada dakkama nam onama kenekuta hithenawa boru wadak kiyala..
    namuth balangoda ananda maithree hamuduruwo dewiyan gana kiyapu dewal mama pili gannawa.
    apita aththa kiyala oppu karanna bari hamadeyakma borui kiyala hithana eka moda kamak.
    minissunta manasika suwayak wath labadena dewiyan samaga mini maranna uganwana dewiyan samana kirima itath wada moda kathawak..
    me gana tharka witharka walata yanna mageth danuma madi.
    nula start karapu sahodarayata thanks...

    දෙවියන් ගැන ඉගන ගන්න එකට වඩා මචන් මිනිස්සු ගැන ඉගන ගන්න එකේ තේරුමක් තියනවා. නොපෙනෙන , නොදකින , නොඇසෙන , නොදැනෙන දෙවියන් ගැන , ඉගන ගමින් , වන්දනා මාන කරමින් , තේරුම් ගන්න උත්සාහ කරමින් කාලය නාස්ති කරන එකට වඩා මනුස්ස සමාජයට යහපතක් කරන්න දෙවියන් ප්‍රතික්ෂේප කරපු විද්‍යාඥයින් සමත් වෙලා තියනවා. දෙවියන්ගේ ලෙඩ කියල තොවිල් නටපු ලෙඩ වලට බෙහෙත් හොයාගන තියනවා. දෙවියන්ට විතරක් උඩින් යන්න පුළුවන් කිය කියා ඉන්නේ නැතුව, මිනිස්සුත් අද අභ්‍යවකාශේටත් යන්න සමත් වෙලා තියනවා. දෙවියද ලොකු , මනුස්සයද ලොකු කියන එක තේරුම් බේරුම් කරගැනීම වැදගත්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කොහොම උනත් ඉතාම හොද ත්‍රෙඩ් එකක් :) එක එකාට බැන ගන්නවාට වඩා හැමොම තාර්කිකව කතා බහ කරලා. තම්නගෙ ප්‍රශ්නය තම්න්ගෙ උත්තරය දෙනවා කාලෙකට පස්සෙ
    මෙහෙම සාමකාමිව ත්‍රෙඩ් එකක තර්ක කරනවා දැක්කෙ. අපි මොන මතෙ හිටියාත් සමාජයෙ යහ පැවත්මට මෙක ගොඩාක් උපකාරි වෙයි.ඔන්න ඔහොම තර්ක කරන්න අනුන්ගෙ මතෙට කන් දෙන්න නැතිව මිනිස්සුන්ව පහත් නොකර විශ්වාස කරන අය එකට හෙතු කියනවා
    නොකරන අය එකට හෙතු කියනවා ඔන්න ඔකයි වෙන්න ඔන සතුටුයි.
    හම්බයා කුරුසයා හින්දුවා ගොඩෙ සිංහලයා කියලා කියො ගන්නෙ නැතිව.
    :dull:

    කතාව ඇත්ත :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,567
    1
    15,185
    113
    ........ධර්මයෙ හැසිරෙන්නා ධර්මය විසින් රකී.........

    දෙයියො කෝම රකින්නද අපිව :angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha

    ඔය මොකක් වත් නෙමෙයි බන් ..ඕකෙන් අපිට හිතාගන්න පුළුවන් කොහෙවත් නැති දෙකට අපි හිතෙන් බැදිලා ඒක විශ්වාස කරල ,පස්සේ එක අපේ ජීවිතේට බලපෑම් කරන්න තරම් තත්වෙකට උස්සල තියන්න අපේ හිතට පුළුවන් කියන එක .
    ඔය මම කිව්වේ අපේ හිත රවට්ට ගන්න ලේසි ක්‍රමයක් . හරියට දෙවියන් විශ්වාස කරනවා වගේ .
    The Gods Must Be Crazy ෆිල්ම් එක අපි හිනා වේවි බැලුවට එකේ යතාර්තයත් ඕකම තමයි
    අනිවා :yes: මාත් කියන්නෙ කෙනෙක් කර්මානුරූපිව හෙට මැරෙනව නම් එම පුද්ගලයා ලක්ශ 10ක++ පූජා වට්ටියක් දීල කන්නලව් කලාට බේරෙන්නෙ නෑ. ඒ හින්ංදි films නෙ. :lol: අනික මෙලෝ සසරක් පාඩම් කරන්නෙ නැතුව බෝධි පූජා, දේව පූජා තිබ්බට විභාගෙ ගොඩයන්නත් බෑ. :rofl: ඒක හරි. හැබැයි දෙවියො නැහැයි කියල මේවගේ කතා කරන එක නම් වැරදියි..:angry: අපිට නොපෙනෙන දේවල් බුදුදහමෙම කොච්චර තියෙනවද බන්z.. එහෙමයි කියල අපිට ඒව සමච්චල් කරන්න බෑනෙ. :)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    ඔව් ව්‍යාපාරයක් වෙන්න ඇති. අනික 1000 නෝට්ටු දෙවොලට දීල පන්සලට 2 කාසිය දෙන එකනම් වැරදී තමා.. :angry: ඒත් මිනිස්සු දෙවියන් ව්‍යාපරයක් කරගත්ත කියල මේ වගේ අසික්කිත ත්‍රෙඩ් දාන එක හරිද බන්? (යොදාගෙන ඇති වචන) සමහරු අවිශ්වාස කරනව. තව අය විස්වාස කරනව. ඒත් මේ බුදුදහම වත් හරියට දන්නෙ නැතුව සමච්චල් කරල පෝස්ට් දාන එකනම් කුජීතයි. විද්‍යාව හා අත්දැකීමෙන් තමා දෙයක් දැනගන්න පුලුවන්.. එහෙම කිසිම දෙයක් නොකර මේ කොහෙන් හරි බුද්ධ වචනයක් පොටක් කරගෙන දගලන එක නම් අනුමත කරන්න බෑ. :no:

    ත්‍රෙඩ් එක දැම්මේ මගේ හිතේ තියන දේ කියන්න මචන්. ඒ දැම්මෙත් අර කබිලිත්ත දේවාලේ හාස්කම් ගැන දාල තිබ්බ ත්‍රෙඩ් එක දැකලයි. පොස්ට් එකේ අන්තිමට කියල තියන ටික කියවපන්. එච්චරයි කියන්න තියෙන්නේ.

    "මේ ලියපු ටිකෙන් කාගේ හරි විශ්වාස වලට අපහාස උනානම් , කගේ හරි හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ. එත් කොරන්න දෙයක් නෑ. මේ ලෝකේ ඇත්ත වල් ගොඩක් නැහැ . තියෙන්නේ එක ඇත්තයි. ඒක තර්කානුකුලව හිතල තේරුම් ගන්න එකා හිතේ සැනසීමෙන් මැරෙයි. අනික් එවුන් මැරෙනකල් එක එකාගේ පිහිට පත පත ඉදියි."
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අනිවා :yes: මාත් කියන්නෙ කෙනෙක් කර්මානුරූපිව හෙට මැරෙනව නම් එම පුද්ගලයා ලක්ශ 10ක++ පූජා වට්ටියක් දීල කන්නලව් කලාට බේරෙන්නෙ නෑ. ඒ හින්ංදි films නෙ. :lol: අනික මෙලෝ සසරක් පාඩම් කරන්නෙ නැතුව බෝධි පූජා, දේව පූජා තිබ්බට විභාගෙ ගොඩයන්නත් බෑ. :rofl: ඒක හරි. හැබැයි දෙවියො නැහැයි කියල මේවගේ කතා කරන එක නම් වැරදියි..:angry: අපිට නොපෙනෙන දේවල් බුදුදහමෙම කොච්චර තියෙනවද බන්z.. එහෙමයි කියල අපිට ඒව සමච්චල් කරන්න බෑනෙ. :)

    මට කියන්න ඕන උනේ දේවියන කියල දෙයක් නැහැ කියන එක :)
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කිසිම දෙවි කෙනෙක් අදහන්නේ නැති ගොඩක් දෙනෙක් ලංකාවෙත් ඉන්නවා.. එත් ප්‍රසිද්දියේ තමන්ගේ මතය කියන්න ගොඩ දෙනෙක් පැකිලෙනවා. ලංකාවේ සමාජයේ ප්‍රසිද්ධ නැති මතයක් කිව්වට පස්සේ එකට ලැබෙන ප්‍රතිචාර ගැන අහන්න දෙයක් නැනේ. අනික් හේතුව එහෙම අදේවවාදී අදහසක් කිව්වොත් තමන්ගේ ලගම ඉන්න දෙවියන් අදහන දෙමවුපියන්ගේ , නෑදෑයෝන්ගේ , යාළුවොන්ගේ , කෙල්ලගේ හිත රිදෙයි කියන බය. එත් දැන් නම් ගොඩක් young generation එක ඕව පස්සේ යනවා අඩුයි.

    ඇත්ත කතාව... මමත් සුරයක් දාගෙන ඉන්නවා අම්මගේ හිත රිද්දන්න බැරි නිසා....:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මට කියන්න ඕන උනේ දේවියන කියල දෙයක් නැහැ කියන එක :)
    මම නම් දෙවියන් ඉන්නව කියල විශ්වාස කරනව. ඒ වගේම අපිට තියෙන සමහර හැකියාවන් දෙවියන්ට නෑ වගේම අපිට නැති සමහර හැකියාවන් දෙවියන්ට තියෙනව කියලත් විශ්වාස කරනව. හැබැයි පූජා වටිටියකින් හරි, visit එකකින් හරි අපිට අවශ්‍ය දේ ඉල්ල ඒ දේ ලැබෙනව කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඒ වගේම දෙවියන්ගෙ උදවු උපකාර ගන්න පුලුවන්,, ඒත් ඒ ඉතාම අතලොස්සකට විතරයි කියල මම විශ්වාස කරනව. ඒක ලොකු කැපකිරීම වගේ දෙයක්.. හැබැයි ඒ අර බෝලයට වදින ක්‍රමේට හැමදාම මල් පහන්, පුජාවටිටි දීල නෙමේ ඊට වඩා එහාගිය බුදු දහම හා බැදුනු ක්‍රමයකට. තිබ්බත රහස් හා බැදුනු කුන්ඩලීනී ශක්ති ක්‍රම. දෙවියන් කියල මම විස්වාස කරන්නෙ සාමාන්‍ය මනුශ්‍යය කෙනෙකුගෙන් සෝවාන් ඵල ලබපු කෙනෙකුට.. සමණල අඩවියෙහි භාවනා යෝගීව කල් ගෙවන යෝගීන් හා බැදුනු කතාවල එවැනි සෝවාන් ඵල ලබපු හදිස්සි පෙනීසිටීම් ගැන කතා ගොඩක් කියවල තියෙනව. හරියට නම් කරල කියන්න මතක නෑ.
    අනික මගේ මතකය නිවැරදි නම් උබ ආගමක් අදහන්නෙ නෑනෙ.
    :)

    ඒක තර්කානුකුලව හිතල තේරුම් ගන්න එකා හිතේ සැනසීමෙන් මැරෙයි. අනික් එවුන් මැරෙනකල් එක එකාගේ පිහිට පත පත ඉදියි."
    ගරුත්වයක් දීල හැමදේම දිහා විවෘර්තව බලල ප්‍රසිද්ධව හැල්ලුවට ලක් නොකර ඉන්න එකා සැනසීමෙන් ගෞරව සහිතව මැරෙයි. අනිත් උන්..... :)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    ගරුත්වයක් දීල හැමදේම දිහා විවෘර්තව බලල ප්‍රසිද්ධව හැල්ලුවට ලක් නොකර ඉන්න එකා සැනසීමෙන් ගෞරව සහිතව මැරෙයි. අනිත් උන්..... :)

    ගරු කල යුත්තාට ගරු කිරීම මිස, අන් අය ගරු කල පමණින් යමෙකුට ගරු කිරීම , සිත දුර්වල පුද්ගලයකුගේ ලක්ෂණයක්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම නම් දෙවියන් ඉන්නව කියල විශ්වාස කරනව. ඒ වගේම අපිට තියෙන සමහර හැකියාවන් දෙවියන්ට නෑ වගේම අපිට නැති සමහර හැකියාවන් දෙවියන්ට තියෙනව කියලත් විශ්වාස කරනව. හැබැයි පූජා වටිටියකින් හරි, visit එකකින් හරි අපිට අවශ්‍ය දේ ඉල්ල ඒ දේ ලැබෙනව කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඒ වගේම දෙවියන්ගෙ උදවු උපකාර ගන්න පුලුවන්,, ඒත් ඒ ඉතාම අතලොස්සකට විතරයි කියල මම විශ්වාස කරනව. ඒක ලොකු කැපකිරීම වගේ දෙයක්.. හැබැයි ඒ අර බෝලයට වදින ක්‍රමේට හැමදාම මල් පහන්, පුජාවටිටි දීල නෙමේ ඊට වඩා එහාගිය බුදු දහම හා බැදුනු ක්‍රමයකට. තිබ්බත රහස් හා බැදුනු කුන්ඩලීනී ශක්ති ක්‍රම. දෙවියන් කියල මම විස්වාස කරන්නෙ සාමාන්‍ය මනුශ්‍යය කෙනෙකුගෙන් සෝවාන් ඵල ලබපු කෙනෙකුට.. සමණල අඩවියෙහි භාවනා යෝගීව කල් ගෙවන යෝගීන් හා බැදුනු කතාවල එවැනි සෝවාන් ඵල ලබපු හදිස්සි පෙනීසිටීම් ගැන කතා ගොඩක් කියවල තියෙනව. හරියට නම් කරල කියන්න මතක නෑ.
    අනික මගේ මතකය නිවැරදි නම් උබ ආගමක් අදහන්නෙ නෑනෙ.
    :)

    [/SIZE]

    උබේ මතකය හරි මචන් . එත් මට ඒ ගැන කතා කරන්න පුළුවන්.
    උබ පිලි ගන්නවද අල්ලාහ් ලෝකය මැව්වා කියන එක ?
    ඒ මිනිස්සු දරන අදහස ගැන මොකද හිතන්නේ ? (මුස්ලිම්)
    මුස්ලිම් මිනිස්සු අල්ලාහ් ගැන ඇති විශ්වාසය සහ උබ අදහන දෙවියන්නට උබේ තියෙන විශ්වාසය අතර ඇති වෙනස් කම් මොනවද ?
    බුදු ධහම ගාවාගන්නේ නැතුව කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි.ඒ නැතත් කමක් නැ :)

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    yaluwa...
    dewiyanui sarwa baladari dewiyoi patalawa gannawath samana karannawath epa.
    katharahama dewiyo wath, wena kisima(budu dahama adahana aya athara inna)dewikenek wath sarwa baladari kiyala thred eke kohewath thibune naha.
    dewiyanta thiya budu hamuduruwanta wath mawanna ho winasa karanna baha.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha

    උබේ මතකය හරි මචන් . එත් මට ඒ ගැන කතා කරන්න පුළුවන්.
    උබ පිලි ගන්නවද අල්ලාහ් ලෝකය මැව්වා කියන එක ?
    ඒ මිනිස්සු දරන අදහස ගැන මොකද හිතන්නේ ? (මුස්ලිම්)
    මුස්ලිම් මිනිස්සු අල්ලාහ් ගැන ඇති විශ්වාසය සහ උබ අදහන දෙවියන්නට උබේ තියෙන විශ්වාසය අතර ඇති වෙනස් කම් මොනවද ?
    බුදු ධහම ගාවාගන්නේ නැතුව කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි.ඒ නැතත් කමක් නැ :)

    එල ඒ ගැන අපි පස්සෙ කතාකරමු. හැබැයි උබ Ancient Aliens කියන documentary ය බලල තියෙනව නම් පැහැදිලි ඇති අපිව ආගමකින් හා නීතියකින් කොටු කරල තියෙන බව. ඒක අපේ පැවත්මට හොදයි. Ex කියනවා නම් කූඹියෙකු මැරීම නීතියට නවත්තන්න බෑ. ඒත් ආගමට පුලුවන්. :D අල්ලහ්, සියුස්, කාලි, හෝ කවුරුන් වේව මම මැවුම් වාදය පිලි ගන්න නෑ. එහෙම වෙන්නත් බෑ. :no: හැබැයි බුදුදහමෙත් යම්යම් තැන්වල මැවුම් ගැන සදහන් වෙනව. සත් පියුම් මෙන් අලංකාර කිරීමට යොදා ගත්තුව නෙමේ..:baffled:

    ඉස්ලාම කියන වෙනම දෙයක්. ඒක මෙතනට හරි යන්නෙ නෑ. ඒ ගැන ඕනෙ නම් වෙනම කතාකරමු. ඉස්ලාම දහම හා; ගොඩක් මිනිස්සු බැදිල තියෙන්නෙ ඒ ආගමෙන් ඒ දේ කරල තියෙන නිසා. අනික ඉස්ලාම ආගමෙන් මිනිසුන් ආරක්ශා, හෝ දිවි පැවැත්ම ඉහල නංවනවට වඩා තියෙන්නෙ කාට හෙන ගැහුවත් ආගම ආරක්ශා කිරීම හා ආගම පැතිරවීම විතරයි..

    මම කලින් කිව්ව වගේ බුදුදහමෙන් උසස් ගනයට පත් උනු කෙනෙක් තමයි දෙවියන් කියල විශ්වාස කරන්නෙ. ඒ නිසා බුදු දහම නැතුව කොහොමද කියන්නෙ. :confused: බුදුදහමෙන් උසස් ඵල ලබපු අයගේ හැකියාවන් ඔවුනට ඇති බව තමයි විශ්වාස කරන්නෙ. පරසිත් Silver cord, etc වගේ හැකියාවන් :yes: මොකද සමහර බෞද්ධ පොත පතේම (පිලිගත්) සදහන් වෙනව කතරගම දෙවියන් කියන්නෙ සුබහ්මණ කියල දේවතාවක් කියල.. බුදුරදුන්ම රෝහන ජනපදයේ කාචරගාම ගමේ ආරක්ශාව සදහා පත් කලා කියලත් සදන් වෙනව. ඉතින් එහෙම එකේ මට නිකන්ම එහෙම වෙන්නෙ බෑ කියල ඉවත දාන්න බෑ.. මම විස්වාස කරනව ඉන්නව කියල, ඒඋනාට ඉන්නව කියන්නත්, නෑ කියන්නත් ඔප්පු කරන්න කරුනු කාරණා නෑ. :yes: