ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ...
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ..
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ..
අවසර දෙන්නට පමණයි ඕනේ..
ඇස් ආදරෙන් පුරෝනා...
රැක ගන්නම් ජීවිතයම වාගේ..
එකසැරයක් හද ගත්තානම් මාගේ..
සැනසෙන්නට හැමදාමත් ආයේ..
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ..
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ..
මට ඔබම තමයි ඕනා..





හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ...
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ..
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ..
අවසර දෙන්නට පමණයි ඕනේ..
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ..
මට ඔබම තමයි ඕනා..නැලවෙනු මැන සොඳුරියේ..
ඇස් ආදරෙන් පුරෝනා...
රැක ගන්නම් ජීවිතයම වාගේ..
එකසැරයක් හද ගත්තානම් මාගේ..
සැනසෙන්නට හැමදාමත් ආයේ..
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ..
නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ..
මට ඔබම තමයි ඕනා..





මං වෙනුවෙන් කියපු තවත් සිංදුවක්-ලෝකෙන්ම මම ආසම සිංදුව කිව්වොත් වඩාත් හරි.








මමත් ඉස්සර හිතන් උන්නේ ඔහොම ආදරේ කරන අය මේ ලෝකේ ඉන්නවා කියලා. පස්සේ තමා තේරුනේ ඇත්ත..... නව කථා වලයි හිංදි පික්චර් වල තමයි ඔහොම ආදරේ කරන අය ඉන්නේ.... 
පදරචනයේ සමහර තැන් අද කාලෙට ගැලපෙනවා. ගැඹුරු නොවුනත්. අයියත් පී.එස් වලින් වැඩ පටාආආආන් අරන් තිබ්බා දැක්කා. සතුටුයි..
PS නම් ලාවට ඒ කාලේ ඉඳන් ඇඟේ තිබ්බ එකනේ... 

