පද පේළී - EK LYRICS THREAD PART 2

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~
ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ...


ඔබ සිහිවන හැම මොහොතක් ගානේ..
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ..
අවසර දෙන්නට පමණයි ඕනේ..
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ..

මට ඔබම තමයි ඕනා..

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ..
එකසැරයක් හද ගත්තානම් මාගේ..
සැනසෙන්නට හැමදාමත් ආයේ..
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ..

නොසිඳෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ..
මට ඔබම තමයි ඕනා..

:love::love::love::love::love:

මං වෙනුවෙන් කියපු තවත් සිංදුවක්-ලෝකෙන්ම මම ආසම සිංදුව කිව්වොත් වඩාත් හරි.:love::love::love::love:
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාත් ආස සිංදුවක්
    11.gif
    11.gif

    :no: ආසා නෑ.. නිකන් අඳෝනාවක් වගේ මට නම්.... :oo: සුරේන්ද්‍රට මම කොහොමත් වැඩිය ආසා නෑ.:no:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතු වී තියේ...


    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ..
    දැකගන්නට ඔබ මා ළඟ නෑනේ..
    නුදුරේදිම කරගන්නට මාගේ..
    අවසර දෙන්නට පමණයි ඕනේ..
    ඉඩ දෙන්නම් පපුතුරේ
    නැලවෙනු මැන සොඳුරියේ..

    මට ඔබම තමයි ඕනා..

    ඇස් ආදරෙන් පුරෝනා...

    රැක ගන්නම් ජීවිතයම වාගේ..
    එකසැරයක් හද ගත්තානම් මාගේ..
    සැනසෙන්නට හැමදාමත් ආයේ..
    එනවද හිමිකම ගන්නට මගෙ හීනේ..

    නොසිඳෙන මහ සාගරේ
    තරමට මගේ ආදරේ..
    මට ඔබම තමයි ඕනා..

    :love::love::love::love::love:

    මං වෙනුවෙන් කියපු තවත් සිංදුවක්-ලෝකෙන්ම මම ආසම සිංදුව කිව්වොත් වඩාත් හරි.:love::love::love::love:


    මමත් කැමති ගීතයක්. කවීශ ගොඩක් හැන්ගීමෙන් ගායනා කරනවා Live stage කියද්දිත්.:lol: මමත් ඉස්සර හිතන් උන්නේ ඔහොම ආදරේ කරන අය මේ ලෝකේ ඉන්නවා කියලා. පස්සේ තමා තේරුනේ ඇත්ත..... නව කථා වලයි හිංදි පික්චර් වල තමයි ඔහොම ආදරේ කරන අය ඉන්නේ.... :oo: ඔහොම ප්‍රාර්ථනා කරන Girl කෙනෙක් මට කවදා හරි ලැබෙනවා නම්.......... :D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :no: ආසා නෑ.. නිකන් අඳෝනාවක් වගේ මට නම්.... :oo: සුරේන්ද්‍රට මම කොහොමත් වැඩිය ආසා නෑ.:no:

    කටහඬ නම් මන්දා අයියණ්ඩි.. :rofl: පදරචනයේ සමහර තැන් අද කාලෙට ගැලපෙනවා. ගැඹුරු නොවුනත්. අයියත් පී.එස් වලින් වැඩ පටාආආආන් අරන් තිබ්බා දැක්කා. සතුටුයි..:D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කටහඬ නම් මන්දා අයියණ්ඩි.. :rofl: පදරචනයේ සමහර තැන් අද කාලෙට ගැලපෙනවා. ගැඹුරු නොවුනත්. අයියත් පී.එස් වලින් වැඩ පටාආආආන් අරන් තිබ්බා දැක්කා. සතුටුයි..:D
    හ්ම්ම්.... වෙලාවට දොස්තර පුතාට ලැබුනේ. ඕකාට හම්බුනා නම් එහෙම අල්ලන්න දැල් දාන්න වෙයි.:rofl: හික්.. :P PS නම් ලාවට ඒ කාලේ ඉඳන් ඇඟේ තිබ්බ එකනේ... :rofl::P එහෙන් මෙහෙන් කරලා දැම්මා. ඉතින් කොහොමද වාස දේස? :)
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~


    මමත් කැමති ගීතයක්. කවීශ ගොඩක් හැන්ගීමෙන් ගායනා කරනවා Live stage කියද්දිත්.:lol: මමත් ඉස්සර හිතන් උන්නේ ඔහොම ආදරේ කරන අය මේ ලෝකේ ඉන්නවා කියලා. පස්සේ තමා තේරුනේ ඇත්ත..... නව කථා වලයි හිංදි පික්චර් වල තමයි ඔහොම ආදරේ කරන අය ඉන්නේ.... :oo: ඔහොම ප්‍රාර්ථනා කරන Girl කෙනෙක් මට කවදා හරි ලැබෙනවා නම්.......... :D
    ehema adare karana aya innawa :) me reply eka type karala thiyenneth ehema adare karana wagema ehema adarayak labana kenek :) ea kiyanne nawa kathawala, hindi movieswala arunama real life pawa ehema aya innawa :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මා හැර ගිය දුකින් තැවී
    නුඹට සාප කරනු බැරී
    නුඹේ නපුරු කමට කිපී
    හිතේ වෛර බඳිනු බැරී



    ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - පණ්ඩිත් අමරදේව
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මල මිලින වෙලා
    මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා
    ඇත තවමත් අංජලිකා

    සඳ නැතද රැයේ
    නිල් සළුපිලියෙන්
    සුරඟනක වෙසින්
    තවමත් ඔබ හිනැහෙනවා
    අංජලීකා
    ...අංජලීකා...

    මට පෙනෙන දුරින්
    මට ඇහෙන සරින්
    තවමත් ඔබ සිටී බලා
    මද සිනහා මුවින්
    තවමත්
    මගේ අංජලිකා//

    අංජලීකා...අංජලීකා...

    -නලීන් පෙරේරා-
    11.gif
    මමත් ආස කරන සිංදු වලින් එකක්..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    need lyrics for this song ..

    රැවටුන තරම් .. ඔබ හින්දා මං .. කව්රුත්ම දන්නේ නෑ තවත් ...

    කදුලක තරම් දැනුනා හොදින් .. සමුගත්ත දා ඔයා මගෙන් ...

    වැරදි කරලා ඔයා හැමදා .. මට වැරදිකාරයා කියා ...

    වෙන්වී ගියත් රිදවා එදා .. අමනාපවුනේ නෑ කිසිදා ... :(
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    need lyrics for this song ..

    රැවටුන තරම් .. ඔබ හින්දා මං .. කව්රුත්ම දන්නේ නෑ තවත් ...

    රැවටුනු තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
    වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා

    හැමදාම ඔබ මාගේ පවසා තුරැලේම වුන්කාලේ පෙරදා
    දැනුනේම නෑ ඔහුගේ කියලා හිතුවේම ඔබෙ වෙන්න මතුදා
    පිලිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා

    වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා

    හිත කීරිගැහිලාම රිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා
    මට යන්න බෑ මතක හැරදා ඔය වාගේ දුර ඈත පියඹා
    හිනැහෙන්න අමතක වුනා මතක් වෙන වාරයක් පසා

    වැරදි කරලා ඔයා හැමද මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා


    ගායනය- රුවන් හෙට්ටිආරච්චි
     
    • Like
    Reactions: D@sun

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    රැවටුනු තරම් ඔබ හින්දා මං කවුරැත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්ත දා ඔයා මගෙන්
    වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා

    හැමදාම ඔබ මාගේ පවසා තුරැලේම වුන්කාලේ පෙරදා
    දැනුනේම නෑ ඔහුගේ කියලා හිතුවේම ඔබෙ වෙන්න මතුදා
    පිලිගන්න අදිමදි කලා මගේ පණ ඈත යනු දැකලා

    වැරදී කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා

    හිත කීරිගැහිලාම රිදුනා ඔබ දන්නේ නෑ නේද මේවා
    මට යන්න බෑ මතක හැරදා ඔය වාගේ දුර ඈත පියඹා
    හිනැහෙන්න අමතක වුනා මතක් වෙන වාරයක් පසා

    වැරදි කරලා ඔයා හැමද මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා ඒදා අමනාප නෑ වුනේ කිසිදා


    ගායනය- රුවන් හෙට්ටිආරච්චි

    81.gif
    .. thanks Bro !!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුහුල් මාරුතේ වෙලී මා ගතේ
    පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ
    හැඟුම් මාවතේ තුරුල් වී හදේ
    මවාගත්ත ලෝකේ හැබෑවී මගේ
    ස්වපනයක් වගේ ස්වපනයක් ද මේ
    දෝරේ යයි ආදරේ

    ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
    සුදු මූනේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාරේ
    හිත් දෙකක් ළංවෙලා කල්පයක් වගේ
    රත්තරන් ආදරේ

    ස්වපනයක් වගේ ...........

    සඳ පානේ තරු පාරේ ඇවිදින්න යම් එක රෑනේ
    නොසිතූ සේ දුක ශෝකේ හිමිවූවත් සංසාරේ
    ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
    පාලු නෑ මේ දිවියේ

    ස්වපනයක් වගේ ...........


    ගායනය :- දසුන් මධුෂාන් හා ශානිකා මධුමාලි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැඬවෙන තරමට හිනහෙන්නට මට
    ඔබමයි සතුටක් ගෙන ආවේ
    ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙ ම
    ඔබෙ උණුහුම විතරයි ඕනේ
    හිරු සඳු වෙන්වූවා වාගේ
    අපි දෙදෙනා වෙන් නොවුණාවේ
    නපුරු නොවී වෙනදා වාගේ
    තරහ නොවී ඉමු අපි ආයේ

    ඉඳහිට දැකලා අපි මුණ ගැහිලා
    කොහොම ද ඉන්නේ ඈත්වෙලා
    අපි හමුනොවෙනා හැම දින ගෙවෙනා
    මට දැනුනේ කල්පයක් වෙලා
    පහනක් තියලා ප්‍රාර්ථනා
    කෙරුවා ඔබ මගෙ වේවා කියා

    කඳුලැලි පිසදා සැනසෙමු තුරුලේ
    නොසැලී ඉමු සිතුවමක් වගේ
    හිමිවන දවසක් කවදද එන්නේ
    තවමත් එය මිරිඟුවක් වගේ
    ආදරෙන් මා දිහා බලා
    මට කියන්නකෝ ආදරෙයි කියා

    හැඬවෙන තරමට .............


    ගායනය :- මංජුලා දිල්රුක්ෂි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake...........

    කඳුළු පැන්, කඳුළු පැන් කෙණ්ඩියක්~
    සිනහ මල්, සිනහා මල් වට්ටියක්..
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්~
    ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දමා ගිය මග සොයා ආ ඔබ කොහේදෝ සිට ළංවෙමින්
    පෙළූ හදවත සුසුම් අතරේ හිඳී සුපුරුදු සිනාවෙන්
    බිඳී විසිරුණු සිහිනයේ ......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රූප සොබාවට මානෙන් උදම්වන
    ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී
    ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
    නුවර ළඳුන් සිටියාද මෙවන්
    හංස විලේ පීනන්න ගොසින්
    මල් දුන්න අරන් නුඹ විද්ද සැනින්
    ගුන්ද ගුදත් ගත ගත් කත දොම්
    මට නින්ද නොයන්නේ මංද ඉතිං

    උන්මාද දෙතොල් සායම් සුවඳින්
    කම්මුල් තෙමන්නෙපා
    මට තුරුළු වෙලා මුදු පිහාටුවෙන්
    කරදර කරන්නෙපා
    පිණි කඳුළු සලා බොරුවට හඬලා
    මගෙ හිත කඩන්නෙපා
    අරවින්ද කැකුළු තුඩ මගේ පපුවේ
    ඉඩ කඩ සොයන්නෙපා

    - නිඳු
     
    • Like
    Reactions: C h o p p e

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
    නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ

    මල් ගොමු පිස එන මදනල අතර මඟකදී
    මා එන මඟ වලකන්නට බලා උනි රැඳී
    දසත සැරිසරා සෙවුවෙමි ‍ගුවන්තල අරා
    නොදැක ඔබේ රුව සෝකය නැගෙයි හද පුරා

    පියාපත් සලා ..............

    සෙවන ලදිමි තුරු ගොමුවල එය නොවේ සුවේ
    ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ
    වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරිසරා
    සිහින ලොවකදී හෝ ඔබ එන්න මා කරා

    පියාපත් සලා ..............


    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි