Mitsubishi PAJERO IO

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    GDI = Gasoline direct injection.

    me GDI engine lankave fail wenne petrol gataluwak hinda nemei machanla.. me system eke karyakshamathavaya hondatama ganna ekko high way ekakama yanna ona. ehema nattan seethala country ekak wenna ona.. oya dekama lankave nati nisa.. me traffic tiyana lankavata kohomatavat oka galapenne naha..

    dan balamu me GDI kiyanne mokakda kiyala......

    oyala dannava neda petrol vahanayaka engimata petrol + air mixture ekak tamai yavanne.. e kiyanne inlet manifold ekata air flow sensor eka haraha ena air quantity ekatama injector valin adala paridi petrol inject karala eka inlet manifold eka atule mix wela inlet valve eken engima atulata (combustion chamber ekata) yanne petrol/air mix ekak widiyata......

    eth me GDI system ekedi mehema mix ekak haden naha. eke wenne inlet manifold eka, inlet valve haraha atulata enne air eka vitarai.

    මචන් TDI, උබ කියපු කතාවේ වැරද්දක් තියෙනවා. GDI කියන තාක්ෂනය හඳුන්වලා දුන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න. GDI තාක්ෂනය පාවිච්චි කරන එකේ ගොඩක් වාසි තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක පෙට්‍රොල්-වායු මිශ්‍රණයේ අනුපාතය ගොඩක් වැඩි උනාම එන්ජිම miss කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ තියෙන බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණය සිලින්ඩරය පුරා පැතිරිලා තියෙන නිසා Spark Plug එකෙන් ලැබෙන spark එක අල්ලාගේන දහනය වෙන්න තරම් පෙට්රෝල් ප්‍රමාණයක් Spark Plug ඒක ගාව නැති නිසා.. ඒත් මේ GDI තාක්ෂණයෙන් පුළුවන් බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණයක් උනත් Spark Plug ඒක ගාවට සාන්ද්‍ර වෙන විදියට විදලා එන්ජිම මිස් නොකර ධාවන තත්වයේ තියා ගන්න. මේ ක්‍රමයට කියන්නේ Ultra Lean Burn කියලා..සාමාන්‍ය පෙට්රෝල්-වායු අනුපාතය 14.7:1 උනාට මේ කියන U.L.B. වලදී 50:1 - 60:1 දක්වා වගේ බොහොම නිසරු මිශ්‍රණයක් දහනය කරන්න මේ එන්ජිමට පුළුවන්. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ බොහොම කාර්යක්ෂමව කියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා highway එකක ගියත් Traffic එකේ හිටියත් මේ engine බොහොම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ එන්ජින් තාක්ෂනය වැඩි වශයෙන් භාවිතා නොකරන්න හේතුව මේ එන්ජිමක් නිපදවන්න යන විශාල පිරිවැය. මොකද Power Stroke එකේදී ඇතිවෙන අධික තාපයට මේවගේ Injector ඔරොත්තු දෙන්න ඕන. ඒත් Audi,BMW,Ferrari,Lamborghini,Agera වගේ නිෂ්පාදකයෝ මේ තාක්ෂනය භාවිතා කරනවා මේ එන්ජින් ගොඩක් Powerful වගේම Efficient නිසා.. Pajero එක ලංකාවේ අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා...එකක් තමා මේවා ලංකාවට ආපු කලේ මේවට කරේ Normal EFI වාහන වලට කරන Service, Clean Up. ඒවගෙන් මේවට කෙල උනා. අනික් දේ තමා ලංකාවේ පෙට්රෝල්...මට නම් කිසිම විශ්වාසයක් නැහැ ලංකාවේ පෙට්රෝල් වල තත්වය ගැන. එඅ වගේම ලංකාවේ Petrol Shed වල ටැංකිවල තත්වය ගැන කියන්නත් ඕනේ නෑනේ. ඔය වගේ හේතු නිසා තමා ගොඩක් GDI වාහන ලංකාවේ Fail උනේ.
     
    • Like
    Reactions: wkmalitha

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar

    :yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    Oyage tharaka wala kisima waradak naha.. mama eva ehema nemei kiyannet naha.. Habai GDI lankave fail kiyanna hetuwa petrol & service eke waradak kiyalama kiyanna baha... ekat ehema nam ekai mama mention karala tiyenne meke nadattuwa akuratama tiyenna ona kiyala...........

    Anika GDI technology eka oya kiyana widiyatama seethala rataval valata wadipura useful kiyala penavaneee.. ekai united motors eken oka brand new meheta gennuwe natte.. genavat bohooooma tikai..

    oya kiyana widiyatama ehenam oka rasne parisara valata e taram galapenne naha kiyalat penavane machan... mokada oya system eka rasneta hondatama orottu nam performance hondai nam ada looke turbo ekka intercoolers bihiwenna uwamanavakut naha.. itin ekai mama traffic wala slow driving eken adahas kareee........ eka tana vahanayak passe navattan indadi rath una air eka tamai ehenam use wenne...

    itin ehema baladdi mama saralava kiyapu dee kisi waradak naha machan mama dakina widiyata...

    anika oyaama kiyala tiyanava meke heat eka wadi kiyala.. itin eka tamai mama kiyala tiyenne e heat ekai parisare heat ekai hama dema wadi unama engime ayu kalayata valve valata balapanava kiyala....:yes::yes::yes:

    oya kiyana petrol wala gataluwak tibbe naha kiyanna baha.. e katava mama pili gannava.. habai eka eka sadakayak vitarai....

    mata united motors ekenma labunu karunu matha tamai mama oka lankave fail wenna hetuwa.. rasne saha speed eka kiyala damme.. mokada hitala balanna oya kiyana deee haria\yatama wenna nam oya engimak slow rev wela hariyanne naha (compresion ratio eka wadi seen eka) traffic ekaka slow rev kiyanne aniwarenma heat eka wadi air ekak ganne... etakota engima atuledi thawat heat wenava... itin amataka karanna epa petrol koitaram atomaize unat hot air ekat ekka karyakshama thavaye wadiyak naha kiyala... anika engimak heat wenava wadi kiyanne gewima wadi wenava kiyana deet amataka karanna epa... ehema nam inter cooler ona naha..... (practically hitanna)

    anika eka ehama nam ai meka seethala rataval wala wadipura sarthaka unee........

    itin onna okai mata kiyanna ona une... mama saralava kiyapu deema tamai oya podi technicle wrds tikak dala kiyala tiyenne... lankave oya engima duwanna puluwan... mama danna aya innava duwana 95octane use karana fully 100% refurbised GDI system (Mitsubishi cedia 1800 GDI).. habai babek wagee nadattu karanna ona... itin hamotama oka lesi naha.. nadattu atharala dala ohee hitiyot itin winase tamai.. mama e dee hondata pahadiliwa saralava kiyala tiyanava machan...

    umbe idea ekama tamai mamat saralawa kiyala tiyenne... hamotama technicle wrds terenne nati nisa..

    Jaya wevaaaaaaaaa........!!!!!!!!!
    :yes::yes::yes:
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Oyage tharaka wala kisima waradak naha.. mama eva ehema nemei kiyannet naha.. Habai GDI lankave fail kiyanna hetuwa petrol & service eke waradak kiyalama kiyanna baha... ekat ehema nam ekai mama mention karala tiyenne meke nadattuwa akuratama tiyenna ona kiyala...........

    Anika GDI technology eka oya kiyana widiyatama seethala rataval valata wadipura useful kiyala penavaneee.. ekai united motors eken oka brand new meheta gennuwe natte.. genavat bohooooma tikai..

    oya kiyana widiyatama ehenam oka rasne parisara valata e taram galapenne naha kiyalat penavane machan... mokada oya system eka rasneta hondatama orottu nam performance hondai nam ada looke turbo ekka intercoolers bihiwenna uwamanavakut naha.. itin ekai mama traffic wala slow drivin eken adahas kareee........ eka tana vahanayak passe navattan indadi rath una air eka tamai ehenam use wenne...

    itin ehema baladdi mama saralava kiyapu dee kisi waradak naha machan mama dakina widiyata...

    anika oyaama kiyala tiyanava meke heat eka wadi kiyala.. itin eka tamai mama kiyala tiyenne e heat ekai parisare heat ekai hama dema wadi unama engime ayu kalayata valve valata balapanava kiyala....:yes::yes::yes:

    oya kiyana petrol wala gataluwak tibbe naha kiyanna baha.. e katava mama pili gannava.. habai eka eka sadakayak vitarai....

    mata united motors ekenma labunu karunu matha tamai mama oka lankave fail wenna hetuwa.. rasne saha speed eka kiyala damme.. mokada hitala balanna oya kiyana deee haria\yatama wenna nam oya engimak slow rev wela hariyanne naha (compresion ratio eka wadi seen eka) traffic ekaka slow rev kiyanne aniwarenma heat eka wadi air ekak ganne... etakota engima atuledi thawat heat wenava... itin amataka karanna epa petrol koitaram atomaize unat hot air ekat ekka karyakshama thavaye wadiyak naha kiyala... anika engimak heat wenava wadi kiyanne gewima wadi wenava kiyana deet amataka karanna epa... ehema nam inter cooler ona naha..... (practically hitanna)

    anika eka ehama nam ai meka seethala rataval wala wadipura sarthaka unee........

    itin onna okai mata kiyanna ona une... mama saralava kiyapu deema tamai oya podi technicle wrds tikak dala kiyala tiyenne... lankave oya engima duwanna puluwan... mama danna aya innava duwana 95octane use karana fully 100% refurbised GDI system (Mitsubishi cedia 1800 GDI).. habai babek wagee nadattu karanna ona... itin hamotama oka lesi naha.. nadattu atharala dala ohee hitiyot itin winase tamai.. mama e dee hondata pahadiliwa saralava kiyala tiyanava machan...

    umbe idea ekama tamai mamat saralawa kiyala tiyenne... hamotama technicle wrds terenne nati nisa..

    Jaya wevaaaaaaaaa........!!!!!!!!!
    :yes::yes::yes:

    Ubalage rep walata thank u machanla....ai etakota oya system eka toyota use karanne naththe,,nissan nam use karanawa man hitanne,eyalageth desil engin wala injectors poddak aul.

    Man hitanne meka godak ayata wadagath wei....
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    danna tharamin oke leda wadi, market na. ganna epa kiyanna thama thiyenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    GDI = Gasoline direct injection.

    me GDI engine lankave fail wenne petrol gataluwak hinda nemei machanla.. me system eke karyakshamathavaya hondatama ganna ekko high way ekakama yanna ona. ehema nattan seethala country ekak wenna ona.. oya dekama lankave nati nisa.. me traffic tiyana lankavata kohomatavat oka galapenne naha..

    dan balamu me GDI kiyanne mokakda kiyala......

    oyala dannava neda petrol vahanayaka engimata petrol + air mixture ekak tamai yavanne.. e kiyanne inlet manifold ekata air flow sensor eka haraha ena air quantity ekatama injector valin adala paridi petrol inject karala eka inlet manifold eka atule mix wela inlet valve eken engima atulata (combustion chamber ekata) yanne petrol/air mix ekak widiyata......

    eth me GDI system ekedi mehema mix ekak haden naha. eke wenne inlet manifold eka, inlet valve haraha atulata enne air eka vitarai.

    e kiyanne piston eka pahala yaddi air eka vitarak atulata avit piston eka uda ena mohothe.... (spark plug spark eka pattu karanna kalin) injector walin petrol engima atulatama widinava high pressure ekak atuwa...

    (hariyata deisel engimaka deisal vitarak widinava wagee)

    onna oya wenasa hinda lankave tiyana rasne saha low RPM driving waladi niyama karyakshama thavaya laba ganna baha. eken petrol consumption aul wenava, hariyata combustion ekak wenne nati nisa (petrol atamize wenne nati hetuwa uda) valve &
    engime ayu kalaya adu wenava..

    GDI engimaka petrol niyama widiyata anshu bavata kadila (atomize) engima atulata vidila combustion eka niyameta wela niyama power eka out karanna nam attatama high speed driveing karanna ona.

    ehema nattan seethala rataka seethala deshagunayak wenna ona.. oya karunu deken ekak hari tiyanava nam oya engima godaak honda ekak... seethala rataval wala GDI bohooma sarthakai..

    ewagema injector, plug, high pressure injector pump hama ekakma hondatama tiyenna ona... hama deyakma mokada oya dewal aul unot engime heat eka pava wadi wenava.. eken wier harness, sockets wage dewal valatat kal yaddi leda enava... oka tikak electronic side eka wadi engimak.. itin hama deema hondatama tiyenna ona.. GDI sytem ekat ekkama... (nadattuwa aniwarenma babek balagannava wage tiyenna ona)

    dan me colombo avata tiyana godaak GDI engine repair karala aul wela apahu hadala atavala tiyenne... good evat tiyanava.. eth gannava nam hondaata hoyala balanna ona...

    oya wahane lassana unata mama nam kiyanne oka gannava nam deparak tunpaarak hitanna kiyala.

    kamati nam oka nogena Rav4, subaru forester, vitara, terrious, cami, extrail, wage evva tikak try karanna...

    jaya wevaaaaaaaaaaaaaa....................!!!!!!!!!!!!!!!

    හරියටම හරි,.

    ඒවගෙම තමා එක ඉන්ජෙක්ටරයක් 30000කටත් වැඩී මම දන්න විදිහට
    ඒ වගෙම ඕක තෙල් කරන්නේ 6ත් 7ත් අතර. උපරිම දුර කරයි තව එකක් දෙකක්. ලෙඩක් ආවොත් අනාතම තමා

    ඒ අතින් Xtrail, CRV, HRV, RAV4 එකක් ගනින්, තෙල් වැඩ නොකලත් ඒවයේ එච්චර ලෙඩ නෑ

    owagen rav4 ekai terrios ekai theluth karanawa
    wisheshen terrios eka 1500 nisa hodata thel karanawa
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ubalage rep walata thank u machanla....ai etakota oya system eka toyota use karanne naththe,,nissan nam use karanawa man hitanne,eyalageth desil engin wala injectors poddak aul.

    Man hitanne meka godak ayata wadagath wei....

    pajero IO GDI kiyanne petrol engine walata hadunwadunna kathawak

    kohomath diesel eject karanne oya widihata thama, eke kisima awlak na, nissan la oya tec eka pawichchi karanne na

    eka eka company walata eyalata witharak ayithi technology thiyenawa. hariyata toyota VVT-i engine eka wena katawath hadanna ba wage
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ම්ම්.. ඔය කියන විදියට රස්නේ රටවල GDI (FSI) වාහන fail වෙනවා නම් Cadillac CTS, Camaro, Porsche Cayman, Ferrari California, Ferrari 458, Audi A4, Rolls Royce Phontom, Toyota Mark X, BMW 760Li, Lesux GS300, Audi R8, Lexus IS 250, වගේ වාහන මැදපෙරදිග රටවල් වල අසාර්ථක වෙන්න ඕන. මම මේ වාහන ටිකම කිව්වේ මේ මොඩල් වල වාහන වැඩිපුරම තියෙන්නේ මැදපෙරදිග රටවල නිසා..අනික මේ කිව්ව හැම වාහනයකම Performance ගැන කියන්න ඕනෙත් නෑනේ මම. පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ Search පාරක් දැම්මොත් හොයා ගන්න පුළුවන් GDI වල වාසි සහ පාඩු.

    අනික් දේ තමයි Turbo and Intercooler කියන තාක්ෂනය රථ වාහන වලට ඇවිල්ලා සෑහෙන කාලෙකට පස්සේ තමා මේ කියන GDI ආවේ.. අනික Turbo and Intercooler කියන්නේ එන්ජිමක Volumetric Efficiency (පරිමාමිතික කාර්යක්ෂමතාවය) කියන දේ වැඩි කර ගන්න උපක්‍රමයක් විදියට. Volumetric Efficiency වැඩි වීමේ ප්‍රතිපලයක් විදියට Power Output එක වැඩි වෙනවා.High Performance බලාපොරොත්තුවෙන් Turbo පාවිච්චි කරනවානම් හැම turbo වාහනයකම Intercooler සහ Anti Lag System එන්න ඕන. Turbo ගැන කියන්න ඕන අනික් දේ තමා කොහොමත් Turbo වාහන Intercooler පාවිච්චි කරත් intake air Temperature එක සාමාන්‍ය EFI එකකට වඩා වැඩියි. එතකොට traffic එකේ ඉන්නකොට turbo වාහනවල ප්‍රශ්න එන්න ඕන.

    අනික් දේ තමා Compression Ratio එක වැඩි වෙනකොට එන්ජිමක් අඩු වේග වල දුවන්න බැරි නම් Commom Rail Diesel වාහන idling කරලා හමාරයි.. මොකද GDI වාහනේක compression ratio එකටත් වඩා Common Rail ඩීසල් වල C.R වැඩියි.

    වාහනයකට Intercooler එකක් පාවිච්චි කරන්නේ Turbo හෝ Super Charger එකක් භාවිතා කරලා වාතය සම්පීඩනය කරාම වාතය අධික ලෙස රත් වෙන ඒක වලක්වන්න. Intercooler එකක් නැති උනොත් Intake manifold එකට යන්නේ සම්පීඩනය කෙරුණු රත් වූ වාතය. Pressurized, Heated වාතය නැඹුරු වෙන්නේ පීඩනය ඉවත් කරගෙන තාපය ඉවත් කර ගන්න කියලා දන්නවනේ. තත්වය මෙහෙමම තිබුනොත් වාතය කරන්නේ ඊලග Suction Stroke එකේදී Inlet valve එක ඇරෙනවත් එක්කම සිලින්ඩරය ඇතුලේ පරිමාවත් අරගෙන Expand වෙලා පීඩනය සහ තාපය අඩු කර ගන්න. එතකොට වෙන්නේ අපි බලාපොරොත්තු උනු වැඩි වායු පරිමාවක් ලබාදීම කියන දේ නෙමෙයි. එකෙන් වෙන්නේ ThermoDynamic Efficiency කියන දේ අඩු වෙන එක. ඒ නිසා සිද්ධ වෙනවා මේ සම්පීඩනය කරපු වායුවේ තාපය ඉවත් කරන්න. අන්න එ නිසයි Intercooler එකක් භාවිතා කරන්නේ. අනික තාපය ගොඩක් වැඩි නම් එන්ජිම Knock කරන්න පටන් ගන්නවා..එකත් පාඩුයි.

    අනික් දේ තමා මම කිව්වේ දහනයේදී දහන කුටීරයේ ඇතිවන අධික තාපයට මේ Injector ඔරොත්තු දෙන්න ඕනේ කියලා. ඒ කිව්වේ සෙල්සියස් 2000-2500 වගේ උෂ්ණත්වයක්. මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න Injector ඒක හැදුවම එන්ජිමක උපරිම උෂ්ණත්වය උන සෙල්සියස් 110-112 මේ Injector එකට ප්‍රශ්නයක් නෙවෙයි.

    GDI එන්ජිමක් වැඩ කරන ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. Ultra Lean Burn, Standrd (Stoichiometric) සහ Full Power කියන අවස්ථා තුන. මේකෙදි Ultra Lean Burn කියන තත්වයේදී එන්ජිම සාමානය ප්‍රමාණයට වඩා රත් වෙන ඒක ඇත්ත. ඒත් මේ එන්ජිමේ සිසිලන පද්ධතිය නිර්මාණය වෙන්නේ ඒ අවස්ථාවට ගැලපෙන විදියට, ගැලපෙන Cooling Capacity එකක් තියෙන විදියට.

    හැබැයි සාමාන්‍ය වාහනයකට වඩා වැඩි අවධානයක් නම් GDI වාහන වලට යොමු කරන්න ඕන. බොහොම පොඩි දෙකින් පුළුවන් ලොකු ප්‍රශ්නයක් මතු වෙන්න.
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    GDI kiyanne issara German karayo karanna hadapu project ekak. Project eke aramuna une high efficiency fuel burning engine ekak hadanna. Uda kiyala thiyanawa wage Petrol:Air ratio eka normal engines walata wada godak aduwen burn karanna puluwan system ekak thamai meka. Ekenma therenawane lean duwana wahanayak rathwenawa wage mekath tikak rathwenawa wadi a unata mekata use karanne akata galapena cooling system ekak (Rotary engines wage). Meka fully electronic based nisa German karayanta a kale meka karaganna bari una mokada a kale electronics echchara diyunu nathi nisa. Api wage gahaganne nathuwa Japan karayo me technologies research karanna gatta Toyoto hybrid research karanakota Mitsubishi la GDI research kara anthimedi degolloma successfull una. Man dakina widihata kalin reply eke wage meka fail wenna main reason eka me rasne, slow RPM wala duwana eka nemei. Meke mainly efficiency eka depend wenne petrolwala octain eka matha. Kalin dala thiyana post eke wage Middle east wala owa duwanawa ehe thiyenne ithin mehe thiyana supiri petrol nemeine. Mehe thiyana daha jarawa gahuwoth EFI enginesuth leda wenawa. Anika meka kalin kiuwa wage electronically control wenawa low RPM Middle range and high range (Lean, standard, full) eka nisa oya kiyana prasna kalin oka hadanakota apu pasna wisandala thiyenne. Man dakina main reason eka thamai lankawe baala petrol mekata gahuwahama lean kohomath meka duwanne na heat wena eka thawath wadi wenawa fuel wastage thamai wenne hari power eka enne na. aniwaryayen electronics wahaneta enawa kiyanne hondata balaganna wenawa kiyana eka thamai. (Mn danma kiyannam oya common rail diesel enginesuth meheta galapenne na langadima balannako mokada wenne kiyala mehe thiyana jara diesel gahala) Jaya wewa.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් අහල තියෙන්නේ carbon deposits සීන් එකක් හින්දා මේක අවුල් කියලා

    :baffled::baffled::baffled::baffled:
     
    :yes::yes::yes: Common Rail නම් දැනටම ලෙඩ දෙනවා.. Carbon Deposit කතාව හරි.. ඒ නිසා තමා ගොඩක්ම ලෙඩ දෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes::yes: Common Rail නම් දැනටම ලෙඩ දෙනවා.. Carbon Deposit කතාව හරි.. ඒ නිසා තමා ගොඩක්ම ලෙඩ දෙන්නේ..

    throttle body ekeda carbon deposit wenne? mitsubishi lancer EX eketh okama wenawa

    L200 aluth eke common rail engine ekak enne. e kiyanne ekath leda denawa neda??

    oya aluth hilux double cab eka, Hiase van ehemath parana wahana wage duwanna amaruwei ehenam mehe thiyena jara diesel ekka
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;15551827 said:
    throttle body ekeda carbon deposit wenne? mitsubishi lancer EX eketh okama wenawa

    L200 aluth eke common rail engine ekak enne. e kiyanne ekath leda denawa neda??

    oya aluth hilux double cab eka, Hiase van ehemath parana wahana wage duwanna amaruwei ehenam mehe thiyena jara diesel ekka

    නෑ නෑ. Carbon Deposit හැදෙන්නේ එන්ජින්ම ඇතුලේ..valves අස්සෙයි,පිස්ටන් උඩයි, Head එකෙයි..අන්තිමට Injector ඒක Block උනාම සොරි.කොම් වෙනවා.. සරින් සැරේට බලලා සුද්ද කරන්න ඕනේ ඉතින්..ගලවන හැම පාරම Gasket, Coolant දාන්නත් වෙනවා.
    මං නුවර Toyota agent ගාව වැඩ කරන දවස් වල (2012-2013 ජනවාරි)Hilux Double Cab ගොඩක් ආවා ඉන්ජෙක්ටර් සවුත්තු වෙලා.. ගොඩක් ඒවා Serivce එකක් කරලවත් ගොඩ ගන්න බැරි තත්වේ තිබුනේ..එක Injector එකක් රු.75000 ක් විතර වෙනවා..පුළු පුළුවන් විදියට අලවලා යවපු ඒක තමයි කරේ.. L200, Hiace van දෙක තුනකුත් ආවා.. වැඩිපුරම ආවේ Hilux එක.