
ඒක තමා බං ප්රශ්නේ..... මම හිතන්නේ මතකද අපි මිනි වර්ල්ඩ්ස් එන්ඩ් බලලා එනකොට, මූ අර පදුරක් අස්සේ ඉදන් ෆොටෝ එකකට කුරුමාණම් අල්ල අල්ල හිටිය වෙලාවේ ගොඩ වෙන්න ඈති.......
ඔන්න ඊයේ රෑ වෙච්ච සීන් එකක්.....
තරි මාමාට කෝල් එකක් ගත්තා.... එහා පැත්තෙන් අක්කා.....
මම :- කෝ තරි අංකල්
අක්කා :- බාත් රූම් එකේ..... බලන්නකෝ කකුල් කූඩෑල්ලෝ කාලා, මේස් ගලවද්දි කකුල් දෙකේම ලේ.....
මම :- ඈහ්......??

වෙන්න බෑ නේ අපේ කවුරුවත් කූඩැල්ලෝ කෑවේ නෑ නේ...... (කකුල් දෙකම අතගාලා බැලුවා කූඩැල්ලෙක් සෙට් වෙලා ඉන්නවද දන්නේ නෑ නේ නොදැනිම)
අක්කා :- කකුල් දෙකේම හිටියා මල්ලි.... හොදටම ලේ.....
මම :- වෙන්න බෑ.....

අපි කාටවත් අවුලක් උනේ නෑ නේ.... පොඩ්ඩට කොහොමද......?? පොඩ්ඩත් රිවස්ටන් වල වටේම දිව්වනේ මොකෙක්වත් කෑවේ නෑ නේ....??
අක්කා :- පොඩ්ඩට අවුලක් නෑ.
හොදටම බීලා නේ.......
මම :- ඈහ්.....??
අද බිව්වේ නෑ නේ..... ඊයේ නම් කට්ටිය බිව්වා තමා.....
අක්කා :- නෑ නෑ ඒවා නෙවේ ලේ ලේ.....


මම :- හුටා......




හෆොයි මටමමයි වෙන්නේ........
