මචන් මෙතන ලොකු වැරැද්දක් තියෙනව. උඹ ඔය කියන ගැහැනියෙක් පිරිමියෙක් කසාද බඳින (විවාහය )එක ආවෙ රෝම ලන්දේසි නීතියත් එක්ක. එතකොට ඊටකලින් ලින්ගිකව එකතුවුන සේරම පව් කාරයොද?

ඔය උඹ අරගෙන තියෙන කොටස්වල තියෙන්නෙ බලපෑම් කරලා/බලහත්කාරයෙන් ලින්ගිකව එකතුවෙන ගැන විතරයි. තරුන යුවලක් ස්ව කැමත්තෙන් ලින්ගිකව එකතුවෙන එකට කිසි තහනමක් තිබ්බෙ නැහැ. විවාහය අදාල කරගන්න එපා. මොකද ඒ කාලෙ දැන් වගේ වික්ටෝරියා ක්රමයක් නෙමෙයි තිබුනෙ
සහෝ විවාහය කියන නීත්යයානුකූල කඩදහියකින් බැඳුණු විවාහය පැමිණෙන්න ඇත්තේ ඔය කියන රෝම ලංදේසීන්ගෙන් වෙන්න ඇති.. නමුත් සහෝ මහා සම්මත රජ දවසේ පටන් පෝරුවේ චාරිත්ර, අත පැන් වත් කිරීම, අතැඟිලි එක් කිරීම වගේ චාරිත්ර රාශියක් පැවතගෙන ආවේ.. ඔය සහෝ කියන රෝම ලංදේසි කසාද ලියවිල්ල ආවේ පස්සේ උනාට මහා සම්මත රජ දවසේ පටන් ආව එම චාරිත්ර වලින් තමයි විවාහයක් සිදු උනේ.. එහෙම විවාහයක් සිදු නොවී කායික එක්වීමක් කලානම් ඒයින් පවක් සිද්ද වෙනවයි කියලයි මම කිව්වේ... විවාහය කියන බැඳීම හුදෙක් කඩදහියක තබන අත්සනක් විතරක් නෙමෙයි සහෝ.. ඒවා මෑත් කාලීනව එක්වුනු දේවල්...
අනිත් ගැටලුවට පිළිතුර මම තැන් කිහිපයකම දුන්නා.. නමුත් ආයේ දෙන්නම්..බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්�ත, පීතු රක්�ත, මාතාපිතූ රක්�තා, භාතු රක්�තා, භගිනි රක්�තා, ඥාති රක්�තා, ගොත්ත රක්�තා, ධම්ම රක්�තා, යන ස්ත්රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්ත්රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.
1. මාතු රක්�තා – මව විසින් රක්නා ලද ස්ත්රිය.
2. පිතූ රක්�තා – පියා විසින් රක්නා ලද ස්ත්රිය.
3. මාතා පිතූ රක්�තා – මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්රිය.
4. භාතු රක්�තා – සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්රිය.
5. භගිනි රක්�තා – සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්රිය.
6. ඥාති රක්�තා – නෑයකු විසින් රක්නා ලද ස්ත්රිය.
7. ගොත්තරක්�තා – සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්රිය හෝ කුල චාරිත්ර ධර්මයෙන් රකින ලද්දාවූද.
8. ධම්ම රක්�තා – ධර්මය රකින්නී.
ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්රයේ සඳහන් වෙන්නේ..
සහෝ දැන් හිතනවද ස්ව කැමැත්තෙන් ලිංගිකව එකතු උනත් උඩ කිව්ව එක කරුණක් හෝ උල්ලංගනය වෙනවා නේද.. එක්කෝ මව නැතිනම් පියා නැතිනම් පවයි පියයි ඔය විදිහට කෙනෙක් යටතේ රැකෙන කෙනෙක් නේද..?? ඒ කෙනාගේ අනුදැනුමක් ඇතුව කලොත් විතරයි අවුලක් වෙන්නේ නැත්තේ.. අපේ උන් කිය කියා කොටු පනින්නේ නැහැ නේද සහෝ..?
බඳින්නේ අඟෙන්... බැඳෙන්නේ හිතින්....
මගේ මතය තමන් ආදරය කරන තමන්ට ආදරය කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙද්දි වෙන කෙනෙක් එක්ක කලොත් ඒක වැරදියි...
සහෝගේ මතයට ස්තූතියි.. මගේ මතය මම මෙතන දමා නැහැ.. ත්රිපිටකයේ සඳහන් වෙන මතයයි මම බේදා හදා ගත්තේ.. නමුත් පෞද්ගලිකවත් මම විවාහයට කලින් ලිංගික එක්වීම ප්රතික්ෂේප කරන්නෙක්..
ඔව් එතනදි වැරැද්දක් තියෙනව, ඒත් ඒක තියෙන්නෙ විරුද්ධ පාර්ශවයෙ ආකල්පය මත.
ඔව් විරුද්ධ පාර්ශවයේ අනුමැතිය ලැබේනම් කලාට කම නැහැ කියලයි සඳහන් වෙන්නේ...