යලිත් නොයෙනු මැන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යලිත් නොඑනු මැන

    ගගක් මුහුදට වැටෙන්නට පෙර...
    ගලා යන සේ සිත් තුටින්.....
    නිමක් නැති හද පැතුම් පුරවා....
    බලා සිටියා මං ඉතින්............
    දුකක් ‍දැනුනත් මටත් ඉදහිට....
    ඔයාගේ පාලුව පිටින්......
    දිනක් එනතුරු බලා සිටියා....
    අපි අපේ වෙන හරසරින්......

    විලක් තරමට දියක් පුරවා...
    දරාගෙන සිටි සිත් හැගුම්...
    නොයෙන ඔබගේ නියගෙ ඇවිදින්...
    වියලිලා සිත් විල ඉතින්....
    ඔයත් මට නැති මමත් මට නැති...
    ලෝකයක මං තව දුකින්.....
    ලියා තබනෙමි මෙසේ හිතවත...
    ඔබේ මතකයෙ නාමයෙන්.....

    හිතට දැනෙනා ඔබේ මතකය...
    අමතකව යන්නට කියා......
    කුමක් කෙරුවත් කෙලෙස සිතුවත්...
    නොහැකි විය මා හට දයා.......
    යලිත් නොපෙනෙන හීනයක ඔබෙ..
    සැමරුමක් අලවා තියා.......
    අවදි වෙන්නම් යලිත් කිසිදා...
    හීන නොපෙනෙන්නට කියා....

    මමත් ඉදහිට ඔබේ දෑසේ...
    දුටුව නොදුටුව ආදරේ.....
    යලිත් කෙදිනක හෝ මතක් වී...
    ඔබම ඒවිද මා කෙරේ.......
    නිතර පැතු ඒ පැතුම් වියැකී...
    හෙලා මා මහ පාලුවේ.....
    මිතුරියක් සේ මෙහෙම ඉන්නම්...
    යලිත් නොම එනු යාළුවේ......

    kinh-nguyet-ra-nhieu.jpg

    අපිත් එක්කම හිටිය සහෝදරියකගෙ සත්‍ය අත්දැකීමක්...
    ඇය කොතරම් බලා සිටියත් ඔහු යලි එන්නෙ නෑ . වසර කීපයකට පසු ඇය තීරණය කලා
    ඔහු වෙනුවෙන් බලා සිටීම අත්හරින්නට.
    මේක ඇය වෙනුවෙන්.. :dull:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    චන් කියන්න වචන නෑ...
    පට්ට ලස්සනයි...



    ඒ සහෝදරීට අහිමි උන කෙනාට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන් කියන්න වචන නෑ...
    පට්ට ලස්සනයි...



    ඒ සහෝදරීට අහිමි උන කෙනාට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...
    :D
    ගොඩක් ස්තූතියි මචං..
    :yes::yes::rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලස්සනයි මචෝ :yes:
    11.gif


    ඒ අක්කණ්ඩිට කියපන් ඔක්කොම් වෙන්නේ හොදටයි කියල:nerd:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දිනක් එනතුරු බලා සිටියා....
    අපි අපේ වෙන හරසරින්......

    :(:(:(:(:(

    මාර ලස්සනයි අයියේ.....
    ඒ අක්කනම් පව් :(
    හොඳ අයිය කෙනෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමි :)

     
    • Like
    Reactions: Dinushasankalpa

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ට ලස්සනයි...

    ඒ සහෝදරීට අහිමි උන කෙනාට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...
     
    • Like
    Reactions: Dinushasankalpa

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යලිත් නොපෙනෙන හීනයක ඔබෙ..
    සමරුමක් අලවා තියා.......
    අවදි වෙන්නම් යලිත් කිසිදා...
    හීන නොපෙනෙන්නට කියා....​

    බොක්කටම වදිනව :( :(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මමත් ඉදහිට ඔබේ දෑසේ...
    දුටුව නොදුටුව ආදරේ.....
    යලිත් කෙදිනක හෝ මතක් වී...
    ඔබම ඒවිද මා කෙරේ.......
    නිතර පැතු ඒ පැතුම් වියැකී...
    හෙලා මා මහ පාලුවේ.....
    මිතුරියක් සේ මෙහෙම ඉන්නම්...
    යලිත් නොම එනු යාළුවේ......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ අවසානය තම විය යුත්තේ අවුරුදු ගනනක් පමා උනත්...
    පමා වෙලා හෝ ඒ මඟම සරණ යෑම ඔබට දිනක සතුට ගේවි...
    අද හෙට නොව එයටද අවුරුදු ගණනක් කල්පයක් වුව ගියහැකියි
    ඒත් ඒකාන්තයි සතුට ඔබ සොයා පැමිණේවි පෙරටත් වැඩියෙන්...

    "ඇය වෙනුවෙන් මට කීමට ඇති දේ..ඇය වෙනුවෙන් මෙසේ පළ කල වගයි..." :):):)