රාත්රිය උවමනා කර තිබේ...
රාත්රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්රිය උවමනා කර තිබේ
වැළපෙන්න
එකට ආ මාවතේ ළං ළංව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙමඟකට හැරුණු හැටි
දැනගන්න
රාත්රිය උවමනා කර තිබේ
වැළපෙන්න
නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්රිය උවමනා කර තිබේ
වැළපෙන්න
රාත්රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
-අමල් පෙරේරා-
රාත්රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්රිය උවමනා කර තිබේ
වැළපෙන්න
එකට ආ මාවතේ ළං ළංව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙමඟකට හැරුණු හැටි
දැනගන්න
රාත්රිය උවමනා කර තිබේ
වැළපෙන්න
නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්රිය උවමනා කර තිබේ
වැළපෙන්න
රාත්රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
-අමල් පෙරේරා-




අනේ නෑ මචෝ, මේ රසින්ත ගයාන්ගේ අලුත්ම song එක 


