පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රාත්‍රිය උවමනා කර තිබේ...

රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

එකට ආ මාවතේ ළං ළංව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට
දෙම
කට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි
දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැළපෙන්න

රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න


-අමල් පෙරේරා-
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හිනැහෙන ඇස්...

ඔය හිනැහෙන ඇස් දැකලා
මට හිතුනා මගේ කියලා
හිත ඔබේ පස්සෙන් ඉගිලී
කොහේ නවතී වීද මන්දා

සඳ නැඟ එනවිට දුටුවා
අහසේ තරු ලඟ ඔබ හිටියා
මගේ හිත අරගෙන ඉගිලී
කොහේ නවතීද මන්දා...
හිත ඉල්ලනා පැතුමේ
සැනසීම මයි සිතුනේ
ඔබ දුටු ඒ මුල් දිනේ
අද වාගේ මතකයේ...
සඳුගේ ලොවේ... හිරුගේ ලොවේ... මේ ආදරේ සදා...
සඳුගේ ලොවේ... හිරුගේ ලොවේ... මේ ආදරේ සදා...

හෙට හමුවෙන්නට හිතුවා
අද හමුවෙමු හිත කීවා
නෙත හැම තැන ඔබ හෙව්වා
සිත තනියෙන් ඔබ එනකම්

සඳ නැඟ එනවිට දුටුවා...


-Voice Print-
 
  • Like
Reactions: DAMER

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Dream, dream, dream, dream
Dream, dream, dream, dream

When I want you in my arms
When I want you and all your charms
Whenever I want you, all I have to do is
Dream, dream, dream, dream

When I feel blue in the night
And I need you to hold me tight
Whenever I want you, all I have to do is
Dream

I can make you mine, taste your lips of wine
Anytime night or day
Only trouble is, gee whiz
I'm dreaming my life away

I need you so that I could die
I love you so and that is why
Whenever I want you, all I have to do is
Dream, dream, dream, dream, dream
 
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Warnan Perera........

~රූ සිරිය ඈගේ~

Cute-Couple-Photo.jpg


~රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ~
..නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ..
~රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑ‍සේ~
..කී රහස මාගේ මුළු ජීවිතේම පෑහේ..

~සිතේ ඇල්ම පාලා දිගු නෙතේ කැල්ම දීලා~
..මගේ පාළු ලෝකේ තනි මැකූ සහය වීලා..
~සොයා ආ ලෙසේ ජීවන මගේ පා තබාලා~
..පිදූ ආදරේ මා වෙත මැකීලා නොයේවා..

~දුකේ හෝ සැපේදී එක ලෙසින් සිත් බැඳීලා~
..මගේ දිළිඳු ලෝකේ ඔබ මැණික් පහන වීලා..
~සදාකල් මගේ ආදර ලොවේ රැජිණ වීලා~
..ඔබේ වාසනාවේ පින මටත් අත් කෙරේවා..

 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ //
රාත්‍රිය උදාවුනා...

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදාවුනා....

ඔබ අවුදින් සිව් දෙසින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්

රාත්‍රිය උදාවුනා....
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකට පස්සේ මේ සින්දුව වෑර්ලස් එකේ ඇහුනා.....Lyrics හො‍යන්න search පාරක් දානකොට‍යි මේක දැක්කේ.....:yes::yes::yes:
    type කරන්න නහින්නේ මොකටද..... ඔන්න ගෙඩි‍ය පිටින්ම quote කලා.....
    :rofl::rofl::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා
    සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
    ඇය රවටා කැඳවාගෙන් නොයන් කුමරියේ
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා
    අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
    ම්ගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Should I give up or should I just keep chasing pavements
    Even if it leads nowhere?
    Or would it be a waste even if I knew my place
    Should I leave it there?
    Should I give up or should I just keep chasing pavements
    Even if it leads nowhere?

    Adele_Chasing Pavements

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉස්සර විදියට දුවපැන යන එක
    මතකද තහනම් කරපු දිනේ...
    සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
    කියන්න පොඩි හාමුදුරුවනේ...

    කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
    රෑ තුන්යම රජ මඟුල් කතී..
    පාළුව දැනුනම මෙරු රැළ තරහින්
    වැලි මාලිග වට කුලල් කති...

    ඉස්සර විදියට...//

    රෑ කල තනි යහනේ සැතපෙන විට
    දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ..
    බුදු බණ එතකොට සිහියට එනවද
    කියන්න පොඩි හාමුදුරුවනේ...

    ඉස්සර විදියට...//
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
    අපේ ජීවිතේ

    සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
    වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

    භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන
    කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
    මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සොඳුරු සිතුවම් කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන් සිහින් හඬරැල්
    එක මිටින් ගෙන එමි ඔබේ හිතේ ඉහිරමි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ විසල් අහසේ..

    මේ විසල් අහසේ
    සෙවන යට රහසේ
    බොහෝ මල් පිපුනා
    නොදැනීම පරවුනා

    මල් සිනා...ගංඟා...

    සෝ සුසුම්...හංඟා..
    ගලා ඇදුනා
    දුටුව නොදුටුව ලෙසින්
    ඔබ උන්නා...

    පෑල දිග අහසේ
    තාරුකා විලසේ
    පැතුම් ගිලුනා...
    නොදුටුසේ...ඔබ මා...
    ලඟින් උන්නා

    මේ විසල් අහසේ...


    -අමිල පෙරේරා-
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "දිවු රාල" පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම් :eek:

    කව්ද බං ඒ රාළ :lol:
    :oo::oo::oo:

    images




    දිව්රාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

    හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැගිලා
    සත් සමුඳුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

    සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
    ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා


    -Centigradz-


    :lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනි තරුවක් ලෙස රෑ අහසේ
    ම‍ගෙ ලොවට එබී හොරෙන්
    පිනි බිදුවක් සේ තණ පියසේ
    මට සිසිල අරන් ඇවිත්
    ඔබමයි මා ලොව සැමදා ආලෝකමත් කලේ
    ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ

    නිල් කැට දිලිසුනු මොහොතේ
    කෙහෙරැල් දග කල සුලගේ
    අප සිත් එක් විය රහසේ
    සැමදා පැතුසේ සැමදා පැතුසේ

    සිතුවිලි හැදුනා හමුවූ මොහොතේ
    හසරැල් නැගුනා හොර රහසේ
    ලොවට හොරෙන් තනි වූ මොහොතේ
    උණුසුම බෙදුනා උණුසුම බෙදුනා

    :love::love:

    couple_93765c.jpg

    හැමදාමත් මිහිරාවියේ ඔයා තමයි මගෙ මුලු ලෝකෙම උනේ :yes:

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තනි තරුවක් ලෙස රෑ අහසේ
    ම‍ගෙ ලොවට එබී හොරෙන්
    පිනි බිදුවක් සේ තණ පියසේ
    මට සිසිල අරන් ඇවිත්
    ඔබමයි මා ලොව සැමදා ආලෝකමත් කලේ
    ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ

    නිල් කැට දිලිසුනු මොහොතේ
    කෙහෙරැල් දග කල සුලගේ
    අප සිත් එක් විය රහසේ
    සැමදා පැතුසේ සැමදා පැතුසේ

    සිතුවිලි හැදුනා හමුවූ මොහොතේ
    හසරැල් නැගුනා හොර රහසේ
    ලොවට හොරෙන් තනි වූ මොහොතේ
    උණුසුම බෙදුනා උණුසුම බෙදුනා

    :love::love:

    couple_93765c.jpg

    හැමදාමත් මිහිරාවියේ ඔයා තමයි මගෙ මුලු ලෝකෙම උනේ :yes:

    me song eka mokadda