කිරිබත්ගොඩ_ඥානානන්ද

RoshanSAM

Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    අපි බෞද්ධ කියාගන්නා අපේ මිනිස්සුන්ගෙන් 99.999% ක්‌ම අඩුම තරමේ පෝයටවත් පන්සලකට යන්නේ නැති තරම්. ඒ තියා තමුන්ගේ ගෙදර තියෙන බුදු පිළිමේ ඉස්සරහ මලක් පහනක් හඳුන්කූරක් පූජා කරන්නේ නැති තරම්. එහෙව් කාලෙක මොනමහරි විදිහකට බුදු දහමට කැමැත්තක් ගොව්රවයක් තියෙන තරුණ පරපුර හරිම අඩුයි. ආඩම්බරයි උඹල ගැන. එත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ සහෝදරයා මහමෙව්නාවෙන් පතුරුවල හරින්නේ නිර්මල බුද්ධ දේශනාව නෙවෙයි. කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේගේ බුද්ධියට ගෝචර වෙන්න සකසගත්තු දහමක්. ඔයාල යන්නේ වැරදි පාරක සහෝදරයා. මහමෙව්නාවට ගියහම හිතට හරිම සැනසීමක් දැනෙනවා කියල මීට කලින් සහෝදරයෙක් කියල තිබුන. ඒ දැනෙන සැනසීම දැනෙන්නේ ඔයාලගේ ඇසට සහ කනට නේද කියල පොඩ්ඩක් හිතල බලන්න . නිහඬතාවය නිසා කනට සැනසීමක් ඇති. ලස්සනට ගොඩනගාපු පරිසරයක් නිසා ඇසට සැනසීමක් ඇති. ඒ දැනෙන සැනසීම බුදුදහම තුලින් දැනෙන සැනසීමට ගොඩක් වෙනස් සහෝදරවරුනි.

    රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවල බලන්න. නියම ධර්මාවබෝධය ලබන්න උත්සහ කරන්න. බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය ගිහි ජීවිතය සාර්ථක කරගන දේශනා කරපු දහමක් නෙවෙයි. ගිහිජිවිතයෙන් මිදිලා 4 අපායෙන් මිදිලා සංසාරෙන් එතෙරවෙන්න දේශනා කරපු දහමක්. වර්තමානයේ ගරුතර සංඝරත්නය ගිහි ජීවිතය සාර්ථක කරගන්න කාලීන ධර්මදේශනා පවත්වනවා මිසක් සංසාරෙන් එතරවෙන දහම් දෙසන්නේ නැති තරම්.

    දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසෙන කියලයි ප්‍රාර්ථනාව එයාලගේ. එත් සහෝදරවරුනි අමාමහ නිවනින් සැනසෙන්නනම් බලාපොරොත්තුව මොන කෙහෙල් මලකටද දෙව් මිනිස් සැප ප්‍රර්ථනා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. මමත්වය වපුරාගෙන තමන්ගැන පම්පෝරි ගහන උන්දලා අතරේ කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේත් එක සංඝයාවහන්සේ නමක් විතරයි. වෙනසකට තියෙන්නේ පෙර සංසාරේ කරපු පිනකට පිරිවර සම්පත්තිය/සැප සම්පත් විඳීමට වාසනාව ලබල තියෙන එක විතරයි. එත් බුද්ධ දේශනාව විකුර්ති කරලා කරගන්න පවනම් සුළුපටු නැහැ. උඹල යන්නේ වැරදි පාරක. ප්‍රඥාව මෙහෙයවල නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්න උත්සහ කරන්න.

    Aniwarayenma Sahodaraya,, sampurana aththa kathawak kiyala thiyenne :yes::yes::yes:
     
    chinthpri

    Junior member
  • මහෙමවිනාවට හිෙතෂි සෙහා්දරවරැණි........
    ෙමි බාලයන් සමග වාද ෙනාකරන්න ෙමි රමි ගැරහිමි කරන්ෙන් සතය දැනගැනීමට අැති අකමැත්ත විය හැකියි ෙමාවුන්ට සසෙර් තවත් දුක් විදිමට සිදුෙවයි ඉවසන්න............ සැමට ෙතරැවන් සරනයි
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    කිරිබත්ගොඩ ඥානානන්ද කියන්නෙ ටිකක් අමුතු චරිතයක්.
    එයාගෙ පොත් කියවන අයත් එක්ක බුද්දාගම ගැන තර්ක කරන්න නම් එච්චර ලේසි නෑ.

    ඒ උනාට හාමුදුරුවන්ගේ භාවනා ක්‍රම නම් බොහොම පුහු ගායනාවක් වගේ දෙයක්. බුදු දහම ගැන නොදැන නමට පමණක් බෞද්ද වෙලා ඉඳපු ගොඩදෙනෙක් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙන් බුද්දාගම ගැන දැනගත්ත . එක ඇත්ත අපි හාමුදුරුවන්ට යුතු ගෞරවය දෙන්න ඕනේ. එත් බුදුදහම ගැඹුරට තේරුම්ගැනීමට අත්විඳීමට හා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කෙනෙක්ට කිරිබත්ගොඩ හාමුදුරුවෝන්ගේ ධර්ම දේශනා වලින් ප්‍රයජනයක් නැහැ කියන එකයි මගේ මතය.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා;13112221 said:
    මචං මම නොදන්න නිසා මේ අහන්නෙ.
    ගොඩක් පිරිත් පටන් ගන්නෙ බුදු හාමුදුරුවෝ මෙසේ දේශනා කල සේක කියලා නේද?
    ඉතිං කොහෙද එතන 100% බුදු වචනයම තියෙන්නෙ?
    අනික හින්දි සින්දු අහනවා වගේ පිරිත් අහනවාට වැඩිය සිංහලෙන් තේරෙන විදියට පිරිතක් ඇහුවහම තියන වරද මොකක්ද?
    අනික ඔය සිංහලෙන් කියන පිරිත් වල මරාපියවු කොටාපියවු කියනවද?
    ජීවිතයට වැදගත් වන දෙයක්නෙ දෙන්නෙ.
    පිරිසිදු බුදු දහම නම් කොහෙවත් නෑ.
    ඒ හාමුදුරුවන්ට තේරෙන විදියට වත් ඔහොම අපිට තේරුම් ගන්න් පුලුවන් විදියට බණ/පිරිත් කියන එක නම් අගය කරන්න ඕනෙ. :yes:

    මම අහලා තියන විදියට ඔය භාෂාවට (පාලි) වලට අකුරු නෑ.
    ත්‍රිපිටකය සිංහලට පරිවර්ථනය කරලා තියන ඒවා ගොඩක් වෙන වෙන භාෂාවලින් ලියවිච්චා (ඉංග්‍රීසි, සංස්කෘත, හින්දි වගේ).
    සිංග්ලිෂ් වගේ තමා. "Mama gedara yanawa"
    උඹ හිතපං සිංහල භාෂාව නැත්තට නැති වෙලා ගියොත් "Mama gedara yanawa" කියන එකට එක එකා එක එක අර්ථකථන දෙයි නේද? :P
    ඒ වගේ තමා.
    ඒක නිසා එක එක පුද්ගලයා ඒ දේවල් තේරුම් අරන් තියන විදි වෙනස්.
    ඒත් කොර් එක ගත්තොත් අපිට නිවන් යන්න ඕනෙ මාර්ගය ඕවගෙ ඇති කියලා හිතනවා. :D:yes:
    මොනවා උනත් හින්දි සින්දු අහනවා වගේ පිරිත් අහන එකට වඩා සිංහලෙන් පිරිත් අහන එක දාහකින් සම්පතක්.

    පොඩ්ඩක් හොයලා බලපං පාලි, සංස්කෘත, හින්දි, චීන, ඉංග්‍රීසි භාෂාවලින් ත්‍රිපිටකය ලියවිලා තියනවා. :P

    උඹට තමයි අන්ධ විශ්වාසයක් තියෙන්නෙ.
    පිරිත් ඇහුවා කියලා ඒකෙ බලෙන් නිවං යන්නෙ නෑ බං.
    මෝඩ කතා කියන්න එපා.
    ධර්මය අවබා්ධ කරගන්න ඕනෙ.
    එහෙමයි නිවන් අවබෝධ කරගන්න ඕනෙ.
    හුදු තාවකාලික ශරීර ආරක්ෂාවට පිරිත් තපාවිච්චි කරනවනං උඹ නියම බෞද්ධයෙක් නෙමෙයි.
    නිවං යන්න් බලපං මේ ලෞකික සැපේ එල්ලිලා ඉන්න දඳලන්නෙ නැතුව.
    :P

    පිරිතෙ බලය මොකටද ඕනෙ මචං.
    උඹ මේ පිරිතෙ සයිඩ් ඉෆෙක්ට් එකක් අල්ලගෙන ඒක මේන් බෙනිෆිට් එක කියන්න දඳලන එකෙන් උඹෙ මෝඩ කමද එලියට එන්නෙ?
    අනේ මන්දා :D

    ප.ලි.

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ අභිධර්මය ප්‍රතික්ෂේප කරනවනං වැරදියි.
    ඒත් ඒ හාමුදුරුවන්ගෙන් ජීවිතයට එකතු කර ගන්න පුලුවන් දේවල් බොහොයි කියලා මට හිතෙන්නෙ. :yes:

    :D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    The real Dhamma from an Arhat Bhikku...

    If anyone want to attain nibbana in this very life listen n follow the instructions given by this thero in his sermons.

    ------------------------------------------
    Most Ven. Dankande Dhammaratana Thero

    identifier.jpg

    ----------------------

    http://archive.org/details/VenDankandeDhammaratanaThero

    Before his renunciation,he had been meditating for a number of years whilst holding a senior staff officer post in a government bank. With a pure and firm intention of realizing Nibbana in this very life, he renunounced in 1983.

    Then, dwelling in a monastery, he developed both "Samatha" & "Vipassana" with an untiring and persistent effort, for almost 10 years.

    Since 1993 , he has been conducting meditation retreats, giving instructions to realize Nibbana and or Jhanas and delivering Dhamma desourses based on, as far as possible, on his own experience so that the ""listners too, would realize Nibbana whilst being listening to his Dhamma sermons.""

    A quite number of persons in Sri Lanka and a few in abroad are there who enjoy Nibbanic & Jhanic bliss by following his instructions.
    ----------------------

    http://archive.org/details/VenDankandeDhammaratanaThero
     
    srisadaham

    Member
    Mar 3, 2013
    5
    2
    0
    601352_122376627950136_1904867904_n.jpg

    සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
    ------------------------------------------------------------------------------------------
    තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
    ------------------------------------------------------------------------------------------

    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී සම්බෝධියේ පටන් හතලිස් පස් වසක් පුරාවට විනය, සූත්‍ර, අභිධර්මය වශයෙන් දෙව් මිනිසුන් හමුවේ සිදුකරනා ලද දේශනා, නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෙස මෙතෙක් ආරක්ෂා වී පැවතගෙන ආ බව බෞද්ධ අප සැමගේ විශ්වාසයයි. සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, ආනන්ද, උපාලි... ආදී වූ මහ රහතන් වහන්සේලා සම්මුඛයේ සිට සංඝායනාවන් හරහා එක්රැස් වෙමින්, පාරිශුද්ධව පැවතගෙන ආ ත්‍රිපිටක ධර්මය, බුද්ධ කාලයේ සිටම නොයෙක් අභියෝගයන්ට ලක්විය. එසේ එල්ලවූ බාධාවන් හමුවේත් නොනැසී සුරැකුනු දහම අද වන විට යලිත් දරුණු ව්‍යසනයන් රැසකට මුහුණ පාමින් සිටී.

    මෑත කාලීනව අප රටේ දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරමින් සුවිශාල සේවයක් සිදුකරනා, මහමෙව්නාව භාවනා අසපු සංකීර්ණය හරහා ද, ථේරවාද ත්‍රිපිටක ධර්මය විනාශ කරමින්, ධර්මයේ නාමයෙන් අධර්මය පැතිරවීමේ වැඩ පිළිවෙලක්, මාර බලවේගයන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බව කණගාටුවෙන් වුවත් පෙන්වාදීමට සිදුව තිබේ.

    84000 ක් වූ ධර්මස්කන්ධයෙන් ධර්මස්කන්ධ 42000 ක්ම අඩංගු වූද, සර්වඥයන් වහන්සේගේ ජින චක්‍රය බඳු වූද, පරම ගාම්භීර වූද, අති සූක්ෂම වූද, බුද්ධ භාෂිත අභිධර්ම පිටකය, මහමෙව්නා අසපුව හරහා මූලික බුද්ධ දේශනාවන්ට අයත් බුද්ධ භාෂිතයක් නොවේ යැයි සැක කරමින් බැහැර කර ඇති බව, පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේම පුවත්පත් ප්‍රකාශ, මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථාව හා උන්වහන්සේගේම වෙනත් ග්‍රන්ථයන්ගෙන් ද සාක්ෂි දක්වමින් "මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?" යන ලිපිය හරහා අප විසින් පෙරදී හෙළිදරව් කරනා ලදී. එසේ අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම ඔස්සේ, සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර දේශනා විග්‍රහකිරීමේදී ද ත්‍රිපිටක සම්ප්‍රදායට පටහැනි නොයෙක් වැරදි අර්ථ නිරූපණයන් රැසක් අදවන විට සමාජ ගත වී ඇති බව පෙනේ.

    http://www.facebook.com/photo.php?fbid=100841900103609&set=a.100583093462823.313.100005333970376&type=1&theater

    මේ පිළිබඳ කථිකාවතක් ඇතිකිරීම හරහා අප බලාපොරොත්තු වූයේ, ඥාණානන්ද හිමියන් තුල මුල්බැසගෙන ඇති ථේරවාද සම්ප්‍රදායට පටහැනි මෙම දුර්මතය නිසා ධර්මයටත්, උන්වහන්සේටත්, මහමෙව්නාවට සම්බන්ධ අති විශාල බෞද්ධ සැදැහැවතුන් පිරිසකටත් සිදුවන හානිය පෙන්වාදීමත්, කෙසේ හෝ උන්වහන්සේ නිවැරදි ථේරවාදී දහම පිලිගන්නා තැනකට ගෙන ඒමත් ය. එසේම අවසානයේ සිදුවිය යුතු වන්නේ ථේරවාදී ත්‍රිපිටක ධර්මයට පටහැනිව පළවී ඇති ප්‍රකාශන නිවැරදි කරමින් සමාජය තුල පතුරවා ඇති අධර්ම මතයන්ද බැහැර කරවීමට කටයුතු කිරීමයි.

    ධර්මයේ නාමයෙන් වහ වහාම මේ දේවල් සිදුවිය යුතු වන්නේ, තවත් කලක් තවත් විශාල පිරිසක් අතරට මේ අධර්ම මත ව්‍යාප්ත වීම යනු, ඒවා මුලිනුපුටා දැමීමේ ඉඩ ප්‍රස්ථාව ක්‍රම ක්‍රමයෙන් ඇහිරීමක් වන නිසාය. සිදුවිය යුත්තේ එය වුවත්, අද මේ මොහොත දක්වා නම් එවැනි නිවැරදි වීමකට උන්වහන්සේ හෝ මහමෙව්නාවේ කිසිවෙක් හෝ සූදානම් බවක් පෙනෙන්නට වත් නැතිවීම කනගාටුවට කරුණකි. ඉදිරියටත් මෙම වැරදි සමගින්ම කටයුතු කිරීම යනු පිරිසිදු ථේරවාදයෙන් බැහැරව, මහායානය දෙසට මහමෙව්නාව තල්ලුකිරීමක් බවත්, වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටා නිවැරදි වීම හැර වෙනත් විකල්පයකට ඉඩක් මේ වනවිට නම් ඉතිරිව නොමැති බවත් මහමෙව්නාවට අනුකම්පාවෙන්ම පෙන්වා දෙනු කැමැත්තෙමු.

    අන්තර්ජාලය හරහා විශාල පිරිසක් දැනුවත් කිරීමට මේ වනවිට අපට හැකිවුවත්, අප විසින් මතුකල කරුණු වලට මේ දක්වාත් මහමෙව්නාව අසපුව සංකීර්ණයෙන් පැහැදිලි පිළිතුරක් නම් ලැබී නැත. තවදුරටත් මෙවැනි ධර්මවිරෝධී මත සමාජය තුල ව්‍යාප්ත වීම තුලින් සිදුවන හානිය නැවැත්වීමේ පිරිසිදු අරමුණින් යුක්තවම අප විසින් තවත් පියවරක් මෙසේ ඉදිරියට තබන්නෙමු.

    2013-03-14 වන දින විකාශය වූ 'නමෝ බුද්ධාය' වැඩසටහන අවසානයේදී ඥාණානන්ද හිමියන් විසින් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ, අන්තර්ජාලය තුළ facebook වැනි මාධ්‍ය හරහා එල්ලවන කුමන ආකාරයක හෝ චෝදනාවක් හමුවේ කෝප නොගෙන, මෛත්‍රී සිතින්ම ඒවාට පිලිතුරු දෙමින් ධර්ම යුද්ධයක යෙදෙන ලෙසයි.

    http://www.youtube.com/watch?v=8RLQD-gskgQ

    ධර්මයේ නාමයෙන් අප විසින් මේ සිදුකරගෙන යන දැනුවත් කිරීම් තුල කිසිදු නින්දා අපහාසයක් හෝ ගැරහීමක් නොමැති බව ඔබ සියලු දෙනාටම පැහැදිලි ඇතැයි සිතමි. එහෙත් අපගේ මුල් හෙලිදරව්ව ඉදිරියේ කලබලයට පත් වූ මහමෙව්නාවේ ප්‍රබල අනුගාමිකයින් කිහිපදෙනෙක් තම ගුරු හිමියන්ගේ අවවාදයන් ද නොතකා, පහත්පෙළේ හැසිරිමක් පෙන්වමින් තමන් ද පිරිහෙලා ගනිමින් කටයුතු කර අවසානයේ නිරුත්තරව පළා යන ලදී. මෙවැනි අන්ධ භක්තික පිරිස් හට, බුද්ධ භාෂිත අභිධර්මය යනු නයාට අඳුකොල මෙනි. බුද්ධ භාෂිත ධර්මය ගැන සිදුකරනා දහම් සංවාදයන් හමුවේ, ඔවුන් තුල රාග දෝෂ මෝහ වැඩෙන්නට වීමත් ඉතා අවාසනාවන්ත තත්වයකි. ඥාණානන්ද හිමියන් තුල ඇති ධර්ම විරෝධී මත සමාජගත වීම හරහා, ගැඹුරු දහමක් යැයි අභිධර්මය ගැන ජනතාව තුල පෙර තිබූ මතය වෙනස් වී, අභිධර්මය දෑහැට පෙන්නන්ට බැරි මෙවන් පරපුරක් බිහිවෙමින් තිබීම නම් බරපතල තත්වයකි.

    කරුණු එසේ හෙයින්, උතුම් වූ නිර්මල ත්‍රිපිටක ධර්මය රැකගැනීමේ පිවිතුරු අරමුණින් යුක්තව මෛත්‍රී සිතින් අරඹනා මේ ධර්ම යුද්ධයට සහභාගී වී, බෞද්ධ ඔබ සැමගේ යුතුකම ඉටුකිරීමට දැන් කාලය එළඹ ඇත.

    තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගොස් සිටිනා හිතවතුනි, ඥාණානන්ද හිමියන් පැවසූ පරිදිම තමන්ගේ ගුණ ධර්ම නොපිරිහෙලා ගනිමින්, ඔබලා වෙත එල්ලවී ඇති මේ අභියෝගය හා චෝදනා වලට මුහුණ දෙන්න...! නොබියව යුධ පෙරමුණට විත් තමන් පිළිගන්නා මතය වෙනුවෙන් සටන් වදින්න...! සෘජුව පිළිතුරු දෙන්න..! "සංවාද කිරීම කාලය කෑමකි", "තර්කයෙන් ධර්මය වටහාගත නොහැක", "වාදයෙන් රාග-දෝෂ-මෝහ වැඩේ" ආදී බොරු හේතු දක්වමින්, ඥාණානන්ද හිමියන්ද අනුමත කළ ධර්ම යුද්ධයෙන් පළා නොයන්න...!

    එසේම, තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධයිනි, රහතන් වහන්සේලාගේ සිට මහසංඝරත්නය විසින් දිවිහිමියෙන් රැකගෙන ආ උතුම් වූ ධර්මරත්නය අඩංගු නිර්මල ථේරවාදී ත්‍රිපිටක ධර්මය සුරැකීමට යුධ පෙරමුණට විත් ඔබගේ යුතුකම ඉටුකිරීමට දැන් ඉතින් කාලයයි..! හැකි තරම් පිරිස් මේ ගැන දැනුවත් කර ඔබගේ දායකත්වය මේ සඳහා ලබාදෙන්න....!

    දැන් ඉතින් යුධ භූමිය සූදානම්ය... දහම් ආයුධ වලින් සන්නද්ධව දෙපස බෙදී මේ සිදුකරනා ධර්ම යුද්ධය තුලින් අවසානයේ ලැබෙනා සැබෑ ජයග්‍රහණය වනුයේ නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය යි..! ඒ ජයග්‍රහණයේ හිමිකරුවන් වීමට අප සැමදෙනාම තම යුතුකම ඉටුකරමින් තිසරණය වෙනුවෙන් තම කුණු කය පූජාවෙන් දිවිහිමියෙන් සටන් වදිමු....!!!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    The real Dhamma from an Arhat Bhikku...

    If anyone want to attain nibbana in this very life listen n follow the instructions given by this thero in his sermons.

    ------------------------------------------
    Most Ven. Dankande Dhammaratana Thero

    identifier.jpg

    ----------------------

    http://archive.org/details/VenDankandeDhammaratanaThero

    Before his renunciation,he had been meditating for a number of years whilst holding a senior staff officer post in a government bank. With a pure and firm intention of realizing Nibbana in this very life, he renunounced in 1983.

    Then, dwelling in a monastery, he developed both "Samatha" & "Vipassana" with an untiring and persistent effort, for almost 10 years.

    Since 1993 , he has been conducting meditation retreats, giving instructions to realize Nibbana and or Jhanas and delivering Dhamma desourses based on, as far as possible, on his own experience so that the ""listners too, would realize Nibbana whilst being listening to his Dhamma sermons.""

    A quite number of persons in Sri Lanka and a few in abroad are there who enjoy Nibbanic & Jhanic bliss by following his instructions.
    ----------------------

    http://archive.org/details/VenDankandeDhammaratanaThero

    This is the truth...:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෝරිසාදයා;14668433 said:
    This is the truth...:yes::yes::yes:

    කොතනත් හොද දේනම් කියල දෙන්නේ ...හරි දේනම් කියල දෙන්නේ ....

    ගරහන්න එපා ....
     
    • Like
    Reactions: netlife007

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kiribathgoda chananda hamuduruwo hodha Hamuduruwo kenek kiyala mata hithenne. Ath srilankawe samahara Hamuduruwo darmaya desana karanawa , namuth samahara darmaya desana karana Hamuduruwo darmaya pilipadinne naha[hamoma newe]. Samahara Hamuduruwaru Bavana karanne naha. Avavkawa hithala balanna , Nirogi Rahath nouna kenekuta Bavana nokara kohomadha sex control karanne ? Mata nam Bavana karanne nathi Hamuduruwo sure naha.
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මන් මුලින්ම දැන ගන්න කැමතියි මහමෙව්නාවට බනින අයගෙන් ,පන්සල් වල ඔයාලා හොයන විමික්ති මාර්ගය හෝ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය බිදක් හෝ කියනවාද කියලා.බුද රජාණන් වහන්සේ දේශනා කලේ පටිච්චසමුප්පාදය මිසක් අන් දෙයක් නොවෙයි.අද වාතාවරණය ගත්තාම ආර්යන් වහන්සේලා නමෙයි ඉන්නේ චීවර ධරින්.භික්ෂුත්වය ක්ලේසෙන උතුම් රහත් මාර්ගය ක්ලේසෙන බාලයන්.එම පුද්ගලයෝ කියන්නේ(දේශනා කරන්නේ) දේශපාලනය,ජාතිය,තමන්ගේ අදහසක් නැත්නම් මොකකක් හරි මිත්‍යා විශ්වාශයක්(කේන්දර,ග්‍රහ අපල).

    ඊලග කරණය බුදු රජාණන්වහන්සේගෙ භික්ෂුව කියන්නේ ,උන් වහන්සේගේ ශිෂ්‍ය කියන්නේ ශිල්පද 214 අරක්ෂා කරන අල්පෙජ්ජ ,නිවන් මාර්ගයට පිළිපන් උතුම් වහන්සේලාට.අද පන්සල් වල අධි කාම භෝගී ජිවිතයක ගතකරන ,සිවුරු ඇදි ගිහියන් පිරිසක් බොහෝ විට ඉන්නේ.

    මචන් උබලා දන්නවාද සුරිය වැව කියන ගම්මානය.ඒ මිනිස්සු ක්‍රිස්තියානි කරන්න කුට උපක්‍රමයකින් මුළු ගමම වෙනස් කරන්න හදද්දී,පින්වත් ලොකු ස්වාමින්වහන්සේ පින්දපතේ වැඩලා ධර්මය දේශනා කරලා ඒ මිනිස්සු බේරා ගත්ත.උන් වහන්සේ නැත්තං අද සුරිය වැව ක්‍රිස්තියානි.උන් වහන්සේ නැත්තං අද කුරුණෑගල බහුතරයක් ඉස්ලාම් හෝ ක්රිතියානි.

    ඉලගට ඒ දවස්වල බාර් ගානේ රස්තියාදු උන සල්ලාල කොල්ලෝ අද මහමෙව්නාවේ බණ අහලා උතුම් මාර්ගයට පිවිසිලා ඉන්නවා.මන් උනත් හොද මාවතට හැදුනේ උන් වහන්සේට පින්සිද්ද වෙන්න.

    ඊලග කරණය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේට මහමෙව්නාවේ 2006 පස්සේ උන් වහන්සේ අසපු සංචිතයෙන් අයින් උනා.දැන් භාර කාරිත්වවය ආරියවංශ ස්වාමින්වහන්සේට.කොටින්ම කිව්වොත් උන් වහන්සේට අයිති කිසිම දයක් නැ.සියල්ලගෙන්ම නිදහස් වෙලා හුදකල්වේ බවුන් වඩනවා.මන් දන්නා නිසා කියන්නේ

    අවසාන වශයෙන් ඔයාලගේ දෙලොවට වැඩ පිනිස දෙයක් කරගාන්න පන්සලෙන් හෝ අසපුවෙන්. නමෝ බුද්ධාය !!!!
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිදහස දී තිබෙනවා තමන්ගේ භ්ශාවට ධර්මය පරිවර්තනය කරන්න
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ow gana kiyanna yana eke terumak na machan meke inna un balanne hamduruvange bahira penuma inna pansala lassanada nadda hamuduruwo kanne monawada onna oiwa witaray
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    දමිතයා ඔය අතාරින්නේ හතර වරම් කෙබ්බයක් මචං. අවංකව ම කියනව නම් අමාවතුර අසපුවේ ඉන්න ස්වාමින්වහන්සේලා දැක්කත් තේරෙනවා යම් ශික්ෂාකාමී පිරිසක් කියලා. වෙන ශ්‍රමණවේශධාරින් වගේ ඇග විතරක් මහණ කරපු අය නෙවෙයි. බොහොම නිවී සැනහුනු අය.
    මම මේක ලියන්නේ කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැතිව ම මහමෙව්නාව අසපු සමූහයේ ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන්න ඉන්න දරුවන් වඩින්නේ පැමිනෙන්නේ මගේ ළගට නිසා දන්ත ප්‍රතිකාර වලට. මේ පුටුව උඩටම වෙලා කර ගන්න ලැබෙන පින නිසා මම නම් ඒකට බොහොම කැමතිය.
    මම පෞද්ගලිකව හිතන්නේ බුදුන් ගේ ධර්මය දේශනා කරන්නේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ පමණයි කියලයි. අර දොඩම්පහල රාහුල කියන අය බලන්න. කට හද හද බණ කියනව කියල මිනිසුන්ට බනින එකමනේ කරන්නේ.................

    mama gehin thiyana hinda keyanne, uba dawasak e pansalakata gehin balapan

    anith pansalwalai e pansal walai wenasa,
    ubata apahu yana hethena , gehin e hamuduru kenek ekka katha karala balapan, mara shantha bawak thiyenne

    udeta pindapathe yanawa

    godak aya baninawa pirith sinhalen keyanawa keyala, namuth e keyana wediyata mara feel1 danenne ,
    matanam heththenne ethana thamai niyama bududahama thiyenne

    kauruwath keyana nesa ahanna onene ubama gehin balapan

    machan kuwuruwath kiyene ewa newei, ube buddhageme nede? me link follow kerela ubeme eke decide kerepan.ubeteme terei VEN KIRIBATHGODA KNANANDE swamaeenwahanse kochchere watinewade kiyela www.mahamevna.org

    ඥානානන්ද හාමුදුරුවන්ට අරව මේව කියල නිකන් පවු පුරවගන්න එපා. උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.හාමුදුරුවන්ට තියන ප්‍රසිද්ධියයි,සැළකිල්ලයි නිසා ඉරිසියාකාරයො ගොතපු කතාවක් ඕක.

    Danata lankawe inna hondama hamuduruwo machan...

    He is born in christian... then came to buddhism..

    Please don't ruin his reputation and bring another darkness to budhist people.. If you go to a Mahamewna Asapuwa once.. you'll realize what kind of a place is that..

    Budu Saranai...

    :yes:අනිවා!!! සහතික ඇත්ත..:yes::yes:

    මම නම් මහමෙවුනාවට ගිහින් නෑ... යන්න අදහසකුත් නෑ... අපේ පවුලේ අය සහ මගේ යාලුවොනම් යනවා....
    මම නම් හිතන්නෙ හාමුදුරුවරු කාලොචිතව බන දේශනා කරන එක හොදයි කියලා සෝමහාමුදුරුවො වගේ....
    මෙතන සමහරු රාහුල හාමුදුරුවන්ට බැන්නත් ඒ හාමුදුරුවො ගෙ බන වලින් ගන්න පුලුවන් දේත් තියනවා....
    කවුරු කොහොම කිව්වත් තමන්ගෙ නුවනින් විමසලා ධර්මය පිලිගන්න ඕන...

    මහමෙවුනාවෙ ප්‍රශ්නය නම් මහමෙව්නා අසපු කියලා හැම තැනම අසපු දැමීම් තුලින් ලන්කාවෙ හාමුදුරුවරු දෙකඩ වෙයිද කියන එක...

    මචන් පිරිසිදු ධර්මයේ කාලෝචිතයි කියල දෙයක් නෑ..
    පිරිසිදු ධර්මය අකාලිකයි..:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිදහස දී තිබෙනවා තමන්ගේ භ්ශාවට ධර්මය පරිවර්තනය කරන්න

    koheda danne naa ehema thiyenne neda ?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය අහස උසට ගොඩනැගිලි හදන සල්ලි වලින් දුප්පත් අසරණ මිනිස්සු කීදෙනෙක්ට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද ?
    පාසල් යන ළමයින්ට පොත් පත් අරන් දෙන්න පුළුවන්
    අපේ මිනිස්සුත් දිව්‍ය ලෝකේ ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන උඩ පැනලා යනවා
    බුදු දහමේ අභිධර්මය නැහැයි කියන්නේ පට්ට පල් බොරුවක්
    ඒ හාමුදුරුවන්ට අභි ධර්මය තේරෙන්නේ නැති නිසා වෙන්න ඇති නෑ කියන්නේ

    මතක තියා ගන්න දිව්‍ය ලෝකේ ගිහිල්ලා නිවන් දකින එකට වඩා මනුෂ්‍ය ලෝකේ ඉදගෙන නිවන් දකින එක ලේසියි මොකද දිව්‍ය ආත්මයක පින් කුසල් කරගන්න බෑ
    ධර්ම දේශනා ,පිරිත් අහන්න ඕනේ නම් දෙවියෝ මනුෂ්‍ය ලෝකෙට එනවා
    ආවට වැඩක් නෑ මනුෂ්‍ය කනක් හදා ගන්න ඕනේ [මනුස්සවේසුන්]
    මේ බව පැහැදිලිව දම් සක් පැවතුම් සුත්‍රයේ තියෙනවා
    මේ හාමුදුරුවෝ කලින් ක්‍රිස්තියානි භක්තිකයෙක් නිසා දිවය ලෝකේ යවන්න උත්සහ කරනවා ඇති
    නමුත් ඒ මග බුදුන් දේශනා කර නිවන් මග නොවන බව සලකන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-

    දන්න බම්බුවක් කියපන් බං. නිකන් මෝඩ කතා කියන්න එපා. එහෙනම් යකෝ ඒ කාලෙත් වේලුවනාරම, ජේත්වනාරාම හදන්නේ නැතිව දුප්පත් අයට ගෙවල් හදලා දෙන්න තිබ්බානේ :P මොකෝ ඒ කාලේ දුප්පත් අය හිටියේ නැද්ද? ඒ දේවල් බුදුසසුනේ පැවත්මට බලපාන දේවල්. දැනටත් අපි වඳින්න පුදන්න යන්නේ ඒ කාලවල් වල ඔය විදියට හදපු ඒවාට තමා. ඒවා හැදුවේ නැත්තම් අද අපි මොනවට වඳින්න පුදන්නද? :confused::confused: ඉස්සෙල්ලම කියපන් උඹ ධර්ම දේශනා කීයක් අහලා තියෙනවාද කියපන් මේ හාමුදුරුවන්ගේ :confused::confused: දිව්‍යය ආත්ම වල පින් රැස්කරගන්න බෑලු :rolleyes::rolleyes: මචෝ කොහෙද කියපන්කෝ එහෙම කියලා තියෙන්නේ? දෙවිවරුන්ට කුසල් රැස් කරගන්න පුලුවන්, ඒ වගේම අකුසල් රැස් කරගන්නත් පුලුවන්. මෙතන තියෙන්නේ මේ දිව්‍යය ලෝකේ යන්න සටනක් නෙමෙයි. ධර්මය අවබෝධ කරගන්න කරන සටනක්. බුදු දහමේ ඇත්ත අභිප්‍රාය ගැන වත් කිසි තේරුමක් නැතිව පදනමක් නැති කතා කියන්න එපා :rolleyes::rolleyes: ඒ හාමුදුරුවන්ගේ දේශනා අහලා තියෙනවා නම් තේරුම් ගන්න පුලුවන් ඒ කියන්නේ මේ දිව්‍යයලෝකේ යන්න දඟලන්න නෙමෙයි සත්‍යාවබොධ කරන්න දඟලන්න කියලා :rofl::rofl: ක්‍රිස්තියාණි කතාවක් කිව්වා නේද? මචං අද ඊයේ ඉඳලා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ කාලේ වුනත් අන්‍යාගමික අය ඉන්නවා ඕන තරම් බුදු දහම වැළඳගෙන හරියට අවබෝධ කරගත්ත :yes::yes: අනිත් එක තමා උඹලා විහින්මයි මේ හාමුදුරුවරු කල්ලි කල්ලි වලට බෙදන්නේ. උඹලා වගේ එවුන් කරන්නේ හාමුදුරුවරු දේශනා කරන ධර්මය අවබෝධකරගන්න උත්සහ කරන එකවත්, බුදුසසුන රැකගන්න උදව් කරන එකවත් නෙමෙයි. ගමේ දයාවතීලා වගේ හාමුදුරුවරුන්ගේ ඇද කුද සොයන එක :P බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා යමෙක් සාමණේරනමකට, රහතන් වහන්සේ නමකට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, බුදුරජාණන් වහන්සේ නමකට පරිභව කරන විට එය සාසනයේ ඒ සාක් තැන් දරණ්නා වූ සියලූම දෙනාට කරන පරිහාණියක් බවත් රැස් කරන අකුසල් ප්‍රමාණය ඒ සාක් බවත් :baffled::baffled: ඒ නිසා හමුදුරුවරු විවේචනය කරන එක පැත්තකින් තියලා පිනක් දහමක් කරපන්. මොකද ඒ හාමුදුරුවරු උඹට/මට වඩා හොඳ දැනුමක් තියෙන අය ආගම ගැන.
     
    රිදිලා නේද ? හැබැයි මතක තිය ගනින් ජේතවනාරාමය ,වේළුවනාරාමය හදලා දුන්නේ එක පාර ගෙඩිය පිටින් ,දැන් බලපන්කො මාලබේ අසපුව ,සැරෙන් සැරේ ලොකු කරනවනේ ,එතකොට කියන්න පුළුවන් නේ මේවා ලොකු කර කර ඉන්න ඕනේ නෑ දුප්පත් පළාතක ඉස්පිරිතාලයක් හදන්න පුළුවන් නේ,මේවා මට කරන්න පුළුවන් නම් මෙතන comment දදා ඉන්නේ නෑ,සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ ,ඕනේ හොරෙකුට සිවුරු දාගන්න පුළුවන්
    උඹේ comment එකෙන්ම පේනවා උඹ දෙවියෝ ගැන ගොඩක් දන්නා බව
    දෙවියන්ට නිවන් දකින්න නම් මනුෂයෙක් වෙන්න ඕනේ කියලා දන්නේ නෑ නේද
    දෙවියන්ට පින් කරන්න බෑ ,අපි අනුමෝදන් කරන්නේ ඇයි එහෙනන් ?
    මේකයි මචන් උඹලා ඕනේ හාමුදුරු කෙනෙක්ගේ ධර්මය අහපන් ,හැබැයි වැරදි දේට වැරදියි කියපන්
    අභිධර්මය නෑ කියන්නේ ලොවෙත් නැති බොරුවක්
    ඕනේ ආගමිකයෙක් හාමුදුරු කෙනෙක් උනාට කමක් නෑ ,හැබැයි වෙලා බොරු කියනවනම් ඒක ලොකු ප්‍රශ්නයක්
    මතක තියා ගනින් නිවන් දකින්න පුළුවන් මනුෂ්යෙක්ට විතරයි
    එහෙනන් බුදුන්ටත් තිබ්බනේ ,දෙවි කෙනෙක් බ්‍රහම්යෙක් වෙලා ඇවිල්ලා බණ කියන්න
    මනුෂ්‍යත්ව දුර්ලබෝ පටිලබෝ කියලා කිව්වේ මිසක් දේව ,බ්‍රහ්ම නෙවේ
    ධර්මය අවබෝධ කරගන්න සටන් කරන්න ඕනේ නෑනේ ,මොකද යුද්ධ ඇති වෙලා නෑනේ
    රාග[ලෝබ],ද්වේශ,මෝහ වලින් ඈත් වෙන්න ,නිවන් මග එතන
     
    • Like
    Reactions: nnjeevana