කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ..
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ..
පූජාසනයේ...
<Nanda Malani>
මම ගියා අවුකන බුදුන්ටත්මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
දෑස් දුන් මිනිසා සොයා...
-සුනිල් එදිරිසිංහ-
![]()
තිස්ස වැවේ ඉවුර ලඟට සිදාදියෙන් සඳක් ඇවිත්
උකුළු මුකුළු සිනා හඬින් වැව් දියවර පිනා ගිහින්
කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්
මටත් හිතක් පහළ උනා අමතක වී දුප්පත්කම්
හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
ගත තැවරු සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා
කොරලි පැටවූ රංචු පිටින් වීසි දැලෙන් පැනල ගියා
ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා
දිය කැට පහණට ඉහලින් පෙම් දියවර උස්ව ගියා
මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්චලෙන් හිනා උනා
ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳගත්තා
හිතේ මැවුණු සොඳුරු හැඟුම් සොරොව් කටින් මෙපිට ගියා
මතක විදිහට දැම්මේ![]()
රජ්ජුරුවෝ;15796903 said:මේ සිංදුවට මං මාර ආසයි. චාමරගේ හැම සිංදුවක් වගේම ගොඩක් ලස්සනයි. කවුද දන්නවද මේ සිංදුව ලියලා තියෙන්නේ? අද කාලේ මේ වගේ සිංදු ලියවෙන්නේ නැති තරන්