පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Asanka Priyamantha................

~තරු පිපෙන~

guitar-guy_00004220.jpg


~තරු පිපෙන පාළු රාත්‍රියේ~
..ගීතයක් වගේ..
~මගෙ හදට කොඳුරලා කියයි~
..ආදරේ අගේ..

~සුවිසාල සාගරේ තරම්~
..ආදරේ පැතුම්..
~නෙලාගන්න හද උයනින්~
..ආදරේ කුසුම්..

~සඳ සොඳුරු සිත්තමක් කලා~
..ආදරේ අපේ..
~මකන්නෙපා ඒ ලස්සන~
..සොඳුරු සිත්තමේ..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මීදුම් දුමාරයේ....සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ.....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න....
    කොළ පාට හැරුණු.....ඈත නිම්නයේ.....//

    නිශා නිම්න ඇහැරවා.....මල් බිඟුන්ටත් හොරා.....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැරුණු.....ඈත නිම්නයේ.....//

    වලාවකින් හැඩදමා.....කූඩාරමක් එහි තනා.....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැරුණු.....ඈත නිම්නයේ.....//

    -Kasun Kalhara-
     
    • Like
    Reactions: rcccc

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට
    ආදර ගී පද වැල රඳනා
    පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට
    ආදර තුසිතය වෙත වසනා...

    නිදි සුව නොපතමි මා නෙත් හඳුනන
    සුපුරුදු සිහිනෙක නෙත සතපා
    සිත මිස කය නැති ආදර බඹලොව
    රැජිණයි මා හද කිරුළ දරා..

    කැටපත් පවුරකි...

    දොඩමළු නෙත් යුග කැටපත් පවුරේ
    රැඳි ගී පද එකිනෙක මුමුණා
    නුපුරුදු කවි ලොව මා කවියකු කර
    ඔබ හිඳිනේ බිළිඳෙකු ලෙසිනා..

    කැටපත් පවුරකි...


    - ශාලිත අබේවික්‍රම / චන්ද්‍රලේඛා පෙරේරා-
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Amila Indrajith.............

    සිහිළෙහි හැන්දෑවේ~
    රොන් විසිරුණු යායේ..
    ඔබෙ අත සුරතේ තියා~
    ළං වී තුරුලේ මේ..
    හදවත සවනේහි~
    රිද්මේ දැනෙනා සේ තියා..
    රැඳි උණුහුම දැනුනාද මගෙ සුසුමේ~
    ඔබ මියැදෙන දාක නවතින්නේ..
    හිත කියනා දේමයි මා පවසන්නේ~
    ඇහුනාද ඒ දේ මගෙ හද ගැස්මේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ සිත්තමක් සේ ඇදී මහදේ පුරා...

    සඳ සිත්තමක් සේ ඇදී මහදේ පුරා
    නෙක පැතුමන් සිහින ගංගා මැවු සිත පුරා
    ආදරෙන් මහදේ පුරා වෙලී
    ඔබගේ ස්නේහයේ මා නැවතුනා
    ඔබගේ ස්නේහයේ මා නැවතුනා

    ඇස් අතරේ හැංගිලා
    හද ගැඹුරේ නැවතිලා
    ඔබේ පහසේ රැඳී ඉන්නම් මා සදා
    තරු එළියක් වී නුරා
    සිත් අහසේ පායලා
    මා ඉන්නම් ඔබේ හද පුරා සැනසිලා
    මා ඉන්නම් ඔබේ හද පුරා සැනසිලා

    සංසාර සිහිනයේ
    එක් නිමේෂෙක තනිවෙලා
    ඉකි ගසාවි හද කඳුලැල් දෝත දරා
    නෙතු පෙනෙනා මානයේ
    තනිකම සිතේ සිර කරන්
    මා ඉන්නම් සුසුම් හද පුරා සිර කරන්
    මා ඉන්නම් සුසුම් හද පුරා සිර කරන්

    සඳ සිත්තමක් සේ මැකී නෙතු බොඳ වෙලා
    නෙතු පැතුමන් සිහින ගංගා මැවු සිත පුරා
    ආදරෙන් මහදේ පුරා වෙලී
    ඔබගේ ස්නේහයේ මා නැවතුනා
    ...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා...

    පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා
    දෙව්දූ ඇදි දේදුන්න සේ දකිනා
    ඔබගේ හැඩ දෑසින් සැලී බැලුවා
    මා දිහා...

    තරු රෑනක් පීර පීරා
    නුබෙ නෙත් මං තේරුවා
    නෙතු පියවූ ඒ ඇසිල්ලේ මා..
    පැතුම් පුරා නුබ ඇවිදින් උන්නා
    මගෙ සිහිනේ සරසා...

    හිරු දුටු පින්න සේ මා හද පුරා
    නැගි සහසක් සුසුම් සේනා නිවා
    නුබ ගෙන ආව සෙනෙහේ වදන් නිසා
    මගෙ කවි පෙළම නුබගෙන් කියැවුණා...

    තරු රෑනක් පීර පීරා...

    -Infaas-
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සඳ මිරිඟු ගඟේ වැටිලා...... ගං දිය බොර පාටයි
    විනිවිද නොපෙනෙන වතුරේ...... රූ සැඟවෙයි දිය රකුසන්ගේ
    සඳ මිරිඟු ගඟේ වැටිලා..........

    බොඳවෙන දේදුනු මායාවේ....සඳගිනි මල් සැණකෙලියේ
    ඉගිලී සරනා බමනා දෙබරුන්ගේ......... නාඳුනනා සුවඳයි

    අහසට ඇස් නැති හෝරාවේ....
    ලොව ඇහැරී අකුණු සැරෙන්...... එබිකම් කරවිය සිදුරින්
    මල් යහනාව දවයි... ගිනිගත් සඳ මැලවෙයි...
    මල් යහනාව දවයි......... ගිනිගත් සඳ මැලවෙයි.......
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා..

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ..
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ...

    පූජාසනයේ...

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ..
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ..

    පූජාසනයේ...


    <Nanda Malani>
     
    • Like
    Reactions: DAMER and rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ තරම් ළඟ ආදරේ
    ජීවිතේ කියනා
    කාලයක් දුර හීනයක්
    කොයිබදෝ සොයනා
    ආදරේ හැඟෙනා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ තරම් සියුමැලිද කළු ගල්...

    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා...

    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා...

    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා...

    -සුනිල් එදිරිසිංහ-
     
    • Like
    Reactions: Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ..
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ..

    පූජාසනයේ...


    <Nanda Malani>

    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා...


    -සුනිල් එදිරිසිංහ-

    11.gif
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
    පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට...//

    නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
    කෝල හැඟුම් කෙලි කවට සිනාවයි...//
    මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද...//

    පියමන් කෙරුවෙමු...//

    නෙත කඳුලින් හස පෙමින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මන මත් කල...//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දායාදර...//

    <Somathilaka Jayamaha>
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T.M Jayarathne..................

    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී~
    පියසෙනෙහසට කව් ගී ලියවුනා මදී~
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    lankan%20sinhalese%20actresses%20bathing%20outdoors%20in%20lungi%20petticoat.jpg


    තිස්ස වැවේ ඉවුර ලඟට සිදාදියෙන් සඳක් ඇවිත්
    උකුළු මුකුළු සිනා හඬින් වැව් දියවර පිනා ගිහින්
    කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්
    මටත් හිතක් පහළ උනා අමතක වී දුප්පත්කම්

    හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
    ගත තැවරු සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා
    කොරලි පැටවූ රංචු පිටින් වීසි දැලෙන් පැනල ගියා
    ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා

    දිය කැට පහණට ඉහලින් පෙම් දියවර උස්ව ගියා
    මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්චලෙන් හිනා උනා
    ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳගත්තා
    හිතේ මැවුණු සොඳුරු හැඟුම් සොරොව් කටින් මෙපිට ගියා



    මතක විදිහට දැම්මේ :rolleyes:
     
    May 19, 2013
    1,864
    81
    0
    lankan%20sinhalese%20actresses%20bathing%20outdoors%20in%20lungi%20petticoat.jpg


    තිස්ස වැවේ ඉවුර ලඟට සිදාදියෙන් සඳක් ඇවිත්
    උකුළු මුකුළු සිනා හඬින් වැව් දියවර පිනා ගිහින්
    කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්
    මටත් හිතක් පහළ උනා අමතක වී දුප්පත්කම්

    හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා
    ගත තැවරු සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා
    කොරලි පැටවූ රංචු පිටින් වීසි දැලෙන් පැනල ගියා
    ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා

    දිය කැට පහණට ඉහලින් පෙම් දියවර උස්ව ගියා
    මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්චලෙන් හිනා උනා
    ඉරුණු සරමේ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳගත්තා
    හිතේ මැවුණු සොඳුරු හැඟුම් සොරොව් කටින් මෙපිට ගියා



    මතක විදිහට දැම්මේ :rolleyes:

    මේ සිංදුවට මං මාර ආසයි. චාමරගේ හැම සිංදුවක් වගේම ගොඩක් ලස්සනයි. කවුද දන්නවද මේ සිංදුව ලියලා තියෙන්නේ? අද කාලේ මේ වගේ සිංදු ලියවෙන්නේ නැති තරන්
     
    • Like
    Reactions: dinukasampath

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    රජ්ජුරුවෝ;15796903 said:
    මේ සිංදුවට මං මාර ආසයි. චාමරගේ හැම සිංදුවක් වගේම ගොඩක් ලස්සනයි. කවුද දන්නවද මේ සිංදුව ලියලා තියෙන්නේ? අද කාලේ මේ වගේ සිංදු ලියවෙන්නේ නැති තරන්

    අනිවාර්යෙන් මචන් චාමරගේ සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා හොද තේරුමක් තියෙන. ලිව්වේ කවුද කියලනම් දන්නේ න බං. ගොඩක් සින්දු ලියල තියෙන්නේ හාමුදුරු නමක් නේද