ඔරලෝසු කාරයෝ ටිකට....
ඕව හයිකලාම කැත නැද්ද කට්ටියට?

බයික් එකේ තියන ඔරිගිනල් පෙනුම යනවනේ කොහේ හරි අස්සක ඕකක් ගැහුවම.
හීරෝ කාරය මැරෙන්න හදයි දැන්.

හන්ක් එකේ නම් එනවා ඩිජිටල් මීටරේම එකක්.

ටෙරිය දාල තියන එක නම් අපේ යුරාජ් ලොක්ක කියව්ව වගේ යතුර ඔන් කලාම ඔන් වෙන එකක් වෙන්න ඕනේ.

+ සප්ලයි දෙකක් තියනවා. උන් ඒ ගැන හරියට කියල නෑ.
කොයි ඔර්ලෝසුවත් ඔන් වෙලාව තියාගෙන ඉන්න නම් කරන්ට් එක දෙන්න ඕනේ හැම වෙලේම. ඕකට ගන්නේ පොඩි මිලි ඇම්පියර් ගානක් විතරයි. ඒක ඔය බැට්රියකට යන්තම් වත් දැනෙන්නේ නෑ. ඒ ගැන පොඩ්ඩක්වත් බයවෙන්න එපා.
අවුල තියෙන්නේ මටනම් කැත තමා...
යතුර ඔන් කලාම ඔන් වෙන්න ඕනේ නම් ටෙරියගේ එක හරියයි. සර්ච් කරනකොට පොඩ්ඩක් බලන්න ටෙරියගේ එකේ වගේ + සප්ලයි දෙකක් තියනවද කියල. සෙලර් ගෙන් පොඩ්ඩක් අහලත් බලන්න.
අනිත් එක යතුර ඔන් කලාම ඔන් වෙන්න නම් කොහෙන් හරි යතුර ඔන් කලාම කනෙක්ට් වෙන වයර් එකක් අල්ලගන්න වෙනවා. ක්ලිප් එකක් වගේ ගහගන්න වෙනවා තැනක් හොයාගෙන වයර් කපන්නේ නැතුව වැඩේ කරගන්න.