ප්රෝග්රමින් මිත්‍යයා මත
1. I'm a Hard-coding bad ass
ගොඩක් දෙනා හිතන දෙයක් තමයි Hard-coding කරනව කියල කියන්නෙ හරිම අපහසු ගොඩක් දැනුම යොදවන්න අවශ්‍යය බැරෑරුම් දෙයක් කියල. සමහරු notepad එකෙන් කෝඩ් කරල "මං Hard-coding කරේ" කියල කියනව. Hard-coding හි නියම තේරුම වෙන්නෙ source code එකේ configurable data කෙලින්ම ඇතුලත් කරන එක. එතකොට වෙන්නෙ කුඩා වෙනසක් කරන්නත් නැවත code compilation කරන්න සිදු වීමයි. ඒක නිසා Hard-coding කරනව කියන්නෙ පැරනි දුර්වල ක්‍රමයක්.
2. 1000 lines of awesomeness
source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි.
3. I code in a low level language, so ur a n00b
මේකත් ප්‍රදාන වශයෙන් වැරදි මතයක්. ඔබ low level language එකෙන් කරන දෙයක් high level language එකකින් ඊට වඩා කෙටි කලකින් වඩා හොදින් කල හැකි නම් ඔබ ගත් තීරනය බොහෝ විට වැරදි වීමට ඉඩ ඇත. ඔබ low level language එකක් බාවිතා කල යුත්තේ එහි සංකීර්ණ ගණිත කර්ම( number crunching algorithms) වැඩි වශයෙන් යොදා ගන්නවා නම් පමනි.
4. I don't steal code from others
100%ක් සියලුම code තමන් විසින්ම ලිවීම නොකල යුතු දෙයක්. එනම් ඔබ විසදුමක් සෙවීමේදී එය වෙනත් කෙනෙකු විසින් විසදා (develop) කර ඇත්දැයි බැලීම සුදුසුයි. Never reinvent the wheel යනු එයයි. Opensource libraries බාවිතය ඉතාම දිරි ගන්වන සුලුයි( encouraged)
5. Why learn a new language?
කිසිම ආකාරයකින් ඔබට අවශ්‍යය සියලුම දේ එකම භාශාවකින් සිදු කරගැනීම සාර්ථක නොවේ. උදාහරන ලෙස Java මගින් hardware access කිරීමත් C මගින් web application develop කිරීමත් සාමාන්‍යන් සිදු නොකරයි. සාමාන්‍යන් ඔබ අවුරුද්දකට අවම වශයෙන් එක language එකක් වත් ඉගෙන ගත යුතුයි.
6. Smart programmer writes the fastest code
සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.
7. Old is Gold
කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.
8. You need to know maths to code
විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.
10. I Am Woman. I Can’t Code.
අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.