විශ්වයේ උපත - බුදු දහමට අනුව..

monson

Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    විශ්වයේ උපත - බුදු දහමට අනුව.. - 12-21-2013, 02:52 PM

    මේ තියෙන්නේ, මේ ලෝකය සහ මිනිසා මුලින්ම ඇති උන ආකාරය ගැන බුදුදහමෙන් කියවෙන විදිහ

    Me Aggañña sutra ye thiyenne universe eka mulina athiwechcha widiya nemei. eke thiyenne cycle ekak wage earth, humans athiwena widiya neda.

    Buddha tells the story of how the human beings came to dwell on Earth.

    And

    Buddha implied the theory of the Evolution of Universe, where it is said to shrink and then expand in repeated cycles.

    - http://en.wikipedia.org/wiki/Aggañña_Sutta

    As far as I know Lord Buddha never described the begining of the universe(how the universe came to be for the first time) or the first cause. He viewed the universe as infinite and beginningless.

    What was before the universe if the universe has a begining? :rolleyes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් නොදන්න කමටයි අහන්නෙ වැරදියට ගන්න එපා

    //පෘථිවියට ජීවය ආවේ ආහස්සර බ්‍රහ්ම ලෝකයෙන් කියල //

    මෙකෙන් කියන්නෙ පිට සක්වලක / ජිවය සහිත වෙනත් ග්‍රහ ලොකයකින් ගෙන ආ ජිවය මෙ ග්‍රහ ලොකෙ ඇති උනා කියලද ? :rolleyes::rolleyes::rolleyes:

    ඔව් බුදු දහමට අනුව පෘතුවියේ ජීවය ඇති වෙලා තියෙන්නේ පිටසක්වලින් ඇවිත්. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳන්. :yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්. මාත් biology ඉගෙනගෙන තියෙනවා...ඒත් කවදාවත් මං ඔය Monera, Protista, Plantae, Animalia kingdom ඉගෙනගත්තා මිසක්, පෘථිවියට ජීවය ආවේ ආහස්සර බ්‍රහ්ම ලෝකයෙන් කියල නම් ඉස්කෝලෙදි science වලට ඉගෙනගෙන නෑ..
    උබ මේ ලිපිය බලල ඉවර වෙලා, මොකක්ද තියෙන්නේ කියල කියවල බැලුව නම් තේරෙයි, මේ කියල තියෙන්නේ ඩාවින්ගේ පරිනාමවාදය නෙමෙයි කියල...

    මචෝ කොස්මෝසොයික් වාදයක් කියලා එකක් ගැන බයෝ කලානම් ලාවට නමක් හරි මතක ඇති කියලා හිතනවා. ඒ වාදේ අනුව කියන්නේ වර්ථමාන මානවයා පිටස්තර ලෝකෙකින් ආවා කියලා නේද.? මට දැන් හරියට මතක නෑ ඒත් හෝමෝ ඉරෙක්ටසුයි හෝමෝ සේපියනුයි අතරේ හෝ වෙන ඩබලක් අතරේ ලොකු පරිණාමයේ වෙනස් කම් තියෙනවා කියලා ගැටලු මතුවෙලා තියෙනවා. ඒ අනුවයි ඔය වාදේ ගොඩ නැගිලා තියෙනේ දන්න තරමින්. ඒ වාදෙට අනුව වත්මන් මානවයා පෘතුවිය ආක්‍රමණය කලා කියලා තමයි කියන්නේ.වැඩේ කියන්නෙ අග්ගඤ්ඤ සූත්‍රයේ පවා කියන්නේ ඔයිට සමාන මතයක් වීමයි බං.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    විශ්වයේ උපත ගැන බුදු දහමේ සදහන් වෙන්නේ නැහැ.
    බුදු දහමේ කියල තියෙන්නේ විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැහැ කියල.
    මේ සුත්‍රයෙන් කියන්නේ මහ පොලවේ සහ මේකේ ඉන්න ජීවීන්ගේ ආරම්භය නේද?
     
    Aug 18, 2011
    6,147
    788
    0

    බුදු දහමේ කියලා තියෙන්නේ විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් සොයන එක නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට ප්‍රයෝජනයක් නෑ කියලා. බුදු හාමුදුරුවෝ එක පාරක් මුගලන් හාමුදුරුවොන්ටත් ඕක කියලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ තමංගේ සෘද්ධි බලෙන් විශ්වයේ කොනක් හොයන්න හදනකොට :eek::eek::rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචෝ කොස්මෝසොයික් වාදයක් කියලා එකක් ගැන බයෝ කලානම් ලාවට නමක් හරි මතක ඇති කියලා හිතනවා. ඒ වාදේ අනුව කියන්නේ වර්ථමාන මානවයා පිටස්තර ලෝකෙකින් ආවා කියලා නේද.? මට දැන් හරියට මතක නෑ ඒත් හෝමෝ ඉරෙක්ටසුයි හෝමෝ සේපියනුයි අතරේ හෝ වෙන ඩබලක් අතරේ ලොකු පරිණාමයේ වෙනස් කම් තියෙනවා කියලා ගැටලු මතුවෙලා තියෙනවා. ඒ අනුවයි ඔය වාදේ ගොඩ නැගිලා තියෙනේ දන්න තරමින්. ඒ වාදෙට අනුව වත්මන් මානවයා පෘතුවිය ආක්‍රමණය කලා කියලා තමයි කියන්නේ.වැඩේ කියන්නෙ අග්ගඤ්ඤ සූත්‍රයේ පවා කියන්නේ ඔයිට සමාන මතයක් වීමයි බං.

    :eek::eek: " missing link " :rolleyes::rolleyes: මමත් අහල තියෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16065241 said:
    :eek::eek: " missing link " :rolleyes::rolleyes: මමත් අහල තියෙනවා

    නෑ බන් මට ශුවර් නෑ නියැනඩර්තාලුයි ඉරෙක්ටසුයිද මන්දා. දැන් ඒලෙවල් වලින් ඈත් වෙලා අවුරුදු 5 කට වැඩි (2008 A/L) ඕක ගැන අපේ බයෝ සරුත් කිව්වා ඒ දවස් වල. දැන් නිච්චියක් නෑ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නෑ බන් මට ශුවර් නෑ නියැනඩර්තාලුයි ඉරෙක්ටසුයිද මන්දා. දැන් ඒලෙවල් වලින් ඈත් වෙලා අවුරුදු 5 කට වැඩි (2008 A/L) ඕක ගැන අපේ බයෝ සරුත් කිව්වා ඒ දවස් වල. දැන් නිච්චියක් නෑ.

    මානවයා දෙන්න මටත් මතක නෑ.මම උඹටත් කලින් ඒ ලැවල් කොරේ. :baffled::baffled::D:D
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    බින්දු;16065235 said:
    බුදු දහමේ කියලා තියෙන්නේ විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් සොයන එක නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට ප්‍රයෝජනයක් නෑ කියලා. බුදු හාමුදුරුවෝ එක පාරක් මුගලන් හාමුදුරුවොන්ටත් ඕක කියලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ තමංගේ සෘද්ධි බලෙන් විශ්වයේ කොනක් හොයන්න හදනකොට :eek::eek::rolleyes::rolleyes:

    එක තමයි ඉතින්, විශ්වයේ උපතක් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව එහෙම තිබුණු නිසා කිවේ :confused::confused:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එක තමයි ඉතින්, විශ්වයේ උපතක් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව එහෙම තිබුණු නිසා කිවේ :confused::confused:
    :eek::eek: ඕකේ෴
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් බුදු දහමට අනුව පෘතුවියේ ජීවය ඇති වෙලා තියෙන්නේ පිටසක්වලින් ඇවිත්. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳන්. :yes::yes::yes::yes::yes:

    මිනිසගෙ මොලය දියුනු විමට පිට සක්වල බලපැමක් ඇති උනා , එහෙම නැත්තම් මිනිස කියන සත්වයා පිට සක්වල නිර්මනයක් වගෙ එකක් ද නැත්තම් සම්පුර්න ජිවයය කියන දෙ ඇති උනෙම පිට ග්‍රහලොකෙකින් කියලද කියන්නෙ ?

    පොඩ්ඩක් එක්ස්ප්ලෙන් කරන්න දිපන්කො මට ...

    මොකද ජිවය ඇතිවිමට හෙතු උන මුලික සන්ගටක ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක " ප‍්‍රාථමික සූපය’ (Premordial Soup) පෘතුවියෙ තිබුන, මුලික සාගර වල
    එක ඇති වෙන්නෙ කොහෙන්වත් ඇවිත් නෙවෙයි පලවෙනි අවුරුදු මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් වගෙ තිබුන එකක් . . අවුරුදු මිලියන ගානක දීර්ඝ කාලයකට පස්සෙ තමයි පෘථිවියේ පෘෂ්ඨය ක‍්‍රමයෙන් නිවී සිසිල් උනෙ ,ඉට පස්සෙ සන්ගටක එකතුව දියර තත්වෙන් පවතින්න පුලුවන් උනා , එ අති උන සාගර වල ජිවයට අවශ්ය මුලික සුපය පැවතුනා

    ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගානක් මෙහෙම ජලයේ විසිරී තිබුන අජිවි විදිහට.. ඒවායින් පළමු සෛල නිර්මාණය විම ඇරබෙන්නෙ පිටසක්වල බලපැමක් නිසා කියලද කියන්නෙ ? ඉලෙක්ට්‍රොනික උත්තෙජනයක් මගින් සජිවි සයිල විදිහට ආරම්බ උනා . එ ක අති වෙන්නෙ , විදුලි කෙටිම් නිසා කියලයි පිලිගැනිම තියෙන්නෙ .

    එහෙමත් නැත්නම් ඔය කිසිම සුපයක් තිබුනෙ නැහැ ,පෘතුවිය ඔහොම නෙවෙයි තිබුනෙ , ඔය විද්ය අර්තකතන ඔක්කොම බොරු කියලද කියන්නෙ ?

    පරිනාම වාදෙ සමහර සන්කල්ප වැරදිය කියන එක ඇත්ත ... දැන් පරිනම වාදෙ අමුලික බොරු වගෙ කතවක්නෙ මෙතන කියන්නෙ ..එකයි පැහැදිලි කරගන්න හදන්නෙ මෙක සම්බන්ද බෞද්ද අර්තකතනය මොකක්ද කියල .....මොකද මචන් මට ඔය තද සින්හල තෙරෙන්නෙ නැහැ බන් සුත්‍රය කියෙව්වට තෙරුම් ගන්න ...ඉතින් දන්න මිනිහෙක්ගෙන් සරල සින්හලෙන් අහගන්න එක හොදයිනෙ
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    මචං මම ඉස්සර ඕව ගැන (බුදු දහම හා විද්‍යාවේ සම්බන්දය ගැන ) පිස්සුවෙන් වගේ කරුණු හොයපු එකෙක්. මම ඔය අග්ගන්‍ය සුත්‍රය හා විද්‍යාවෙන් කියන දේවල්වල comparison එකක් A/L project එකට කරන්නත් හැදුවා. ඒත් ඉස්කෝලෙන් ඒක එපා කිව්වා. කොහොම වුනත් මම හොයා ගත්තු කරුණු ටික උඹලට කියන්නම්.

    විද්‍යාවට අනුව පෘතුවිය ආරම්බයේදී පෘතුවියේ තිබුණු ලවණ හා සාරය සියල්ල වර්ෂ මිලියන ගණනක් තිස්සේ වැහැපු වැස්ස නිසා මුහුදු ඇති වෙලා ඒවායේ සාන්ද්‍ර ගත වෙලා තියෙනවා. එකට බුදු දහමේ කියල තියෙන්නේ 'රස පොලොව' කියලා. (පාලි වචනය මතක නැත)

    ඔය සාරවත් ද්‍රවයට ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ ආස කරලා තියෙනවා. එතන තමයි රාගයේ මුල් හට ගැනීම. ඒ නිසා ඒ සාරය උරා අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙන ඒක සෛලික ජීවීන් ඇති වෙලා තියෙනවා. ඒක සෛලික ජීවීන් ඇති වීමට අවශ්‍ය භෞතික සැකැස්ම අවුරුදු මිලියන ගණනක් තිස්සේ විවිද රසායනික අණු ප්‍රතික්‍රියා කිරීමෙන් ඇතිවෙලා තියෙනවා. ඒ සරල රසායනික අණු එක වීමෙන් ප්‍රථම ඇමීබාකාර ඒක සෛලිකයා ඇති වෙලා තියෙනවා. ඒ ඒක සෛලිකයාට අවශ්‍ය ජීවය (භවය) ඇති වුණේ අර ආහස්සර බ්‍රහ්මලෝකේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ එම ඒක සෛලිකයන් විදියට ඉපදීම නිසා. එහෙම ඉපදෙන්න චුති චිත්තය සකස් වෙලා තියෙන්නේ ආදී සූපයට ඇතිවුණු ඇල්ම නිසා.

    ඊට පස්සේ අලිංගික ජීවීන් ලින්ගිකත්වයක් සහිත ජීවීන් බවට පත්වුනා. ආදී සූපයේ රසයට ඇලුණු ජීවීන් දිගින් දිගටම රාගය උපදවාගෙන සසර සැරිසරන්න පටන් ගත්ත.

    දැන් කට්ටිය ප්‍රශ්නයක් ඇති එතකොට ආහස්සර බ්‍රහ්ම ලෝකෙ හිටපු බ්‍රහ්මයෝ ආවේ කොහේ ඉඳලද කියල. කල්ප විනාශය වෙද්දී පෘතුවියේ සිටින සියලුම ජීවීන් (පව් කරපු හා පින් කරපු ) ඔක්කොම අය ගිහින් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. ඒ අය නැවත ජීවයට සුදුසු ලෙස පෘතුවිය සකස් වෙනකන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ තමයි ජීවත් වෙන්නේ. ඔවුන් සතු රාගය තාවකාලිකව නැති වෙනවා අරමුණක් නැති නිසා. නැවත පෘතුවිය ජීවයට සුදුසු ලෙස සකස් වුනාට පස්සේ ඔවුන් ආදී සූපයට ඇති කර ගන්නා ඇල්ම තෘෂ්ණාව නිසා නැවත සසර ගමන පෘතුවියේ ඉපදෙනවා.

    ඒ සසරේ ආරම්බය නෙමෙයි. එහෙම පෘතුවියේ ඉපදෙන ජීවීන්ට ඔවුන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න කලින් සසරේ කරලා තිබුණු කර්ම පල දෙනවා.ඒ කියන්නේ සසරේ කෙළවරක් නෑ. ඒ යාන්ත්‍රනය දිගටම ක්‍රියාත්මක වෙනවා.

    (මම දන්නා තව ගොඩක් කරුණු තියෙනවා මචන්. මම දැන් නම් ඕව ගැන හොයන්න යන්නේ නෑ. ඊට වඩා වටිනවා බුදුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඒ කාලය යොදා ගන්න එක. මේවා ගැන අග මුල හොයල කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ. ඒත් මේ ටික කිව්වේ බුද්ධ ධර්මය ගැන ගැඹුරින් තර්කානුකූලව හිතන අයට ප්‍රයෝජනවත් වෙන නිසා. මම කියපු දේවල්වල අඩු පාඩු ඇති. මම කලේ පොඩි හැඳින්වීමක් විතරයි. :yes::yes::yes::yes::yes::yes: )
     
    • Like
    Reactions: marachoon

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් නොදන්න කමටයි අහන්නෙ වැරදියට ගන්න එපා

    //පෘථිවියට ජීවය ආවේ ආහස්සර බ්‍රහ්ම ලෝකයෙන් කියල //

    මෙකෙන් කියන්නෙ පිට සක්වලක / ජිවය සහිත වෙනත් ග්‍රහ ලොකයකින් ගෙන ආ ජිවය මෙ ග්‍රහ ලොකෙ ඇති උනා කියලද ? :rolleyes::rolleyes::rolleyes:

    මචන්, දෙවියන්-බ්‍රහ්මයින් ගැන එක එක්කෙනාට වෙනස් මතයන් තියෙන්න පුළුවන්..සමහරු කියනවා එයාල ඉන්නේ වෙන වෙන ග්‍රහලෝක වල කියල..නමුත් බුදුදහමේ කියල තියෙනවා., පෘථිවි වායුගෝලයේ ම වෙනස් ස්තර වල තමයි ඒ එක් එක් දිව්‍ය තල තියෙන්නේ කියල..මොකද මං එක ලිපියක දැක්කා මතකයි, ඒ එක් එක් බ්‍රහ්ම ලෝකයට පොලවේ ඉදල ඇති දුර දාල තියෙනවා..ඒ නිසා මගේ මතයත් ඒකමයි...
    ඉතින් අකනිටා බ්‍රහ්ම ලෝකය වේවා, ආහස්සර බ්‍රහ්මලෝකය වේවා, මේ සියල්ලම තියෙන්නේ පෘථිවි වායුගෝලය තුල කියල තමයි මං විස්වාස කරන්නේ...
    ඒ නිසා පෘථිවියට ජීවය ආවේ වෙනත් ග්‍රහලෝකයකින් කියන කතාවට වඩා වෙනත් පෘතුවියේම ස්තරයකින් කියල කිව්වොත් හරි, මං හිතන විදිහට..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචං මම ඉස්සර ඕව ගැන (බුදු දහම හා විද්‍යාවේ සම්බන්දය ගැන ) පිස්සුවෙන් වගේ කරුණු හොයපු එකෙක්. මම ඔය අග්ගන්‍ය සුත්‍රය හා විද්‍යාවෙන් කියන දේවල්වල comparison එකක් A/L project එකට කරන්නත් හැදුවා. ඒත් ඉස්කෝලෙන් ඒක එපා කිව්වා. කොහොම වුනත් මම හොයා ගත්තු කරුණු ටික උඹලට කියන්නම්.

    විද්‍යාවට අනුව පෘතුවිය ආරම්බයේදී පෘතුවියේ තිබුණු ලවණ හා සාරය සියල්ල වර්ෂ මිලියන ගණනක් තිස්සේ වැහැපු වැස්ස නිසා මුහුදු ඇති වෙලා ඒවායේ සාන්ද්‍ර ගත වෙලා තියෙනවා. එකට බුදු දහමේ කියල තියෙන්නේ 'රස පොලොව' කියලා. (පාලි වචනය මතක නැත)

    ඔය සාරවත් ද්‍රවයට ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ ආස කරලා තියෙනවා. එතන තමයි රාගයේ මුල් හට ගැනීම. ඒ නිසා ඒ සාරය උරා අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙන ඒක සෛලික ජීවීන් ඇති වෙලා තියෙනවා. ඒක සෛලික ජීවීන් ඇති වීමට අවශ්‍ය භෞතික සැකැස්ම අවුරුදු මිලියන ගණනක් තිස්සේ විවිද රසායනික අණු ප්‍රතික්‍රියා කිරීමෙන් ඇතිවෙලා තියෙනවා. ඒ සරල රසායනික අණු එක වීමෙන් ප්‍රථම ඇමීබාකාර ඒක සෛලිකයා ඇති වෙලා තියෙනවා. ඒ ඒක සෛලිකයාට අවශ්‍ය ජීවය (භවය) ඇති වුණේ අර ආහස්සර බ්‍රහ්මලෝකේ ඉඳන් ආපු බ්‍රහ්මයෝ එම ඒක සෛලිකයන් විදියට ඉපදීම නිසා. එහෙම ඉපදෙන්න චුති චිත්තය සකස් වෙලා තියෙන්නේ ආදී සූපයට ඇතිවුණු ඇල්ම නිසා.

    ඊට පස්සේ අලිංගික ජීවීන් ලින්ගිකත්වයක් සහිත ජීවීන් බවට පත්වුනා. ආදී සූපයේ රසයට ඇලුණු ජීවීන් දිගින් දිගටම රාගය උපදවාගෙන සසර සැරිසරන්න පටන් ගත්ත.

    දැන් කට්ටිය ප්‍රශ්නයක් ඇති එතකොට ආහස්සර බ්‍රහ්ම ලෝකෙ හිටපු බ්‍රහ්මයෝ ආවේ කොහේ ඉඳලද කියල. කල්ප විනාශය වෙද්දී පෘතුවියේ සිටින සියලුම ජීවීන් (පව් කරපු හා පින් කරපු ) ඔක්කොම අය ගිහින් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. ඒ අය නැවත ජීවයට සුදුසු ලෙස පෘතුවිය සකස් වෙනකන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ තමයි ජීවත් වෙන්නේ. ඔවුන් සතු රාගය තාවකාලිකව නැති වෙනවා අරමුණක් නැති නිසා. නැවත පෘතුවිය ජීවයට සුදුසු ලෙස සකස් වුනාට පස්සේ ඔවුන් ආදී සූපයට ඇති කර ගන්නා ඇල්ම තෘෂ්ණාව නිසා නැවත සසර ගමන පෘතුවියේ ඉපදෙනවා.

    ඒ සසරේ ආරම්බය නෙමෙයි. එහෙම පෘතුවියේ ඉපදෙන ජීවීන්ට ඔවුන් ආහස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න කලින් සසරේ කරලා තිබුණු කර්ම පල දෙනවා.ඒ කියන්නේ සසරේ කෙළවරක් නෑ. ඒ යාන්ත්‍රනය දිගටම ක්‍රියාත්මක වෙනවා.

    (මම දන්නා තව ගොඩක් කරුණු තියෙනවා මචන්. මම දැන් නම් ඕව ගැන හොයන්න යන්නේ නෑ. ඊට වඩා වටිනවා බුදුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඒ කාලය යොදා ගන්න එක. මේවා ගැන අග මුල හොයල කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ. ඒත් මේ ටික කිව්වේ බුද්ධ ධර්මය ගැන ගැඹුරින් තර්කානුකූලව හිතන අයට ප්‍රයෝජනවත් වෙන නිසා. මම කියපු දේවල්වල අඩු පාඩු ඇති. මම කලේ පොඩි හැඳින්වීමක් විතරයි. :yes::yes::yes::yes::yes::yes: )

    elaaaaaaaaaaz mcn.:D:D:cool: ape godak aya thamath kiyanne minisa bihi une waduragen kiyala.:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, දෙවියන්-බ්‍රහ්මයින් ගැන එක එක්කෙනාට වෙනස් මතයන් තියෙන්න පුළුවන්..සමහරු කියනවා එයාල ඉන්නේ වෙන වෙන ග්‍රහලෝක වල කියල..නමුත් බුදුදහමේ කියල තියෙනවා., පෘථිවි වායුගෝලයේ ම වෙනස් ස්තර වල තමයි ඒ එක් එක් දිව්‍ය තල තියෙන්නේ කියල..මොකද මං එක ලිපියක දැක්කා මතකයි, ඒ එක් එක් බ්‍රහ්ම ලෝකයට පොලවේ ඉදල ඇති දුර දාල තියෙනවා..ඒ නිසා මගේ මතයත් ඒකමයි...
    ඉතින් අකනිටා බ්‍රහ්ම ලෝකය වේවා, ආහස්සර බ්‍රහ්මලෝකය වේවා, මේ සියල්ලම තියෙන්නේ පෘථිවි වායුගෝලය තුල කියල තමයි මං විස්වාස කරන්නේ...
    ඒ නිසා පෘථිවියට ජීවය ආවේ වෙනත් ග්‍රහලෝකයකින් කියන කතාවට වඩා වෙනත් පෘතුවියේම ස්තරයකින් කියල කිව්වොත් හරි, මං හිතන විදිහට..

    මචන්, බුද්ධ දේශනාවට අනුව මේ විශ්වය තුල අනන්ත වූ ජීවීන් සහිත ලෝක ප්‍රමාණයක් තියෙනවා. ඒත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සම්බුද්ධ ශාසනය තියෙන ලෝක ගැන විතරයි. ඒ නිසා තමයි දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක ගැන විස්තර කරලා තියෙන්නේ. අනික ඔය දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක කියන නම් දාල තියෙන්නේ බුදුන් වහන්සේ නෙමෙයි. ඒ කාලේ හිටපු සමාජය තුල තිබුණු වචනම තමයි උන් වහන්සේ එම පිටසක්වල ජීවීන්ට ආරෝපණය කරලා තියෙන්නේ.

    ලෞකික සැපෙන් ජීවීන් ජීවත්වන ලෝක දිව්‍ය ලෝක ලෙසත් ලෝකෝත්තර සැපයෙන් ජීවීන් ජීවත් වන ලෝක බ්‍රහ්ම ලෝක ලෙසත් දක්වලා තියෙනවා. අපායත් එහෙමයි.